වෙසක් එකට මඤ්ඤං වී…

මෙදා පාර වෙසක් ගැන කියන්නට නම් කිසිම දෙයක් නැත. හරී පට්ටාය… ඊයේ හැන්දෑවේ… අපේ ගෙවල් කිට්ටුව වෙනදට තියෙන තොරන් හත අට වෙනුවට යාන්තමට අටෝ ගත් එකම එක තොරණක් පමණක් විය. එහිදද දෙයියංගේ පිහිටෙන් ඔක්කොම බලුප් කෙසේ වෙතෙත් මැද බුදු රැස් මාලාවේ බලුප් ටික වත් රටා නැතුව හරි නිවි නිවී පත්තුවුන එකනම් ලොකුම ලොකු දෙයක්ය. ‍

ඉඳින් ඒ තොරණ හා අනෙකුත් වෙසක් සිරි දැකීම නිසා හටගත් චිත්ත සංවේගයෙන්ම මේ පෝස්ට් ලියා දමමි. කොටින්ම මං මඤ්ඤං වී සිටිමි. ලියන ඉට්ටැයිල් එකද මාරු වී ඇත.

වෙනදට පාර පුරා කොඩි වන වන …ආ.. එන්න අ‍යියේ බීම එකක් බීලා යන්න කියන දන්සැල් වල මල්ලීලා, අයියලා එකෙක්වත් මේ දවස් වල නැත. ඒ ‍වගේම වෙනදට මුලු වායුගෝලයම විවිධාකාර ව්‍යංජන සුවඳින් පුරවන බත් දන්සැල් අහලකවත් නැත.  අඩුම ගානේ එක පාන් දන්සැලක්… නැත්තං නූඩ්ලස් දන්සැලක්… නැත… නැත… සොඳුර ඒ කිසිවක් මෙදා පාර නැත. වෙනදාට දෙන දුං තෙල් දන්සැල් වෙනුවට මේ පාර ‍මැහි තෙල් දන්සැල් නම් තියෙන්න ඇත. ඇයි කියන්නට මං නොදනිමි.

ඉඳින් වෙනදා වෙසක් පුරුද්දටම මාත් මෙදා පාරත් තෝරණ් බැලීමට යෑමට ඊයේ හවස සැදී පැහැදී සිටියෙමි. තනියම ගිහින් තොරන් බලන්න පුළුවනෑ… ඒක නිසා ඉතින් වෙනදට යන යාළුවෝ ටික සොයාගෙන ගියත් උන්ද නැත. දෙතුන් දෙනෙක් හම්බුනත් උං හෙන වැඩකය. බයිසිකලයට ලයිට් හයිකිරිම් මහා දැවැන්ත කර්තව්‍යයකට අත ගසා ඇත. බලුප් අයිතිකාරයා ගෙනා බලුප් 20න් 12ක්ම මා යනවිට නිවන් සුව ලබා ඇති නිසා, අනිවා ඉතුරු බල්බ දෙක තුනකට හරි වගකියන්න මටත් බොහෝම ඕ‍නෑ කමක් විය. එයද සිද්ධ කරන ලදී කියමුකෝ. පස්සේ බයිසිකලේ අයිතිකාරයා හිතා හිටි පරිදිම රෝද දෙකට බලුප් 10 බැගින් දැමීම කෙසේ වෙතත් ඉස්සරහ රෝදයට පමණක් යාන්තං බලුප් දෙකක් අටෝ ගැනීමට සමත් වූයේ අපගේ මහා ප්‍රඥාව නැවත වරක් පතල කරමිනි.

ඔන්න ඉතිං රෑ හතට විතර ගමන් පටන් ගන්න ලදී. මට ඉන්නේ සිරා යාළුවෝය. මං හෙන කලින්ම නා… කා… බී… ආපසු සැන්ට් එකද නා…. සූදානාම්ව හිටියේ යශෝධරා කූඩුව බැහැදැකීමටත්, එයාගේ මාලිගයට කිට්ටුව තියෙන කැරකෙන කූඩුව බැලීමට යාමටත්ය. නමුත් කූඩු දෙකම බලා ගැනීමට නොහැකි විය. අපේ දේශිය ඉංජන් විසින් අර බාසිකලයට ලයිට් හයිකරීමට පටන ගෙන ඇත්තේ දවල් 12.30  පමණය. නමුත් මා එහි තෙක්ම වැඩේ එලෙසමය. පසුව එය අහවර වූයේ  මං ඇවිල්ලත් පැය කට විතර පස්සේය. ඉතිං මහ රෑ ජාමේ මාලිගාවලට රිංගා රාජ උදහසට මා ලක්වූවොත් මා බේරා ගැනීමට එකෙක් වත් නැත. අනික මාව අල්ලලා බන්දලා දෙනවානම් කමක් නැත… ඒ අනේ… පස්සට පැත්තට පයින් දෙකක් දුන්නොත් මොන දෙයියන්ට කියන්නද…? ඉතිං ඒ වගේ දුර දිග සිතා බලා මා මගේ කූඩුවයි, කැරකෙන කූඩුවයි දෙකම බැලීම අමතක කලෙමි. ඉහි ඉහි… ඉහිය…. මට අම්බානෙට දුකය.

පස්සේ ඔන්න කළුතර යන්නට සෙට්විය. අහෝ ඛේදයකි… අනුත් උං හැ‍මෝගේම බාසිකල් වල ලයිට් ඇත. සමහරුන්ගේ රෝද වලට අමතරව සීට් එක යටද පාට පාට පත්තුවෙන ලයිට් හයි කර ඇත. මගේ විතරක් එක ලයිට් නැත. ඒ මගේ වාසනාවටම විය.  එසේ සවි කල බලුප් වලට කැන්ටර් වල නැගී තම ගෑණුන් සමග යන කොල්ලන් කියනුයේ… අර අර … බලන්න අරූගේ ලකේ පුයිට් කියාය… වාසනාවන්ය, මගේ ලකේ නම් පුයිට් නොවීය. ඒක නිසාම මං කෙල්ලන්ගේ හිනාවට ලක් නොවී සිටියේ… හරියට නිකං වැස්සට නොසැලන පර්වතයක් වගේය.

පසුව ඉතිං කලුතරටම පැද්දේය… වෙනදට තියෙන දන්සැලක් වත් නැතුව හෙන වාහන ගොඩක් මැද පුටාර් එකෙන් වෙට්ටු දදා ආතල් එකේ පැද්දේය. වෙසක් දාට පුටාර් එකෙන් ලොකු වාහන වලට වෙට්ටු දැමීම වෙනමම කලාවකි. සෑහෙන කාලයක් ප්‍රගුන කල යුතුය. හොඳ මීටරයක්… වගේම සිරා ටයිමින්ද මේකට සෑහෙන වැදගත්ය. ඊට අමතරව බ්‍රේක් වල සුපිරි තත්වයක්… ඒ කියන්නේ , ඉස්සරහ බ්‍රේක් එක ගැහුවම පිටිපස්ස උඩ යන ගානට හා, පිටිපස්ස බ්‍රේක් එක ගැහුවම පිටිපස්සේ රෝදෙ නැවතිලා පාරේ ඉලීගෙන යන ගානට… ඔය දෙක තියෙද්දී ටයර් වල කට්ට ටිකත් තියෙනම් මල් හතය.

මගේ පුටාර් එකනම් ඕනේ දේකට ඔට්ටුය. ඒ ගැනනම් කියන්න වෙනම කතාවක් ඇත.  ඒ නිසා මෙතෙන ඒවා ඇද ගෙන නෑම වටින්නේ නැත. ඉතිං ඔය අපේ චානක. හෙනම හොඳ කොල්ලාය හැබැයි ඇහි පිල්ලං ගහන පරක්කුවෙන් පොරගේ මීටරේ හෙන ඈතකට දුවන ගතියෙක් ඌට උපත්තියෙන්ම හිමිවී ති‍බේ. ඔය මීටරේ අවුට් යන සීන් එක නිසා ‍ගොඩක් වෙලාවට පොර ජීවතුන් අතර සිටීම ගැන දෙවරක් නොව සෑහෙන වරක් සිතිය යුතුවේ. මන්ද මූගේවැඩ ඔක්කොම ඉවර වෙන්නේ බොහෝම ඇඩ්වෙන්චර් විදියටය.

ඊයේත් මූ ඒ වගේ පස්නෙකට මුහුණ පෑවේය. කැන්ටරේක නැගී වෙසක් බලන්න නය කෙල්ලෙක් මූට කඩල ගොට්ටක් දික් කරනු අපිද දුටුවෙමු. ඉතිං ඕක අපිට ගිහිං ඉල්ල ගන්න ඇහැක්යෑ… ඒ පාර චානක ෆෝම් රක බලෙන් වගේ යැවුවෙමු. අහෝ… දුකකි… මුගේ බ්‍රේක් මදිය. දැන් වැඩේ මකබාස්ට යන බව අපිට තේරුනත් මූට වගේ වගක් නැත… වල් නරියා වගේ හති දාගෙන මූ පදිනවා… කෙල්ලෝ ටික කඩලඑක දික් කර ගෙන ලොලියේ යනවා. එක පාරටම ලොලියේ බ්රේක් ලයිට් වල රතු පාට වැඩි වෙනු දිටු අපිට…. අනිච්චාවත සංඛාරා… කියවුනේ නැත්තේම නොවේ. ඒත් පොඩි අස්වැසිල්ලකට තිබුනේ චානක ලොලියට වඩා මීටර් 5ක 6ක් පස්සෙන් යෑමයි. කෝම හරි මූද බ්රේක් කල වල අර මීටර් පහ හයම ගොස් යාන්තං කැන්ටරේ නම්බර් ප්ලේට් එකේ බාසිකලේ වැදී නතර විය. ඉඳින්… අපිට කඩල කෑමට ලැබුනි. තව ජුංඩෙන් කෑමට වන්නේ…. සැන්විච් හා, මාරි විස්කෝතුය.

පසුව ඕං යාන්තං අයිස් ක්‍රිම් දන්සැලකට සෙට් විය. හප්පා ඒකෙත් මේ පාර කොස් කටිංය. වෙනදා දෙන අයික් කිරිං කෝන් එක නැත. ඒ වෙනුවට දන්සැල ඇතුලට වී වාඩිවෙලා බෙදා දෙන මගුල කෑමට තබා ඇත්තේ හිච්චි සයිස් ජෙලි කප්ය. ඒක කන්නට පෙර අපි සැවොම අපේ බාසිකල් සියල්ල එකට තබා පාරෙන් එහා පැත්තේ වූ වැටක්ද අල්ලා කේබල් ලොක් එකක් දමන ලදී… පසුව අර මගුල කන ගමන්… ඒයි… බලපං බාසිකල් ත‍ියෙනවද කියලා… කව්දෝ එකෙක් කිව්වේ සිරාවටම මුත්, අපේ චානා… එයද විහිළුවට පත්කරගත් හැටි මැක්සාය. අන්තිමේ නැවතුනේ අයිස් ක්‍රීම් කෑම කෙසේ වෙතත් දෙතුන් දෙනෙක් නා ගෙන, එකෙක් මැරෙන්න ගොස් හෙන අමා‍රුවෙනි… ඉඳින් චානා… දන්සැලේ බංකුවේ සිට ටිකක් ඉස්සී… බාසිකල් නම් තියෙනවා බං… ඒත් වැටත් එකක් කවුරු හරි උස්සන් යයිද දන්නේ නෑ බං කියා හෙන බැරෑරුම් මූනක් මව ගත්වට, අපි පමණක් නොව අහල පහල සිටි අයටද අයිස් ක්‍රිම් දන්සැලේ නාගන්නම වාසනාව ලැබුන හැටි හරි ෆන්ය.

සිංහල පුරුද්දටම අතුරුපසෙන් පසුව අපේ දන්න කියන බත් දන්සැලකට ගියෝය. එතනත් එලය. චානාගේ තාත්‍තාත් සංවිධායක කමිටුවේය. ඉඳින් අපිට මොන පෝලිම්ද… අනික හෙනටම හන්ටර් වෙලා ඉන්න අපිට…? හික්… ලාවට බැක් ඩෝර් ඇටෑක් එකක් දී ඇතුලට රිංගුවෙමු. අම්බෝ… වෙසක් බලන්න යන කොටට ඇඳගත් කෙල්ලෝ ගොඩකි. ඒ අනුව බලන කල අපි මුලින්ම බැලූ තොරණ හොල්මන් මන්දිරයකි. හික්… මේකනේ යකෝ තොරන. එක එක පාට… පාට කිව්වේ… ඇඳුම් වල මිසක් ඊට යට එව්වයේ නොවෙති. නැත්තං තොපි අදත් මට වල් මාලුවා යැයි කියනු ඇත.

ඊට පසු යාන්තං බාර පේන ගානට බත් එක බෙදාගෙන අවුරුදු තුන හතරකින් බත් පතක් ලැබුනා සේ ගිල්ලෙමු… ගිල්ලෙමු… ගිල්ලෙමු… අවසන… හා… දැන් ඉතිං යමන්….

කොහෙ යන්නද ඒයි හදා ගත්ත පැල දාලා… ඔන්න ඔහේ තව පිඟානක් කාලා යමන්…

අනේ මං… එලියට චුත විය… අනිත් උං තවත් පැය කාලක් වැළඳන ලදී…. පසුව ගෙදර ගොස් ඇඳට පැන අද උදේ පරක්කු වී අවදි වී පරක්කු වී ඔපිස් ආ බැවින් පෝස්ට් එකද පරක්කු විය. ඔන්න දැං තමා මං දවල්ට කන්න හදන්නේ…. වෙලාව… 1.30යි… බඩට හරී සනීපයි….

තව සුත්තෙං කෙලියාය. තෙපි සැමදෙනා කළුතර එව. කොළඹ සිට එනවිට, කළුතර පාලමෙන් මෙහා සිට දක්නට ලැබෙන සුන්දර දර්සනය නරඹන්න. ළඟට යෑමෙන් වලකින්න. එතකොට සුන්දරත්වය අඩුය. ඇවිදින්ම බලාගන්න. අහන්ට එපා කියන්නේ නැත.

%d bloggers like this: