මේ පෝස්ට් එක ලියන්නේ මගේ පෞද්ගලික අත්දැකීමක් මත. ඇත්තෙන්ම මේ වගේ සිද්ධි නිසා ගොඩක් මතවාද ඇතිවුනා. ඒත් අද වෙනකං ඒ කිසිවෙකට නූතන විද්‍යාවන්ට අනුව හරියටම පිළිගත හැකි සාධාරණ පිළිතුරක් ලබා දී නැහැ මං දන්න තරමින්.
දැනට අවුරුදු කීපයකට කලින් … ඒ කියන්නේ අපේ අළුත් ගේ හදන්න ගත්ත අළුත අපේ තාත්තා නැවතිලා හැටියේ අපේ අම්මගේ නංගිලාගේ ගෙදර. ඒ කියන්නේ අපේ පොලිස් පුංචිගේ ගෙදර. ඉතිං ඔහොම දවස් දෙකක් විතර ඉද්දී… අපේ තාත්තට බඩේ අමාරුවක් හැදිලා, ගෙදර වැඩ ඔක්කොම නතර කරලා ගෙදර ආවා.
ඊට පස්සේ දෙතුන් පාරක්ම බෙහෙත් ගත්තා, ඒත් කිසිම සුවයක් නෑ… පස්සේ අපේ අම්මා තාත්තගෙන් ඇහුවා… ඔයා මොනාද එහෙදි කෑවේ කියලා… තාත්තා කිව්වා …විශේෂ මුකුත් නෑ… සාමාන්‍ය බත් වේලක්ම තමා කියලා…
හැබැයි ඒ ගමන්ම තාත්තා කිව්වා …. ඔයාලගේ නැතිවෙච්චි අම්මව මං ගෙදර උළුවස්ස ගාව ඉද්දී දැක්කා කියලා. පස්සේ අපේ අම්මත් කිව්වා… හ්ම්…. මාත් දවසක් දැක්කා කියලා. පස්සේ අපේ අම්මාගේ විස්තර කිරීමට අනුව… අපේ අම්මා නැතිවෙච්ච ආච්චිව දැකලා තියෙන්නේ අපේ පොඩි මාමාගේ දුවගේ කොටහළු මගුල දවසේ. ඒ… අපේ තාත්තා මේ සිද්ධියට මුහුණ දෙන්න සෑහෙන කාලෙකට කලිං.
ඊට පස්සේ අපේ තාත්තව පානදුර රෝහලට ඇතුල් කලා. පස්සේ ඉතිං දොස්තරලා බෙහෙත් කරලා එහෙම අන්තිමේ ටිකක් සුව අතට හැරුනා. ඒ අතර වාරයෙදී අපේ අම්මා බොධී පුජා එහෙමත් තිබ්බා. පස්සේ මං රැකියාව කර කර හිටිය තැනින් නැවතිලා මාත් තාත්තගාව හිටියා. ඊට පස්සේ ටික දවසකින් තාත්තට සනීප වුනා. ඒත් ගෙදර එක්කර ගෙන යන්න දුන්නේ නෑ දොස්තරලා. පස්සේ අපේ අම්මා දවසක්… තාත්තාව භාර හිටිය දොස්තරවරිය ගෙන් අහලා තිබුනා….
මොකද්ද ඩොක්ටර් මෙයාට වෙලා තියෙන්නේ කියලා….
දොස්තර දීලා තියෙන්නේ, කිසි කෙනෙකුට විශ්වාස කරන්නවත් බැරි පිළිතුරක්. විශේෂයෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාව අනුව එහෙම සංකල්පයක් අහලකවත් නෑ… දොස්තරවරිය කියලා තියෙන්නේ….
මෙයා පෙරේතයෙක් ඉඳුල් කරපු කෑම කාලා… ඒකයි මේ…. කියලා.
මේක අහපු වෙලේ ඉඳන් මාව උස්සලා පොලේ ගැහුවා වගේ. මං කළුවරට ටිකක් බය වුනාට ඔය වගේ දේවල් විශ්වාස කලේ ගොඩක් අඩුවෙන්. විශ්වාස නොකලම නෙමේ… ඊට පස්සේ අපේ අම්මා ගිහින් සාස්තර අහන කෙනෙක් මුන ගැහුනා. සාස්තර ගැන නම් තාම මට ඒ හැටි විශ්වාසයක් නෑ… කොහොම හරි ඒ සාස්තරකාරීත් කියලා තියෙන්නේ … මේ ප්රානකාරයා පෙරේතයෙක් ඉඳුල් කරපු කෑම කාලා… කියලා.
ඊට පස්සේ මං මේ වගේ දේවල් ගැන ගොඩක් හෙව්වා. ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතයෙන් පස්සේ තියෙන ජීවිතය ගැන. මට මේ වෙනකන් ඒ කතාව ඔප්පු කරගන්න පුළුවන් විදියේ …. මටම කියලා ලැබුන සාක්ෂියක් නම් නෑ… ඒත් බුදු දහමේ විදියට එහෙම දෙයක් තියෙනවා.
ඔයාලා සමහරවිට බලලා ඇති mirrors හා shutter කියන මූවීස්. ඒකේ තියෙන්නෙත් මේ වගේ කතාවක්. ඇත්තෙන්ම මං හිතන්නේ අපගේ මරණෙන් පස්සේ අපි කරපු යම් යම් පිං පවු අනුව අපිට තාවකාලිකව යම් ජන්මයක් තියෙනවා. ඒ උප්පත්තියේදී අපිව කෙනෙකුට පේන්නේ නෑ… හරියට අධෝරක්ත කිරන, එක්ස් රේ කිරන, පාරජම්බූල කිරන වගේ අපගේ ඇස් වලට පේන දෘෂ්‍ය සංඛ්‍යාතයට වැඩිය ඉහල හෝ පහළ මට්ටමකින් තියෙන කිරන වර්ගයක් වගේ. ඒත් කැමරාවකට ඒ ආලෝකයත් හසුවෙනවා වගේ අපේ මොළයේ විටින් විට සිදුවන විවිධ වෙනස් කම් නිසා සමහර වෙලාවට ඒ වගේ කිරණ වලින් සැදුන දේවල් පෙනෙන්න ඉඩ තියෙනවා. ඉතිං අපි හොල්මන් අවතාර කියලා කියන්නේ ඒ වගේ දේවල් වලට වෙන්න ඕනේ. හොල්මන් කියන වචනයට සමහරු දීලා තියෙන නිර්වචනයක් තමා… සෙලවෙන මනස කියන එක. ඒක එක අතකට හරි… මොකද මොලයේ විවිධ ප්‍රදේශ වල වෙනස් කම් නිසා තමා මේ වගේ සාමාන්‍ය ඇසට නොපෙනෙන කිරණ වර්ග වර්ග අපිට පේන්නේ… ඒ වගේම හොල්මන් කියන්නේ සෙලවෙන මනස කියලා… නිකං කිංඩියට කියන බෞද්ධ අය පොඩ්ඩක් පොත පත ඇසුරු කරලා බලන්න.
දෙවිවරු කියන්නේ මං දන්න විදියට අපිට වඩා ඉහල තලවල ඉන්න උදවිය. ඒ කියන ඉහල තලගැන නම් මං කියන්න දන්නේ නෑ… ඒ වගේම ඔය දෙවිවරුන්ට තියෙන විමාන ගැනත් මං කියන්න දන්නේ නෑ,.. ඒත් මං එක දෙයක් විශ්වාස කරනවා… ඒ තමා… දෙවිවරු හරි, යක්කු හරි…. කියන සාමාන්‍ය ඇසට නොපෙනන අය ඉන්නවා. සූක්ෂම ශරීර වලින්… හා අපිට දෘෂ්‍ය නොවන ආලෝක පාරාසයක පිහිටි කිරණ වර්ගයකින් සැදි තවත් ජීවීන් කාණ්ඩයක් මේ ලෝකේ තුල ඉන්නවා.
දැන් ඉතිං මට බනියි සමහරු… බොරු මතවාද පතුරවනවා කියලා… කමක් නෑ…. හැබැයි බෞද්ධ කෙනෙක් මට එහෙම කියන්න හිතාගෙන ඉන්නවනම් දෙපාරක් හිතලා බලලා කියන්න.
කට්ටිය අහලා තියෙනවා නේද… ආච්චි වැහෙනවා කියලා කතාවක්. ආච්චි විතරක් නෙමේ සමහර විට අපි නොදන්න ඒ වගේ සුක්ෂම ශරීරයකින් හෙබි කෙනෙක් වුනත් යම් මනුෂ්‍ය ශරීරයකට බලපෑම් කරන්න පුළුවන්. ඒ හැමදෙයක් ගැනම මට ඒ තරම් දැනීමක් නෑ… ඒත් සමහරවිට ඒ අදෘෂ්‍යමාන අයට මොකක් හරි හැකියාවක් ඇති අපේ සිතුවිලි වලට බාධා කරලා, අපේ හැසිරීම පාලනය කරන්න පුළුවන් විදියේ. උදාහරණයක් විදියට හිතලා බලන්න … අපිට පුළුවන් නේද යම් ඝන දෙයක් ස්පර්ෂ කරන්න. ඒත් අපිට ඉස්සරහින් කෙනෙක් හිතන දේ දැනගන්න අපිට බැහැනේ… ඒ වගේ තමා… අපිට, අදෘෂ්‍ය මාන අයට බැරුව ඇති ඝන දේවල් අල්ලන්න. ඒත් අපේ හිතට යම් බලපෑමක් කරන්න පුළුවන් ඇති.
ඒ වගේම මනුෂ්‍යයින් වෙච්ච අපිට එක එක ක්‍රම වලින් මේ නොපෙනන අයත් එක්ක කතාබහ කරන්න පුළුවන්. ප්ලැන්චට්… අඳුන බෑලිම, ආරූඪ වීම ඒ වගේ දේවල්.
එමෙන්ම ඔය කියන අදෘෂ්‍ය මාන බලවේග අතර යම් යම් විවිධ සුවිශේෂතා තියෙන අයත් ඇති. ඒ අය මනුෂ්‍ය ලෝකේ ඉන්න සාත්තර කාරයින්ට, මායාකාරයින්ට, විවිධ මාර්ගඵල ලබාගත් අයට සමාන ඇති.
ඒ වගේම ඒ විවිධ විශේෂ නොපෙනෙන අයව පාලනය කරන්න, දකින්න පුලුවන් අය මනුෂ්‍ය ලෝකෙයෙත් ඉන්නවා. යක්කු බැඳගෙන වැඩ ගන්නවා කියන්නේ ඒ වගේ දේවල් වලට. තව දේවාරූඪයෙන් සාස්තර කියන එක වගේ දේවලුත් දේ වගේ දේට අයිතියි.
ඉතිං මං නං විශ්වාස කරනවා මිනිස්සු සත්තු ඇරෙන්න තවත් අපිට නොපෙනෙන ක්ෂුද්‍ර ශරීරවලින් යුතු අය ඉන්නවා කියලා… ඒ අය සමහරවිට අපිට උදව් කරනවා ඇති, සමහරු අපිට වැරදි කරනවා ඇති…. ඒවා ගැනනම් කියන්න හරියටම දන්නේ නෑ… කොහොම හරි තවත් අපිත් එක්ක මේ ලෝකේ ඉන්න පිරිසක් ඉන්නවා.
2011 මැයි 16 දින පෙ.ව. 5:39 ට
මිනිස්සුන්ට සත්තුන්ට යම් යම් බලපෑම් කරන්න පුළුවන්නෙ. සමහර විට ක්ෂුද්රජීවීන් වගේ සත්තුන්ට මිනිස්සුන්ව පේන්නෙ නැතුව ඇති. ඒත් මිනිස්සුන්ට එයාලට යම් යම් බලපෑම් කරන්න පුළුවන්නෙ. එතකොට ක්ෂුද්‍ර ජීවීන්ට සාපේක්ෂව මිනිස්සු දෙවිවරු කොට්ඨාශයක්
2011 මැයි 16 දින පෙ.ව. 6:46 ට
ඔව් නේද …
2011 මැයි 16 දින පෙ.ව. 6:29 ට
පුදුමයි දොස්තරවරියක් ඔය වගේ පිළිතුරක් දුන්න කිව්වහම.
මගෙ පෞද්ගලිකව ඔය දෙවල් ගැන තරමක විශ්වාසයක් තියෙනවා.
2011 මැයි 16 දින පෙ.ව. 6:47 ට
බොරු කියන්නේ මොකටද මං කවදාවත් හොල්මනක් දැකලා නැති වුනාට… පොඩ්ඩක් විතර බයයි
2011 මැයි 16 දින පෙ.ව. 7:15 ට
උඹ බය වුනාට බයයි කියල පෙන්නන්න එපා.. ඊට පස්සෙ ඔය මුතු වන් දත් ටික පෙන්නල හිනාවක් දාපන්.
“මේ මොන යකෙක්ද” කියල හොල්මන් උඹට බය වෙලා මාරු වෙනවා.
2011 මැයි 16 දින පෙ.ව. 7:20 ට
උම අනුගමනය කරන විදිය මටත් කියලා දුන්නට ගොඩක් ස්තූතියි මචං…
2011 මැයි 16 දින පෙ.ව. 7:28 ට
ඕවනම් මොනාද බන්…
2011 මැයි 16 දින පෙ.ව. 6:50 ට
මමත් ටිකක් විස්වාස කරනවා ඕවා ගැන… තාම ඉතින් සාක්ෂි නෑ නේ..
2011 මැයි 16 දින පෙ.ව. 7:05 ට
සිළුමිනේ… පියවි ඇසින් ඔබ්බට කියන ලිපි කියවලා බලන්න…
2011 මැයි 16 දින පෙ.ව. 7:29 ට
අලේ මම නම් බයයි හොල්මන් වලට..හැබැයි ඊටත් වඩා බයයි හොල්මං වගේ ඉන්න මිනිස්සුන්ට
2011 මැයි 16 දින පෙ.ව. 7:39 ට
කාට කිව්වද මන්දා…
2011 මැයි 16 දින පෙ.ව. 7:42 ට
කතාව ඇත්ත. ඒත් මට ඔය යක්කු හොල්මං කියල බය හිතිල නෑ තාම! කොච්චර හොල්මං කතා ඇහුවත් බැලුවත් රෑ 12ට එකට ඕනෙ තැනක යන්න පුලුවං (තාම උංව දැකල නැති නිසා :D)
ඒත් අර සාත්තර කියන කතා, අංජනං එහෙමනං මහ බොරු! ඒක මානසික ලෙඩක්ලු “හිස්ටීරියා”කියල (පොතක තිබුණෙ). ඔය ටික කාලයක් ගිහින් සාත්තර කියන එක නවත්තන කට්ටිය ඉන්නෙ, එයාල ඒ එකපාරම නවත්තන්නෙ ඒ ලෙඩේ හොඳ වුනාමලු. සමහරු හම්බකරන්න පුලුවං නිසා (ලෙඩේ හොඳ උනත්) දිගටම කරගෙන යනවලු.
2011 මැයි 16 දින පෙ.ව. 7:57 ට
ඒක නම් වෙන්න පුළුවන් බං.
ඒත් සමහර විට එහෙම වෙනව ඇත්තේ … අර සාස්තර කියන්න උදව් කරන මොකා හරි සාස්තර කියන කෙනාගෙන් ඉවත් වෙලා ගියාම වෙන්නත් පුළුවන්.
2011 මැයි 16 දින පෙ.ව. 8:00 ට
හා…ඩේ! ඒකත් ඇත්ත තාමා 😀
(මොකාට උනත් එපාවෙනවනෙ, පිස්සු කෙලින එකේ සීමාවකුත් තියෙනෙ එපෑ!!)
2011 මැයි 16 දින පෙ.ව. 7:51 ට
හොල්මන් පැත්තකට දාමුකො…. මෙන්න මාළුව කළුවරටත් බයයිලු…. අඩේ… හූ…..
mirror නම් බැලුව… පට්ට ෆිල්ම් එක… බලල නැත්තන් හොයාගෙන ද රිංග් කියන ෆිල්ම් එක බලපන්… ඔය ෆිල්ම් දෙක බලලනම් දවසක් දෙකක් හිටිය මොකාද වගේ වෙලා…
කොච්චර උවමනාව තිබ්බත් හොල්මන් පේන්නෙ නෑනෙ බන්… සාතන් වුනත් ඝනේ දේව ලු…
2011 මැයි 16 දින පෙ.ව. 7:58 ට
ආහ්.. එහෙමද එහෙනම් හිතා ගනින් මාලුව වුනත් උගේ ඝනෙත් දේව කියලා. අර වේලපත්කඩේද මොකද්ද එකේ තිබුනා.
2011 මැයි 16 දින පෙ.ව. 9:52 ට
එහෙනම් මොකටද යකෝ බය වෙන්නෙ…. දේව ඝනේ උන්ට හොල්මන්, යක්කු, පෙරේතයො පේන්නෙ නෑලු….
2011 මැයි 16 දින පෙ.ව. 10:17 ට
ඒකනේ බං වැඩිපුරු බය. අපිට පේන්නේ නැතුව ඉඳලා අපිට කිචි කැව්වොත් එහෙම. විනාසයිනේ බං….
2011 අගෝස්තු 11 දින පෙ.ව. 10:16 ට
දේව ඝනේ උන්ට හොල්මන් පේනවා. ඒත් බය වෙන්නේ නෑ කියලයි මම අහලා තියෙන්නේ… මොන මගුලකටද බන් ඔය මැරිච්ච උන්ට බය වෙන්න.. මැරිච්ච උන් හොදයි සමහර ජීවත් වෙන උන් එක්ක බැලුවම…
2011 අගෝස්තු 11 දින ප.ව. 8:49 ට
ඒක නම් ඇත්ත බං….
2011 මැයි 16 දින පෙ.ව. 8:50 ට
mama nam oya holman gana godak wiswasa karanne na..hebei dakkoth nam baya wenawa….thama dakala nane..malu aiyawa dakkanam ithin holmanak dakka wage thama..dath tika witharane sudu pata…:-)
2011 මැයි 16 දින පෙ.ව. 9:02 ට
අඩෝව්… නෝන්ඩි දාන්න එන්න එපා.. රෑට ඇවිත් බය කරනවා…
2011 මැයි 16 දින පෙ.ව. 8:56 ට
මම මේ ඊයේත් ඔය වගේ අත්දෑකීමකට මුන දුන්නා. මගේ ළඟම නෑදෑයකුට තමයි මේ දේ සිද්ධ වුනේ. එයාගේ පස්සෙන් එයාගේ කලින් ආත්මයක මනුස්සයා එනවා.අන්තිමට පන්සලට සිවුරක් පුජා කරලා පින් දුන්නම තමයි මෙයාව අත ඈරලා ගියේ.
2011 මැයි 16 දින පෙ.ව. 9:03 ට
ඔව්… ඒ වගේ දේවල් වෙන්න පුළුවන් දේවල්… ඇත්තෙනම අපි නොදන්න ගොඩක් දේවල් මේ ලෝකේ තුල අපිට රහසින් ක්‍රියාත්මක වෙනවා.
2011 මැයි 16 දින පෙ.ව. 9:13 ට
මරු මාතෘකාව.පැය ගානක් කතා කරන්ඩ පුළුවන්.හොල්මං කෙසේ වෙතත් දෙවිවරු ගැන මතය නං ඩිංගක් වෙනස්…
2011 මැයි 16 දින පෙ.ව. 9:34 ට
ඉතිං කියපං බලන්න උඹ දරන මතය…
2011 මැයි 16 දින පෙ.ව. 10:48 ට
සිම්පල් අකුරෙන් කියනවා නං කොට්ඨාශ දෙකයි,
1.සාමාන්යෙන් හැමෝම විශ්වාස කරන දෙවියන්
2.extra terrestrial (මගේ මතයට අනුව නං Aliens ලා)
2011 මැයි 16 දින පෙ.ව. 9:49 ට
උඹ ඉඳුල් කරපු කෑමක් කෑවත් ඉතින් බඩු තමයි. 😀
ඇත්තටම පාරභෞතික විද්‍යාව කියන්නේ හිත් ඇදගන්න ක්ෂේත්රයක්. නියමයි
2011 මැයි 16 දින පෙ.ව. 10:14 ට
ඇ… උඹ කාපුව කෑවත් එහෙම්ම තමා…
2011 මැයි 16 දින පෙ.ව. 9:51 ට
ඔන්න මාලුවෝ….හොලමනක්…අද නිදා ගන්න එපා..සිරාවටම ඒවි හොදේ…කනාඩියෙන් තමා එන්නේ….බුහාහාහාහහා…..
2011 මැයි 16 දින පෙ.ව. 10:16 ට
අඩෝ උඹ හිතුවද උඹ වගේ මාත් කන්නාඩි දානවා කියලා… ඈ…?
අනික මල්ලි මං කන්නාඩියෙන් මූන බලන්නේ නෑ බං.. මොකද මටම දුකයි… අහිංසක මූනු පොඩ්ඩ දැක්කම.
2011 මැයි 16 දින ප.ව. 12:25 ට
හ්ම්…නරකද ඒ අත්තම්ම වෙනුවෙන් ආගමානුකූල දෙයක් කරොත්?බණක් කාරිය කියල මළගිය අයට පින් දුන්නොත් ඕක හරියයි මම් හිතන්නෙ.
අපිට නොපෙනුනාට, විද්‍යානුකූලව ඔප්පු කරන්න බැරිවුනාට, ඒවගේ දේවල් සම්පූර්ණයෙන් බැහැර කරන්නත් බෑ.ගතයුත්තක් තියනව.
2011 මැයි 16 දින ප.ව. 1:59 ට
අන්න ඒකනේ කියන්නේ… ඔයා නිකං හොල්මන වගේ හිටියට අපි ඔයාට බය නැත්තේ ඒකතමා.
2011 මැයි 16 දින ප.ව. 12:38 ට
maath thaama dekalanamnee
2011 මැයි 16 දින ප.ව. 2:00 ට
මං දැකලත් නෑ බං
2011 මැයි 16 දින ප.ව. 1:55 ට
බෞද්ධ විශ්වාසයට අනුව සත්වයින් ජීවත්වන තල 31ක් තියෙනවා. මේ සම්බන්ධව දීඝ නිකායේ ( Maurice Wakshe විසින් සම්පාදිත ) මුල කොටස කියවන්න. නැතහොත් පිටු 89කින් යුත් 31 Planes of Existance – Suvanno Thero යන පොත කියවන්න.
http://rightmindfullness.wordpress.com
මේ වෙබ් අඩවියට ගොස් එහි ඇති සත්‍ය කථා කියවන්න. ඉන්පසු ඒ ඇති කරුණු ඔබට පිලිහත හැකි නම් පිලිගන්න.
වෙන යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් මට විද්‍යුත් ලිපියක් එවන්න.
විද්‍යාවෙන් කවදාවත් මේ ගැන නිගමනයකට බැසීම අමාරු දෙයක් බව මගේ අදහසයි.
2011 මැයි 16 දින ප.ව. 2:03 ට
අයියත් එක්ක 100%ක් එකඟයි. මං බලකරන්නේ නෑ… ඉල්ලීමක් විතරයි… අයියට පුළුවන්නම් මේ දේවල් ගැන පොඩි ලිපියක් සකස් කරලා දෙන්න. නැත්තං අපි කාටත් බලාගන්න පුළුවන් විදියක් සලස්වන්න.
2011 මැයි 16 දින ප.ව. 2:41 ට
bln geym mluwth serbuwek ne., buddhgme wen jewin naha keyl keyn n, eth mma pudglikw hethn deyk thmi, oy katath wd manussy ehli keyn 1..
2011 මැයි 16 දින ප.ව. 4:18 ට
ඒක ඇත්ත මචං… ඒක මාත් පිළිගන්නවා… මොකද දෙවිකෙනෙක් වුනත් මනුස්සයෙක් වෙලා තමා පිං කරගන්න ඕනේ. ඒක නේ අපිත් දෙවියන්ට පිං දෙන්නේ…
2011 මැයි 16 දින ප.ව. 2:46 ට
අත්දැකීම් නැති නිසා පිළිගන්න බෑ වගේම නෑ කියල ප්රත්යක්ෂයෙන් කියන්න තරම් දැනුමකුත් නැති නිසා ඔය දේවල් මගේ ලෝකෙන් එහා තියෙන්නෙ. හැබැයි හිත යටින් එහෙම දේවල් ඇත්තයි කියල ඔප්පුවෙනවනම් කියන සිතුවිල්ලකුත් තියෙනව.
මතයක් තියෙනව අපිට නොපෙනී යම් ජීවී කොට්ටාශයක් ඉන්නවනම්, ඒ අයගෙ සංඛ්‍යාතය වෙනස් කියල. අනික මාළුව බලල තියෙනෙවද Ancient Alians කියන ඩොක්යුමෙන්ට්රි එක?
http://www.allyoulike.com/29302/ancient-aliens-dvdrip/
2011 මැයි 16 දින ප.ව. 4:19 ට
ඒක නම් බලලා නෑ අයියේ.. හිටු දැන් බලනවා
2011 මැයි 16 දින ප.ව. 3:27 ට
අපෝ මමත් ඔව්වනම් පිලිගන්නවා… අපේ තාත්තගේ අම්මා මැරිලා දැනට අවුරුදු 10 කට ලගයි.එත් ගිය අවුරුද්දේ අපේ අක්කගේ මම ගේ ඇතුලේ ගහපු ෆොටෝ එකක (ඩිජිටල් කෑම් එකෙකින් 14 pix ) සුදු ඩොට් වගයක් තිබ්බා.. ඕක ගැන ඒ කාලේ එච්චර හිතුවේ නැහැ දවසක් කනාවට ෆොටෝ එක zoom කරලා බැලුනා මොකක් හරි එකකට යකෝ ඒ ඩොට් එකක මුණක් තිබ්බා බලද්දී.තාත්තගේ අම්මා…
2011 මැයි 16 දින ප.ව. 4:20 ට
හ්ම්… සමහර වෙලාවට ඒ වගේ දේවල් වෙනවා බං.
2011 මැයි 16 දින ප.ව. 7:03 ට
man dawasak dakkane holmanak.ammo kakul deka wewlala katha karaganna baruwa giya.re 7ta withara kadawatha idan ragama paththata yana pare.thol rathuma rathui(fear).
2011 මැයි 16 දින ප.ව. 7:49 ට
අනේ පල යන්න කෙප්ප කෙලින්නේ නැතුව්. තෝ සුවර් එකට කෑල්ල එක කොහෙ හරි යන ගමන් වෙන්න ඇති. 😛
2011 මැයි 16 දින ප.ව. 7:05 ට
ado mage comment ekata watuna moona nam satar.adenawa machan.
2011 මැයි 16 දින ප.ව. 7:49 ට
කල කල දේ පල පල දේ… දැන් ඉතිං ඉවසගෙන හිටු.
2011 මැයි 18 දින ප.ව. 8:02 ට
ne ne mage kalla ekka yaddi newe bola eda man e dakke wada arila gedara yana kanthoru kellakwa.ammapa dakkama hithuna holmanakdoooo kiyala.
2011 මැයි 16 දින ප.ව. 7:17 ට
හොල්මන් විස්වාස කරනවා නමුත් අර කෑම ඉඳුල් කලෙ ගෝල්ඩ් fish නේද atta keyahan
2011 මැයි 16 දින ප.ව. 9:25 ට
පොඩියට ශොට් එකක් එහෙම දාලා ඉඳපන් එතකොට අපි තමයි බං හොල්මන්
2011 මැයි 17 දින පෙ.ව. 6:15 ට
ඔව් නේද බං ඒක වෙන්නත් පුළුවන්
2011 මැයි 16 දින ප.ව. 9:40 ට
මේක ඇත්ත.
2011 මැයි 17 දින පෙ.ව. 6:15 ට
මාත් එහෙම තමා හිතන්නේ
2011 මැයි 16 දින ප.ව. 10:59 ට
මේක හොඳට තේරැම් ගන්න නම් ආටානාටිය සූත්‍ර දේශනාව අහන්න
http://www.mahamevnawa.blogspot.com/
2011 මැයි 17 දින පෙ.ව. 6:17 ට
හ්ම්… මං ටිකක් විතර ඔය ගැන කියවලා තියෙනවා . සිංහලෙන්….
2011 මැයි 20 දින පෙ.ව. 9:17 ට
මම ඕවා නැහැයි කියන්නෙ නැහැ ඒත් ඕනාවට වඩා පස්සෙන් යන්නෙ නැහැ ……… කොහොම උනත් උඹ ටිකක් කල්පනාවෙන් හිටපං …….. කියන්න බැහැනෙ …… අනික උඹ කළුවරටත් බයයිනෙ ……….
2011 මැයි 20 දින පෙ.ව. 9:39 ට
නෑ නෑගග මට බයවෙන්න කාරියක් නෑ… මාත් හොල්මන වගේනේ බං.
2011 ජූලි 28 දින ප.ව. 11:51 ට
උබලගේ තාත්ත උබ කාපු එකක්වත් කෑවද දන්නැ බං
ඒකනෙ දෙස්තරනෝන කියලතියෙන්නෙ පෙරේතයෙක් කාපු එකක් කැවිල කියල”’
2011 ජූලි 29 දින පෙ.ව. 7:22 ට
මං පෙරේතයෙක් නම් ඉතිං තාත්තට අවුලක් වෙන් විදියක් නැහැ. මොකද ඉතිං මගේ තාත්නේ….
2011 ඔක්තෝබර් 31 දින ප.ව. 9:38 ට
ඔව් මමත් ඔයාගෙ අදහසට එකගයි
2011 නොවැම්බර් 1 දින පෙ.ව. 7:08 ට
🙂
2011 නොවැම්බර් 8 දින ප.ව. 3:29 ට
ඇත්ත හෝ බොරු මම නම් ඕවාට බයයි ඕන් 😦
2011 නොවැම්බර් 8 දින ප.ව. 3:48 ට
ඊයා බය ගුල්ලි…
2016 මාර්තු 8 දින පෙ.ව. 4:13 ට
සමහර විද්‍යාත්මක කරුනු මෙහි සඳහන්
https://sandaruwn.blogspot.com