කිඹුලා අතේ ගහපු කතාව…

අන්කල්…..

යැයි පුතා….? මොනාද යෝනෙ?

ආච්චිගේ රෙද්ද යෝනේ… මගුලක් කතාකරනවා මූ…. යකෝ කෙල්ලෙක්ගේ පාටියකට යන්න ඇඳුමක් ගන්න ආවාම රෙද්දක් කියවනවා… යපේ තමා වැරැද්ද. මොකද යපිනේ මෙච්චර සිංගල කඩ තියාගෙන තම්බි අස්සේ රිංගන්න ගියේ…

යෙතකොට යපි 6 වසරේ… අර පන්ති ගිහින් තොත්ත බබාලට වගේ දොයිය ගිහින් බස් යෙකේ කළුතරටම ඇදපු දවස්. යපේ යිස්කෝලේ කෙල්ලෙක්ගේ මොකද්දෝ මන්දා පාටියක්. පාටියක් කිව්වට හේතුව කිව්වේ නෑ කියමුකෝ යපිට. ඒ මදිවට පාටිය කිව්වෙත් කෙල්ලගේ හොඳම යාළුවෙක්… අදාල කෙල්ල සතියක් විතර තිස්සේ ඉඳං ස්කෝලේ ආවේ නෑ… යපිට හරි පස්නේ ඇයි යකඩෝ සතියක් විතර ගෙදර නැවතිලා අපිට පාටියක් දෙන්න ලෑස්තිවෙනවා කියන්නේ…  ඔය කෙල්ල බඳින දාට තුන් මාසයක් විතර නිවාඩු දාලා මගුලක් කයිනේ… ඉතිං ඕකට යන්න යපේ වුන් දෙතුන් දෙනෙකුත් එක්ක ගියා පානදුරේ තියෙන මුස්ලිම් කඩේකට… යේ දවස් වල ඒ ඇස් බී…. සුපර් පැසොන්… ගයාන් ටෙක්ස් අනං මනං මුකුත් නෑ… පානදුරේ නිකං කාන්තාරේ වගේ කාලේ…. යේකට දැං… යඩියෙන් යඩිය… රෙදි කඩ… ද ලවර් ෂොප් දෙකක් හරි තුනක් හරිත් තියෙනවා.

ඉතිං ඔන්න අපි යාළුවෝ සෙට් එක ගියා රෙදි කඩේටක. ඒ දවස් වල නාඹර වුනාට, ඔලුවෙන් හෙන පැහිලා… ඉතිං හොයන්නේ හොඳ රෙදි මයි. දැන් තියෙනවා වගේ අඩිඩාස්, රී බෝන්, රෆ් වගේ ටී ෂර්ට් ඒ දවස් වල තිබුනේ හෙන අඩුවෙන්. තිබුන ටිකත් හම්බ ගණන්. අර ඉරාජ් අයියා ඇඩ් එකක් දාලා නග්ගලා ගත්තට පස්සේ තමා සමහර ටී ෂර්ට් ජාති හිට් වුනේ. ඉතිං ඒ දවස් වල වැඩියෙන්ම තිබුන බ්‍රෑන්ඩ් එක තමා නොන් බ්‍රෑන්ඩ්… මුළු ඇඳුමටම තියෙන්නේ 50%ක් කොටං කියලා විතරයි.

ඉතිං ඒවා ඇඳන් ඉන්න හරි අපහසුයි. දාඩිය දාද්දි… හරී සනීපයි… ඒක නිසා අපි ගත්තෙම ටිකක් ගණකම රෙද්දකින් මහලා තියෙන ටිකක් විතර බර වැඩි ෂර්ට් ජාතියක්. ඒකට බැණියමක් නැතිව වුනත් ටී ෂර්ට් එක ඇඳින්න පුළුවන්… මොකද දාඩිය උරා ගන්නවා.. දාඩිය දඟක් කියලා දේකුත් නෑ… තාම තියෙනවා හැබැයි ලේබලේ තියෙන්නේ වෙන එකක්.

දැං කඩේට ගිහිං…. අඩි 3ක්වත් උස නැතුව මොන ඇඳුං තේරිලිද… යේ කාලේ යේම තමා අපි. හෙන…. ඔලුව. අම්බෝ අපිට උඩින් මැස්සෙක්වත් ගියොත් උගේ හත් මුදු පරම්පරාවම වඳවෙලා තමා නවතින්නේ… ඉතිං අර පාටියට යන්න ඇඳුමක් ගන්න අපි  මුස්ලිම් කඩේකට රිංගුවම තමා අර මූලී…න්ම ටික කිව්වේ…

ඊට පස්සේ ඔන්න ඉතිං ටී ෂර්ට් ඇද ඇද බලනවා…. අපි හොයන එක නෑ… හොයන එක කියන්නේ හොයන බ්‍රෑන්ඩ් එක. ඒ බ්‍රෑන්ඩ් එක තමා ඒ දවස් වල ජනප්‍රියම වෙලා තිබ්බේ… ඉතිං ඒක නිසා හෙන මාකට්. ආපු ගමන් බඩු ඉවරයි.

පස්සේ අපේ එකෙක්…

මේ… කිඹුලා… අතේ ගහපු ඒවා නැද්ද…?

හුට්ටාරේ මෙන්න ‍මූ කියපි…

යඩෝ … පොඩි යෙකා… තෝ හිතුවද යකෝ මේක කක්කුස්සියක් කියලා…? යෑ බොල… දුවපල්ලා යන්න…

කියලා අපිව පන්න ගත්තා‍‍‍… ඉතිං මොන ටී ෂර්ට්ද… බය වෙච්චි පාරට ගෙදර ගියා. පාටියට මොනා වුනාද මන්දා… අපි නම් ගියේ නෑ… මොකද කිඹුලා අතේ ගහපු ටී ෂර්ට් නැතුව අපි නම් යයි බිග් ග්ර්ල් පාටි වලට… ‍

හුටා වැරදුනා නෙව‍‍‍…. අපි දන්නේ නෑනේ පාටිය දුන්නේ මොකකටද කියලා… අනික ක්‍රොකඩයිල් ටී ෂර්ට් එකක් නැතුව ගෙදරින් එලියට බහිනවා නම් ඉතිං… ඒ ඔය ළඟ පාතකට යන්න හරි වැසිකිලියට යන්න හරි තමා…. ඔය ටී ෂර්ට් එකේ කිඹුලාගේ රූපේ ප්‍රින්ට් කරලා තිබ්බේ වම් අතේ…

Advertisements

67 Responses to “කිඹුලා අතේ ගහපු කතාව…”

  1. Isuru Says:

    හිකිස්.. මේක ටිකක් පරණ කතාවක් නේද මාළුවෝ, …හැබෑටම මේක මාළුවටම උන වැඩක්ද? :p

  2. සෝරෝ Says:

    අහක ඉන්න කිඹුලොන්ටත් පද හදන රටක් මේක…………. 😀

    • ගෝල්ඩ් fish Says:

      මොන පදද බං…පිස්සුද අපි එහෙම අහිංසක සත්තුන්ට හංසා කරන්නේ නෑ…

  3. පූසා Says:

    මාළුවන්ට මොකටද කිඹුලා අතේ ගහපුවා 😀

    • ගෝල්ඩ් fish Says:

      නෑ බං පූස්.. මේකනේ… මාලුවා වෙන්න සෑහෙන කාලෙකට කලිංනේ බං මේ…

  4. මධුරංග Says:

    මාලුවා කියනවා ඇත්තේ ක්‍රොකඩයිල් රෙද්දෙන් මහපු ටී ෂර්ට් වෙන්න ඇති නේ. ඇත්තටම කිබුලා අතේ ගහපුවා තිබ්බේ නැද්ද?

    ශුවර් ඇන් ශොට් මේක උනේ මාලුවාටම තමා තම්බියෙක් වගේ කතාව කිව්වට මේක උනේ මේකටම තමා !!!!! 🙂 පට්ට කතාව මාලුවෝ 🙂

    • ගෝල්ඩ් fish Says:

      මටම තමා බං… නැත්තං ඔය වගේ වෙන වාසානවන්තයෝ ඉන්නවැයි…

  5. නෙතු Says:

    ඇත්තට ගෝල්ඩ් ෆිෂ් අයියේ ඔයා දැන් පාර්ටි වලට යද්දී අදින්නේ මොකා ඉන්න ටී ෂර්ට් ද???

    • ගෝල්ඩ් fish Says:

      දැන් අඳින එව්වයේ මොකෙක් වත් නෑ නංගියේ… මොකද පාටි වලට යැවෙන්නේ හෙන අඩුවෙන්…

  6. namila Says:

    ethakota kotiya…………… arapu eka tibbe nedda :p

    • මධුරංග Says:

      පට්ට කතාව….. තාමත් හිනා

      • ගෝල්ඩ් fish Says:

        හිනා කියන්නේ බං… ඒ දවස් වල බයේ ගැහුනට, කතාව මතක් වෙද්දී දැන් නම් මටත් හිනා…

    • ගෝල්ඩ් fish Says:

      ඒ මොකද්ද බං ඒ?

  7. isuru71 Says:

    වෙන වෙන එවුන් කොහෙවත් ගහල තිබ්බ එව්වා ඒ කාලෙ තිබ්බෙ නැද්ද?? 😀

    • ගෝල්ඩ් fish Says:

      හ්ම්… නෑනේ… එය පූමා එව්වත් ආවේ මේ ලඟඳි​නේ…

  8. සාතන් Says:

    තාමත් කිඹුල අතේ ගහපුවද අදින්නෙ?….

    • ගෝල්ඩ් fish Says:

      දැන් එව්වා නෑ බං… ඒ මෙටීරියල් එකම ටිකක් ඩිවෙලොප් කරලා රෆ් කියලා ගහන්නේ ඒ වගේ එකක් තමා…

  9. කුරුං ගුරුං Says:

    ඔය ගිහිං කරවගෙන තියෙන්නෙ….අපි නොදුන්නට මේකාලෙටත් එක්ක දන්සැල් සෙට් වෙලා ඒකාලේ එහෙනම්…
    😛

  10. nihal Says:

    මරු කතාව.

  11. අලුත් කොල්ලා Says:

    මගෙ ලඟ තිබ්බා කොටියා අතේ ගහපු ටී ෂර්ට් වගයක් ඒ දවස් වල. PUMA කියල නමකුත් තිබ්බ

  12. නවම් Says:

    අර කෙහෙල් කො‍ටුවෙ චූටි මහත්තයයි, මාරයයි නං ඉස්සර කුරුල්ල අතේ ගහපු ඒව ඇන්දලු නේද?

  13. නවම් Says:

    උන් දෙන්නගෙන් එක්කෙනෙක්හෙ ඔය උනිෆෝම් එකේ බැජ් එකක් නැතිවෙලා ගිහිල්ල උන්නෙ ලොක්කගෙන් ඉල්ලුවලු “සර් මට අතේ ගහන කුරුල්ලෙක් දෙන්න පුළුවන්ද” කියල.

    • ගෝල්ඩ් fish Says:

      හපෝයි මූ කිව්වොත් ඔහොම දෙයක්

    • කරුමක්කාරයෙකුගේ දින සටහන් Says:

      ඉතින් ලොක්ක ලඟ ඉදලද අතේ ගහන කුරුල්ලෙක්

    • abeetha Says:

      ලොක්කා කිව්වලු නවම්, අතේ ගහන කුරුල්ලානම් නෑ… ඒත් ගල් කපන රාළහාමිනම් ඉන්නවා පල්ලෙහා බැරැක්කෙ කියලා…. දෙන්නම තරගෙට දිව්ව කියන්නේ එතනට….

      • කරුමක්කාරයෙකුගේ දින සටහන් Says:

        හික් හික්. එල එල

      • නවම් Says:

        කෝ මුං දෙන්න… දීපියව් මෙව්වට උත්තර….

      • ගෝල්ඩ් fish Says:

        ලැජ්ජාවට හැංගිලා ඇති බං

  14. කරුමක්කාරයෙකුගේ දින සටහන් Says:

    අඩෝ දැන්නං කිඹුල්ලු විතරක් නෙමේ, ඔය නලු නිලියොත් අතේ ගහපු ටී ෂර්ට් තියනව ඕනතරම් හික් හික්. එල ඈ. ඒක නෙමේ අර කිඹුල අතේ ගහපු ෂර්ට් ඉල්ලුවම අර තම්බි අංකල් මොකෝ කක්කුස්සියක් ගැන කිව්වේ. ඒක පොඩ්ඩක් තේරුනා මදි වගේ

  15. prabha Says:

    malu aiyage podikale nam maru…niyama kathawa..:-)

    • ගෝල්ඩ් fish Says:

      ඒකනේ ඒකනේ… අපරාදේ මං ලොකු වුනේ….

      • තාරක Dilsh@n Says:

        උඹ දැන් ලොකුයිද?

      • ගෝල්ඩ් fish Says:

        ආ මචං….? මොකද්ද ලොකුද ඇහුවේ?

    • තාරක Dilsh@n Says:

      අර ලොකු වුනා කිව්වෙ. අන්න ඒක

  16. පිණිබිඳු Says:

    අපෝ සා….ටර් මාළුවා..

  17. abeetha Says:

    මුංගෙ වැලි කෙලියේ පටන් කුපාඩිකම….

  18. mada Says:

    maluwo anith un athe gahapuw adin nathuw, ubem 1k ad gnen.. Ethkot gold fish athe gahapu shirt keyl janapriy wei..

    • ගෝල්ඩ් fish Says:

      මං ඔය වැඩේට කීප පාරක්ම ට්‍රයි කලා බං… වැඩේ හරිගියේ නැහැනේ… උං කියන්නේ පපුවේ හරි පිටේ හරිනම් ප්‍රින්ට් කරන්න පුළුවන් කියලා…

  19. රත්ගමයා Says:

    මූ දැන් දැන් මේ බ්ලොග් එකේ දාන්නේ බොරු කතා…ඕක ඇම්ඩන්ටත් උනා…වල් මාලුවා..වලත්ත කමට දානවා…කොහොද අද හිට්ස්….කිඹුලා අතේ ගහපු හැටි බලන්න හෙන රොත්තක් ඇවිල්ලා ඇති

  20. nuwan Says:

    අන්තිමටික terunnene ban

  21. dinesh Says:

    උඹල මහ කුපාඩියොනෙ බං.නෑ,නෑ උඹල නෙමෙයි කඩේ එකා.
    මේක ටිකක් පරණ ප්‍රසිද්ධ කතාවක් හැබැයි.

    • ගෝල්ඩ් fish Says:

      අඩෝ මේක අපිට වෙච්චි දෙයක් බං.. ඕකට වැදුන කාඩ් ටික දැම්මේ නැත්තේ .. තව ටිකක් කල් වරිගෙ නහගන්නේ නැතුව ඉන්න ඕනෙ නිසා

  22. හිස් අහස Says:

    අයියේ උඹ එන්න එන්නම වල් වෙනවා … කම්ක් නෑබං අපිත් උපන් ගෙයි වල් ..ඩයල් ..

    කතාවනම් මම මීටවඩා වෙනස් විදිහකට අහලා තිවුනා … කමක් නෑ උඹට වෙච්චි විදිහටත් අහගත්තන්නේ කතාව

  23. ragde Says:

    මාලු යලුවෙ,ඒ t shirts වල brand logo එක කිඹුලෙක් වුනාට brand name එක crocodile නෙමේ.ඒ brand එක LACOSTE ( ල-කෝස්ට් ).ඒක originally French brand එකක් .ඒත් ලංකාවෙ නම් වැඩිපුර තියෙන්නෙ fake . තනි පාට basic polo shirt එකක් අඩුම ගානෙ රු8500 ක් වත් වෙන්න ඔනෙ original නම්.හැබැයි කවදහරි එපා කියල හිතිල විසි කරොත් මිසක් කිසිම වෙනසක් වෙන්නෙ නැතුව ඕන තරම් කාලයක් අඳින්න පුලුවන්.
    යාලුවෙ මේව මේ නිකමට කිව්වෙ ඔයාගෙ විහිලු කතාවත් එක්ක පොඩි වටපිට කරුනකුත් වුනාට කමක් නෑනෙ..?

    • ගෝල්ඩ් fish Says:

      ඇයි මචං උඹ උදේම කමෙන්ට් නොකරේ… දැන් ඉතිං මේක කව්ද දකින්නේ… මේ තොරතුරු අපේ අනිත් උං දැනගත්තට පවු සිද්ධ වෙන්නේ නෑ බොල… තෑන්ක්ස් මචං…

  24. Astro Boy Says:

    හපෝ. මේක වල් මාලුවෙක් නෙ

  25. Observer Says:

    කිඹුල්ලු අතේ ගහපුවා, කුරුල්ලො අතේ ගහපුවා,මාළු අතේ ගහපුවා, මට නං මේලෝකේ හසරක් තෙරුන් නැහැ මේ ළමය් මොනව කියෝනවද කියල.

    • ගෝල්ඩ් fish Says:

      අනේ අම්මේ රජ තුමනි කිව්වලු… මේං කිසි දෙයක් තේරුනේ නැහැලු… පොඩි කාලේ කොරපුව මතක නැතැයි?

  26. Priyantha Says:

    අප්පද බොල ඒ කියන්නේ උඹට හෙන වයසයිනේ. මම ඉස්කෝලෙන් අයින් උනෙත් 96දී. ඊට කලින් ඒ කියන්නේ 88 විතර අපේ ලොකු අයියලා කියනවා ඔය කතාව. ඒ කියන්නේ ඕක වෙලා තියෙන්නේ ඊටත් අවුරුදු 5කට විතර කලින්. අම්මෝ 83දී. එල එල…

    • ගෝල්ඩ් fish Says:

      ඈ… ඒ දවස් වලත් ඔහොම එකක් තිබුනද? එහෙනම් සුවර් එකට… කිඹුලා උදැල්ල ගැන වෙන්න ඕනේ… අයියා ඉක්කොලෙන් අස් වෙද්දී මං හතර වසරේ…

      • Priyantha Says:

        හික් හික් ටී ෂර්ට් එකක්ම තමා. තව කතා තිබුනා දැන් මතක නෑ…

  27. කල්හාර Says:

    ඔන්න දැන් තමා මල්ලියේ උඹගේ බොලොග් ටැංකියට එන්න වෙලාවක් සෙට් වුනේ …….. මොකද මේකට ටක් ගාලා ඇවිත් යන්න බැහැනෙ ……. හෑලි ගනන් ලියලා තියනවානෙ ………. කියවන්නත් එපෑ ………… උඹ මේ පෝස්ට් එක දාලා කියන්න හදන්නෙ උඹලා එදා ඉඳලා ඇන්දෙ ටිකක් ගාන වැඩි ඒවා කියලනේ ….. හරි හරි ඔන්න අපි දැන් දන්නවා ඒක ……….

  28. chinthaka dilushan Says:

    Patta……….Patta………


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: