කිඹුලා අතේ ගහපු කතාව…

අන්කල්…..

යැයි පුතා….? මොනාද යෝනෙ?

ආච්චිගේ රෙද්ද යෝනේ… මගුලක් කතාකරනවා මූ…. යකෝ කෙල්ලෙක්ගේ පාටියකට යන්න ඇඳුමක් ගන්න ආවාම රෙද්දක් කියවනවා… යපේ තමා වැරැද්ද. මොකද යපිනේ මෙච්චර සිංගල කඩ තියාගෙන තම්බි අස්සේ රිංගන්න ගියේ…

යෙතකොට යපි 6 වසරේ… අර පන්ති ගිහින් තොත්ත බබාලට වගේ දොයිය ගිහින් බස් යෙකේ කළුතරටම ඇදපු දවස්. යපේ යිස්කෝලේ කෙල්ලෙක්ගේ මොකද්දෝ මන්දා පාටියක්. පාටියක් කිව්වට හේතුව කිව්වේ නෑ කියමුකෝ යපිට. ඒ මදිවට පාටිය කිව්වෙත් කෙල්ලගේ හොඳම යාළුවෙක්… අදාල කෙල්ල සතියක් විතර තිස්සේ ඉඳං ස්කෝලේ ආවේ නෑ… යපිට හරි පස්නේ ඇයි යකඩෝ සතියක් විතර ගෙදර නැවතිලා අපිට පාටියක් දෙන්න ලෑස්තිවෙනවා කියන්නේ…  ඔය කෙල්ල බඳින දාට තුන් මාසයක් විතර නිවාඩු දාලා මගුලක් කයිනේ… ඉතිං ඕකට යන්න යපේ වුන් දෙතුන් දෙනෙකුත් එක්ක ගියා පානදුරේ තියෙන මුස්ලිම් කඩේකට… යේ දවස් වල ඒ ඇස් බී…. සුපර් පැසොන්… ගයාන් ටෙක්ස් අනං මනං මුකුත් නෑ… පානදුරේ නිකං කාන්තාරේ වගේ කාලේ…. යේකට දැං… යඩියෙන් යඩිය… රෙදි කඩ… ද ලවර් ෂොප් දෙකක් හරි තුනක් හරිත් තියෙනවා.

ඉතිං ඔන්න අපි යාළුවෝ සෙට් එක ගියා රෙදි කඩේටක. ඒ දවස් වල නාඹර වුනාට, ඔලුවෙන් හෙන පැහිලා… ඉතිං හොයන්නේ හොඳ රෙදි මයි. දැන් තියෙනවා වගේ අඩිඩාස්, රී බෝන්, රෆ් වගේ ටී ෂර්ට් ඒ දවස් වල තිබුනේ හෙන අඩුවෙන්. තිබුන ටිකත් හම්බ ගණන්. අර ඉරාජ් අයියා ඇඩ් එකක් දාලා නග්ගලා ගත්තට පස්සේ තමා සමහර ටී ෂර්ට් ජාති හිට් වුනේ. ඉතිං ඒ දවස් වල වැඩියෙන්ම තිබුන බ්‍රෑන්ඩ් එක තමා නොන් බ්‍රෑන්ඩ්… මුළු ඇඳුමටම තියෙන්නේ 50%ක් කොටං කියලා විතරයි.

ඉතිං ඒවා ඇඳන් ඉන්න හරි අපහසුයි. දාඩිය දාද්දි… හරී සනීපයි… ඒක නිසා අපි ගත්තෙම ටිකක් ගණකම රෙද්දකින් මහලා තියෙන ටිකක් විතර බර වැඩි ෂර්ට් ජාතියක්. ඒකට බැණියමක් නැතිව වුනත් ටී ෂර්ට් එක ඇඳින්න පුළුවන්… මොකද දාඩිය උරා ගන්නවා.. දාඩිය දඟක් කියලා දේකුත් නෑ… තාම තියෙනවා හැබැයි ලේබලේ තියෙන්නේ වෙන එකක්.

දැං කඩේට ගිහිං…. අඩි 3ක්වත් උස නැතුව මොන ඇඳුං තේරිලිද… යේ කාලේ යේම තමා අපි. හෙන…. ඔලුව. අම්බෝ අපිට උඩින් මැස්සෙක්වත් ගියොත් උගේ හත් මුදු පරම්පරාවම වඳවෙලා තමා නවතින්නේ… ඉතිං අර පාටියට යන්න ඇඳුමක් ගන්න අපි  මුස්ලිම් කඩේකට රිංගුවම තමා අර මූලී…න්ම ටික කිව්වේ…

ඊට පස්සේ ඔන්න ඉතිං ටී ෂර්ට් ඇද ඇද බලනවා…. අපි හොයන එක නෑ… හොයන එක කියන්නේ හොයන බ්‍රෑන්ඩ් එක. ඒ බ්‍රෑන්ඩ් එක තමා ඒ දවස් වල ජනප්‍රියම වෙලා තිබ්බේ… ඉතිං ඒක නිසා හෙන මාකට්. ආපු ගමන් බඩු ඉවරයි.

පස්සේ අපේ එකෙක්…

මේ… කිඹුලා… අතේ ගහපු ඒවා නැද්ද…?

හුට්ටාරේ මෙන්න ‍මූ කියපි…

යඩෝ … පොඩි යෙකා… තෝ හිතුවද යකෝ මේක කක්කුස්සියක් කියලා…? යෑ බොල… දුවපල්ලා යන්න…

කියලා අපිව පන්න ගත්තා‍‍‍… ඉතිං මොන ටී ෂර්ට්ද… බය වෙච්චි පාරට ගෙදර ගියා. පාටියට මොනා වුනාද මන්දා… අපි නම් ගියේ නෑ… මොකද කිඹුලා අතේ ගහපු ටී ෂර්ට් නැතුව අපි නම් යයි බිග් ග්ර්ල් පාටි වලට… ‍

හුටා වැරදුනා නෙව‍‍‍…. අපි දන්නේ නෑනේ පාටිය දුන්නේ මොකකටද කියලා… අනික ක්‍රොකඩයිල් ටී ෂර්ට් එකක් නැතුව ගෙදරින් එලියට බහිනවා නම් ඉතිං… ඒ ඔය ළඟ පාතකට යන්න හරි වැසිකිලියට යන්න හරි තමා…. ඔය ටී ෂර්ට් එකේ කිඹුලාගේ රූපේ ප්‍රින්ට් කරලා තිබ්බේ වම් අතේ…

%d bloggers like this: