ආ… මේං… තව 10කට කෑම… හැමදාම නෑ…මේ වෙසක් එකට විතරයි…

සික් විතරක්… මං නොහිතපු නොපතපු විදියට දන්සැලේ තවත් අදියරක් දියත් කරන්න වුනානේ. කලිං පාර දහයකට දුන්න. ඒ වතාවේ පොඩි අවුලක් වෙ ලා ඉතුරු ටිකට බෙදා ගන්න බැරිවුනානේ..දැන් ඉතිං ප්‍රතිපාදන තනියම හොයාගෙන… ටෙන්ට් ගහගෙන, පොටෝසොප් වලට කෙලවෙච්ච හින්දා පේන්ට් වලින් කෑම ටික උයාගෙන තමා මේ දන්සැල දෙන්නේ. දැන් ඉතිං…කෝල් කර කර… අනේ සුදු අයියේ මටත් කෑම ටිකක් කියලා නාහෙන් අඬපු නංගිට එහෙම තෙරුවන් සිහි කරගෙන ඇවිත් කෑම ටික කෑවනම්… අඩෝ මට පිං දීලා පලයල්ලා ඈ… නැත්තං ආයේ දන්සැල් දෙන්නේ නෑ…

ඉතිං  දෙවෙනි වටයේ මුල්ම පිඟාන අපේ ඈන්ගල් කානුවට. ආයෙ ඉතිං මං අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ… පේනවනේ ඈන්ගල් එකේ අංසක ගාන. දතක්ද දිවේ කෑල්ලක්ද මන්දා කටෙන් එළියට පැනලා… ඊයා… ඔය පොඩි කාලේ බොරු කිව්වා නිසා තමා. ඉතිං මේ නංගි කොයිතරම් ආසෙවෙන්ද හිටියේ… කෑම පිඟානක් කන්න. වැඩිය ඕනේ නෑ… මං පොලිසි ගිය දවසේ පොලිසියෙදීත් කෝල් කරලා ඇහුවනේ ඇයි මට කෑම දුන්නේ නැත්තේ කියලා… ඉතිං නංගියේ ඕං… ගම්බිරිස්, ලුණු අනං මනං ඔක්කොම දාලා මුල්ම පිඟාන ඔයාට. හරි මදි වගේ නම් කියන්න… තව පෝස්ට් එකක් දාන්න බැරියෑ….

ඊට පස්සේ කෝච්චියාට. මූ නිකං ඉන්නේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ ‍වඳ පුංචි අම්මගේ පොඩි පුතා වගේ… හෙන උදාර ලීලාවෙන්… හැබැයි ඉතිං මං එදා මූව දැක්කනේ. අනේ නිකං වේලිලා ගිය පරඬැලක් වගේ… හෙන කෙට්ටුයි… (ඕං හෙන මහත එකෙක් කිව්වේ ඈ…) බලන්න ඔයාලා ඇත්තටම මේකා හිමාලයේ වාසය කරන බමුනෙක් වගේ නෙමේද…?

මේං තුන්වෙනි පිඟාන රත්ගම මහතාට. ඕකට මහතා කියනවා අපිට ගහන්න ඕනේ… පේනවනේ කට ඇරගෙන ගස්ලබ්බා වගේ ඉන්න හැටි… ඒ මදිවට ඇස් දෙකත් උඩ තියාගෙන. සුවර් එකට ගවුම් කෑල්ලක් උඩ යනවා දැකලා බය වෙලා… ඔය කටත් වහගනින් හැකරැල්ලෝ පත්තෑයෝ… අරුං මුං රිංගයි… මූ ගිහිං තිබුනා වයිල්ඩ් කප් පයිනල් බලන්න… ඒක වයිලඩ් වුනේ මූ ගිහිං හරි නොගිහිං හරි මැච් එක බලපු නිසා…

බීටා… මූට වෙන නමක් තිබිලා නෑ… කෝ බොල ඔටුවෝ ඇල්ෆායි ගැමයි…? මොනා වුනත් මේ මල්ලා හරි හොඳ එකා… ඒක නිසා මූට කෑම ටිකක් අඩුවෙන් බෙදන්නේ‍‍‍… ඒ වෙනුවට බොට අයිස් කිරිං දෙන්නං වැඩියෙන්…

සයිබර් කෝපි කඩේ බඩා. මං මේකව හැබැහින් තියා බුකියෙන්වත් දැකලා නම් නෑ… හැබැයි ටිකක් සේප් පොරක් වගේ… දෙකක් නවා ගත්ත වෙලාවට නම් ඉතිං කෝමද කියන්න දන්නේ නෑ… අනිත් වෙලාවටනම් හොඳයි වගේ… ඒත් මෝරා වගේ ඇරගෙන ඉන්න කට තමා කේස් එක. කෙල්ලෙක් වත් බලයිද මං අහන්නේ ඔය කට දැක්කම… මෙයා මේ දවස්වල විශ්වාසවන්ත කෙල්ලෝ දෙන්නෙක්ව හොයනවනේ…

පේනවනේ සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ ඉන්න හැටි… මෙ‍ලෝ රහක් නෑ… මෙයා අපරාජිතයි කියලා තමා කියන්නේ… අපිනම් එහෙම කියන්නේ තරඟාවලියේ එක තරඟයක් වත් පරදින්නේ නැති අයටනේ… ඒත් මූ…. මං හිතන්නේ ගෑණු කේස් ඔක්කොම පරාදයි… පව් තාම පොඩි එකා… (මොකද්ද දන්නේ නෑ මුගේ පොඩි… පොඩි නම් ඒක ලෙඩක් මලේ… බෙහෙත් ගනින්) ‍

අප්පේ බයේ බෑ… පේනවනේ අපේ ඇමති කෙනෙක් වගේ ඉන්න හැටි. ඌත් බුවා මූත් බුවා‍…. තොපි දෙන්නටම කෑම බෙදන මං ඔක්කොටම වැඩිය බුවා. මෙයාගේ තියෙන්නේ හරි සෝක් ලිපි. මං හෙන ආසාවෙන් තමා එව්වා කියවන්නේ… ඒ වගේම මූ දෙයක් දකින්නේ අනිත් අය නොදකින පැති වලින්… ඒක නිසා පොඩි ගතියක් තියෙනවා… මැක්සා පොරක්… මට සුවර් නෑ මුගේ චින්තනේ මේඩ් ඉන් කොරියාද කියලා…

හපෝ වලත්ත රජෙක්…. ඒ වුනාට හෙන හොඳ එකා. මහ ලොකුවට කට ඇරගෙන කෑගහගෙන සද්දේ දාගෙන හිටියට සුදු මැණිකෙට බයයි මූ…. පානදුර පැත්තේ තමා පදිංචිය. ඒ හරියෙම කැලෑවක තමා වාසය. මොකද මූ වෙන්ඩ ගෑණිට බය වුනාට සිංහයෙක් නොවැ… හොදා බලමුකෝ සිංහයා බැන්දට පස්සේ වෘෂභයා වෙනහැටි….

අනේ ඉතිං කටක් ඇරලා මෙයාට මුකුත් කියන්නේ කෝමද? අහිංසක පුංචි කොලු පැටියෙක්නේ… ඊ…. විරිත්ත ගෙන ඉන්න හැටි.. මෙයත් බුද්ධි කියන එකේ අන්තිම ධියන්න කියද්දී ගත්ත පොටෝ එකක් තමා මේ… දැක්ක අය දන්නවනේ මුගේ සයිස් එක…. මං කිව්වේ ශරීරයේ ප්‍රමාණය. පොඩි කාලේ ඉඳලම කෙහෙල් ගස් ඉඳන් කුරුමානං අල්ලන එක තමා මෙයාගේ හොබිය. ඒ මදිවට ඇටේ පේන්න පොලිස් කරන එක. ඇටේ බලන්න ඔච්චර දඟලන්නේ අහවල් එකටැයි… ගස් ලබ්බක් අරං දෙකට පැලුවනම් ඇට තියෙන්නේ නාන්න….

මේ අපේ සුදු හංසි… අනේ මන්දා මෙයාට කෑම කොහොම බෙදන්නද කියලා… මෙයත් මෙගා ඩ්‍රාමා ව්‍යාපාරයට අතහිත දෙන කෙනෙක්. මොනා වුනත් මං ආසාම පැත්තක ඉන්න හොඳ පෑනක්. අනේ මන්දා මොන ලෝකේ හිටියත් තවම හීතලේ නොවැ…. යනෝ ඕයි ගෙදර කෙහෙම්මල් රස්සාව පැත්තක දාලා… ගෑණු ඉන්නේ හම්බකරන්න නෙවෙයි… චූටි බබෙක් හදාගෙන එයාලව හුරතල් කරලා හොඳට හදාගන්න….

ඔන්න එහෙනම් තව දහයකට කෑම දුන්නා… අනේ වෙන නම් ඉල්ලන්න එපා. කෑම ඕනෙ තරම් තියෙනවා ඒත් බෙදන්න බෑ වගේ… අම්බානෙට කම්මැලියි. දැන් ඉතිං බලන්න මට මේ වෙසක් එකේ කොයි තරම් පිං ලැබෙයිද…? මගේ යාළුවන්ට මං තනියම පිළියෙල කරපු කෑම වේලක් දුන්නම නේද…..?

%d bloggers like this: