අක්කලා ගැන හීන බලනවට හොඳ වැඩේ…

මේං අර පොඩි කොල්ලා පුංචි කාලේ මූනේ දැලි ගාගත්ත තවත් කතාවක්…

මං එතකොට හයවසරේ. ඒ දවස්වල මගේ ඉංගිරිස් දැනූම පට්ටයි. හැමදාම පන්තියේ වැඩ වලට ටීචර් හොඳයි කිව්ව කාලේ… ඉතිං විභාගෙටත් යන්තං ලකුණු 35ක් 40ක් විතර වනාගන්න පුලුවන් වුනා. සත්තයි මං කොපි කලේ නම් නෑ… රචනාව දේවිකා කියන ගෑණු ළමයා ලියලා දුන්න එකක් බලාගෙන ලිව්වා. අනිත් උත්තර ඔය ඉංගිරිස් පුළුවන් කියලා හිතාගෙන උන්න එවුන්ගෙන් අහගත්තා.

ඉතිං අපේ අම්මට ඕනෙ වුනා මාව කඩ්ඩ වනන කලු සුද්දෙක් කරන්න. ඔය වගේ පිස්සු අදහස් ඉතිං හැම දෙමව්පියෙකුටම එනවනේ. ඉතිං අපේ අම්මට කියලත් වෙනසක් නෑ… මාව මුලින්ම දැම්මේ ගෙවල් කිට්ටුව තිබ්බ පංතියකට. ඒ පංතියේ සර්ට හිටිය හොඳම ගෝලයා තමා මම. අනේ කියලා වඅඩක් නෑ… හරී… සෝක් පන්තිය. උදේ අටයි තිහට පටන් ගන්නවා, එකොලහ වෙද්දී ඉවරයි. පන්තියේ ළමයි වැඩිය හිටියෙත් නෑ… මං විතරයි. ඒකනේ මං සර්ගේ හොඳම ගෝලයා වුනේ…

ඊට පස්සේ ඒ සර් අසනීප වෙලා පන්තිය නැවැත්තුවා. පස්සේ අම්මා මාව දැම්මා පානදුරේ බෞද්ධාශ්‍රමේට. ඒකෙ ඉංගිරිස් ක්ලාස් එක තියෙන්නේ සෙනසුරාදා හවස තුනේ ඉඳන් හවස පහමාර වෙනකන්. ඒ පැය දෙකාමාරනම් ෆට්ට ආතල්. ෆන් උපරිමයි. කෙල්ලොද කොල්ලොද … අක්කලාද.. නංගිලාද ඕනෙ එකෙක්. අපිට පංතිය තිබුනේ දිග හෝල් එකක් උඩ තට්ටුවේ. සර්ත් වැඩිය අවුලක් නෑ… නියමෙටම කියලා දුන්නා. හැබැයි දැන් නම නම් මතක නෑ…

ඉතිං ඔයාලා හිතන්න එපා මට මුල අමතක වෙලා කියලා. එහෙම එමතක වුනානම් මෙහෙම ලියන්න බැහැනේ. ඉතිං ඔන්න සර් ඇවිත්… පුතාලා අපි අද කරන්න යන්නේ (&@%%$!%!$&#$!^$#&! පාඩම. ඒ මොකද්ද කියලා මට තේරෙනවයෑ. මං ඉන්නේ පහල යන අක්කලා දිහා බලාගෙනනේ… ඒ දවස් වල ඉතිං හෙන උනනේ… අක්කා කෙනෙක් කතා කලොත් දැං වගේම තමා… ආයේ නෑ කරේ නැගලම තමා බිමට බහින්නේ… ඉතිං ඒ කාලේ තිබුන දාංගලේ නිසා අක්කලාගේ දැහැන බිඳලා මල්ලි කම ගන්න එක ඒ හැටි කජ්ජක් නෙමේ.

හිතන්නකෝ… මං ගන්නවා චුයිංගම් එකක්. තව එකෙක් මාව එලෝ‍ගෙන එනවා මගේ චුයිංගම් එකේ තියෙන පච්චෙ උදුරගන්න. ඉතිං මං… අපේ අම්ම මට අරං දීලා තියෙන චූටි බෑග් එකත් පිටේ දාගෙන, හරියට නිකං අස්සයා වගේ පන්තිය වටේම දුවලා… ලස්සන අක්ක කෙනෙක් ගාවට ගිහින් ඒ අක්කගේ පිටිපස්සෙන් හැංගෙනවා… අර එලෝගෙන එන මල යකාට පේන්නේ නැති වෙන්න. ඉතිං ඔන්න ‍ඔහොම කරාම,

ඒයි මේ මොකද…? දුවනවා පැත්තකට….

අනේ අක්කා අරයා මගේ ඉට්ටිකරය ගන්න එලෝනවා…

කියලා පැනියෙන් බිංදුවක් විතර වක්කරලා කිවුවම… අයේ දෙකක් නෑ අක්කලාගේ දැහැන කුඩේ කුඩු. ඊට පස්සේ ආ එහෙනම් එනවා අපේ මැද්දට කියලා… හතර පස් දෙනක් මාව මැද්දෙන් තියාගෙන අර ගෝතයා මාව හොයලා යනකං පරිස්සං කොරනවා. ඊට පස්සේ…

හරිද ගියාද…? කියලා අක්කලා ඇහුවම … ඔව් ගිහිං වගේ… කිව්වම ඔන්න මාව යවනවා. සමහරදාට නම් මගේ ඔලුවත් අතගාලා… පවු අනේ කියලත් කියනවා….

ඉතිං ඔහොම කරපු එක දවසක අපේ ඉක්කෝලේ අක්කා කෙනෙක් මාව ඉඹපි. අනේ සත්තලනේ මට උං හිටි තැන් අමතක වුනා. හය වසරේදි අක්ක කෙනෙක්ගෙන් හාදුවක් හම්බුවෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි කියලා… අත්දැකීම් ඇති අය දන්නවා. පොඩි ඇබිත්තං කෙල්ලෙක්ගෙන් නම් ඉතිං අයිය කමට, ආදරේට කිව්වැකි. ඒත් අක්ක කෙනෙක්ගෙන්…? ඒත් ඉතිං මල්ලි කමට… ආදරේට තමා…

පස්සේ එදා හවස ගෙදර යද්දී තමා නියම වැඩේ වුනේ. මං ගෙදර යන්නේ තනිමය බස් එකේ නැගලා. පානදුරේ ඉඳන් කිලෝමීටර් 10ක් විතර යන්න ඕනේ. ඉතිං කොහොම හරි මං පානදුරේ ස්ටෑන්ඩ් එකට ගිහිං බස් එකේ නැග්ගා. ඒ දවස් වල දොර දෙකේ ලේලන්ඩ් තිබුනේ ගොඩක් අඩුවෙන්‍. ඒවත් දුර දුව්ව ඒවා විතරයි. ඉතිං මං නැග්ගේ තනි දොරේ බස් එකක. ඒ දවස්වල ඉතිං හුරතල් කොලු පැංචා කියලා ගොඩක් අය මාව ඇදලා අරං සීට් එක අස්සට දාගන්නවා. (ඇත්තටම දැං කාලේ උංට වඩා ඒ කාලේ අයගේ මනුස්සකම් තිබ්බා.) අනික මං විතරයි අපේ ගෙවල් පැත්තෙන් ඔය පංතියට යන්නේ. ඒක නිසා යාළුවෝ නෑ…

ඉතිං ඔහොම යද්දී වාද්දුවේ පල්ලිය හරියෙදී මට සීට් එකක් හම්බුනා. එතෙන හිටිය ඇන්ටි කෙනෙක් බැස්සා. මට හම්බුනේ අයින. ඉතිං අම්ම එක්ක එද්දිත් බස් එකේ අයිනට වෙලා නින්දක් දාගෙන එන පුරුද්දට මට නිදි මත හැදෙනවා. තාමත් එහෙම්ම තමා. පස්සේ මං කොරපු වැඩේ… මට මෙහ‍පැත්තේ හිටිය අංකල්ට කතා කරලා ඇහුවා…

අංකල් බහින්නේ කොහෙන්ද…?

මං බහින්නේ පුතා… කළුතර උතුරෙන්.

හා.. අංකල් එහෙනම් මට **** හංදියෙන් කතාකරන්න. කියලා… අංකලුත් හා කිව්වා… ඉතිං මාත් සැපට හීනෙ බල බල දොයි. කෝමද අර අක්කා මල් මල් ගවුමක් ඇඳන් ඇවිත්… ම‍ගේ චූටි මල්ලා කියලා… කම්මුල මිරකලා හාදුවක් දෙද්දී….ආයි… සෝයි … නේද…? මං එතකොට එයාටත් උම්ම එකක් දෙනවා… ඊට පස්සේ ඒ අක්කාගේ යාළුවෝ ටිකත් වටවෙලා මගේ මූන සෝස පාට කරනවා.

ඔන්න ටික වෙලාවකින් මට ඇහෙනවා… ඒවං මේ සුතං… ඒතං සමයං භගවා…. කියලා හෙන හයියෙන්… ඒ අස්සේ කාක්කෝ රෑනකුත් කෝක් කෝක් ගානවා. ඒ උං කුකා කෝලා ඉල්ලනවා… (පොෂ් විදියට කෝක් ඉලන්නනේ එහෙම… කුකා කෝලා කියලා) ඉතිං මං ඇස් දෙක අරින්නෙත් නැතුව හිතනවා මං දැන්නං ඉන්නේ දිවියලෝකේ වෙන්ට ඕනේ… ඔය ගාථා වගේකුත් ඇහෙන්නේ…. හඳුංකූරු සුවඳත් එන්නේ…. කියලා. ආහ්… ඒ දවස් වලත් මට අර  වර්චුවල් හීන දකින ඇඩ් ඔන් එක තිබුනා. ඉතිං අර ගාථා සද්දෙයි, හඳුංකූරු සුවඳයි එක්ක අක්කලා ටිකත් මාව වටකරගෙන එක ‍එක දේවල් අහනවා…

ඊට පස්සේ ටිකකින් මාව ගැස්සිලා ඇහැරුනා… අම්මට සිලි…. කෙලියා නේද මහරජ… අර අන්කල් කාරයා මට කතා කරන්නේ නැතුව බැහැලා ගිහිල්ලා. මට නිකමට හිතුනා ඕකා බේබද්දා වගේ වැනි වැනී ඉන්නකොට මං කියපුවා අමතක වෙයි කියලා… දැං ඉතිං තනියම ගෙදර යන්නේ කෝමද…? උපන් තේකට තනියම කළුතර ඇවිත් තියෙනවාද… නෑනේ… අනේ දැං මං මොකෑ කරන්නේ… කිය කිය බස් එකෙන් බහින්න යද්දී…

මල්ලි සල්ලී දෙන්න…

කලිං දුන්නා…

හා හරේ.. යං…. කියාගෙන කොන්දව අරගත්ත බස් එක කළුතර ඔරලෝසු කනුව ගාවින් වමට හරෝලා ගියා. දැං ඉතිං මං කළුතර බෝධිය ගාව ස්ටෑන්ඩ් එකේ තනියම. පස්සේ යාන්තං අනිත් කට්ටියත් එක්කම පාර පැනගෙන ගියා ස්ටෑන්ඩ් එකට. හික්… වෙලාවට මට සිංහල පුළුවන් වු‍නේ… යන්තං බණ්ඩාරගම කියන අකුරු ටික කියෝගෙන නැග්ගා බස් එකට…

ආහ්… ඊට කලිං අ‍තේ තිබුන රුපියල් දෙකෙන් රුපියලක රටකජු කෑවා… ඇයි ඉතිං හෙන බඩගිනියිනේ… ඉතුරු රුපියලයි. වෙලාවට ඒ දවස් වල මං භාගේ… ඊට පස්සේ බස් කට නැගලා අදාල තැනට ටිකට් භාගයක් ගත්තා… අවුලක් නෑ… පස්සේ ආයත් මට පේනවා… හිස් සීට් එකක්… දැන් ඉතිං හෙන දෙගිඩියාව… දැං වාඩිවෙලා නින්ද ගියොත් මට කොහෙන් බහින්න වෙයිද…? අතේ සල්ලිත් නෑ… ඒත් ඉතිං නිදාගත්තොත් අක්කලා ටික සෙට් වෙන්න පුළුවන්නේ… හරියට දැං බුකියට ගියොත් වගේ…

ඒත් ඉතිං ආයෙමත් හිතෙනවා ඕනේ නෑ කවුරු හරි වාඩිවෙච්චාවේ… අක්කලා බලාගන්න බැරියෑ ගෙදර ගිහින් කියලා…. ඔහොම හිත හිත ඉද්දී දන්නෙම නැතුව රෑවෙලා. දන්න කට්ටිය දන්නවා කළුතර බණ්ඩාරගම බස් එක හරි හයියෙන් යනවා කියලා…

ඉතිං කෝම හරි ගෙදර යද්දී.. රෑ හතයි… වෙනදට හයයි දහය වෙද්දී ගෙදර එන එකා නැතුව අපේ අම්මත් මල්ලිව අතේ එල්ලගෙන තාත්තත් එක්ක පාරට බැහැලා… ඔන්න ඉතිං ගෙවල් ලඟ ලයිට් කණුවේ එලියට මට පේනවා පවුල පිටින්ම පාරට වෙලා ඉන්න හැටි… මාත් ඉතිං සිංහයා වගේ ගියා… ඇයි ඉතිං තනියම කළුතර ගිහිංනේ එන්නේ…

අම්මා ගාවට ගිය ගමං…. මොකෝ පරක්කුවු‍නේ…?

ඈ…. සිංහයා වගේ ගියාට… ඔය පස්නෙට උත්තර දෙන්නේ කෝමද…? අක්කලා ගැන හිත හිත නින්ද ගිහිං කළුතර ගියා කියන්ටෑ…..!

ඒක නිසා නිකංම…නින්ද ගිහිං කළුතරට ගියා කියන ගමං පොලොවත් හාරනවා වල් ඌරා වගේ…

පස්සේ අපේ තාත්තා … හා යං යං… ගෙට …කිව්ව නිසා ජාමේ බේරුනා… මවුතුමී නඩුකාරී වෙලා… හරස් පස්න අහන්න ගත්තනම්… මට ඒ දවස් වලම පදිංචිය වෙනස් කොරන්න වෙනවා….

ඉතිං ගෙට ගිහිං ඉන්න කොට අපේ මල්ලී ඇවිත් සැරින් සැරේට මගේ දිහා බල බල යනවා. ඌ නිකං බලන බැල්මෙන්… අක්කලා ගැන හීන බලනවට හොඳ වැඩේ… කියනවා වගේදෝ කියලත් හිතුනා….

45 Responses to “අක්කලා ගැන හීන බලනවට හොඳ වැඩේ…”

  1. ..ChAnDiKa.. Says:

    හෑපෝයි… මදෑ ඔයින් ගියා. වෙලාවට මාලුවෝ උඹ අලුත්ගම හරි මතුගම එතත හරි නැග්ගෙ නැත්තේ. හික් 😀

  2. පූසා Says:

    අපෝ මූ පොඩිකාලේ ඔහොමනම් දැන් කොහොමට ඇතිද 😀

  3. සාතන් Says:

    ලගදි ඉදන් මටත් බස් එකක වාඩි වුනොත් නින්ද යනව බන්… හැබැයි ඉතිං උඹ වගේ කෙල්ලො ගැන හිත හිත නම් නෙමෙයි…. 😉

  4. හසී Says:

    හික් හික් හොද වැඩේ අක්කාලා ගැන හීන දකිනවාට 😛

  5. සුදු හංසී Says:

    අනේ අනේ මම හිතුවේ මේ දැන් කාලේ විතරක් තියෙන් ලෙඩක් ඔක කියලා.. බලන් යද්දි ‍පොඩි කාලේ ඉදන්ම තියෙනවනේ……… හිකිස්

  6. පිණිබිඳු Says:

    මාලුවා ඒ බයට තාම බස් එකේ සීට් හිස් තිබ්බට ඉඳ ගන්නෙ නෑලු.

  7. XXX Says:

    MATA NAM THIYENNE AKKALAGE SEEN NEWEI AUNTY LAGE SEEEN MARA SEEN THAMAI UDETA TRAIN EKE YANAKOTA SIDDA WENNE
    DANA GANNA KAMATHI AYA INNAWADA

  8. කුරුං ගුරුං Says:

    ඒ කියන්නේ ටැංකියට කෙල්ලෙක්නම් ඕන එකක් නේ?

  9. mada Says:

    e bn akkala gna withrk keynne, nangila gan qwam nadu watena nesad..

  10. මධුරංග Says:

    මාලුවාටත් වෙන්නේ පුදුම සීන් තමා. ඉකෙයියා වල් ගුරාමියා.. 🙂

  11. රත්ගමයා Says:

    ඉකේ….මේ මොන වල් මාලුවෙක් ද..ඉරිසියයි බොල අපිට….
    නොදකින් කලු සුද්දා….හෙලුවෙන් වනන්න හෙලුවෙන්

  12. කරුමක්කාරයෙකුගේ දින සටහන් Says:

    හික් එල කොල්ලෙක්නේ. හැබෑටම පොඩි කාලෙත් ඔහොම නං ලොකු කාලෙ කොහොමට ඉන්න ඇත්ද?

  13. කල්හාර Says:

    හූ හූ ……. හොඳ වැඩේ බොට ……….. පොඩි කමට තියන කුපාඩි කමට ………..

  14. මදුශාන් Says:

    අඩේ ගොල් ෆිශුත් මං වගෙනෙ 😛 :P..වෙලාවට අපෙ ගෙදරනම් තියෙන්නෙ බස් නවත්තන හරියෙ.. හික් හික්

  15. nuwan Says:

    akkala gana hetadde mehemanam nangela gana hetadde kohamata ateda?neda machooooo……………………………

  16. prabha Says:

    shik witharak…me maluwa akkalatawath inna denne na..hinenuth akkala….

  17. Namila Says:

    බලන් යනකොට කුපාඩි මාලුවෙක්නේ 😀

  18. Nadun Dissanayake Says:

    උඹේ තියන වල් කම තමයි ඉතිං


කල්හාර වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: