මහා දන්සැල… 10කට බෙදුවා තව ඕනෙද…?

මේ ඉතිං වෙසක් මාසෙනේ… ඉතිං යාළුවෝ මොනා කිව්වත් අනිත් අය තරහා වෙන්න නාකයි. අනික… වෙසක් කාලෙදී දන්සැලක් දෙන්නේ නැතුව වෙන කවදට දෙන්නද..? ඉතිං මේ තමා මං හිතන්නේ වෙසක් එකට මුලින්ම හම්බුවෙන දන්සැල. මේක දෙන්නේ මගේ ටැංකියට ඔළුව දාන යාළුවෝ කීප දෙනෙකුට. අනිත් අයට කෑම ටික බෙදාගන්න විදියක් නැතුව ගියා… නැත්තං උංවත් අතාරින්නේ නෑ…

ඉතිං මේ දන්සැලේ බෙදන්නේ ෆයිඩ් රයිස්… කෝපි… විස්කෝතු හෙම නෙවේ… ඊට වඩා රසම රස දෙයක්. බලන්නකෝ ඉතිං පහල….

ඔන්න මුලින්ම කෑම පිඟාන අභීත අයියට. කෝමද පොර නිකං දෙකට ගැන ගන්න බෑ වගේ හිටියට… මෑන්ට හමුබුවෙලා තියෙන ඉමේජ් එක. මේවා ජෙනරේට් වෙන්නේ ඔටෝ. ඕං නැතුව මං හිතලා කොරන එව්වා කියලා හෙම හිතන්න එපා. ඔය අභීත අයියගේ කට ඇරිලා තියෙන්නේ එයාගේ නමට මුලින්ම එන අයන්න කියන්න කට අරිද්දි ගත්ත පොටෝ එකක් නිසා…. ලස්සනයි නේ… දෙපැත්තෙන් පහලට එල්ලෙන දත් දෙහෙකුත් දැම්මනම්…! (ඔය ඇති නැත්තං හදිස්සියකට පාරක්වත් අහගන්න බැරුව යනවා.)

ඊට පස්සේ දෙවෙනි කෑම පිඟානට හිමිකම් කියන්නේ අපේ ආදරණීය අකීකරු හිත. අනේ සත්තලනේ උඹ ගැන මොනා කියන්නද…? දුක් ‍ගොඩක් මැද කට පුරෝලා හිනා වේගෙන ඉන්න අපූරුව. අපිට ඔහොම බැහැනේ නගේ. කොහෙ හරි යන ගෑණු පරාණයක් හිත රිද්දපු ගමං … ආයේ මොනාද ඉතිං … වික්ටෝරියා වේල්ල ඇරියා වගේ තමා… ඒක නිසා ඔයාට කෑම බෙදන්නේ අඩුවෙන්…

සාතන්… මූ සාතන් කියලා කියාගත්තට… ඇත්තෙන්ම එහෙම ගතියක් නෑ… නිකං බොරු හීරෝ කෙනෙක් වෙන්න යනවා… කොටින්ම මූ ඩුප්ලිකේට් සාතන්… මොනා වුනත් හරි හොඳ එකා…(වෙන නැත්තං) මේකට ඉන්නවා හෙන මිත්‍ර යක්කු ‍ගොඩක්… ඒ ඔක්කොටම මූ බයයි. මට හිතාගන්න බැරි පිට රට යකාට ලංකාවේ උං සෙට් වුනේ කෝමද කියලා. මොකද මූ සාතන්නේ… ඉතිං ලංකාවේ ගරායකා, රීරියකා හෙම මූට සෙට් වුනේ කෝමද දන්නේ නෑ… බුකියෙන්ද මන්දා…

මේ අයියා නම් ආස්සරේ කොරන්න හොඳ කෙනෙක් නෙවේ… හෙනම හෙන හොරා… ලේසි පහසු දෙයක් නම් කමක් නෑ කියමුකෝ මූ හෙන පෙරේතයා… අයිස් ක්‍රීම් හොරා… උඹ අයියේ බැරි වෙලාවත් බබාලන්තේ ඉපදිලා කිරි හොරකම් කලානෙම් එහෙම තාම හිරේ… මට හිතෙන්නේ හොරා වුනත් එලද බුවා කියලා… පේනවනේ ඇස් දෙකක් නිකං ඔහොක් කරං ඉන්න හැටි.. හෙන සැරයි වගේ… ඒ වුනාට අක්කට බයයි කිව්වා.වැඩිපුර ගැවසෙන්නේ පන්සල් හන්දියේ තමා. ඒ වුනාට … අනේ මන්දා…. ගෙදරින් එලියට බහින්න දෙන්නෙත් නැද්ද කොහෙද…

සුදු අක්කි…. මං ඔයාට මුකුත් කියන්නෙ නෑ… ඒත් බං ඔය වගේ පැනි පෙරාගෙන ඉද්දී කට පියන් ඉන්නත් බෑ… වගේ‍‍‍… ඒ අස්සේ ඇහැකුත් වහගෙන. ඇස් ගහන්නේ ඔහොම නෙමෙයි ඕයි… එක ඇහැක් මොහොකින් හරි වහගෙන ඇස්ගහන සිරිතක් නෑ ‍හලෝ… මෙයා ගොඩක් වෙලාවට කවියෙන්ම තමා හුස්ම ගන්නේ… හිටි ගමන් කෑම උයන්නත් යනවා… අනේ මන්දා ඉතිං… ඒ හරියේ ඩිස්පෙන්සරි හැමදාම ඇරලා ඇති මයේ හි‍තේ…

මෙයාට මුකුත් කියන්න බෑ… මොකද ගහට කොලට ආදරය කොරන හරි හොඳ මනුස්සයෙක්. ඒ වුනාට මූ පඬියා වගේ බලාගෙන ඉන්න හැටි. දෙන්න හිතයි මූන චකබ්ලාස් වෙන්න දෙකක්. මං හිතන්නේ අයියා ඇත්තටම කණ්නඩි දානව ඇති. නැත්තං කෝමද මේකේ ඉන්න එකා කන්නඩි දාගෙන ඉන්නේ…කෝමත් හතලිස් ඇඳරිය හැදුනම මෙහෙම තමා… අයියේ කෙලි පොඩ්ඩ ආයෙමත් අරවගේ පස්නයක් ඇහුවේ නැතෑ…? හික්… වීදුරුව තද කරන එකටනේ ඒ නම කියන්නේ නෙහ්…

මේ තියෙන්නේ මෑන්ස් සිරී… කියන්න ගිහින් රී…. එක ඊ වෙද්දී ගත්ත පොටෝ එකක්. බලන්න ඉතිං මූ දත් මැදලත් නෑ තාම… සික් තරුණ කොල්ලෙක් නේද බං…? අර අඹ මල් රේණුවක මුගේ වලත්ත කම් ඔක්කොම ටික ලියන්නේ මේකා තමා. මෙයා හිතාගෙන ඉන්නේ ඒ කරන ඔක්කොම ඈබින්දං මල් රේණුවකට සමාන කලාම හරි කියලා. මට මතක විදියට මමද කොහොද මුගේ පළවෙනි කොමොන්ටේR!$#^$)!@!%*%!@# …. ඒ කිව්වේ පළවෙනි කමෙන්ට් එක දාපු එකා…

මාඩා… උඹට මුකුත් කියන්නත් බෑ බං… අහිංසකයා ‍වගේ ඇස් දෙකත් චූටි කරං බලාගෙන ඉන්න හැටි. මේ ලඟදී අපේ ගෙදරට තල‍ගොයෙක් ආවා, ඌත් ඔය වගේමයි බං…. බලාගෙන අම්බලමට රිංගුවොත් නම් ඉවරයි ඈ‍‍‍…. උඹට කෑම තව මදි වගේනම් කියපං අච්චාරු ටිකකුත් තියෙනවා… මූ හෙන රැපර් කියලා තමා හිතගෙන ඉන්නේ… බී එන් එස් ලාඑහෙම රැප් කරන්න ඉගෙන ගත්තේ මෙයා ගෙන් කියලා තමා හිතාගෙන ඉන්නේ…

හපෝ.. මෙයා ගැන නම් කියලා වැඩක් නෑ… පේනවනේ කට ඇද කොරං ඉන්න හැටි… අර අහිංසක කොලුවවත් දැලේ දාගෙන දෙකෙන් පස්සේ තියෙන ඉලක්කම දන්නේ නෑ වගේ… අහස පොලොව ගැටල ගැටල ඉන්න හැටි… මොනා වුනත් හරි හොඳ කෙල්ල… හසියාටයි, අයිතිකාරටයි සුභ අනාගතයක් කියලත් කියනවා ඕං… නැත්තං ඉතිං විසුමක් වෙන්නේ නෑනේ… ආහ්… තව එකක් මෙය චූටි ඇබිත්තං පොඩි එවුවොන්ට කම්පූටර් උගන්නනවා… ඔයාලගෙත් පොඩි ඈයෝ ඉන්නවනම් යවන්න…

හික්… මෙයාගේ මැක්සා කතාවක් තියෙනවා… හැබැයි එකේ දෙවෙනි කොටසෙදිම කෙල්ල කොල්ලට හා කියනවා… බැරි වෙලාවත් කෙල්ල කොල්ලට හූ කිව්වනම්… අනික මෙයාගේ සතියකට දවස් හෙන ‍ගොඩක් තියෙනවා… මං මෙයාට වැඩක් භාර දීලා තියෙන්නේ තාම නෑ වගේ කරලා… බලමුකෝ… මං හිතන් හිටියෙ මගේ ලේකම් වරිය කොරගන්න කියලා… මොකද මේ දවස් වල අපේ නැන්දගේ පොඩි එකිගේ ඉක්කෝලේ වැඩ ටිකට උදව් වෙන්න එකෙක් නෑ…

ඔන්න ඉතිං මගේ ටැංකියේ අන්තිමට කමෙන්ට් කරපු ටිකක් විතර ෆිට් 10කට කෑම ටික බෙදුවා. අනිත් අයට බෙදන්න බය හිතුනා… ඒක නිසා බෙදුවේනෑ… ඒත් ඉතිං තවත් හොඳටම දන්න කියන කට්ටියවත් එහෙට මෙහෙට වුනා… මොකද එයලව අල්ලගන්න සෑහෙන පස්සට යන්න වෙන නිසා…ඒත් ඉතිං කෑම ඕනෙ තව කවුරු හරි ඉන්නවනම් ලැජ්ජා වෙන්න එපා කියන්න… කොහොම හරි කරලා කෑම ටිකක් දෙනවා. තව එක නංගියෙකුට කෑම ටික බෙදාගන්න වුවමනාව තිබ්බට ඒකිගේ බ්ලොග් ඈඩ්රස් එක හොයාගන්න බැරිවුනා. මොකද බ්ලොග් දෙකක් තියෙනවා. මගේ ගෙදර බුක් මාක් වල ඔය දෙකම නෑ…අර ඊයේ අපේ ප්‍රදේසයෙන් ගියේ එයාට මේ ඈ…

Advertisements

35 Responses to “මහා දන්සැල… 10කට බෙදුවා තව ඕනෙද…?”

  1. සෝරෝ Says:

    සිරි කොල්ල නම් මරු………… 😀

    • ගෝල්ඩ් fish Says:

      වෙලාවට උඹ පොටෝ කෑල්ලක් ඉන්නවා… නැත්තං උඹටත් බඩු පැකට්

    • සිරි කොලුවා Says:

      හික්zz, සොරො මචං මෙ සිරියා මොන ප්‍රශ්නෙ තිබුනත් හිනා වෙලා ඉන්න හෙන සිම්පල් ඩයල් එකක්… මරුද නම් කියන්න දන් නැ …. බුවා ඉතින් ලොකෙ ගෝලාකාරයි කෙල්ලො විවිධාකරයි කියලා ෆන් එකෙ දෙන දෙයක් කලා වෙන දෙයක් බලා ගෙන ඉන්න වෙරි වෙරි සිම්පල්, හම්බල් කොල්ලෙක්…. එනිවෙ තැන්කු වෙවා මචො.. 🙂

  2. සාතන් Says:

    උඹ කියන්නෙ හැමදාම මරුමුස් විදිහට ඉඳල මේ සංසාර චක්කරේ කැරකෙන්නද?… අපිත් කැමතියි බන් නිවන් දකින්න .. 😉

    මට බන් ඉතිං දේෂ සීමා නෑනෙ… ඒ හින්ද ලංකාවෙ උන්ව හොඳට අඳුරනව… අනික බන් පිටරටයි කියන්නෙ මොකක්ද?… දැන් තියෙන්නෙ විශ්ව ගම්මානයක්ලුනෙ….

    මොනා වුනත් ස්තූතියි කෑම එකට….. (බීම මොකුත් නැතැයි… 😉 )

    • ගෝල්ඩ් fish Says:

      ආහ් උඹට බීමත් ඕනේද… පොඩ්ඩක් හිටපංකෝ අනිත් අයත් ඉල්ලුවොත් චූ බර හැදෙන්නම දෙන්නම්

  3. අකිකරු හිත Says:

    ඇයි මට අඩුවෙන්? එහෙම බැ හරිය?

    • ගෝල්ඩ් fish Says:

      හපොයි දෙයියනේ… හරි හරි පස්සේ දෙන්නම්

  4. පිණිබිඳු Says:

    හී මෝඩයා බලනවකො මේකෙ කැත. කමක් නෑ ඉතින් මාලු දන්සැලනේ. තැන්කූ ඈ..

    • ගෝල්ඩ් fish Says:

      වල් කම් කිව්වා… හුටා වැරදුනා වෙල් කම් ඈ….

  5. මාඩා Says:

    😀 yko ub ahal thiynawada thalagoya keyanne pinwath sathek.. Madath ithn pinwth, ahensk ekek ne.. E nes ehem penw athi.. Athurupast mukuth nathei.. 😀

    • ගෝල්ඩ් fish Says:

      අනිවා මචං තලගොයා කියන්නේ පිං ඇති එකෙක් තමා… ඒකනේ තෝ හෝතම්බුවෙක් නොවී තලගොයෙක්ම වුනේ….

  6. රත්ගමයා Says:

    අපි මාලු කෑම කන්නේ නෑ බොල…කංකුන් කන්නෙත් නෑ….
    අර බොන ඒව බොන්නෙත් නෑ…

    • ගෝල්ඩ් fish Says:

      ආ… මල්ලිටත් කෑම ටිකක් ඕනේ වෙලා වගේ….

  7. shanu Says:

    හොඳ වැඩේ මගේ බ්ලොග් එක හොයා ගන්න බැරි උනාට ඊයේ එන්න හිටියේ ගෙදර පුතන්ඩියාගේ තරම මෑණියන්ට කියලා දෙන්න රෑ උන නිසා ආවේ නැත්තේ

    • ගෝල්ඩ් fish Says:

      හරි නංගියේ ඔයාටත් ඉදිරියෙදී කෑම ටික අනිවා ඩෙපා ලැබෙයි…..

  8. නවම් Says:

    ඈ බොලං වර්ඩ්ප්‍රෙස් ලියන උන්ට නැද්ද අඩුගානෙ දං ඇටයක් තරං දෙයක්වත් බොලාගෙ දංසැලේ……..

    • ගෝල්ඩ් fish Says:

      උඹට බෙදන්න දෙයක් නෑ මය අයියේ… ඔය පෙනුනා හරි නොපෙනුනා හරි “නවම්” කියලා දාලා තියෙන්නේ…

  9. කුරුං ගුරුං Says:

    වැඩිකල් නොගිහිං මාලුවත් දන්සැලකට අහු වෙනව..
    😛

    • ගෝල්ඩ් fish Says:

      ඒක නම් මටත් සුවර්…

      • කුරුං ගුරුං Says:

        අනේ දිරවගන්න බැරිවෙන්නම ලැබියං උඹට

  10. හිස් අහස Says:

    ඇයි අපි කියලා අලි ….න්ද ? අපි කන්නේ බොන්නේ නැද්ද ? අපි කියලා ඔටුවොද ? … ඔන්න බලපං එකට කෑවත් බොක්ක වෙනස් කියනේ මෙන්න මේවගේ ඒවට … කට්ටිය කාලා .. අපිට ඉඳුල් ඩිංගක් වත් තියලා නෑ !

    • ගෝල්ඩ් fish Says:

      උඹට බෙදන්න විදියක් නෑ මලේ… උඹ ලස්සන පින්තූරයක් දාගෙනනේ ඉන්නේ….

  11. හසී Says:

    හික් හික් මරු දන්සැල… තැන්කු අපිට සුබ පැතුවාට.. ඔයා ඉතින් මගේ හොද යාලු මාළු සුදු අයියානේ… 😀

  12. තාරක Dilsh@n Says:

    මාළුව නහින්නෙ __ හින්ද ලුනේ…

    • ගෝල්ඩ් fish Says:

      ඔව් බං ඒකනං ඇත්ත… මං හිස්තැනට දාගත්තේ කට කියලා.. ඈ…

      • තාරක Dilsh@n Says:

        ඒක නැතුව වෙන මොනවද බන්?

      • ගෝල්ඩ් fish Says:

        අපෝ තව ඕනේ තරම් තියෙනවා බං

  13. haree Says:

    මරු දන්සැල……..

  14. මධුරංග Says:

    කෝ හතිලව්වේ අපට කෑම. මටනම් අඩුමගානේ මාලු බනිස් හත අටක්වත් ඕනේ. නියම දන්සලක් නේ. 🙂

    • ගෝල්ඩ් fish Says:

      උඹට දෙන්න විදියක් නෑ බං… උඹ “මධු” කියලා ඉමේජ් එකක් දාගෙනනේ ඉන්නේ

  15. කල්හාර Says:

    යකෝ මම මෙහාට ආපු නැති දවස් දෙක තුනට නාමල් මල්ලි දන්සැකුත් දීලනෙ ………….. කොහොම උනත් නිකං හම්බ වෙන අස්සයගේ දත් ගනින්ට එපාය කියනවනේ ……. තැන්කූ හොඳේ ………..

    • ගෝල්ඩ් fish Says:

      එල එල… අයියට නොබෙදා වෙන කාට බෙදුවත් මයේ හිතට හරි ගියේ නෑනේ…

  16. සිරි කොලුවා Says:

    අඩෙ උඹ නම් සිරාවටම මට අමතක වෙන් නැ ගොල්ඩ් පිස් අයියෙ…. මගෙ වෙරි 1ස්ට් කමෙන්ටෙටර් අයියා තමා. මචන් අයියෙ උඹට සිය දහස් වාරයක් පින් මෙ සිරි කොලුවත් මතක් වෙලා ඌට කැම පිඟානක් දුන්නට. හික්zz අපෙ ගොල්ඩ් පිස් අයියට හිත තුටින් බර වන , පැතු පැතුම් ඉටු වන්න මෙ පින් හේතුවාසනා වෙවා ….. 😀 සිරාවටම තැන්කු අ ලොට් අයියෙ…….. :))))
    හික්zz මෙ සිරි කොලුවා මොන වලත්ත වැඩෙ කලත් එක අබ මල් රෙණුවට දලා හීනියට සුදු හුනු ටිකක් ගා ගන්න මෙ සිරියා දස්සයා අයියා මොනවා උනත්…. 😀 😀 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: