වතුර වෙනුවට ගිනි වතුර බොන අවුරුදු උත්සවය…

හෙට තමා අපේ ඔෆිස් එකේ අවුරුදු උත්සවේ… ඉතිං මමත් යන්න කියල තමා හිතාන ඉන්නේ… බලමුකෝ…

ගිය පාරවල් වල වගේම මේ පාරත් මේ අවුරුදු උත්සවේ… සිරාම විනෝදජනක ලෙස අපිට සහභාගී වෙන්න පුළුවන් වෙයි. ක්‍රිකට් මැච් එකේදී මහන්සි වුනාම වතුර වෙනුවට අරක්කුයි… බිත්තර අල්ලන්න ගියාම ඉස්සරහා එකාව තල්ලු කිරීමේ සීන් එකයි මේ පාරත් තියෙයි.

ඊට අමතරව මාත් හිතාගෙන ඉන්නවා කඹ ඇදිල්ලට සහභාගී වෙන්න… සයිබර් අවුරුදු උත්සවේ වගේ හැමෝටම සාධාරණ කඹ ඇදීමේ තරඟයක් පවත්තන්න එතකොට අපිටත් පුළුවන් වේවි…

දන්නවද … අපේ එච්.ආර් එකේ… අර මාත් එක්ක ඩෙල්ටා ෆෝස් ගහන වැස්සිත් එනවා කිව්වා… මම තිරණය කොරලා තමා තිබුනේ අවුරුදු උත්සවේට නෑවිත් ඉන්න. ඒත් ඉතිං… ඒ හුරතලේ මතක් වෙද්දී නෑවිත් කෝමද…? ඒ කියන්නේ කොල්ලා මේ පාර අවුරුදු උත්සවේට යන්නේ වැස්සි එක්කද…? අනේ මංදා… මට හිතෙන එව්වා…. යශෝධරාව ඔව්වා දැනගත්තොත් එහෙම…

අනේ අම්මේ…. මේ බලන්න… මෙයා තව කෙල්ලෙක් එක්ක අවුරුදු උත්සවේ බලන්න ගිහිං…

එත‍කොට ඉතිං මං කුමාරයට තවත් නඩුවක්. ඒකත් මගේ අවාසියට තමා විසඳෙන්නේ… ඒක නිසා මං හිතාගත්තා උදේ පාන්දරම ගිහිං යශෝධරාවට කතා කරලා මං අවුරුදු උත්සවේට යනවා.. ඔයා එන්නේ නැහැනේ….? කියලා පස්නයක් යොමු කරලා එන්න… එතකොට කියයි…

පිස්සුද… මට වැඩ තියෙනවා… ඔයාත් එක්ක මගුලේ යන්න වෙලා නෑ… කියලා…

ඒ වචන ටික ආවා කියන්නේ කොල්ලට පර්මිෂන් ලැබුනා වගේ තමා. අනේ එහෙම වුනයි කියලා ඒකි ගැන තියෙන ආදරේ නම් බිංදුවක් වත් අඩුවෙන්නේ නම් නෑ… (කොහොමත් ඉතිං බිංදුව අඩුකොරන්න බෑ නොවැ) මං කෝමත් ගොඩක් දුකින් ඉන්නේ එයා මාත් එක්ක කිසි දේකට එන්නේ නැති නිසා….එයත් දන්නවා ඒක.

දන්නවැයි තව දෙයක්…? මේ ලඟදී අපේ ඔෆිස් එකේ තිබ්බා ධර්ම දේශනයක්. වැඩම කලේ දොඩම්පහළ රාහුල හාමුදුරුවෝ. ඉතිං එදා… බන අහන්න යන්න කියලා මාත් වැස්සි කිට්ටුවට වෙලා එච් ආර් එකේ ඉද්දී… ධනුෂ්ක කියලා මගේ යාළුවෙක් අරගෙන ආවේ නැතෑ සිරිවට පිපුන හෙනම ලස්සන නා මලක්… දැං පොරට ඕනේ ඒකෙ ෆොටෝ එක් ගහලා වයිපරේට පෙන්නන්න. (මං එදයි දැනගත්තේ උගේ වයිපරේ ලංකාවේ නෙමේ කියල… නැත්තං ඉතිං නා මල් දැකල නැතුවයෑ) ඉතිං මාව තාම හැම දාමත් වගේ පොටෝ ගැහැල්ලට නිතරඟෙන්ම මාට්ටු වෙන්නේ… ඉතිං මාත් නා මල පොටෝ එකක් ගන්න කියලා මේසෙ උඩින් තිබ්බම… මෙන්න බොල කොහෙන්දෝ මන්දා සෝස පාට පුංචි දිග ඇඟිලි වගයක් මල් පෙති වල දැවටෙනවා… අන්තිමේ නාමල් පෙත්තයි ඇඟිලි තුඩුයි හොයාගන්න බැරි තරමට කැමරාවත් මඤ්ඤං වෙලා… ෆෝකස් කලාම ෆෝකස් වෙන්නේ ඇඟිලි වලට. ඒත් මං හිතුවේ නා මල බලන්න දිව්‍යාංගනාවක් වත් ඇවිද්ද කියලා…

මොන… දිව්‍යාංගනාවක්ද … ඒ අපේ වැස්සී. පස්සේ ඉතිං නා මල එයාගේ අතට දීලා පොටෝ එක ගන්න ලෑස්ති වෙලා කැමරා කාචෙන් පුංචි සිනිදු අල්ලේ ලස්සන බල බල ඉද්දී… අපේ අයියලා දෙතුන් දෙනෙක් එනවා දැකලා…

අපෝ… පස්සේ ගමු… නැත්තං මට කාඩ් එකක් ගහ ගන්නයි වෙන්නේ… කියලා වැඩේ නතර කලා… ඒත් ඒ වෙනකොටත් මං ප්‍රමාදයි කියලා දැනගත්තේ ඊට පස්සෙන්දා ෆැක්ටරිය මැදින් යද්දී… ඒයි… නාමල් ගාලා සුපුරුදු හඩකින් මට අමතනව ඇහුනට පස්සෙයි… ඉතිං කෝම හරි අන්තිමට පොටෝ එක ගන්න බැරිවුනා…

ඉතිං හෙට වැස්සි ආවම මොන වෙයිද කියලා දන්නේ දෙයියෝ තමා. හෙටත් සය සාමාජික ක්‍රිකට් තරඟේ තියෙනවා. මැරතන්, මීටර් 100, සතය සෙවීම… බනිස් කෑම… (සීනි බනිස් නෙවේ) බිත්තර ඇල්ලීම… කඹ ඇදීම… අනුමත වීම… ආහ් වැරදුනා… ඒක මේ ගොඩට නෙමේනේ…

ඉතිං ඔහොම යද්දී ලොක්කන්ගේ වාහන වල පිටිපස්සේ රජ මගුල්. ලෝකේ තියෙන ඔක්කොම බිම ජාති ඒවයේ තියෙනවා. අනික අපේ හිටිය ලොකු මහත්තයෙක් දැන් බියර් කොම්පැනියක වැඩ. ඒ නිසා ඉතිං මටත් ටිකක් සරුයි හෙට… ඒ වුනත් මේ වෙසක් මාසනේ… අනික ගෙදර යන්නත් එපැයි… එහෙම හිතලා බියර් බෝතල් දෙකකට වැඩිය නොබී ඉන්න කියලා මං තීරණය කොරං ඉන්නවා…

16 Responses to “වතුර වෙනුවට ගිනි වතුර බොන අවුරුදු උත්සවය…”

  1. සාතන් Says:

    නාමල් මල්ලි පිස්සු කෙලල පස්සෙ ඉඳපන්කො නාහෙන් අඬ අඬ….. 😉

  2. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    බියර් බොතල් වලින් මනින කාලෙ දැන්නම් ඉවරයි බන්ග් දැන් පයින්ට් වලින් මනිමු.
    නම වෙනස් කරමුද ප්‍රසන්න නාමල් කියලා.ලස්සන නම ගොල්ඩ් ෆිෂ් ,

  3. abeetha Says:

    නාමල් මල්ලි.. මැතරන් කියන්නේ මොකක්ද?

  4. රත්ගමයා Says:

    ඒක නෙමේ…දැන් මාලුවා අවුරුදු උත්සවේට ගිහින් මොකද කරන්නේ…අර සිහින් බක්මහා උලලේදි වගේ කෙල්ලෙක් අල්ලගෙන පැනි පෙර පෙර ඉදීවි..පැනි මාලුවා

  5. හිස් අහස Says:

    අප්පා අපිට නෑ නේ ඔයවාගේ අවුරුදු උත්සව … අනේ බං මටත් ඉන්වයිට් කරපංකෝ ! මටත් ආසයි හූවක් කියන්න … මට පේන්නේ පොල් පැලේ වැස්සිගේ පැත්තට ඇදෙනවා වැඩියි වගේ …

  6. කල්හාර Says:

    අප්පා දවස් දෙක තුනයි මේ පැත්තෙ එන්න බැරි වුනෙ ………… මේකා නමත් වෙනස් කොරලනෙ ………. ආ නාමල් මල්ලී …………


ගෝල්ඩ් fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: