අනේ මගේ හැඳුනුම්පත…(වීසා නැති ඉතියෝපියානුවා…)

දැන් ඉතිං කීපදෙනෙක් දන්නවනේ ගෝල්ඩ් fish ගේ හැඳුනුම්පත ඇතුළු තවත් වටිනා කියන දේවල් ටිකක් එක්ක උගේ පර්ස් එක ඩිස් මිස් වෙලා කියලා…

දැන් ඉතිං හිත් කොනින් හිතන්න එපා ඕකට හැඳුනුම්පතක් තිබුනද කියලා… තිබුනා … තිබුනා… ග්‍රී ලංකා ආණ්ඩුවෙන් නිකුත් කරපු ජාතික හැඳුනුම්පතක් තිබුනා. ඉතිං මැයි දෙවෙනිදා හවස ඉඳන් ඒක නෑ…. ඒ විතරක් නම් කමක් නෑ… මගේ ඔය පොඩි පොඩි අවශ්‍යතාවලට ඕනෙ වෙන මුදල් ගන්න තිබුන බැංකු ඩෙබිට් කාඩ් එකයි… ඩ්‍රයිවින් ලයිසන් එකයි… ඔෆීස් එකේ අයි ඩී එකයි.

ඉතිං ඔය ඔක්කෝම නැතිවෙලා කියලා දැන්ගත්තේ 3 වෙනිදා උදේ. සනීපයි නේ…. ඊට පස්සේ ඔෆිස් යන්න කියලා ලෑස්ති උන ඇඳුම් මාරු කරලා ගියා පොලෝසියට… හැඳුනුම්පත නැතිවුනා කියන්න…. මොකද නැත්තං ඉතිං මං පාරට බැහැල හමාරයි. දකින දකින එකා හිතන්නේ මං ඉතියෝපියාවෙන් ලංකාවට සංක්‍රමනය වූන එකෙක් කියලනේ ඒකයි. ඒ තරමට කොල්ලා සුදුයිනේ…. ඉතිං ඔය චෙක් පොයින්ට් එකකට එහෙම අහුවුනොත් බේරිලා යනවා බොරු… අනිවා ඩෙෆා අනිත් මොකාගෙන් කෙසේවෙතත් මගේ හැඳුනුම්පත බලනවාමයි. දැන් ඉතිං ඒකත් නැහැනේ… ඒක නිසා ආගමන විගමන දෙපාර්තමේන්තුවට කියලා මාව අත්අඩංගුවට ගනියි. ඊට පස්සේ මගේ වීසා හොයයි… සංචාරක වීසාද… බිස්නස් වීසාද අරක‍ද මේකද ඔක්කොම හොයයි… ඇයි ඉතිං මං ඉතියෝපියානු සංචාරකයෙක් වගේනේ ඔක්කොටම පේන්නේ….

 කොයි තරම් සිංහලෙන් කතා කරත් විශ්වාස කරන එකක් නෑ,… හික්… මට මැවිලා පේනවා…. පොලිස් කාරයෙක් මාව අල්ලගෙන ප්‍රශ්න කොරනවා…

 තෝ කොයි ප්‍රදේශයෙන්ද ආවේ….

 අනේ රාළහාමි මං ලංකාවේ ශ්‍රේෂඨ පුරුවැසියෙක් බං…. තාම ජ්‍යෙෂ්ඨ වුනේ නෑ… යන්න දියංකෝ මට… චූත් බරයි… මොනාද බං….

 පස්සේ ආයෙම රාළහාමි කියයි….

 පිස්සු කෙලින්න එපා… උඹ ඔයතරම් හොඳට සිංහල පුරුදු වුනේ කොහෙන්ද… ඇත්ත කියපං නැත්තං දඩුවම සැරයි….

 මොන මගුලක්ද යකෝ…. මං සිංහල පුරුදු වු‍නේ අපේ අම්මගෙනුයි තාත්තගෙනුයි … බොරුනම් ගෙන්නලා අහපිය…. වල් හෝතම්බුවා…

 අඩෝ තෝ ගාව වීසා තියෙනවාද…. ආයෙත් රාළහාමි අහනවා….

මොන වීසාද බං… ලංකාවේ උපන් මට… අන්න උප්පැන්නේ නම් ගෙදර තිබ්බා… ඕනෙ නම් පොටෝ කොපියක් ගෙනත් දෙන්නම් … දැන් යන්න දියං යකෝ…..

 මොකද්ද පරය උඹ කිව්වේ…. උඹ ලංකාවේ උපන් එකෙක්….

 ඔව් බං… මේ බලපං….

 හා හා…. ඕක එලියට ගන්න එපා… ඕකෙන් කොහොමද උඹ ලංකාවෙද කියලා හොයන්නේ….?

 එහෙනං නරියෝ මං වෙන අහවල් එකක්ද පෙන්නන්නේ… මට ජාතියෙන් ජන්මයෙන් උරුම වුනේ ඔච්චරයි… ඉතිං මෙච්චරයි ඉතුරු වෙලා තියෙන්නේ…. තම්බි වුනානම් මේකත් නෑ යකෝ….

 ඔන්න ඊට පස්සේ … ‍

 හා… හා… පුතා යන්න… පුතා ලංකාවේ තමා…

 ඒකෙනේ ගොන්ටෝ කිව්වේ….

 පුතා… මෙන්න මේ පැත්තේ ටොයිලට් එක… චූ බරයි කිව්‍වනේ….

 හික්…. එතනින් මාරු වෙලා ආවා… දැන් හරි…

 ඉතිං මං ඊයේ දවසම ගෙව්වේ පොලිසිගානේ තමා… මොකද එක පොලිසියකින්වත් මගේ හැදුණුම්පතයි පර්ස් එකයි නැතිවුනා කියලා පැමිණිල්ල ලියන්න බැහැ කිව්වා. අර කලින් එක තමා සීන් එක‍. උං හිතන්නේ මං තව දුරටත් ඉතියෝපියානු ජාතිකයෙක් කියලා… පස්සේ ගම්බට්ටියෙක් ගෙන් ඇහුවම…

 මේකනේ මල්ලෝ…. පොලිස් පොතේ අයිඩන්ටිය නැතිවුනා කියලා ලියන්න ඕනේ නම්… ග්‍රාම සේවකට කියලා පදිංචිය සනාථ කරලා ලියුමක් ගේන්න ඕනේ….

 දැං ඉතිං කාලා වරෙන්කෝ… ආයේ ගියා ග්‍රාමසේවකව හොයන්න… ඒ උත්තමාවිය අපේ ගමේ එකෙක් ‍නොවෙයිලු… ඉතිං උන්දෑ එන්නේ සඳුදායි සිකුරාදයි විතරලු….

 දැන් ඉතිං තවත් ෂනීපයි…. මං ආයෙම පොලිසියට ගිහින් කිව්වා….

 අනේ සුදු අක්කියෝ…. ග්‍රාමසේවක ගෑණි මගේ පදිංචිය අනාථ කරලා ගිහිං… ආයේ එන්නේ සිකුරාදා ඒ වෙනකම්… මං ශ්‍රී ලාංකිකයෙක් කියලා ඔප්පු කරගන්න ලියුමක් ඉල්ලා දියං බං කියලා…

 මේකි කියනවා… එහෙම බෑනේ පැටියෝ…. (අනේ පල පල යන්න… පොලිස් අක්කලා එහෙම කතා කරන්නේ නෑ… කියලා කස්ටිය කියනවනම් ඒ ඉරිසියාවට) ඔයා ඉතියෝපියාවෙන්ද කියලා අපි කොහොමෙයි දන්නේ…

 ඒක තොගේ අම්මගෙන් අහගනින් කියලා මං එන්න ආවා….

 පස්සේ ගියා වෙන පොලිසියකට…. එතෙනත් පට්ට ආතල්….

 පොරවල් දෙකක් ඇවිත්. එකෙක් ගෑණියෙක්ගේ නිත්‍යානුකූල සුවාමියා… අනිත් එකා ඇඩ්මින්ගේ ෆයර් වෝල් එකෙන් රිංගලා හොරෙන් සිස්ටම් එක පාවිච්චි කරලා මාට්ටු වෙච්ච එකෙක්… අයිතිකාරයා කියනවා… මගේ ගෑණි මේ මිනිහා එක්ක සම්බන්ධයක් තියෙනවා…

 අනිත් හොර බුවා කියනවා… අනේ බුදු සෑර් …. සත්තයි දෙයියම්පා… ඇඩ්මින්ගේ ඔලුවේ අත තියලා දිවුරලා…. මේ ගල් මූසලයා පල්ලා එහෙම එකක් තිබ්බේ නෑ සෑර්…

 පස්සේ රාළහාමී අහනවා…

 එහෙම එකක් කිව්වේ… කොහොම එකක්ද…?

 සම්බන්ධයක් රාළහාමි…

 එහෙනං කෝ මේ මිනිහාගේ ගෑණි….?

 මං කොහොමද දන්නේ….

 පස්සේ ඇඩ්මින් කියනවා… රාළහාමි මූ මගේ ගෑණිව හංගගෙන ඉන්නේ…

 අරූ…. නෑම කියනවා….

 ඉතිං ඔය දෙබස පැයක් විතර ගියා. මට බැංකුවට යන්න ඕනෙ නිසා මං පොලිසියේ වැඩේ පැත්තක තියාල ආපහු ආවා. ඒ එනගමන් මට හිතුනෙම‍‍‍‍ මොකද යකෝ හොර බුවයි ඇඩ්මිනුයි දෙන්නම ඉද්දී ගෑණි නැත්තේ කියලා…. සමහරවිට තවත් අයිතිකාරයෝ ඉන්නවද දන්නෙත් නෑ,.. මේ කතාව නම් ඇත්තම ඇත්ත එකක් ඕං… පව් අහිංසක කොල්ලෝ දෙන්නා… එකෙකුට 20යි… ඌ තමා හොරා…. ඇඩ්මින්ට 24යි… කෙල්ලට කීයද මන්දා…

 ඊට පස්සේ ඕං හොඳටම හන්ටර් වෙලා ගෙදර ඇවිත් කාලා බුදිය ගත්තා. හතරට විතර නැගිටලා ගියා පානදුරේ. මොකද ඉතිං හෙට ගෙනියන්න පර්ස් එකක් ගන්න එපැයි. දාන්න නම් දෙයක් නෑ… දාන්න ඕනේ ඔක්කොම කලින් එකේ දාලනේ තිබ්බේ… ඒත් ඉතිං නමට හරි පර්ස් එකක් තියෙන්න එපැයි.

 පස්සේ ඉතිං පානදුරේට යද්දී මගේ අනිත් බැංකු පොතත් අරං යශෝධරාවගේ මව්තුමිය ඇවිත්… මොකට කියනවද ගිහින් එතෙනත් පැය භාගයක් ගියාට පස්සේ තමා ආවේ… ඉතිං වෙන්ඩ බිසොවුන්නාන්සෙට පන්ති නිසා… ඒකිව ගන්න එන ගමන් තමා ආවේ… ඇවිත් ඉතිං මාත් එක්ක පර්ස් එකක් තෝරාගන්නත් ආවා…. එ‍තකොට තමා කොල්ලට මීටර් වුනේ…. අර පර්ස් එකේ … තව කීයක් ජාති තිබුනද කියලා…

 යශෝධරාව වයලින් විශාරදේ කරද්දී මොකද්දෝ එහෙකට ගත්ත චූට්ටං පින්තූරක් මං පර්ස් එකේ තියාගෙන උන්න… හදිස්සි හෘදය අකර්මණ්‍ය වීම් වලින් බේරෙන්න…. තව තිබ්බා ඒකි දැති කතුරකින් කපලා මගේ සාක්කුවට දාපු කොල කෑල්ලකුත්. ඊට පස්සේ තවත් මොනාදෝ මන්දා තිබ්බා…. අනේ ඉතිං ඒ ඔක්කොමත් ඉවරයි…

 ඒ අස්සේ ‍නඩුකාරීත් මගේ දිහා අමුතු විදියට බලනවා…

 මොකෝ මැඩම්… ඉතියෝපියාවෙන් ආවා වගේද පේන්නේ…? කියලා ඇහුවම නඩුකාරිට හිනා…

 නෑ… ඔයා කලුවෙලා…. ඉතිං ඒක ඇහුවම මට හිනා… යන්තං මගේ දත්ටික විතරයි සුදට තිබ්බේ… කොහොම හරි මං ඉතිං හිතා ගත්තා … උණහපුලුවගේ වෙන්ඩ නැන්දම්මටත් එයාගේ බෑණා මැණිකක්ය කියලා…

 ඉතිං කෝම හරි ද ලවර්එකෙන් පර්ස් එකක් ගත්තා. වැඩිය නෑ රුපියල් පන්සිය හතලිහයි. එත‍කොට මට වෙච්ච මුළු පාඩුව රුපියල් දෙදහස් නවසිය පනහයි…. සන්තෝසයි ඉතිං… කාලෙකට පස්සේ ලොකු පිං කමක් කොරගත්තනේ…

  අනේ සත්තලනේ මට සල්ලි එපා…. මගේ ලයිසමයි, හැඳුනුම්පතයි, අර ඇබිත්තං කෙල්ලගේ පින්තූරෙයි… ඒකිගේ මං ආසම ගවු‍ම් රෙද්දේ කෑල්ලයි විතරක් එවපං… ඈ… ගවුම් රෙද්දේ කෑල්ල… එහෙම එකක් කිව්වේ නෑනේ කලිං….කොහොමද යකුනේ කියන්නේ එව්වා. ලැජ්ජාවක් කියලා එකක් තියෙනවනේ…. මේකත් මේ දැම්මේ පෝස්ට් එක භාගෙට කියෝන අයට මාට්ටු නොවෙන්න….

 අනේ ඉතිං ඒකිට ඒ වගේ වෙන පාටකින් රෙද්දක් ගන්න කියලා තමා තියං උන්නේ… දැං ඉතිං ඒකත් ඉවරයි.

 මං පාරෙ බැහැලා ගිහිල්ලත් ඉවරයි… දැක්ක තැන… අඩෝ කලූවා… තෝ වීසා නැතුව නේද මේ සිරි ලංකද්වීපයේ සැරිසරන්නේ කියලා අහපු ගමන් ඔක්කොම කම්මුතුයි. ඔන්න කව්රු හරි එකෙක් චෙක් පොයින්ට් එකක චාටර් වෙනවා වගේ දැක්කා නම් ඉතිං ඉතියෝපියාවෙන් ආපු එකා තමා ඒ….

 

 

 

Advertisements

41 Responses to “අනේ මගේ හැඳුනුම්පත…(වීසා නැති ඉතියෝපියානුවා…)”

  1. සාතන් Says:

    සල්ලි, අයිඩෙන්ටි, ලයිසොන්, බැංකු කාඩ් ඔක්කොමත් හරි ගවුම් රෙදි කෑල්ලයි ෆොටෝ එකයිත් හරි… 🙂
    සාතන්ට නම් ඔහෙම වෙලා පර්ස් එකේ තිබුන අනිත් ඒව කෙසේවෙතත් කෙල්ලගෙ ෆොටෝ එකනම් තිබ්බ විදිහටම හම්බු වුනා සතියකට විතර පස්සෙ….
    ඔය ඒරියා එකේ පර්ස් සම්බන්ද ලොකු මහත්තය මුණ ගැහිල බැලුවෙ නැද්ද උඹ… සල්ලි නැති වුනාට අනිත් ටික හම්බුවෙන්න පුලුවන්…

    (උඹ නොකීව තව කොච්චර ඒව තිබ්බද දන්නෑ පර්ස් එකේ…)

  2. බීටා Says:

    අඩේ පව් බං අය්යේ උඹ…..
    ලැය්සොං, ඇය්ඩින්ටි, එතකොට තව කෙලීගේ පොටෝ එක……අපරාදේ.
    එක නෙවෙය් මාළු මොකටද බොල අර චීත්ත කෑල්ලක් දගෙන ඉන්නේ පෑස් එකේ හැබෑ ටම ඈ……….

    • ගෝල්ඩ් fish Says:

      චීත්ත කෑල්ල තියන් හිටියේ… ඒ වගේ වෙන පාටකින් චීත්තයක් ගන්න හිතාගෙන බං… දැන් ඉතිං ඔක්කොම ඉවරයි…

  3. කල්හාර Says:

    මේක දැක්කාම තමා මතක් වුනේ මගේ අයිඩින්ටිය නැති වෙලත් දැන් සති දෙක තුනක් වෙනවා……. හැබැයි ඒක නම් ගෙදර කොහේ හරි ඇති…….. තාම අලුත් එකක් ගන්න ට්‍රයි එකක් දුන්නෙ නැහැ……….

    • ගෝල්ඩ් fish Says:

      ඉක්මනට අයිඩන්ටිය හදාගනින්… නැත්තං ඉතිං ෆිල්ම් එකක් බලනවාවත් බොරු…

  4. හසී Says:

    හෆොයි මාළුවට වෙච්චි හදියක්……. දැන් ඉතින් මොකෝ කරන්නේ…… 😦

    • ගෝල්ඩ් fish Says:

      කරන්න දෙයක් නෑ හසී… දැන් නිකං සරනාගතයෙක් වගේ තමා ඉන්නේ…

  5. shanu Says:

    මගේ අයි.ඩී එක නැතිවෙලා දැන් මාස 10ක් වෙනවා ඔය කියන කිසිම ආබාධයක් නැතිව මම යනවා එනවා 😀

    • ගෝල්ඩ් fish Says:

      අයිඩන්ටිය නැතිවෙලා මාස 10ක්… ගෙදරින් දන්නේ නැද්ද..? ඊයා කියන කතා….

      ඊටත් අවුරුදු තුනේ හතරේ පොඩි එවුන්ට මොකටද අයිඩන්ටි.. හම්බුනොත් ඒක මට එවන්න

  6. කුරුං ගුරුං Says:

    අයියො……කෙලීගේ පොටෝ එක අපසාදේ….
    මේ දවස් වල මගේ අයිඩින්ටිය ඕනෙ වෙන්නෙ නැහැ.මගේ අයිඩින්ටිය ඕනද?

  7. අකිකරු හිත Says:

    මොනා නැතත් ගත්ත කෙනා චිත්ත කැල්ල එව්වොත් හරි

  8. සිරි කොලුවා Says:

    අඩෙ ඉතියොපියන් එවුන්ට සින්හල කතා කරන්න වගෙම ලියන්නත් මෙච්චර හොඩට පුලුවන් කියල මම අද තමා දැන ගත්තෙ අයියා.. 😀 😀

  9. පිණිබිඳු Says:

    ඔහොම වෙලාවට සමහර විට ආපහු අයිඩෙන්ටිය එවන්නත් ඉඩ තියෙනවා. චුට්ටක් බලන්න. හැබැයි ඉතින් හඳුනා නොගත් සත්ව විශේෂයක් කියලා හිතලා ඕක කෙලින්ම කටුගෙට යවන්නත් ඉඩ තියෙනවා. ඒක නෙමෙයි කොහොමද පර්ස් එක නැති උනේ..

    • ගෝල්ඩ් fish Says:

      ඕනෙ නැති පස්නයක් තමා අහලා කියෙනවා. මම ජිම් ගිහින් එද්දි බොටමේ සාක්කුවේ දාගෙන ආවේ. බොටම ලෙස්සන සුලූ නිසා හා මාව පුටාර් එකෙන් ඩවුන්ද පල්ලං වෙන්න ගියා නිසා තමා ​වැටෙන්න ඇත්තේ….

      • පිණිබිඳු Says:

        ඉතින් කොල්ලො එතෙන්ට ගිහින් බලපංකො තාම පර්ස් එක එතනද කියලා

      • ගෝල්ඩ් fish Says:

        බැළුවා අක්කේ…. කරුමේ කියන්නේ අපේ පැත්තේ වුන්ගේ ඈස් පේනවානේ නියමෙටම… ඉතිං ඒක මිසිං

  10. PCW Says:

    paw wade maluwata i d eka labei ban anith wanam sorry

    • ගෝල්ඩ් fish Says:

      අනිත් ඒවා නම් වානා බං… ID එක තමා ඕ​නා… ඒක නැතුව ටොයිලට් යන්නත් බයයි…

  11. NETHU Says:

    ෆිෂ් අය්යේ ඔයාට හරියටම හරියන ID එකක් තියෙනවා ඇමෙරිකාවේ ඒක ඉල්ලා ගත්තනම් ඔයාට තව ID එකක් හදන්න ඕන වෙන එකක් නැහැ.මොකද දැන් ඒක එහෙ අයට ඕන නැහැලු.

    • ගෝල්ඩ් fish Says:

      හපෝ ඔය කියන්න හදන්නේ බිංලාඩංගේ එක නේ… ඒක හරියන්නේ නෑ නංගියේ… හේතුනම් අනන්තයි…

  12. Muditha Says:

    බය වෙන්න එපා මාලුවො. මගෙ වෙන්න හබීගේ පර්ස් එකත් ලගදි නැතිවෙලා සති 2 කට විතර පස්සේ අයි.ඩී එක, බෑන්ක් කාඩ්ස් එහෙම ගෙදරටම එවලා තිබුණා.( සල්ලි නම් එව්වෙ නැහැ 😀 ) ඒත් පොලිසියට පැමිණිලි කරන එක නම් ඇගට ගුණයි. ඔයා බෑන්ක් එකට කිව්වෙ නැද්ද?

    • ගෝල්ඩ් fish Says:

      බැංකුවේ වැඩේ නම් හරි… ඒත් ඔක්කොටම කලින් ID ඕනේ…

  13. තාරක Dilsh@n Says:

    ඕක හම්බවුන එක සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව අයි.ඩී එක නම් ගෙදරටම එවයි.‍

    ” මොකෝ මැඩම්… ඉතියෝපියාවෙන් ආවා වගේද පේන්නේ…? කියලා ඇහුවම නඩුකාරිට හිනා…
    නෑ… ඔයා කලුවෙලා…. ඉතිං ඒක ඇහුවම මට හිනා” 😀

    • ගෝල්ඩ් fish Says:

      අඩෝව්….

      • තාරක Dilsh@n Says:

        පර්ස් එක හම්බවුන කෙනා කැමතිද කියහන්කො වාමන රූපයක් දාගෙන ඉන්න ඕක අස්සෙ.
        ඒ හින්ද පොඩ්ඩක් බය නැතුව හිටයන්

  14. prabha Says:

    Aiyo paw ane….ape ithiyopiyawen apu malu aiyage perse eka nathiwela…watina dewal godak eke thibilane…id ekai,ara keli poddage chiththa gawum redi kellai ikmanata hambei..anthimata tiyena comentuwata math 100% agrid..id eka hambenakan pare yanne parissamin…….:-)

  15. යසියා Says:

    ලයිසොම නෑ කියන්නේ ඉතින් ගමන් ජනතා ස​0තකයි කියන එකනේ… පව් හප්පා….

    • ගෝල්ඩ් fish Says:

      ඔව් බං… දැන් මොටෝ බයික් එකක් වත් පැදලා ඉවරයි….

  16. The Ramblings of a Demented Mind Says:

    හොඳම හොඳ වැඩේ! අපරාදේ තව සල්ලි කීයක් හරි පර්ස් එකේ තියෙන්නේ තිබ්බේ! 😛

    • ගෝල්ඩ් fish Says:

      ඈ…….. තීව කොටියම කාපිය… කොටි නැත්තං අඩුම ගානේ බලු කුක්කෙක්වත් හපපිය… ​

  17. හිස් අහස Says:

    උඹටත් සිහියක් නැති හැටි මගේ අතින් කවදාකවත් මගේ පර්ස් එක නැති වෙලා නෑ . ඇයිබං ඔය පස්ස සාක්කුවට බොත්තම දාලා නෙවෙයිද උඹ ඉන්නේ ? ඒක දාලා තිබ්බනම් ඉවරනේ ! සමහරවිට පික් පොකැට් ගැහුවද දන්නේ නෑ නේද ? අයිඩෙන්ටිය ලැබුන කෙනා ඒක තැපැල් පෙට්ටියකට දැම්මොත් ඒක උඹට ගෙදරට ගෙනල්ලා දෙනවා … ඒ උඹ කලුද බං. ? අපේ කේතලෙත් කලුයි

  18. ..ChAnDiKa.. Says:

    හික් 😀

  19. prabha Says:

    aiya unahapuluwa nam wenda nandammai,wenda biridai dennath unahapuluwoda……..? 🙂 🙂

    • ගෝල්ඩ් fish Says:

      අඩෝව්…

      • prabha Says:

        me mokada me????? ochchara tharaha yanna deyak kiwwada??aththa thiththay lune…..:-D 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: