සුපුන්ගේ අරකට වෙන්න ගිය වින්නැහිය…

මේ කතාව නම් ටිකක් වයිල්ඩ් එකක් වගේ. දැං ඉතිං බයින්න තියාගන්න එපා… ඕකා ඔහොම්මයි,… හෙන වලා කියලා… හෙම හරි. ඇයි දෙයියනේ මං මක් කොරන්නද… පොඩි කාලේ අපි කොරපු දේවල් වලට. අපිට දිව්‍යඥාණය තිබුනෙයි කලින් වෙන එව්වා දැනගන්න… විහිළුවට නෙමේ ඇත්තටම ගෑණු ළමයි මේ පෝස්ට් එක ස්කිප් කරත් කමක් නෑ….

ඉතිං මේකත් අර කොල්ලෝ ටිකක් ගණන් පන්ති ගිහිං කරපු වැඩ ගැන කියන කතා සෙට් එකේ එකක්. මේකටත් පුරුදු වෙන්න ගස් නැගපු හතර‍ දෙනාම ඇතුලත්. වැඩියෙන්ම වගකියන්න ඕනේ අපේ සුපුනා.

මෙහෙමයි…. කතාව…

ඒයි ගෝල්ඩ් fish, මෙහෙවරන්කෝ පොඩ්ඩක්… මං හිටියේ සැළුන් එකේ කොන්ඩේ කපන්න ගිහිං. සුපුන් අපේ ගෙදරට ගිහින් මාව අහලා… පස්සේ මං සැළුන් එකේ කිව්වම එතෙන්ට ඇවිත්. මොකක් නමුත් කරදරයක් වෙලා වගෙයි මූට. ඇදිලා ගිහින්…

හැබැයි පොර ගිය සෙනසුරාදාත් අපිත් එක්ක පන්ති යනවා කියලා ආවනේ. හික්…. ගෙදට්ට එහෙම කිවුවට ගියේ ඇලේ නාන්නනේ. එව්වා අනිත් අය දන්නේ නැහැනේ…

ආහ්… උඹ මොකෝ බං මෙහේ…

මං උඹලාගේ ගෙදර ගිහින් ආවේ…

ඇයි බං…. මොකක් හරි හදිස්සියක්ද…?

මෙහෙ වරංකෝ කියන්න….

ඉතිං මාත් කොන්ඩෙ කපන පෝලිමේ තව තුන් දෙනක් විතර මට කලින් හිටි නිසා නැගිටලා ආවා‍. ඊට පස්සේ ටිකක් එහාට ගිහිං…

ඇයි බං…? මටත් හෙන අවුල් මුගේ මූඩි එක නිසා.

ඔන්න ඊට පස්සේ තමයි සහෝදර වරුණි ….. (අද  නිකං වරුණි නෙමේ … සහෝදරවරුණි) සුපුන් සහෝදරයාගේ ශෝකාන්තය පට්ටාං ගත්තේ‍‍…

මචං  ගෝල්ඩ් fish… සුපුන් සහෝදරයගේ ඇස් අගින් කඳුළු බිංදු බිංදු මතුවෙලා මුළු මූනම රතු වෙලා…

මට හරි කෙලියක්නේ වුනේ බං… දැන් මූ සුනාමි එනවා වගේ අඩනවා. මටත් බයේ බෑ… මොකද මේකා ලේසියෙන් සැලෙන එකෙක් නෙමේ. අනික මුගේ වැදගත් සීන් මට වැඩිය කියන්නේ නෑ… මං ඉතිං උගේ ස්කෝලේ නෙමේනේ… ඒක නිසා චීත්ත කේස් නම් අනිවා ඩෙෆා මට අහන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒවනේ ඉතිං ඒ දවස් වල වැදගත්.

ඇයි බං මේ…. මොකද වුනේ… තාත්තාගෙන් කෑවවත්ද….?

නෑ බං…. ඉහි … ඉහි….

අඩන් නැතුව කියපං බං…. වෙනදට මං කාටහරි ඔය ටික කියද්දී ඉස්සරට සුද්ද සිංහල කෑල්ලකුත් දානවා. ඒත් දැන් මේ ගෙම්බා අඩන නිසා මටත් නිකං දුකයි වගේ.

මචං ගෝල්ඩ් fish, මගේ අරක…. කියලා මූ ආයේ වැලපෙනවා.

දැං මට හරි පස්නේ මූ කියන්නේ මොකක් ගැනද කියලා. අයේෂා ගැනනම් වෙන්න බෑ. ඒකි මටත් බෑ කියලා මූටත් බැහැ කිව්වනේ. ඒක ඉවරයිනේ…. දැන් අළුත් එකක් වත් පටන් අරංද…? දැන් මට තමා ලොකුම පස්නේ… මොකද සුපුනා කියන්න යන්නේ මොකක් ගැනද කියලා මට හිතාගන්න බෑ…

කියපං බං… කොයි කෑල්ලද…? මොකද්ද වුනේ….?

කෑල්ල… ඉහි ඉහි…. මොන කෑල්ලද බං‍….? ඉහී… ඊ….

මූ තවත් ටිකක් අඩන්න තියාගත්තා.

අ‍ඩේ කියපං බං… මොකද්ද කේස් එක කියලා… පුළුවං උදව්වක් කරන්නං බං….

පස්සේ ඔන්න ඇඬිල්ල ටිකක් අඩු  කරලා… සුපුනා කියනවා උගේ අරකේ ගුණ වර්ණනාව…

මචං… උඹ මේක කාටවත් කියන්න එපා බං‍…

හා හරි… හරි… ඉතිං කියපංකෝ….

මගේ අරක පැත්තක් ලොකු වෙලා…. (මේක මං විග්‍රහ කරන්න යන්නේ නෑ… එහෙම වුනොත් මේක සිංගල් මීනින් කුනුහරුපයක් වෙනවා)

අරකේ කිව්වේ…? මං ඇහුවා ඊට පස්සේ.

යකෝ අහවල් එක බං….

හෑ… ඒ මක් වෙලාද….?

එදා ඇලේ නෑවනේ බං…. දොස්තර මහත්තයා කියනවා විෂබීජයක් ගිහිල්ලලු.

සුපුන අඬන අස්සේ මට හිනා…

මො‍කෝ හු** හිනාවෙන්නේ…. උඹට නම් මොකෝ… උඹ කොහොමත් ඇලේ නාන්නේ නැහැනේ…

නෑ නෑ බං…. නිකං….

හික්… මං ඔය මගේ යාළුවෝ තුන්දෙනාට අනන්තවත් කියලා තියෙනවා, ඔය ඇලේ නාන්න එපා කියලා. ඇලේ පාලමට එහා පැත්තේ හෙන මීහරක් රංචුවක් නාද්දී සුපුනයි අනිත් උං දෙන්නයි ඇලේ මේ පාලමෙන් මෙහා පැත්තේ නානවා. මට කොහොමත් ඔය වැඩේ දිරවන්නේ නැති නිසා මං කවදාවත් නාන්න යන්නෙ නෑ… හැමදාමත් කලේ අරුං තුන්දෙනා නානකං වෙලේ බැහැලා මානෙල් මල් කඩපු එක තමා. කොහොමත් අනිත් තුන්දෙනාම මට වැඩිය ඔය ඇල ගැන දන්නවා. මොකද උං තුන්දෙනා ඇල ගැන වගේම උංගේ ස්කෝලේ අවට තිබ්බ පලතුරු හැදෙන හැම ගහක් ගැනමත් එක්ස්පර්ට්ලා. ඒක නිසා මං කොයිතරම් එපා කිව්වත් උං අහන්නේ නෑ..

ඉතිං ඒක නිසා ඔය පන්තිය කට් එකක් දාලා, ඇලේ නාන දවසට මට එපාවෙනවා. මොකද ඉතිං පැය දෙකාමාරක් විතර ඕකුන් තුන්දෙනා දිය කෙළිනවා. හරියට නිකං අද රැට ඇල හි‍ඳෙයි වගේ… ඒ සෙල්ලමේ අන්තිම පලය තමා සුපුන්ට ලැබිලා තියෙන්නේ….

හැබැයි ඉතිං මටත් දැං ලාවට වගේ බයයි. ඒ අස්සේ මැවිලා පේනවත් වගේ අරක ලොකු වෙලා තියෙන හැටි.

පස්සේ මං ඇහුවා … දැං දොස්තර බෙහෙත් දුන්නද බං … කියලා…

සුපුන් කියනවා…

දුන්නා බං…. ඉන්ජෙක්සන් එකකුත් ගැහුවා බං… ඒත්….

කියලා මු… කතාවා මගදි නැවැත්තුවා… පොරට හෙන අවුල් ඉතුරු ටික කියාගන්න…

ඇයි… බං… තව ‍මොනාද කිව්වේ….

ඔන්න දැන් තමා සුපුනට දොස්තර මහත්තයා ඇඳිරිනීතිය දාලා බය කරලා තියෙන්නේ.

පුතා… තව දවස් දෙක තුනකින් හරිගියේ නැත්තං කපලා අයින් කරන්න වෙනවා…

හික්… සුපුනා ඕක කියන්න තමා මාව හොයාගෙන තකහනියක් සැළුන් එකට ඇවිත් තියෙන්නේ…

පස්සේ මටත් ටිකක් කේස්… ඊට පස්සේ බැරිම තැන කොන්ඩෙ කැපිල්ල පැත්තක තියලා, ගියා සුපුන්ලගේ ගෙදර… කොන්ඩෙ නම් ඕනෙ එකක්… ඒත් දෙයියනේ සුපුන්ගේ අරක කපන්න වුනොත් එහෙම…

පස්සේ සුපුන් එක්ක උංගේ ගෙදරට ගිය ගමන්….

ආහ්… ගෝල්ඩ් fish පුතානේ… දන්නව ඇතිනේ මෙයා කරගෙන තියෙන දේ….

දැං ඉතිං සුපුන්ලාගේ අම්මගේ කෑගැහිල්ලට මාවත් භය වෙලා හිටියා. මාත් ඉතිං සුපුන් එක්ක ඇලේ ගියානේ… ඒක නිසා…

පස්සේ සුපුන්ලාගේ අම්මා ඇවිත්… පුතා ඔයා කාමරෙට යන්න කියලා සුපුන්යව යැව්වා. පස්සේ ඉතිං මට කියනවා…

බලන්නකෝ පුතා මේ ළසයා කරගෙන තියෙන දේ…

ඔව් ඇන්ටි මං දන්නවා…. මට දැං කිව්වා….

ඒකනේ… දොස්තර කිව්වා විෂබීජයක් ගිහිල්ලා කියලා… ටික දවසකින් සනීප වෙයි කිව්වා. ඒ ගමන්ම සුපුන්ව බය කරලා කපන්න වෙයි කියලා….

ඈ…. ඒක බොරුවටද කියලා තියෙන්නෙ…. යකෝ මං මගේ කොන්ඩෙ කැපිල්ලත් පැත්තක තියලා ‍මේ දුවගෙන ආවේ…. කියලා කියන්න ගිහිං කට පියාගෙන…

එහෙමද ඇන්ටි…. කියලා කියාගෙන ගෙයින් එලියට බැස්සා… මං මේ කොන්ඩේ කපන්න ආපු ගමන් ඇන්ටි කියලා….

පස්සේ ටික දවසකින් සුපුන්ට හොඳ වුනා. පස්සේ ඉතිං උගේ අර නොසැලෙන ගතිය ආයෙත් ආවා. ඒක ආයේ ආවත් හරි මූ ආයෙමත් අපිව ඇදං ගිහිං අර ඇලේ කීපරක් නං නෑවද… ලැජ්ජාවක් නැති හැටි තමා ඉතිං. සමහරවිට දොස්තර ගහපු ඉන්ජෙක්සන් එකෙන් උගේ ලැජ්ජාව නැත්තට නැතිවෙලා ගියාද දන්නේ නෑ,…. කෝම හරි යන්තං උගේ අනාගතේ බේරුනා. නැත්තං මාර වින්නැහියක් තමා වෙන්නේ….

මේ පෝස්ට් එකට පින්තූර දාන්න බැහැනේ ඒක නිසා දැම්මේ නෑ ඔන්න….

(කතාව මෙලෝ රහක් නෑ කියලත් හිතෙනවා… මගෙත් මූඩ් එක අප්සට්… විශේෂිත හේතුවක් නම් නෑ…)

Advertisements

25 Responses to “සුපුන්ගේ අරකට වෙන්න ගිය වින්නැහිය…”

  1. Buwa Says:

    හි හි

  2. සාතන් Says:

    ඔහොම ඉන්ජෙක්ෂන් කථාවක් කළුකුමාරය කිව්ව අපි ඉස්කෝලෙ යන කාලෙ… ඌට වෙච්ච එකක් නෙමෙයි… ඒත් ඌ කිව්ව විදිහට එක මතක් වෙද්දි තාම මයිල් ඉස්මයිල් වෙනව…

  3. කල්හාර Says:

    මොන පිස්සුද ඔය කාලෙදි උඹ මේක කලොත් හෙට මැරෙනවා කිව්වත් දවස් දෙකෙන් ඒක අමතකයි………

    • ගෝල්ඩ් fish Says:

      හෙ හෙ… ඒක ඇත්ත කල්හාර. පිස්සු දවස්නේ…

  4. අපරාජිතයා :::: Aparajithaya Says:

    උබල කොහොමත් බලන් ඉන්න ඇත්තෙ උගෙ අහවල් එක කපනකන් වෙන්ටැ…. ඌ බැන්දම එතකොට වාසිය උබලටනෙ. වල් මාලුවා… ඉකෙයියා මූ අපිවත් වල් කරනවා….. 😀

    • ගෝල්ඩ් fish Says:

      ඔය ඉතිං… සිංහල තේරෙන්නේ නැහැනේ මේකාට…

  5. All in one....... Says:

    සුපුනටත් තේරෙන්න ඇති පස්සේ මිනිහා බයවුණේ දොස්තරගේ බොරුවකට කියලා…..

    • ගෝල්ඩ් fish Says:

      ඔව් ඔව්… ​පොර දැනගත්තා… හැබැයි මාස දෙකකට විතර පස්සේ…

  6. මලිය Says:

    එල සින් එක කිව්වලු, පට්ට, බය කරන්න තිබ්බෙ ම්නිහව!

    • ගෝල්ඩ් fish Says:

      මිහිහා හොඳටම බය වෙලා බං තිබ්බේ… සුපුන් වතරක් නෙමේ අපිත් බය වෙලා හිටියේ…

  7. ..ChAnDiKa.. Says:

    මේ සීන් එක වුනේ ඇලක නාලද එහෙමත් නැත්තං කට්ටියම එක්ක ලිඳකින් නාලද? 😉 කොහාමත් ඔය එක එක මීහරක් නාන ඇලවල් වලිං නෑවම ලෙඩ හැදෙනව බං. තමන්ටම කියල ලිඳක් කපාගෙන ඒකෙන් නැ ගත්තනං අහවරයිනෙ… :p

    • ගෝල්ඩ් fish Says:

      ලිං තිබුනට.. ඇලේ නනා ෆන් එක නැහැනේ බං…

  8. jnuwan Says:

    මාර scene එක

    • ගෝල්ඩ් fish Says:

      ඔව් නුවන්…. තව පොඩ්ඩෙන් කෙලියා

  9. Kasun Chanaka Says:

    හප්පොච්චියේ කොහොමද කැපුවනම්? ගෝල්ඩ් fish අයියට තමයි ඉතින් පස්සෙ එන වගකීම් බාරගන්න වෙන්නෙ.

  10. Sanju Says:

    චැහ් ඒකනෙ අපි ඔය තැන් තැන් වල නාන්නෙ නැතුව ගෙදරින් ම නාන්නෙ.

  11. නවම් Says:

    ඇයි බං උඹ අප් ඇට් උනේ, අරූගෙ අරක කැපුවනං උඹටැ බං චෑන්ස් එක වදින්නෙ…….

    • ගෝල්ඩ් fish Says:

      ඔන්න මිත්‍ර ද්‍රෝහියන්ගේ ලක්ෂන… අපි එහෙම නෑ නවම් අයියා….

  12. Astro Boy Says:

    නොදකින් වල් මාලුව

  13. සිරි කොලුවා Says:

    හික්zz අඩෙ අයියා අවුලක් නැ.. සුපුනාගෙ ඉදිමුනෙ එක පැත්තයිනෙ. කපලා අයින් කරත් අවුලක් නැ අනික් එක තියනවා නේ…. දෙකම ඉදිමුනා නම් තමා මල ජන්ජාලෙ වෙන්නෙ.. හික්zz …


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: