වෙසක් සුළඟ…

අවුරුද්දට එරබදු ගස් වල පිපුන රතු පාට මල් බිමට වට්ටගෙන, හමායන සුළං කෝඩය වෙසක් මාසේ අන්තිම දවස් වෙනකම්ම එහෙමම පවතිනවා. අප්‍රේල් මාසේ අග සතියේ පටන් ගන්න මේ සුළඟට මං දන්න තරමින් නම් කියන්නේ නිරිත දිග මෝසම කියලා….

ඒත් ඉතිං මං, මේ සුළඟට වෙසක් සුළඟ…. කියලා නම් තියනවා…

අවුරුද්දේ අනිත් මාස වල පවතින වියළි රළු හෝ සීතල හිරිගඩු පිපෙන වැහිපිනි කැටත් එක්ක එන පීඩාකාරී හුළං රැල්ලට වැඩිය මේ වෙසක් සුළඟ ගොඩක් සෞම්‍ය දායකයි. අවුරුද්දේ අනිත් මාස වලත් කලින් කිව්වා වගේ එක එක ජාතියේ සුළං පාරවල් අපේ ඇ‍ඟේ වැදීගෙන යනවා. සමහර වෙලාවට බොහොම ගාම්භීර විදියට, පොළොව බදාගෙන ඉන්න ගස්වල්, ගොඩනැගිලි එහෙමත් උදුරුවාගෙන යන්න තරම්ම මේ සුළඟ ප්‍රචන්ඩකාරී වෙනවා. ඒ වගේම තවත් වෙලාවකට කොහේවත් නැති වැහි වළාකුළු රොත්තක් ඇදගෙන ඇවිත් වස්සලා වස්සලා… අපිව හොඳටම හෙම්බත් කරවනවා.

ඒත් මේ වෙසක් සුළඟ එහෙම නෑ කියලයි මට හිතෙන්නේ… සමහර දවස් වලට උදේට නැගිටලා එළියට බහින්න බැරි තරම් සීතලකින් හරි මුළු රාත්‍රිය පුරාවටම අධික උණුසුමින් හරි පීඩා විදින අපිට… මේ දවස් වල නම් උදේ පාන්දරම මුළු හිත පිරෙන්නම දැනෙන සීතලත් නැති රස්නෙත් නැති ලාවට හමාගෙන යන සුළං රැල්ල නම් හරි අපූරුයි.

ලොකු ඉඩ කඩක තම අනසක පතුරුවාගෙන, තද කොල පාටින් හැඩවුන හරි අපූරු සළුවකින් තම අතු පතර වසාගෙන යෙහෙන් වැජඹෙන මැයි ගස් වල මැයි මල් පිපෙන්න ගන්නේ මේ සුළඟත් එක්කම තමා. ඒක හරියට නිකං… අඳුරු රාජධානියකට තවත් ගුප්ත බවක් එක් කරන විශේෂාංගයක් වගෙයි. මුළු අහසම අළුපාට වැහි වලාකුළු වලින් බර වෙලා තියෙද්දී, ඒ වළාකුළු වලින් ඉර එළියත් මුවා වෙලා. හරියට මුළු ලෝකයටම උඩින් ලොකු රෙද්දක් එලලා වගේ. ඒත් ඒ ඇම දෙයක්ම එක්ක තද කොල පාට ලොකු ගහක රතු පාට විදුලි බුබුළු එල්ලලා වගේ මැයි මල් පිපිලා තියෙද්දී…. ම්….. ඒක හරි ලස්සන දසුනක්.

මට නම් මැයි මල් වලින් පිරිච්ච ගහක් දිහා බලාගෙන ඉන්න එක ඒ තරම් කජ්ජක් නෙවෙයි. පැය ගානක් මට එහෙම ඉන්න පුලූවන්. ගොරව ගොරව වැස්සත්, සමහරවිට මං මැයි මල් පිරිච්ච ගහක් දිහා බලාගෙන ඉඳියි. වැහි බිංදු ගහේ අතු වලට වැටිලා, රතු පාට මල් පෙති දිගේ හිමීට ගලාගෙන ඇවිත් පහලම පෙත්තේ අග රැඳිලා ටික වෙලාවක් තිබිලා බිමට පනින අපූරුව….! ඊට පස්සේ ටික වෙලාවක් ඒ විදියටම වැහැලා වැහැලා…. මුලූ වටපිටාවෙම ආර්ද්‍රතාවය වැඩි කරලා…. පොළොවත් හොඳටම මඩ කරලා, ටික වෙලාවකින් වළාකුළු එහාට මෙහාට කරගෙන ඉර එළිය ‍පොළොවට වැටෙද්දී… අර මැයි මල් අග ඉතුරු වුන වතුර බිංදු  දිලිසෙන හැටි….!

ඒ වගේම තමා අපි ඉන්න තැනින් පොඩ්ඩක් හෙල්ලුනත් අපේ ඇ‍ඟේ තෙරපෙන හුළං පාර. කොයි වෙලාවේ බැලුවත් අපි ළඟමයි. අවුරුද්දේ අනිත් මාස වල වගේ නෙමේ මැයි මාසෙදී වෙසක් සුළග අපි ගාවින් හෙල්ලෙන්නෙවත් නෑ… ඇත්තෙන්ම මං ඉපදුන නොවැම්බර් මාසෙටත් වැඩිය මං මැයි මාසෙට ආදරෙයි. වෙන කිසිම හේතුවක් නිසා නෙමේ මේ අපූරු සුළං රැල්ල නිසා.

හැබැයි… හිටි ගමන් මේ වගේ කාලගුණික තත්වයන් අනිත් මාස වලදිත් ඇතිවෙනවා. හරියටම විස්තර කරලා කියන්න බැරි වුනත් වෙන්නේ මොකද්ද කියලා, මට හොඳටම මතකයි… ගිය දෙ‍සැම්බර් මාසේ මුල හරියෙදීත් මේ වෙසක් සුළග වගේ සුළං රැල්ලකින් මාව පිස්සු වැට්ටුවා. මං මුලින් හිතන් හිටියේ ඒක මට විතරක් දැනුන දෙයක් කියලා…. ඒත් ඒක අපේ අම්මටත් දැනිලා…

මං එළියට වෙලා මොකද්දෝ වැඩක් කර කර ඉද්දී අම්මා ඇවිත්….

ලොකූ… මේ දවස් හරියට වෙසක් කාලේ වගේ නේද…?

කියලා ඇහුවමයි මුලින්ම මටත් මීටර් වුනේ, මාත් ඒක ගැන හිතුවා නේද කියලා.

ඒ ඉතිං ඩුප්ලිකේට් වෙසක් සුළඟනේ… මෙන්න දැන් ඔරිජිනල් වෙසක් සුළඟ හමනවා. හැමදෙනාටම කියන්නේ… ඔය ඒ.සී කාමර වලින් එලියට බැහැලා, ‍ෆෑන් හයිකරපු ගොඩනැගිලි වලින් එලියට ඇවිත් මේ සුළං රැල්ල විඳින්න. කොයිතරම් සුළග තිබුනත් දවල්ට රස්නේ නිසා දවල්ටනම් ඔය වැඩේට අතගහන්න එපා. එහෙම වුනොත් නම්… මොන හුළංද කියලා හිතෙයි. ඒක නිසා උදේ පාන්දර නැගිට්ට ගමං කම්මැලි කම පැත්තක තියලා පොඩියකට එලියට ගිහිං බලන්න මං කියන්නේ බොරුද කියලා… හිත්වල තියෙන ප්‍රශ්න ටිකකට අමතක වෙලා ඔයාලා පුංචි වෙලාවකට සමාධි ගතවෙයි. විඳින්න ඒක…. විඳලාම බලන්න කොයිතරම් අපූරුද කියලා… රස්නේ පලාත් ගැනනම් මං දන්නේ නෑ… ඒත් බස්නාහිර, සබරගමුව, දකුණ, උඩරට, වගේ පළාත් වල නම් වෙසක් කාලේ දැන්නම පටන් අරං කියලයි මටනම් හිතෙන්නේ….

18 Responses to “වෙසක් සුළඟ…”

  1. බීටා Says:

    අපිට නම් මොන රස්නෙද අය්යෙ…. දවසම පොඩි පොඩි වැහි වහිනවා….උදේට පට්ට්ම හීතල්ය්… අඩි දෙක තුන පේන්නේ නැති තරමට උදේ මීදුම…මොනව උනත් මම මාර්තු අප්‍රේල් මැය් කියන මාස තුනට ගොඩක් කැමතිය්….

    http://sithehisithuwam.blogspot.com/2011/04/blog-post_30.html

  2. තාරක Dilsh@n Says:

    උඹේ කතාව අපේ සිංහල පොතක තිබ්බ එකක් වගේ බන්… මාර ලස්සනයි.
    ඒත් මෙහාට නම් මොන වෙසක් ද

  3. තාරක Dilsh@n Says:

    මේ කමෙන්ට් එකක් පොස්ට් කරද්දි “Notify me of follow-up comments via email” ටික් කොරන්න අමතක වුනොත් පස්සෙ ඒක කරන්න ‍විදියක් තියෙනවද?

  4. කුරුං ගුරුං Says:

    “ඒක නිසා උදේ පාන්දර නැගිට්ට ගමං කම්මැලි කම පැත්තක තියලා පොඩියකට එලියට ගිහිං බලන්න මං කියන්නේ බොරුද කියලා”

    මෙන්නෙ මූව උදේ පාන්දරම ගෙදරින් දොට්ට දාලෝ…

  5. prabha Says:

    me kathawa aththa wenna athi…….eth api udeta nagitinakota thiyenne ira eliya witharaine…sithala sulan na ne….ekata mokada karanne??? 😦

  6. නදී... Says:

    ආ රස්නේ පළාත් වලත් වෙසක් හුලං සනීපයි.

  7. අපරාජිතයා :::: Aparajithaya Says:

    මචං එකම එක ඇත්තක් කියන්නම් උබත් සිරාවටම මේ ස්වබාදහමට ගහකොල වලට ආදරේ කරන මනුස්සයෙක් බං…. එහෙම එකෙක්ව දැකගන්නත් ලැබෙන එක සතුටක් බන් මේ කාලකණ්ණි ලොකේ ඇතුලේ…. වැස්සට තෙමෙන්න, කුරුල්ලෙකුගෙ හඬට අහුම් කන් දෙන්න, හනි හනිකට කුබි ‍රැලක් අදෙන දිහා බලන් ඉන්න, නිස්කලන්ක වෙලාවක තරු දිහා බලන් ඉන්න පුලුවන් මේ ගහට කොලට ආදරය කරන එකෙක් විතරයි. එවායින් ලැබෙන සැනසීම අනික් උන්ට තෙරෙන්නෙ නැහැ මචං…….. 😀 😀 😀

  8. හිස් අහස Says:

    දැන් ඉතින් අලුත් ඉඩමේ අලුතින් හදාගත්ත ගෙදර නේ ඉන්නේ . ඒක තමයි ඔය වටේ පිටේ ගොඩක් ලස්සනට පේන්නේ . මටනම් ඔය පරිසර ලස්සන වැඩිය පේන්නේ නෑ මචං . මම ඔය සොබා දහම විඳින එකෙක් නෙවේ . උඹ ලියපු ලියවිලි අතරින් ලස්සනම එකක් තමයි මේක .

  9. Ravi Says:

    ෂෙහ්, මාරයි, කොල්ලො, අන්තිමයි,……… අන්තිමයි කිව්වෙ අන්තිමම ඉහළයි,

    පරිසර මාධ්‍යවේදියොයි කියන ඔය එක එකා ලියන විකාර කැළේනෙ බං මේක එක්ක,

  10. සිරි කොලුවා Says:

    ‘මෙ මැයි ගහ යට’ සින්දුව මතක් උනා අයියා…:D සිරි කොලුවගෙ ගම් පාලාතෙත් මෙ වෙද්දිත් ඔය හමන සිහින් සීත සුලගත් එක්ක වෙසගෙට හරිම අපුරුවට පරිසරය හැඩ ගැහෙනවා අයියා…. එ සුන්දරත්වය හරිම අපුරුයි තමා……


ගෝල්ඩ් fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: