හදවතට හදවතක් නොමැතිව… තනිව පෙම්කල කාලයක්…

ඒක හරියට හීනයක්…

නුඹ ලඟින් හිටි කාලයක්,

නුඹේ  ලඟ ඉඳ දැවටී දැවටී

නුඹට පෙම් කල කාලයක්…

සොඳුරු දිය බිඳු හාදුවක්…

ගෙන තෙමා මා සියොලඟක්,

මිහිරි සිත්මල් මවා පෙන්නුව

තව හැඟුම්බර හීනයක්…

නිදි නැතුව එක රාත්‍රියක්…

හීන මැවු හැටි හීනයක්,

හදවතට හදවතක් නොමැතිව

තනිව පෙම්කල කාලයක්…

නුඹ නොමැති දුක් ගීතයක්…

සමග ඇදගත් ප්‍රානයක්,

යලිත් පිටකර නැවත නොගෙනම

යන්න සිත් දෙන කාලයක්…

Advertisements

22 Responses to “හදවතට හදවතක් නොමැතිව… තනිව පෙම්කල කාලයක්…”

  1. බීටා Says:

    මේ මොකෝ අය්යේ

  2. සෝරෝ Says:

    50% ක ඒකපාර්ශවීය ප්‍රේමයත් මාරයි නේ ද…… 😀

  3. පිණිබිඳු Says:

    තනි හිතෙන් පෙම් කරපු සමයේ…

  4. සාතන් Says:

    නැතිවුනත් හදවත් දෙකක්
    තියෙන ඔය එක හදවතින්
    මදි නොවන්නට ප්‍රේම කරපන්
    ගොල්ඩ් ෆිෂ් එ,දිනට දිනුම්…..

    • ගෝල්ඩ් fish Says:

      ඇත්ත බං… හිතල නොකරත් නිකංම ඒකම වෙනවා. වෙන අය ගැන හිතන්න නම් මැරිලා ඉපදෙන්න වෙයි.

  5. අකිකරු හිත Says:

    මොනා කියන්නද

  6. agi Says:

    අපි අනිත් අය ගැන හීන දැක්කත් සමහර වෙලාවට එයාලටත් වෙනම හීන තියෙනවා වෙනත් අයත් එක්ක. ඒක නිසා තනි හිතෙන් පෙම් කරහන් වෙන ඕනි දේකට මුන දෙන්න බලා ගෙන.

    • ගෝල්ඩ් fish Says:

      එක දෙයක් ඉතුරුවෙලා තියෙනවා… කවදාහරි ඒකට තමා මූන දෙන්න වෙන්නේ…

  7. නවම් Says:

    ඔව්ව ඔහොමයි කියල රෑට ‍රැට හීනෙං කොට්ටෙ මුළු විකන්න එහෙම යනව නෙවෙයි ඕං.

    • ගෝල්ඩ් fish Says:

      ආහ්… චූටි මැණිකේ අක්කා හම්බු වෙන්න කලිං එහෙම වෙන්න ඇති නවම් අයියා කොරන්න ඇත්තේ… නේ…? 😛

  8. සුන්දර හිතක් Says:

    මාර පහර…. නියම අදහස… 🙂

  9. හිස් අහස Says:

    ඇයි බං කොල්ලන්ටම මෙහෙම වෙන්නේ ? කොහොම උනත් ලස්සන කවි පද සෙට් එක …

    “නවම් ගේ කමෙන්ටුවට හිනා”

  10. හිෂාන් මෙලංග Says:

    හිතෙන් කරන ලව් පවතින්නෙ හිතේම විතරයි. ඒක ක්‍රියාවකට පෙරලා ගැනීම හිත දරන්නාගේ කැමැත්තයි.

  11. mada Says:

    eka athen athpudi gahanna ba ne kollo., thawa athak hoyagen deiyane keyla ikmanta athagili patalan, wate inna ahensaka katawal walatath sathuwak dela eka wahalak yatata palyankoo..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: