මේ කතාවත් අර බර කිරන්න බය බබාගේ කතාවක්. ඉතිං අර කලින් දවසක කිව්වා වගේ බබා මොන්ටිසෝරි ගියේ අම්මත් එක්කනේ… අම්මගේ අතේ එල්ලිලා. ඉතිං ඔය මොන්ටිසෝරියේ බබාට හිටියා අතිජාත මිත්‍රයෝ රෑනක්. රෑනක් කිව්වට ඉතිං දෙන්නයි තුන්දෙනයි. කෝමත් ඔය තුන් හතර දෙනා සෙට් වුනාම යෝධයෝ ටික්ක සෙට් වුනා වගේ තමා. ඕනේ ඇඩ්වෙන්චර් කේස් එකකට එක පයින්… එතකොට අනික් පය…? හික් … ඒකත් තියෙනවා හැබැයි දුවන්න බලාගෙන…
ඉතිං ඔන්න මේ කියන දවසෙත් බබාලා හතර දෙනා මොන්ටිසෝරියේ ඉන්ටවල් එකේදී කෑම කාලා වතූ බීලා… ටීචට කියලා කට පොඩ්ඩත් පිහිදගෙන එහෙම ඉන්නවා. බබාගේ මොන්ටිසෝරිය තිබුනේ පන්සලක. ඒකත් පොඩි පන්සලක් නෙමේ, අක්කර දෙක තුනක ලොකු ඉඩමක් තියෙන පන්සලක්. පානදුරේ පැත්තේ අය නම් දන්නව ඇති, බෙක්කෙගම පාරේ තියෙන පළවෙනි පන්සල. සිද්ධාර්ථාරාමය වගේ තමා නම මතක. ඉතිං බබාලා ටික කරන්නේ ඉන්ටවල් එකට පන්සල වටේ දුවන එක.
ඔය දිවිල්ල කවදාවත් කෙලවර වුනේ නැහැනේ. මොකද බබාලා හතර පස් දෙනාම එක වගේ බඩු. එකෙක්වත් බය නෑ… අනේ ඉතිං ඒ හරිය නං කියල වැඩකුත් නෑ… ඉතිං ඔය මොන්ටිසෝරිය තිබ්බ පන්සල ඒ දවස් වල ටිකක් විතර කෑලෑවෙන් වැහිලා තිබුනේ. දැන් නම් කෝමද දන්නේ නෑ… බබාලගේ මොන්ටිසෝරිය තිබුන හරියත්, මොන්ටිසෝරිය පිටිපස්සේ හරියත් පොඩි පොඩි පඳුරු වලින් වැහැලා තමා තිබුනේ… ඉතිං ඔය බබාලා කට්ටිය නිතරම වගේ යනවා මොන්ට්සෝරිය පිටිපස්සට කූච්චෝ අල්ලන්න. කූච්චෝ කියන්නේ කළු පාටයි කහපාටයි මික්ස් වෙච්ච බත් කූරෝ වගයක්. ඉතිං ඔය අදාල දවසෙත් සෙටාර් එක බැස්ස.
ඔන්න දැන් කට්ටිය වැඩ පටන් ගන්නවා. ඉතිං ඕක බලන්න පොඩි කෙලිපැට්ටොත් එනවා. ඉතිං බබාලත් හරි හරියට බත් කූරෝ අල්ලනවා. ඔහොම ටික වෙලාවක් යද්දී… මහේස් බබා ගොඩක් කැලේ පැත්තට ගිහින්.
ඒයි මහේෂ් … ඔහේ යන්න එපා… මතක නැද්ද මිස් කිව්වා කැලේ සත්තු ඉන්නවා කියලා…
එක පඬි බබෙක් එහෙම කිව්වා. ඌ කව්ද කියල නම් අහන්න එපා. ඊට පස්සේ මහේස් ටිකක් නැවතිලා වටේට කැරකි කැරකි බත් කූරෝ අල්ලනවා. බබාලා බත් කූරෝ අල්ලනවා බලන්න ආපු බබීලා අතේ ඇඟිලි ඔක්කොම කටේ දාගෙන සූප්පු කර කර බලා ගෙන ඉන්නවා… ඊයා … අත්වල තියෙන ඔක්කොම ජරාව කටේ… කමක් නෑ විටමින්නේ…
පස්සේ ටික වෙලාවකින් මහේස් බබාට පිටිපස්සෙන් අනිත් බබාලා හිටිය පැත්තට වෙන්න පඳුරු අස්සෙන් කලු පාට රවුං, දිගට හොම්බක් මතුවෙනවා. හරියට නිකං රංග බබාගේ බෑග් එකේ ඉන්න ගින්දර පිඹින මකරා වගේ. ඔය සීන් එක බබීලාත් දැක්කා… පස්සේ මෙන්න එක පාරටම … බබාලා ටික කෑගහනවා, මහේස්ට…
මහේස්.. මහේස්… ඔන්න මකරෙක් දුවන්න… දුවන්න…. කියලා… මහේස් බැලූවා වට පිට කතාව ඇත්ත… මෙන්න බොල මූ හෙන හයියෙන්…
අනේ… අම්මේ… මවෙ බේරගන්නෝ… ගාගෙන අනිත් බබාලා හිටිය පැත්තට දුවගෙන එනවා. මහේස් බබාගේ සද්දෙට කලබල වෙච්ච මකරත් අනිත් බබාලා ඉන්න පැත්තට දුවගෙන එනවා. හලි කෙලියයි දැන්… ඊට පස්සේ ඔක්කොම බබාලා ටික මොන්ටිසෝරිය ඇතුලට දුවන්න ගත්තා… හැබැයි එක බබෙක් නැවතිලා…
මකරාත් ඉස්සරහින් නැවතිලා… දැන් දෙන්නා ද්වන්ධ සටනක… මකරා උඩ පැන පැන බත් කූරෝ කනවා… බබා කිසි හැල හොල්මනක් නැතුව මකරා දිහා බලාගෙන ඉන්නවා….
ඈ… එහෙනම් දෙන්නා ද්වන්ද සටනක කිව්වේ….
ඉන්නකෝ කියනකම්… අර බබා හිතින් ප්ලෑන් කොරනවලු මකරා ලඟට ආවම උගේ කටට පිස් කරලා ගින්දර නිමලා යාළුවෝ බේරගන්න. බලන්න ඉතිං කොයිතරම් නිර්භීත බබෙක්ද නේද…? පස්සේ ඉතිං අනිත් බබාලා මිස්ව එක්කගෙන එනකනුත් අර නිර්භීත බබා කෑලේ කිට්ටුවට වෙලා හිටිය තැනම ගල් ගැහිලා වගේ මකරාගේ සෙල්ලං බලන් ඉන්නවලු.
පස්සේ මිස් අර බබාගේ ලඟට ඇවිත්… පුතා… ප්‍රසන්න…. මොකද දරුවෝ…? කියන කම්ම කොල්ල නෝ හෙල්ලුම්ලු… පස්සේ මිස් කොලුවගේ ඔලුව අතගාන කොටලු කොලුවට තේරුනේ … මේ එයාව බේරගන්න 119 එකෙන් ඇවිල්ලා කියලා… බලන්න ඉතිං ඒ ටිකට කව්ද එකෙක් 119ට කෝල් එකක් දීලනේ… පස්සේ ඉතිං මිස් අර කොලුවව සාරි පොටේ බලෙන් වගේ ඔතාගෙන එක්කන් ගියා මොන්ටිසෝරියට… ඊට පස්සේ ඔන්න ලකුණු දාන වැඩේ පටන් ගත්තා… පුතාලා දුවලා දැක්ක නේද මං කියන දේ අහන්නේ නැතුව කැලේට ගියාම වෙනදේ….
ඒ වගේම දැක්ක නේද ඕනෙම හදිස්සි දේකදී ක්‍රියාත්මක වෙන්න ඕනේ විදිය… (ඔච්චර බර චවන වලින් නම් නෙමේ මිස් කිව්වේ… ඒ කිව්ව ඒවා බබාට දැන් මතක නෑලු) මෙන්න මේ දරුවා වගේ කලබල නොවී ඉන්න ඕනේ…
අනේ ඔව්… ඔව්… බබානේ දන්නේ බබා බයවෙච්ච තරමක්… කලබලේ වැඩි වෙච්ච පාරට බබාගේ මැසිම ස්ටක් වුනා. ඉතිං කරකියා ගන්න දෙයක් නැතුව බබා මකරගේ කටට පිස් කරන්න ප්ලෑන් කරේ අන්තිමට තමා. ඒක මිස් දන්නේ නැහැනේ….
හික්… බබාගේ මැසිමෙත් ප්‍රොසෙසින් ඉප්ඩ් එක වැඩිවුනා නම් එහෙම බබා තමා මුලින්ම මිස් ගාවට දුවගෙන ගිහින් මකරා ගැන කියන්නේ…. කොහෙද ඉතිං… බඩ පැලෙන්න කාලා කාලා කැලේ අස්සට වැදුනම ඕවා මතක් වෙනවැයි… ඔය බබාට ඉස්සර ඉඳන්ම කැලෑවක් දැක්කම මීටරේ ඉට්ටක් වෙන ගතිය තිබුනා. දැන් නම් වෙල් ගානෙයි, වැටෙකේ පඳුරු අස්සෙයි රිංගලා ඒවාට ප්‍රතිචාර දක්වලා, සතෙක් සරුපයියෙක් එනවා දැක්ක ගමන් කොහෙන් හරි පොලු කෑල්ලක් අතට ඇවිත් ඇති.
ඒත් ඉතිං දැං තමා බබාට හිතෙන්නේ… එදා මකරා බබාට ෂොට් එක දුන්නනම් කියලා… නෑ නෑ සමහරවිට මකරා වුනත් බබාට භය වෙන්න ඇති. මකරා හිතන්න ඇති මූ නම් බෙබක් නෙමේ යකෙක් කියලා….
දැන් ඔය බබාලා බලනවා ඇති මොකාද මේ අපි නොදන්න මකරා කියලා… ඌ හෙන දිග කබරගොයෙක්… ඊයා… උගේකැත… සෙවල බේරෙන හොම්බයි, කලුපාට ලොං නැති කැත හමයි… ඊයා… ඕක්… බුවෑක්…..
2011 අප්‍රේල් 26 දින පෙ.ව. 9:29 ට
උඹ ඕන කැලේක රිංග ගනිං මාලුවො සත්තුන්ට කරදර නොකර….. 😉
2011 අප්‍රේල් 26 දින පෙ.ව. 9:56 ට
අපෝ අපි එහෙම නරක ළමයි නෙමේ බං…
2011 අප්‍රේල් 26 දින පෙ.ව. 9:31 ට
harima nirbitha kolu patiyek……:-D….
2011 අප්‍රේල් 26 දින පෙ.ව. 9:57 ට
ඒකනේ ඒකනේ….
2011 අප්‍රේල් 26 දින පෙ.ව. 10:27 ට
බත් කූරා ගැන කියද්දි මතක් උනේ. අපේ යාලුවෙක් එක පාරක් කියනවා ස්පයිඩර් මෑන් ෆිල්ම් එකේ ඩිසාස්ටර් ෆිල්ම් එකක් ආවෙ සුපර් හීරෝ කියලා. ඒකෙ කොල්ලගෙ අත කොම්බුට්ටෙක් කනවලු. අපිට බඩ පැලෙන්න හිනා මොකාද මේ කොම්බුට්ටා කියලා. බලාගෙන යද්දි එයාලගෙ පැත්තෙ බත් කූරට කියන්නෙ කොම්බුට්ටා කියලලු. එද ඉඳන් එයාගෙ කාඩ් එකත් කොම්බුට්ටා.
2011 අප්‍රේල් 26 දින පෙ.ව. 10:47 ට
ඔයාට නේද කාඩ් එද වැදුනේ…? 😛
2011 අප්‍රේල් 26 දින පෙ.ව. 10:53 ට
අපෝ නෑ මෝඩයෝ. ඒ මම නෙවෙයි. වචනයක් කියන්න බෑ මුන් පදයක් හදල ඉවරයි.
2011 අප්‍රේල් 26 දින ප.ව. 12:28 ට
මෙන්න මයා බොලු කියනෝ… එයාට වැදුන කාඩ් එකක් අනුන් පිටින් යවනෝ….
2011 අප්‍රේල් 26 දින පෙ.ව. 10:51 ට
මටත් මතක් කරන්න පුලුවන් පු0චිම කාලෙ තමයි මොන්ටිසෝරිය…ඒ දවස්වල දන්නවනේ.. කොල්ලො ඉස්සරෝම අහන්නෙ මට බයද?..ඔව් ඉතින් මම ඔක්කොටෝම බයයි..ඔක්කොටෝම කිව්වට මමත් දෙන්නෙක්ව බයකරගෙන හිටිය..දෙන්නම අන්තිම කැහැට්ටො දෙන්න..හිතාගන්න පුඵවන්නෙ අනිත් උන් මට දෙන කෝස් ඔක්කොම මම පිරිමහන්නෙ උන්දෙන්න ගෙන්…මතක් වෙනකොටත් පව් කියල හිතෙනවා..
2011 අප්‍රේල් 26 දින ප.ව. 12:28 ට
අපෝ බං… ඒ දවස් වලත් වල ගහගන්නවද? අපි නම් එහෙම නෑ බං…
2011 අප්‍රේල් 26 දින පෙ.ව. 11:44 ට
blan geyama ape gold fish keyanneth thada wada karayek ne.. Babee kenek ehem awith lakunu damme natha;?
2011 අප්‍රේල් 26 දින ප.ව. 12:29 ට
අනේ මන්දා බං මතක නෑ එව්වා. ඒ දවස් වල ඉතිං අපි කොහොමත් අත් වැල් අල්ලං සෙල්ලං කරානේ… වල් හිත පහල වෙලා තිබුනේ නෑනේ ඒ දවස් වල….
2011 අප්‍රේල් 26 දින ප.ව. 12:17 ට
උඹ පොඩි කාලෙ ඉඳලම කැළේ රිංගනවද බං…..
2011 අප්‍රේල් 26 දින ප.ව. 12:30 ට
කැලේ කිව්වේ…. කොයි කැලේද?
2011 අප්‍රේල් 26 දින ප.ව. 12:24 ට
මකරු සැර නෑනෙ. මකරු චූටි බබාලට හරීඊඊඊ ආදරෙයි. චූටි බබාලත් මකරුන්ට ආදරෙයි. මකරු චොකලට් කන්නත් හරිම ආසයි
2011 අප්‍රේල් 26 දින ප.ව. 12:34 ට
මට පේන්නේ තවත් මකර සෙල්ලං දාපු කෙනෙක් වගේ… චොකලටුත් දුන්නද මකරාට?
2011 අප්‍රේල් 26 දින ප.ව. 12:35 ට
මමනෙ මකරා
2011 අප්‍රේල් 26 දින ප.ව. 12:45 ට
ඈ… ඒ කොහොමෙයි… අර රජදහනේ ඉන්න එකාද?
2011 අප්‍රේල් 26 දින ප.ව. 12:51 ට
මම තමයි මකර අධිරාජයා
http://status-chanaka.blogspot.com/
2011 අප්‍රේල් 26 දින ප.ව. 2:23 ට
මකරව මං දන්නව… ඒත් ඉතිං ඇත්ත නම දැම්මම මඤං වෙනවනේ…
2011 අප්‍රේල් 26 දින ප.ව. 12:28 ට
අනේ කරුමෙට මං ගියෙ නෑ නෙව මොන්ටිසෝරි වැඩි කලක් ඔයවගේ සෙල්ල කොරන්නෙ. මාස තුනයි, ඊට පස්සෙ කෙලිංම ඉස්කෝලෙ.
2011 අප්‍රේල් 26 දින ප.ව. 12:35 ට
හික් බබා ගියේ එක අවුරුද්දයි. ඒ අවුරුද්දට කරන්න තිබ්බ සෙල්ලං ඔක්කොම කලා…
2011 අප්‍රේල් 26 දින ප.ව. 12:40 ට
හොඳ වෙලාවට මකර ලඟට අවේ නැත්තේ. නැත්නම් චුටි බබාට අද වෙනකොට අවයවයක් මයිනස් වෙන්න තිබුන.. මෙන්න තවත් බත් කුරෙක් කියල කෑවනම් !!!
2011 අප්‍රේල් 26 දින ප.ව. 12:46 ට
ඔක ලියන්න හිතුනා අයියේ… ඒත් නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ වුනා… කවුරු හරි හිතුවොත් එහෙම මූට අනාගතයක් නෑ කියලා… ඔක්කොම ඉවරයිනේ…
2011 අප්‍රේල් 26 දින ප.ව. 4:50 ට
අර පන්සල පිටිපස්සෙ කැලේ තාම තියෙනව බං
ජය..
2011 අප්‍රේල් 26 දින ප.ව. 6:53 ට
ඒක දැන්වත් සුද්ද කරන්න කියපං බං
2011 අප්‍රේල් 26 දින ප.ව. 6:06 ට
මකරා අර පොඩි බබාගේ බත් කූරත් කෑවනම් තමා වැඩේ වෙන්නේ……..
2011 අප්‍රේල් 26 දින ප.ව. 6:54 ට
යාන්තං ඒක නම් බේරගත්තා….
2011 අප්‍රේල් 26 දින ප.ව. 9:14 ට
අයියේ අපි දවසක බෝතලේකට සෙට් වෙමු මම ඔයාට ලොකු කබරගොයෙක් ඇදලා පෙන්වන්නම් …
2011 අප්‍රේල් 27 දින පෙ.ව. 7:15 ට
බෝතලයක් කිවවේ….
2011 අප්‍රේල් 27 දින පෙ.ව. 8:37 ට
😛 Niyama kathawa
2011 අප්‍රේල් 27 දින පෙ.ව. 8:41 ට
හික්… මකරා බබාව හොඳටම බයා කරා…
2011 අප්‍රේල් 27 දින පෙ.ව. 10:52 ට
මෙන්න මෙයා නිර්භිතයිලු…අනේ…මට හිනා යනවා…. 😀
2011 අප්‍රේල් 27 දින පෙ.ව. 11:15 ට
“ලු” නෙමේ ඩෝ… නිර්භීතයි තමා…