ලෝකේ මං ආසම තැන…. ඉන්දියානු මනාලිගේ තුරුල…

අපි කාට කාටත් මේ ලෝකේ ආසම ස්ථාන තියෙනවනේ… ගොඩක් දෙනා මුලින්ම කියන්නේ තමන්ගේ ගම එහෙමත් නැත්තං තමන්ගේ ගෙදර කියලා… ඊට පස්සේ ලංකාවේ තියෙන ලස්සනම නිස්කලං තැනක්… ඊට පස්සේ තමා වෙනත් රටක් ගැන බලන්නේ… ඉතිං මාත් එහෙම්ම තමා…

මං වැඩියෙන්ම කැමති ගෙවල් දෙකෙන් කොහේහරි ගෙදරක තියෙන මගේ ඇඳන් දෙකට… ඒකට පැනලා කොට්ටයක් බදාගෙන ටිකක් වෙලා ඉද්දී තියෙන සැප මේ ලෝකේ කොහේ ගියත් නෑ… ඊට පස්සේ ලංකාව ඇතුලේ මං කැමතියි… නුවරඑළිය, වටවල, දුම්බර… වගේ හැමතිස්සෙම තෙත් ගතියෙන් යුත් දේශගුණයක් තියෙන පැතිවලට.

ඊට පස්සේ තමා අපේ රටෙන් ඔබ්බට යන්නේ… ගොඩක් දෙනා ලෝකේ කිසියම් ස්ථානයකට කැමති වෙන්නේ ඒ ස්ථානය ගැන කොහෙන් හරි දැකලා… එහෙමත් නැත්තං ලිපියක් කියවලා තමා. ඉතිං මගෙත් ඒ සම්බන්ධයෙන් නම් අමුත්තක් නෑ… මමත් මේ ස්ථානයට කැමති වුනේ ත්‍රී ඉඩියට් හොර කොපිය බලපු දා ඉඳන් තමා…

ඊට පස්සේ මං මේ ස්ථානය ගැන ගූග් කරලා විස්තර ටිකක් හොයා ගත්තා… ඇත්තටම මං හිතන් හිටියට වැඩිය ගොඩක් හොඳ අදහසක්, ඒ වගේම ජීවීතේ එකම එක පාරක් හරි ගිහින් එන්න ආසාවකුත් ඇතිවුනා. මේ ස්ථානය පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ… ඉන්දියාවවේ කියන්නේ… ඉන්දියාවේ උතුරු කෙලවරට වෙන්න තියෙන කුල්ලු කියලා හැඳින්වෙන දිස්ත්‍රික්කයේ හිමචාල් ප්‍රදේශ් කියන ප්‍රාන්තයේ… මේ පුංචි ගම්මානයේ නම තමා මනාලි….

ඇත්තටම මේ විස්තර ටික කියවද්දී, මගුල් දවසේ මංගල උත්සවයට සැරසෙන සුදු ලස්සන කෙල්ලක, අපේ හිත්වල ඇති කරන අමුතු පුමුදිත භාවය වගේ අමුතු හැඟීමකින් මගේ හිත හැම වෙලාවෙම පිනායනවා.

ඉතිං මුලින්ම මේ ලස්සන…., අවුරුද්දේ වැඩි කාලයක් හිම වලින් වැහිලා තියෙන සොඳුරු ප්‍රදේශය පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ උතුරු කොටසේ අගනුවර වන ෂිම්ලා නගරයේ ඉඳන් කිලෝ මීටර් 250ක් විතර දුරකින්. ඒ වගේම බීස් (සමහරවිට වෙන නමකිනුත් හඳුන්වනවා ඇති) ගඟ කියන ග‍ඟේ නිම්නයක තමා මේ පුංචි හිම රට පිහිටලා තියෙන්නේ… ඒ නිසාම මේ නගරය වටේටම තියෙන්නේ සුදුම සුදු හිම වලින් වැහිච්ච කදූ මුදුන්. කොයිතරම් හීතල වුනත් ලස්සනනින් අඩුවක් නැති නිසාම මේ නගරයේ, එදා ඉඳන්ම ඉන්න ජනතාව හැරෙන්න ව්‍යාපරික කටයුතු සඳහා පැමිණ පසුව මනාලි වලම පදිංචි වූ අයත් එක්ක ජනගහනය 30000ක් පමණ වෙනවා. ඇත්තටම මේ නගරයේ උෂ්නත්වය 4 °C ඉඳන්  30 °C දක්වා වෙනස් වෙනවා වසර පුරාම. ඒ වගේම ග්‍රීස්ම සෘතුවෙදී…. 14 °C ඉඳන් 20 °C වෙනකං. ඊට පස්සේ සිසිර සෘතුවෙදී… ඒ කියන්නේ ශීත කාලයේදී , −7 °C සිට   10 °C දක්වා වෙනස් වෙනවා.

ඒ වගේම මේ ප්‍රදේශයට සැලකිය යුතු හිම පතනයකුත් වසර පුරාම ලැබෙනවා. ජුලි ඉඳන්  නොවැම්බර් මාසේ වෙද්දී නම් ඒ ප්‍රමානය මිලිමීටර් 415ක් විතර වෙනකං ඉහල යනවා. ඒ වගේම වාර්ෂික ප්‍රමාණය අඟල් 60ක් විතර වෙනවා. ඒ කියන්නේ අඩි පහක්… ඒත් මේ කලහකාරී ලෝක ක්‍රමය නිසා මනාලි වල දේශගුණයත් වෙනස් වෙලා තියෙනවා… පහුගිය අවුරුදු පහලොව ඇතුලත ජනවාරී මාසෙට නියමිත කරලා ස්වාභාව දහමෙන් දීපු හිමපතනය පෙබරවාරි මුල හරිය වෙනකම් කල් ගිහිං තියෙනවා… ඉතිං ඔය සීතලට, හිම වලට වගකියන්න ඕනේ… මේ නගරය පිහිටලා තියෙන උස තමා… මනාලි නගරය මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1800ක් තරම් උසකින් තමා පිහිටලා තියෙන්නේ…

මේ නගරෙට මනාලි කියන නම හැදිලා තියෙන විදිය ගැන නම් ම ඒ තරම් පැහැදිලි රෑපයක් මවා ගන්න බැරිවුනා. ඒත් මං හොයාගත්ත විදියට නම් මනාලි කියන නම ඇවිත් තියෙන්නේ… මනු-අලි කියන වචන එකතු වීමෙන් තමා… වැඩි විස්තර නම් හොයා ගන්න බැරිවුනා…

ඊට පස්සේ බලමු  මනාලි වලට තියෙන ප්‍රවේෂ මාර්ග කියලා මොනාද… මනාලි වලට දුම්රියෙන් නම් එන්න අමාරුයි… ඒ වගේම මනාලි දක්වා වැටෙන මාර්ගයේ අවසාන දුම්රිය පොළ හම්බුවෙන්නේ ජෝගින්දර් නගර් වල තමා. එතෙන ඉඳන් මනාලි වලට තවත් කිලෝමීටර් 135ක් තියෙනවා. ඒත් දිල්ලි වල ඉඳන් NH 21 හා NH 1 කියන මහාමාර්ග දෙකින්නම් මනාලි වලට කරදරයක් නැතුව එන්න පුළුවන් කියලා තමා මං විස්තර හොයද්දී හමුබුනේ. දන්නවද…? ලෝකේ වැඩම මෝටර් රථ ප්‍රමාණයක් එහාට මෙහාට යන පාරවල් වලින් එකක් තමා ඒ….

ඉතිං මේ මනාලි නගරය මේ තරම් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අර කලින් කිව්වා වගේම සීතල දේශ ගුණය නිසයි. ඒ නිසා විදේශික සංචාරකයින් මේ නගරෙට ගොඩක් ඇළුම් කරනවා. ඇත්තෙන්ම ඉන්දියාවේ පවතින උණූසුම් දේශගුණයට පුංචි හරි සිසිලසක් ලැ‍බෙනවා මේ මනාලි වලින්. මනාලි වලට එන සංචාරකයින් ගොඩක් ප්‍රිය කරන්නේ හිමේ ඇවිදින්න, හිම මත ලිස්සා යන්න… එතකොට කඳු නගින්න, හිමේ බයිසිකල් පදින්න වගේ දේවල් තමයි.

ඒ වගේම විවාහ වෙලා මධුසමය ගත කරන්න එන අය අතරත් මෙතෙන ගොඩක් ජනප්‍රියයි. සාමාන්‍යයෙන් මැයි-ජූනි, දෙසැම්බර් – ජනවාරි කියන මාස වලදී විතරක් 550ක් පමණ ජෝඩු දිනපතා පැමිණෙන බව කියනවා. ඒ වගේම නිවාඩුව ගතකරන්න 350ක් විතර කපල් එනවායි කියනවා දිනකට.

ඉතිං ඔය හඳ බලන්න පිටරට වල ඉඳන් මනාලි වලට එන අයට හඳට අමතරව තවත් දේවල් තියෙනවා මනාලි වල. ඒ තමා… පාල කියන අතීත අධිරාජයාගේ මතක සටහනක් වන, කලු ගල් වලින් හා දැව වලින් තැනුන නගාර් කොටුව, හිදිම්බා දේවි පන්සල, සෝලන්ග් නිම්නය හෙවත් හිම තැන්න වගේ ලස්සන තැන්.

ඉතිං ඔය වගේ ලස්සන තැනකට කව්ද ආසා නැත්තේ…? ඇත්තෙන්ම මගේ එක හීනයක් තමා මනාලි වලට ගිහින් එන එක. අනිවාර්යෙන් මං ගොඩක් සතුටු වෙයි ඒ හීනය හැබෑ වුන දාට… මාත් ඔය මනාලි ගියා වගේ කතාව කිව්වේ විකි  මාමාගෙන් සහ තවත් තැන් දෙක තුනකින් විස්තර අහලා තමා. සමහර වෙලාවට නොගැලපෙන තැන තිබුන නිසා දත්ත ලබාගත්ත හැම තැන්වලම ගොඩක් වෙලාවට සමානව තිබුන කරුනු තමා ලිපියට දැම්මේ… ඒ වගේම ඔය කොහෙන් හරි කරුණු අරං ලියන කතාවලට දාන ල්‍ර  ප්‍රත්‍යය මං මේකට යොදාගත්තේ නැත්තේ මනාලි ගැන මං දකින ලස්සන හීනයම කිසිම සැකයකින් තොරව ඔයාලටත් දෙන්න ඕනේ නිසා….

30 Responses to “ලෝකේ මං ආසම තැන…. ඉන්දියානු මනාලිගේ තුරුල…”

  1. සාතන් Says:

    මට පේන විදිහට නම් මාළුව පැණි හඳට ප්ලෑන් කොරනව වගේ…. කෙල්ල කැමති වුනැ යි ?……

  2. Buwa Says:

    උඹ වගේම මමත් හිමචල් ප්‍රාන්තෙට යන්න හරිම ආසයි , ත්‍රි ඉඩියටස් වලට කලින් මොකක් හරි ෆිල් එකක ශිම්ලා කියන එක දැකලා තමයි ඒ ආසාව ඇති වුනේ . ත්‍රස්තවාදි ප්‍රශ්න නිසා යන්න බැරි තැනක් උනත් කාශ්මීරයත් මාර ලස්සනයි ලු . යමු කවද හරි නේ 🙂

  3. sameera Says:

    මාත් හරි ආස ලස්සන පලාත් 2 ක් මනාලි , කාශ්මීර් කියන්නෙ කවදහරි යන්න ආසයි

  4. නවම් Says:

    අනේ බොලව් මට අපේ ගෙදර තරං සැප තැනක් නෑ නෙව වෙන කොහේවත් [නරියත් කිව්වලුනෙ මිදි තිත්තයි කියල]

  5. Soda ගුණේ Says:

    ශා මාත් කාලයක් තිස්සෙ ගූගල් දෙයියොන්ට පින්සිද්ද වෙන්න මනාලි වලට කෙල හලනව…. අපි දාගමුකො ට්‍රිපක් කස්ටිය සෙට්වෙලා….:D

  6. පිණිබිඳු Says:

    මාත් සෑහෙන්න ෆිල්ම් වලින් දැකලා තියෙනවා. කවදා යන්න පුලුවන් වේද දන්නෙ නෑ. පෝස්ට් එක කියෙව්වට පස්සෙ නම් මාර ආසාවක් ආවෙ යන්න.

  7. සුදුහංසී Says:

    මාළුවෝ.. පැණි හද කන්ට මනාලිගේ තුරුලටම යන්ට ලැබේවා… කියලා මාත් කීවා ඔන්න

  8. ගජං මල්ලි Says:

    බලාපොරොත්තුව ඉක්මනින්ම සඵල වේවා…..මට නම් අපේ ගම තමයි.අපේ ගමේ උන්ගෙ ගොන් පාට් දැක්කම ඉතින් ලොවෙත් නෑ.

  9. Lankapriya Says:

    අපුරුයි.. මන් ඉන්දියාවේ අවුරුදු දෙකක් හිටිය උනත් උදාහ පැත්තට යන්න බැරි උනා.. ඔය වගේ තැනකට යනකොට මනලිත් එක්ක ගියොත් තමයි වඩා හොඳ !

  10. රන්දික කුලතුංග Says:

    සිරසේ ඔය මනාලි නගරය ගැන වැඩසටහනක් ගියා මීට ටික දවසකට කලින්.එකෙන් තමා මාත් ඉස්සෙල්ලම ඔය ගැන දැනගත්තේ.හරිම ලස්සනයි දැක්කාම යන්නම හිතුනා.ඒත් යන්න ලැබෙයිද කියනනනම් බෑ…….

  11. මාඩා.. Says:

    යන්න මනාලියෙක් සෙට් වුනගමන් යන්න ඕනේ…. මරු තැන……

  12. හිස් අහස Says:

    අනේ කොලඹ …………………….අනේ කොලඹ මම යන්න කැමති කොලඹ !

  13. තාරක Dilsh@n Says:

    යද්දි කියහන්, පුලුවන් කමක් තිබ්බොත් මාත් එනවා


සුදුහංසී වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: