කොන්දොස්තර මහතාට සහාය වෙන්න


අද නම් කියන්නේ චූටි කතාවක්…

ඔයාලා දැකලා තියෙනවා නේද CTB බස් වල රියදුරු අසුනට පිටිපස්සේ තියෙන වීදුරුවේ…. එහෙමත් නැත්තං පූජ්‍ය පක්ෂයට වෙන් කරලා තියෙන අසුනට ඉස්සරහින් තියෙන වීදුරුවේ හරි, නැත්තං බස් එකේ ඇතුලේ රාක්ක වලට පහලින් හරි මෙහෙම වැකියකුත් එක්ක ස්‍ටිකරයක් අලවලා තියෙනවා…

“කොන්දොස්තර මහතාට සහාය වෙන්න. ඔබ දුන් මුදලට ටිකට් පත ලබාගන්න.”

ඉතිං මේකෙන් කියන්නේ කොන්දොස්තර මහත්තයාට උදව්වක් විදියට අපි දෙන ගානට ටිකට් එක හරියන්න ටිකට් එක ඉල්ල ගන්න කියලනේ…

හික්… පොඩ්ඩක් හිතන්නකෝ බලන්න… ගමන් ගාස්තුව රුපියල් 30යි, අපි දෙන්නේ රුපියල් 100 කොලයක්. ඒ කියන්නේ අපි දුන් මුදල රුපියල් 100යි. දැන් එතකොට අපි කොන්දොස්තර මහත්තයාට සහාය වෙන්න ඕනේ නිසා රුපියල් 100 ටිකට් එකක් ඉල්ල ගන්න ඕනේ… 😀

අනිත් එක තමා මට නම් හිතන්නේ.. ඔය ස්ටිකරය ගස්සන්නේ ගමනාගමන මණ්ඩලයෙන්මයි. මොකටැයි කියලයි හිතන්නේ…?

ඔය වාක්‍යයෙන් කියන්නේ බස් එකේ යන මගීන්ට වගේ වුනාට ඇත්තටම කියනවා ඇත්තේ කොන්දොස්තර මහත්තයාට. මෙන්න මෙහේම පනිවුඩයක් වෙන්ටෑ දෙන්නේ…

කොන්දොස්තරු මහත්වරුනේ,

බස් රථ වල ගමන් ගන්නා මගීන්ගෙන්, ලබාගන්නා මුදලට සරිලන ටිකට් එක නිකුත් කරන ගමන්, වංචා සහගත වැඩ නොකර එයාලගේ ඉතුරු සල්ලිත් දෙන්න.

කියලා වගේ කියලයි මටනම් හිතෙන්නේ…

ඕකම තව විදියටක මෙහෙමත් හිතන්න පුළුවන්…

අඩෝ කොන්දා,

තෝ බස් එකේ යන මිනිස්සුන්ගෙන් ගන්න සල්ලි වල ඉතුරු සල්ලි දීලා… තෝ ගානක් තියා ගන්නේ නැතුව ටිකට් එකේ ඇත්ත ගාන ලියල දීපිය.

කියලා වෙන්නත් පුලූවන්…. 😛

මොකද ලංකාගමනා ගමන මණ්ඩලේ ඈයෝ දන්නවා ගොඩක් මගීන්, තමන්ට ලැබෙන ඉතුරු මුදල ගනැ මිසක් ටිකට් එකේ ලියලා දෙන ගාන ගැන බලන්නේ නෑ කියලා.

ඒ වගේම අපිට ලැබිය යුතු ඉතුරු සල්ලිටික ගානට ලැබෙනවනම් ටිකට් එකේ ලිව්ව ගාන ගැන පොඩ්ඩක්වත් බලන්නේ නෑ නේද…? අර කිව්වත් වගේ රුපියල් සීයේ නෝට්ටුව දුන්නම රුපියල් 70ක් ඉතුරු දුන්නම, අපේ ඉතුරු මුදල හරිනේ… ඒත් ටිකට් එකේ ලියලා තියෙන්නේ රුපියල් 28 නම්….

ආහ් කොන්දොස්තරලා ගැන කතා කරද්දී තව කතාවක් මතක් වුනා… අර සාජන් නල්ල තම්බි කියන්නේ .. පොරගේ වීඩියෝ ක්ලිප්ස් වගයක් මට හම්බුනා දැනට සෑහෙන කාලෙකට කලින්. ඒක කොටසක තියෙනවා…

සාජන් වාහනේකට විසිල් කරාම වාහනේ නවත්තන්නේ නැතුව යනවා… පස්සේ ලඟින් යන තට්ටු දෙකේ බස් එකක සාජන් එල්ලිලා නගිනවා. හික්… බස් එකේ කොන්දා ෆුට් බෝඩ් එකේ… පස්සේ සාජන් කොන්දාට කියනවා… (මට මතක විදියට ලියන්නම්… හැබැයි පොරගේ වාග් විලාසය කොපි කරන්න නම් මට තේරෙන්නේ නෑ…)

‍මේ නගිනවා තමුසේ උඩට…. ෆුට් ‍බෝඩ් ගිහින් බෙල්ල කඩාගන්නද ඕයි හදන්නේ… කියලා…. 😀

33 Responses to “කොන්දොස්තර මහතාට සහාය වෙන්න”

  1. මධුරංග Says:

    ඒ උනාට සීටිබී බස් වලින් යන එක මාරම පහසුයි. ප්‍රයිවට් බස් වගේ කරදරයක් නෑ. ඔය කියන ස්ටිකර් එක මමත් දැකලා තීයෙනවා. සහෝදරයා කිව්වට පස්සේ තමයි ඔය ගැන හිතුනේ

  2. අපරාජිතයා :::: Aparajithaya Says:

    අනිවා බන් CTB තමයි හොඳ… ගන්න ගානත් අඩුයි වෙලාවටත් යනවා.බලකන්කෝ මු කියන බොරු උබ යාවි CTB වල උඹ යන්නේ AC වලනේද කියහන් පච කෙලින්නේ නැතුව මෙතන .

  3. යැන්කි Says:

    ඉස්කෝලෙ යන කාලෙ ඉදලම මමනම් CTB බස්වල යන්නෙ නෑ. හප්පා….. ඒවය තියෙන කුණු දුවිලි තොගෙ……. සුදු ඇදුම් ඉවරයි.

  4. හංසකිංකිණි Says:

    ඔය තියෙන්නෙ කියල කතාවක්…!
    අනේ මන්ද අවුරුද්දෙ තෙල් කෑම කාල වැඩි වෙලාවත්ද පිෂ් මලයට ආ??

  5. නවම් Says:

    අනේ බං සී.ටී.බී බස් ගොඩක් ඒවයෙ මජං, කුණු, රටකජු පොතුනෙ [දුර ගමන් සේවා ගැන නෙමෙයි] ලව් කරන කාලෙ නං සී. ටී.බී පෙන්නන්න බෑ. ඒවයෙ සද්දෙට බෙරිහන් දීල තමා කෙල්ලත් එක්ක කතා කරන්න වෙන්නෙ. [කෙල්ලත් එක්ක කතා කරන ඒව රට්‍ටුන්ට ඇහෙන්න කතා කරන්න පුළුවනෑ] දැං නං ඕනෙ මඟුලක්. 😀

  6. Lankapriya Says:

    මීයක් කඩන්නේ අත ලෙවකන්නද කියල කොන්දා අහවි !

  7. ගජං මල්ලි Says:

    සෑහෙන දුරට කතා කරන්න පුලුවන් මාතෘකාවක්….ඒත් CTB තමා හොඳ

  8. sameera Says:

    මාලුවා මාරයා අය්යා ගෙන් කන්ඩ ටම යන්නෙ …………….

  9. Observer Says:

    මාරය සී.ටී.බී. නැති වුනාට තව පරණ සී.ටී.බී. කාරයො මේව කියෝනව.

  10. Isuru Samarasinghe Says:

    අපේ බෝඩිමේ ඉදලා කැම්පස් එකට රු 9/= ක දුර. හැමදාමත් වගේ උදේට යන්නේ CTB වල තමයි. කොන්දාට රු 10ක් දුන්නාම රු 5ක් අරගෙන ඉතුරු 5 අපිට දෙනවා. ටිකට් නම් නෑ. කොන්දටත් 5ක් ලාබයි. අපිටත් 4ක් ලාබයි.

  11. හිස් අහස Says:

    මමනම් දැකලා තියෙන්නේ .. බස් වල තියන ස්ටීකර් අතරින්

    “දුටු දුටු දේ අතගෑම වඳුරාගේ සිරිතයි ..” “අත හිත පුංචි අම්මා” , . ” ගෑවුනොතින් ගෝරි ගොඩයි” “අම්මා රත්තරං ” “ඉදිරියෙන් වැලිමිටි වංගුවකි” ඔන්න ඔයවගේ ස්ටීකර් විතරයි !

  12. සෝරෝ Says:

    පට්ට ඇත්ත බං සීන් එක.. අපිට ඉතුරු ගාන හරියට ලැබෙනවනම් අපි ටිකට් එකේ ලියලා තියෙන ගාන බලන්නේ නෑ තමා…. හිටු.. මම හෙට ඉඳලම වැඩේ පටාං ගන්නම්….. 😀

  13. බීටා Says:

    අය්යා කිවුවට පස්සේ තමා මීටර් උනේ
    අපේ පාරේ නම් ප්‍රය්වට් බසුත් එකය් සී.ටී.බී ත් එකය් ඔක්කොලා ම 18 ගානට 20 ක් ගන්නවා

  14. arunishapiro Says:

    මහජන මුදල් වලින් දුවන මහජන‍ සේවය. ලාභ නොසොයන රජයේ සේවය. රටේ සල්ලි නම් මහජනතාවගේ සල්ලි. තමන්ට ලාභයි කොන්දොස්තර මහත්තයාටත් ලාභයි, ඒත් රටට අලාභයි. රට කියන්නෙ තමන් නිසා ඇත්තටම අලාභ තමන්ට. හැමෝම කොන්දොස්තර මහතාට සහාය වුනොත් ලංකාවේ බස් ජර්මනියේ බස් සේවය වගේ වෙයි. එහෙම වෙන්නෙ නැත්තෙ රටේ වැරැද්ද හෝ පාලකයාගේ වැරැද්ද හෝ කොන්දොස්තරගේ වැරැද්ද නිසා නෙමෙයි, කොන්දොස්තර මහතාට සහාය නොවන ඔබේ ම වැරැද්ද නිසා!!!

    • ගෝල්ඩ් fish Says:

      මුකුත් කියන්නේ නෑ මං. අක්ක මෙහෙන් යන්න කලින් නම් ඔය තත්වේ තියෙන්න ඇති හැබැයි දැන් නම් ඒක වෙනස් වෙලා…

      • arunishapiro Says:

        යාළු මාළු මල්ලි,
        මා කියුවේ ලංකාවේ බස් ජර්මනියේ බස් වගේ ගමනාගමනය යෙදි කාලයක් තිබුණා කියා නෙමෙයි. එවැන්නක් කවදාවත් නොතිබෙන්නට හේතුව ගැන. අපි වගකීමකින් කටයුතු නොකර හැමදාම තවත් අයෙක් වෙත වගකීම පටවනවා. අපි එක් එක්කෙනා වගකීම බාර ගන්නට ඉදිරිපත් නොවුනොත් කොච්චර නීති ගෙනාවත් කොච්චර පෝස්ටර ගැහුවාත් තියන තත්වය කවදා වත් හුරුව වෙනස් වෙන්නෙ නැහැ.

      • ගෝල්ඩ් fish Says:

        ඒක ඇත්ත අක්කේ… මට පොඩ්ඩක් පැටලිලා. ඇත්තටම අපි කරන්න ඕනේ අපි හැදිලා ඉන්න එක තමා. අනිත් අයව හදන්න කලින්….


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: