වැස්සට පෙම් බැඳි අමුතු එකෙක්….

ඉස්සර දවසක…

පුතා… පුතා…. කෝ අනේ මේ ළමයා… අපේ අම්මා තාත්තගෙන් මාව අහනවා… ඒක හෙන වැස්ස වෙලාවක්.  අකුණු ගහන්නේ නැති වුනාට මුළු ලෝකෙම කළුම කළු පාට වෙලා. ලොකු වැහි වලාකුළකින් මුලු අහසම පිරිලා.

ඉතිං මමත් කලේ අම්ම කුස්සිය පැත්තට යනකං ඉඳලා මිදුලට පැනපු එක. අවුරුදු නිවාඩුවත් එක්ක පටන් ගන්න වැස්සට මං හරි ආසයි. මොකද ඔය වහින්න ගන්න වැස්ස සැරින් සැරේට, එක එක වෙලාවට… හරියටම කියනව නම් වෙලාවක් කලාවක් නැතුව වෙසක් මාසේ වෙනකම්ම වහිනවා.

ඉතිං මං කරන්නේ ඇඳන් ඉන්න ඇඳුම පිටින්ම මිදුලට පැනලා… අත් දෙක උඩට උස්සගෙන හරි එක්කෝ අත් ගුලි කරලා බැඳගෙන හරි… අර කළුම කළු අහසෙන් වැටෙන වතුර බිංදු කටට ‍වැටෙන්න දීලා දිවත් එලියට දාගෙන කට ඇරගෙන වැස්සේ නටන එක…

අර පුංචි සීතල ඉඳිකටු තුඩුවල් වගේ වැහි බිංදු අත් දෙකෙයි මූනෙයි වදිද්දී… ඊ….කිති වගේ. කට ඇරගෙන දිව එළියට දාගෙන ඉද්දී දිවටත් ඒ ඊතල පාරවල් වදිනවා. ඒ වෙලාවට ඉතිං මතක් වෙන්නේ මම පුංචි කාලේ බලපු හිම කුමාරි කතාවයි අම්මා මාව ළඟින් කියන් ඔළුව අතගගා කියල දුන්න හත් පෙති මල කතාවයි. අර ශේන්යා කියන ගෑණු ළමයාට පාට හතක් තියෙන පෙති හතක මලේ කතාව… අන්න ඒක…

ඉතිං ඔය ඔක්කොම කතා ටික මතක් කර කර වැස්සේ තෙමෙද්දී මටත් නොදැනිම මගේ ඇස් දෙකත් පියවෙනවා… එතකොට තමා පුංචි ඉඳිකටු තුඩවල් වල ස්පර්ෂය හොඳටම විඳින්න පුළුවන් වෙන්නේ… අම්මෝ… දැනුත් නිකං ඇඟ හිරිවැටීගෙන යනවා…

ඉතිං කෝම කෝම හරි ඔය වගේ වැස්සේ තෙමෙද්දී, අම්මාගේ කටහඩත් ඇහෙනවා… තාත්තත් අම්මට කියනවා බලන්න කාමරේ නිදි ඇති කියලා… හික් මං නම් නිදියයි අනිත් කම්මැලියෝ වගේ වැස්ස වෙලාවට. මං ආසාම වෙලාව තමා වැස්ස වෙලාව.  ඉතිං කොහෙ නිදාගන්නද… ඔහොම අපේ අම්මා මාව ගේ පුරාම හොයලා හොයලා අන්තිමේ බලනවා මිදුල දිහා…

පටාස්…

පසුබිමින් සද්දයක් අහෙනවා. ඒ එක්කම පස්ස පැත්ත නිකං රත්වුනා වගේ එකකුත් වෙනවා. ඉතිං මං කල්පනා කරනවා කොහොමද බොල මේ මහ වැස්සේ කලිසම අස්සේ රත් වෙන්නේ කියලා… ආයෙමත් තව ටිකකින් කනත් රත් වෙනවා…  පස්සේ ඉතිං මං…

ඉහි..ඉහි… ඊ.. ඊ……

කිව්වා නේද වැස්සේ තෙමෙන්න එපා කියලා…? දැන් තාත්තා ගාවට ගිහින් ඔය ඇඳුම් මාරු කරවගන්නවා… යනවා….

හ්ම්… මගේ පුංචි කටත් උල් කරගෙන අම්මා දිහා බලාගෙන ඇස්වලින් දිය ඇල්ලකුත් වක්කරගෙනමයි. පස්සෙ ඉතිං අම්මම තුවායක් අරං මගේ ඇඟ වටේ ඔතලා… යන්න තාත්තාට කියලා ඇඳුම් මාරු කරව ගන්න…

මමත් ඉතිං කුරුල්ලා වගේ… නෑ… නෑ… තෙමිච්ච කුකුලා වගේ දුවනවා තාත්තා ගාවට. තාත්තා ඉතිං හිනාවෙලා, කියව කියවා ඉන්න පත්තරේ පැත්තකින් තියලා ඇදලා ගන්නවා මාව ලඟට. අරගෙන අර මහවැස්සේ තෙමිලා තෙමිලා තෙතබරියම් වෙච්ච මාව උණුහුමට තුරුල් කරගන්නවා. පස්සේ ඉතිං ඔලුව පිහිදලා, ඇඳුම් මාරු කරවලා එහෙම ඇඳට එක්කගෙන ගිහින්… පෙරලෙන්නේ එහෙම නෑ බිමට කියලා… කොට්ටෙකුත් තියලා යනවා.

ඊට පස්සේ නම් අනේ මන්දා… අම්මයි තාත්තායි කතාවෙනවා, හීනෙන් වගේ ඇහෙනවා… ඔන්න ඔහේ තෙමුන දෙන්… ආසාවනේ…

ඒ වුනාට හෙම්බිරිස්සාවක් වත් හැදුනොත්…

නෑ… නෑ… කොල්ලා ලෙඩ වෙන්නේ නෑ… ඔයිට කලිනුත් කොයිතරම් වැස්සට තෙමෙනවද..?

අම්මයි තාත්තයි ඔහොම කිව්වට ආයෙත් මං වැස්සට තෙමෙනව දැක්කම අම්ම දුවගෙන ඇවිත්… පටාස්… තාත්ත ලඟට අරං ආයෙමත් ඇඳුම් මාරු කරවලා නිදිකරනවනවා…

ඉතිං මං පුංචි කාලේ ඉඳන්ම වැස්සට හරි ආසයි. මං ගොඩක්ම ආසා විදුලි කොට කොට ලොකු හුළඟක්තු එක්ක එන වැස්සට. වැස්සේ තියෙන නියම ගාම්භිර කම පේ‍න්නේ ඒ වෙලාවට තමා. නැත්තං නිකං හරියට, ලයිට් නැති චිත්‍රපටි හෝල් එක වගේ වෙනවා. ඒ වගේද නිල් පාට, සුදු පාට විදුලි ගගහා ගොරවන සංගීත සංදර්ශනයක් වගේ වුනාම අහස…

ඔය වැස්ස නිසා ගොඩක් හානි වෙනවා තමා. ගංවතුර ගලලා මිනිස්සුන්ට ඉන්න හිටින්න තැන් නැතිවෙනවා… පාරක යන්න බැරිවෙනවා. වගාවන් කුඹුරු ඔක්කොම හේදිලා යනවා… අකුණු වදිනවා… තව ගොඩාක් ජාති වෙනවා. ඒත් ඉතිං මං තාමත් වැස්සට ආසයි.

මං අදටත් ඔෆිස් ඇරිලා යද්දී වැස්සොත් කුඩයක් ඉහල ගන්නවා තමා, ඒත් කවම දාකවත් මගේ සපත්තු අස්සට ගිහින් චිරි චිරි ගාලා, අනිත් අයට හිරිකිතට පෑගෙන වතුර බිඳක්වත් මං නම් නෙමේ ගෙදර ගිහින් මිසක් මග හලලා යන්නේ… දැන් ඉතිං හිතනවා ඇති ඌරන්ට මොන සෞඛයද කියලා…

සපත්තු දෙක අස්සට වතුර යන්නේ ඔය වගේ වැස්සකට විතරයි. ඉතිං ඒකෙ පොඩි ගතියක් මටනම් තියෙනවා. ඒ වගේම තමා මාව හොඳටම තෙමිලා ඇඳුම් ඇඟටම ඇලුනත් මං හෙන ජොලියේ ඉන්නේ… අනිත් අයගේ මූනු නිකං පෙඟිච්ච පපඩම් වගේ වෙද්දී මං විතරක් හෙන ෆන් එකේ. ඉතිං මාව දකින් මිනිස්සු හිතනවා ඇති මූ නම් පිස්සෙක් කියලා… හික්… ඒත් ඉතිං මංනේ දන්නේ මං වැස්සට ආසයි කියලා…

මේ ටිකෙත් හවසට වහිනවා… ආහ්..  හවසට විතරක් නෙමේ වෙලාවක් කලාවක් නැතුව. ඉතිං ඔය කවුරු අකමැති වුනත් මං නම් මාර ආසයි ඔය වැස්සට. රෑ අට විතර වෙලා වැස්සෙම ගෙදර ගිහින් එලියේ තෙමී තෙමී ෂවර් එකෙන් නාගෙන තේ එකක් බීලා… වැස්සෙම නිදාගන්න කොට අම්මෝ…. හරියට නිකං ස්වීට්සර්ලන්ඩ් ගියා වගේ… ආයේ මොනාද ඉතිං උදේට ෆෝන් එක වයිබ්‍රේට් වෙවී එළාම් එක වදින කම් නිදි….

ආයෙත උදේට බාගෙට තෙමීගෙන ඇඳුම් ඇඳ‍ගෙන තෙමී තෙමී ඔෆිස් යද්දීනම් එපා වෙනවා තමා. ඒත් ඉතිං ඔෆිස් එකට ගියාට පස්සේ ගානක් නෑ… හැබැයි ඔය පාරේ තිායන මඩ වල වල් වලට නම් මං ආසම නෑ…

දැන් මේක ලියද්දී නම් වැස්ස පායලා තියෙන්නේ… අනේ අදත් ගෙදර යද්දී වැස්සොත් නම් නියමයි…!

29 Responses to “වැස්සට පෙම් බැඳි අමුතු එකෙක්….”

  1. යැන්කි Says:

    වැස්සෙ තෙමෙන කොටනම් මාරම ආතල් තමයි. ඒත් එපා වෙන්නෙ උදේට තෙමුනොත්…….
    ඒකට කරන්න තියෙන්නෙ උදේට තෙමෙන්නෙ නැතිව ගේ ඇතුලටම වෙලා ඉන්න එක.
    කොහේවත් යන්නෙ නැතුව.

  2. නෙලුමා Says:

    මාලුවෝ කොහොමත් ඉතින් වතුරට ආ…සයිනේ.
    අනේ යශෝදරාට තිබුනේ මේකාට ‘මඩ කරියා’ කියලා නම දාන්න.

  3. අපරාජිතයා :::: Aparajithaya Says:

    වැස්සට ටෙමෙද්දී තියන ආතල් එකනම් පට්ටම පට්ටයි.කුඩේ යටින් යන එවුන් එකේ තියන ආතල් එක දන්නේ නැහැ.එත් ශික් මු එලියට බහින වෙලේක අකුණක් වත් ගහන්නේ නැහැනේ පත බෑවිලා යන්න.ශික් …. 😀

  4. සාතන් Says:

    මේ උඹ මං කැමති දේවල් කොපි කරනව ‍එහෙම නෙමෙයි නේද?…. අද උදෙත් වැස්සට තෙමුන. කුඩේකුත් තියාගෙනම 🙂 … යන්න ගිය ගමන යන්නෙ නැතුව පස්සෙ ආපහු ගෙදර ආව…

    වැස්සෙ තෙමෙන එකෙත් මාර ආතල් එකක් තියෙන්නෙ… ටික දවසකට කලින් කිලෝ මීටර් 2 1/2 ක විතර වොක් එකක් දැම්ම වැස්සෙම….. උදේද හවසද කියල නෑ වහිනවනම් එච්චරයි… 🙂

  5. නවම් Says:

    හා….. ඔයි කියල තියෙන්නෙ. පහුගිය දොහේ මායි චූටිමැණිකෙයිත් පෙ‍ඟෙන්නම තෙමුන බයිසික්ලෙන් යද්දි. ඒකෙ එවෙල නං පොඩි ෆන් එකක් තිබුනට අන්න උන්දැට සහලෝල උණ දැං.

  6. හිෂාන් මෙලංග Says:

    අම්මලා තාත්තලාට දරුවො අල්ලල හුරතල් කරන්න ලැබෙන්නෙ ඔය පොඩි කාලෙදි විතරයි. පස්සෙ ලොකු උනාම ඉතින් අල්ලන්න තියා මොකවත් කරන්න බැහැනේ. අපටත් කවද හරි ඔය රගේම කොරන්න වෙයිද දන්නෙත් නැහැ.

  7. හසී Says:

    මමත් ආසයි වැස්සේ තෙමෙන්නේ.. දවසක්නම් එලියට පැනලා වැස්සේ තෙමුනා.. කොහේද අම්මා බනිනවානේ.. 😦

  8. Sarath Lankapriya Says:

    මමත් වැස්සට පෙම් බැඳී එකෙක් තමයි.. පුංචි කාලේ තෙමෙන්න ඕන උනාම වැස්සේ වතුර වලවල් වල දඟලන කුඹි බේරන්න කියලයි යන්නේ. ඕකට විතරක් අපේ අම්මට උත්තර නැහැ ..දැන් නම් මම කැමති මහා වැස්සේ මහා කැලේ ලොකු ගහක් යට ඉඳගෙන වැස්ස පොලවට එනහැටි බලන් ඉන්න එකයි… මගේ බ්ලොගේ සල්ගල ගැන තියෙන කෑල්ල බලන්නකෝ,… අහම්බෙන් දවසක ඔය කාලෙදී මහා වැස්සකට කොටු වෙලා තමයි මගේ වැසි කැලේ ප්‍රේමය පැලපදියම් උනේ…

  9. හිස් අහස Says:

    වැස්සට තෙමෙන්න එපා බං අර ජපානේ රේඩියේෂන් එනවලු . වතුර සමග මිශ්‍රවෙලා ඝනීභවනය වෙලා . කුට්ටි කුට්ටි වැටෙනවලු .! පරිස්සමෙන් මචං ..

    ඇත්තටම ලවු කරන කාලෙනම් වැස්සට තෙමෙන්න මාත් ආසයි බං … අපොයි ඒ කාලේ !

  10. බීටා Says:

    අය්යා කියන තරම් ම ආතල් එකක් තියනව නම් තෙමිලා බලන්න ඔනේ කොහොමද කියලා

  11. Kasun Chanaka Says:

    මාත් මාර ආසයි වැස්සෙ තෙමෙන්න. හැබැයි තනියම බෑ, සෙට් එකක් ඉන්න ඕන.

  12. isuru71 Says:

    යකෝ වතුරෙ ඉන්න මාළුවා වැස්සට ආසයි කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. හැබැයි ඉතිං වැස්සෙ තෙමෙද්දි “වැස්සෙ තෙමෙන්න ආසයි” කියල බෝඩ් එක්ක එල්ල ගත්තනම් කෝකටත් හොදයි.

  13. අමා Says:

    අප්පා මාත් ඔයා වගේම වැස්සට ආදරේ කෙනෙක්. හොඳට ගොරව ගොරව වහින වැස්සට මාත් ආසයි. හැබැයි මම නම් කරන්නේ ඒ වෙලාවට හොඳ උණු කෝපි කෝප්පයක් හදාගෙන එක්කෝ ජනේලේ ලඟට වෙලා බලාගෙන ඉන්න එක. නැත්නම් කුෂන් පුටුවක ගුලිවෙලා නව කතා පොතක් ඇදල අරින එක.

  14. Lankapriya Says:

    වැහි බින්දුවේ සින්දුව අහන්න මගේ සයිට් එන්න !


හිස් අහස වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: