ප්‍රශ්නෙට උත්තරේ ඕනෙම නම්, හාෆ් ඩේ + ෂෝට් ලිව්

මේක පොඩි ජොලි කතාවක්… හැබැයි මේක තේ‍රෙන්නේ කොළඹ ඉඳන් වැරදීමකින් හරි පානදුරේ පැත්තට ගිහින් තියෙන අයට විතරයි. මොකද අම්පාරේ, තවලන්තැන්න පැත්තේ, අනුරාධපුරේ එතකොට හංවැල්ල, දඹුල්ල පැත්තේ අය දන්නේ නැහැනේ කොළඹ ඉඳන් පානදුරේට යන්න පාරවල් දෙකක් තියෙන බව. (මම ආයේ ඔය කියපු පැතිවල පස් පාගන්නේ නැහැ කියලා හිතාගෙන තමා පෝස්ට් එක ලියන්නේ. මොකද ගියොත් එහෙම මට එන්න වෙන එකක් නෑ)

ඔය කිව්වට පානදුරේ පරන පාරේ … කෙසෙල්වත්ත, පල්ලිමුල්ල හරියේ උං දන්නෙත් නෑ පානදුරේට යන්න අළුත් පාරක් තියෙනවා කියලා. මොකද ඒ සෙට් එකත් ඉතිං යන්නේ එන්නේ පරණ පාරේ විතරමනේ…

මේ  කියන්න යන කතාව වෙලා වැඩි දවසක් නෑ. මුලින්ම කතාවට අදාල දෙන්න ගැන ටිකක් කියල ඉන්නම්.

අපේ ඔ‍ෆිස් එකට ආවා මාත් එක්ක සිරීපාදේ ටුවර් වලට එහෙම එක පයින් ආපු ම‍ගේ යාළුවෙක්. නම චාමර කියමුකෝ. සිරීපාදේ ටුවර් එක ගැන නම් කියලා වැඩක් නැහැ. ඔය චාමරය තමා මට ද්‍රෝහි වෙලා, උඩට නගින්න තියපු මගේ, කකුලෙන් ඇදලා… තොට මොන කෑලිද..? මේකත් මංම සෙට් කරගන්නම් කියලා මාව නාථ අනාත කලේ…

ඉතිං දැන් මිනිහා ආපු තැන, ඉන්න එකා වෙන තැනකට මාරු වෙනවා. ඌත් ජොලි පොර. මෑන්ට සමන් කියමු. ඔය සමන් කියන වචනයක් අපිට අහගන්න ඕනේ නම්, වොට් 150ක විතර ස්ටීරියෝ ඈම්ප් එකක පිහිට පතන්න වෙනවා. මොකද පොර කියන ඒවා ළඟ ඉන්න කූඹියෙකුටවත් ඇහෙන්නේ නෑ… ඒ වගේම පොරගෙන් මොකක් හරි ප්‍රශ්නෙකට උත්තරයක් ගන්න ඕනෙ නම් හාෆ් ඩේ එකක් දාලා උත්තරේ කියනකම් ළඟට වෙලා ඉන්න ඕනේ… උදාහරණයක් විදියට, සමන් මැච් එකට ටිකට් තියෙනවා උඹ එනවද බලන්න යන්න කියලා ඇහුවොත්…

ම්… මට එදාට පොඩි වැඩකුත් තියෙනවා…. ම්… ඒත් …. ටිකටුත් තියෙන එකේ… ආහ්… මේ … ටිකට් දෙකක් විතර ගන්න බැරිවෙයිද…? පොඩ්ඩක් බලන්නකෝ… හැබැයි තාත්තට එදාට දානෙකුත් තියෙනවා කිව්වා… සමහරවිට ඒකට යන්න වෙයිද දන්නේ නෑ… මේහ්… කව්ද සෙල්ලං කරන්නේ, සංගා එහෙම ඉන්නව ඇතිනේ… බලමුකෝ එහෙම නම් කොහොම හරි එන්න… ඒත් ඉතිං අනුරාධපුරේ භාවනා අසපුවට යන්න එන්න කියලා නැන්දා කතා කලොත් එහෙම මොකද කරන්නේ…? කමක් නෑ මල්ලිට යන්න කියනවා …. බලමුකෝ මං තව පැයකින් විතර කෝල් එකක් දාලා අහලා කියන්නම්… වහියිද දන්නේ නෑ නේද…? එහෙම වුනොත් අපරාදේ නෙහ්..? කමක් නෑ මං ලොකු අම්මගේ පුතා එක්ක හරි එන්න බලන්නනම්කෝ… ගෙදර ෆෝන් එකේ බැට්රිත් බැහැලා තිබුනේ… බලම්කෝ කෝල් එකක් දීලා…

ඔය තියෙන්නේ සමන්ගේ උත්තරෙන් පහෙන් එකක විතර කොටසක්. ඉතිං දවස් දෙකකට විතර තියෙන දේකට සමන්ව සහභාගී කරගන්න ඕනෙ නම්, අපි දවස් දෙකකට කලින් හාෆ් ඩේ දාලා තමා මිනිහාගෙන් අපිත් එක්ක එනවද කියලා අහන්නේ… අර ඇම්ප්ලිෆයර් කේස් එකත් සෙට් වුනාම, ඉතිං සමහරවෙලාවට හාෆ් ඩේ එකත් මදි වෙලා තව ෂෝට් ලිව් එකකුත් දාන්න වෙනවා. තව කේස් එකක් ඈම්ප් සීන් එක නිසා සමන් කියන දේ අහන්න අපි පස් හය දෙනෙක් සමන් වටේට රැස්වෙලා අර… පොඩි කාලේ කතන්දර සීයාගෙන් කතන්දර ඇහුවා වගේ කන් ටික පොරගේ කට ළඟට කරගෙන තමා අහගෙන ඉන්නේ….

ඉතිං ඔන්න සමනුයි, චාමරයි උදේ 9.30 … උදේ ලන්ච් එක කන්න ආවා දෙන්න එක්ක ලන්ච් රූම් එකට. පස්සේ ඉතිං මං චාමරගෙන් ඇහුවා… උඹ මොන බස් එකේද බං අද ආවේ කියලා. චාමර කිව්වා … කළුතර කොළඹ එකක බං.. කෙටුවා කෙටිල්ලක් ආය නම් නගින්නේ නෑ… කියලා. මාත් ඉතිං පොරට කියන්න ගියේනෑ මමත් ඔ‍ෆිස් එන්න ගත්ත දවස් වල අලුත්ගම බෝඩ් දාගෙන එන කළුතර බස්වල නැගලා චාටර් වෙච්ච හැටි….

ආහ් කියන්න අමතක වුනා, චාමර අපේ පැත්තේ… සමන් බොරලැස්ගමුවේ. පස්සේ ඉතිං අපේ කතාව අහන් හිටිය සමන් පටන් ගත්තා එල කතාවක්….

සමන් – චාමර, කළුතර කොළඹ බස් පරන පාරේ යන්නේ නැද්ද..?

චාමර – නෑ බං… කලුතර කොළඹ ඒවා ඔක්කොම යන්නේ අලුත් පාරේ විතරයි…

මම – අනේ පල යන්න බොරු කියන්නේ නැතුව ….

චාමර – නෑ බං සිරාවටම…

සමන් – ඒක තමා මාත් දැකලා තියෙනවා පරන පාරෙන් කළුතර බස් එනවා…

දැන් අපිට හෙන පස්නේ බොරලැස්ගමුවේ එකා කොහොමද පරන පාරෙන් කළුතර බස් එනව කියලා දන්නේ කියලා… ඕක ඉතිං අහන්නත් බැහැනේ… ඇහුවොත් හාෆ් ඩේ දාන්න බලාගෙන අහන්න ඕනේ…

මම – ඔව් බං ඒකනේ… මූට තේරෙන්නේ නැහැනේ… කළුතර කොළඹ කැඩෙන බස් ඔක්කොම හදන්නේ වලාන හන්දියේ ගැරේජ් එකේනේ බං….

ඊට පස්සේ අරුං දෙන්නා කියපුවා අහන්න එපා… ඒවා මේකෙ ලියන්න බෑ….

පස්සේ කොහොම හරි සමන්… හෙන පොර ටෝක් වගයක් දෙනවා මොරටුව ගැන දන්න දේවල් කියලා. ඌ ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහපු හැටියි, මොරටු විද්‍යාලේ ග්‍රවුන්ඩ් එකේ බට්ටා පැනපු හැටියි.. අරකයි මේකයි හෙන ගොඩයි.

ඔය ඔක්කොම අහන් ඉඳලා…. පස්සේ ආයෙමත් චාමර කියනවා සහන්ට… පොඩි වැරදීමකුත් එක්කම…

චාමර – මචං … සමන්… මොරටුව පිටකොටුව බස් විතරයි බං පරන පාරෙ යන්නේ….

දැන් අර මං කලිං කියපු ප්‍රදේශ වල එව්වොන්ට මේකෙ අරුමයක් නැති වුනාට… පානදුර මොරටුව කොළඹ ආශ්‍රිත අයට හා දකුණේ ඉඳන් කොළඹ එන අයටත් පොඩි අමුත්තක් දැනෙයි. මොකද මොරටු‍වෙන් තමා පරන පාරයි අළුත් පාරයි වෙන් වෙන්නේ… ඉතිං මොරටුව බස් ස්ටෑන්ඩ් එක තියෙන්නෙත් අළුත් පාරේ.

මම – ඈ බං… චාමර…. මොරටුව පිටකොටුව ඒවා පරන පාරේ යනවද බං? හික්…

චාමර –  අම්මට හුඩු…. මං එහෙමද කිව්වේ….

චාමරට කියන්න ඕනේ වුනේ, පානදුර පිටකොටුව බස් විතරයි අළුත් පාරේ යන්නේ කියලා… ඒ වුනාට කොහේදෝ තියෙන කරුමයක් පාත් වෙලා ඌට කියන්න ගිය එක වැරදුනා. අපේ ඔෆිස් එකේ පෙඩි දෙයක් වරදිනවා කියන්නේ ලොකු නාමික වත්කමක් ලැබෙන වැඩක්.

ඉතිං දැන් චාමර ඔෆිස් එකට අළුත් නිසා ඔය සීන් එක දන්නේ නැහැ. මගේ ෆිට් එක නිසා නම් රෙජිස්ටර් කරන වැඩේ කරන්න ගියෙත් නෑ… මොකද අපි දෙන්නටම හිනා ඌ කියපු කතාවට. ඉතිං අත් දෙක උස්සලා පහකුත් දැම්මා. ඒත් අපේ සමන් කොලුවා කිසි ගින්නක් නෑ…ඒත් ඌට තේරුනා චාමරට වැරදීමක් වුනා කියලා… ඊට ටිකකට පස්සේ සමන් කියනවා….

මේ … ඇත්තටම මොරටුව පිටකොටුව බස් පරන පාරේ යනව ඇති… බං….

ඔන්න සමන් කංපනා කරලා කරලා කියපු දේ. මොරටුව ගැන පොර ටෝක් දුන්න බුවාටත් එක පාරට වයර් එකක් මාරු වුනා. කරන්න දෙයක් නෑ ඉතිං, ඌ පරන එක‍ානේ නාමික වත්කමක් ඌට එවෙලේම හිමිවුනා…

එතනින් පස්සේ තේ එක ඉස්පොල්ලේ ගිහින්, අහල පහල හිටිය එවුන් මැරෙන්න ගිය විදියවත්… සමන්ගේ ශූර බුද්ධිය ගැනවත් මං කියන්න යන්නෙ නෑ ඕං.

ඉතිං කවුරු හරි ඇහුවම… මොකද සමන් වුනේ..? කියලා….

නෑ… නෑ… මුකුත් වුනේ නෑ බං. ගෝල්ඩ් ෆිෂ්ගේ යාළු‍වා ඇහුවා….අපි මේ තේ බිබී ඉද්දී…. ඒ තේ එකේ සීනිත් වැඩියි අප්පා. ඉතිං අපි කතා කරද්දී… ඔන්න මැස්සෙක් ඊයා….. හරිද අයින් කලාද මැස්සව…? මං කිව්වේ අපි කතා කරද්දී… මට මොරටුව බස් ගැන….ආහ් අර ඔයාට මතකද  ඉන්දුලාගේ බස්එක. දැන් ඒක විකුණලානේ… රූට් පර්මිට් එකත් එක්කම… මට ඒක මතක් වෙලා තමා කියවුනේ. ඒ බස් එක එන්නේ කෙසෙල් වත්ත පැත්තේ ඉඳන්නේ…. ඉතිං ඒක නිසා… ආහ්…. විනාඩියක් දෙන්න කෝල් එකක්….

ඉතිං ප්‍රශ්නෙට උත්තරේ ඕනෙ කට්ටිය වැඩ ටික ඉවර වෙලා… සමන් වටේට කිට්ටු වෙලා ඉන්නවා, උත්තරේ අහගන්න… සමහරවිට දවල් ලන්ච් එකත් පහුවෙයි මයේ හිතේ….

ප.ලි – තාරාගේ මතක් කිරීමට අනුව පානදුර – නුගේගොඩ බස් යන්නෙත් පරන පාරේ තමා…

22 Responses to “ප්‍රශ්නෙට උත්තරේ ඕනෙම නම්, හාෆ් ඩේ + ෂෝට් ලිව්”

  1. තාරක Dilsh@n Says:

    උත්තරේ අහගෙනම ගෙදර යමන්….

  2. kalumalli Says:

    අඩෝ උඹලට මාර සාහිත්‍යක් නෙ බන් තියෙන්නෙ

  3. Gayan Rupasinghe Says:

    අඩේ මම ඉන්නෙත් පරණ පාරෙ නොවැ.. හෙහ් හෙහ්..

    ජය..

  4. නරකයා Says:

    එළ වැඩේ තමා…. හික්ස්
    මට ඇත්තටම තේරුනේ නෑ…
    මං පොලොන්නරුවෙ හින්දා වෙන්ටැ..

  5. බීටා Says:

    සමන් කොලුවනම් පට්ට ඩයල් එක නොවැ

  6. හිස් අහස Says:

    අඩේ !! අම්පාරේ, තවලන්තැන්න පැත්තේ, අනුරාධපුරේ එතකොට හංවැල්ල, දඹුල්ල පැත්තේ ඉන්නේ ඔටුවොද බං ? අපිත් දන්නවා උනුත් දන්නවා අලුත් පාර ගැන .. මොකද ඒ පැතිවල ඉන්නේ පාරවල් දැකපු නැති උන් කියලා හිතුවද ? ඒ පැතිවල ඉන්නේ පාරවල් කාපු උන් හරිද !!

    මචං ඇත්තටම ඔයවගේ ඩයල් එකක් අපේ පැත්තෙත් ඉන්නවා . පොරගෙන් මොනවා හරි අහපු ගමං ඌ කරන්නේ උගේ පරම් පරාව ගැන පම්පෝරිය ගහන එක .

    උදා = මම = මචං අන්න අලි වී ගබඩාව කඩලා
    ඌ = මචං අපේ සීයා ඉස්සර අලින්ට ගැහුවේ හරහා වැටෙන්න ! උඹට කියන්න ම්චං අපේ සීයා ………………………………

  7. මාඩා.. Says:

    නයි යවන්න කියාපු මිනිහෙක් නේද බං… මළගෙදරක්, පිරිත් ගෙදරක් ‍වගේ තැනකට කියාපු භාණ්ඩේ…..

  8. කොඩි Says:

    උඹ හිතුව ද පරණ පාරෙ ඉන්නෙ ඔටුවො කියලා, පාණදුර අලුත් පාර ගැන දන්නෙ නැති :p

    මොනා උනත් සිරා කතාව 🙂

  9. අපරාජිතයා :::: Aparajithaya Says:

    මන්නම් ටියුබ්ලයිට් මම උපරිම යන්නේ බම්බලපිටි තමයි.එතනින් දකුණට දන්නේ නැහැ. (හැබැයි අපේ තාත්ත මාතර.ඔන්න බලහන්කො මගේ හැටි 😀 )


ගෝල්ඩ් fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: