හ්ම්…. වෙලාව පාන්දර 7යි මිනිත්තු 25යි. තත්පර ගාන නම් මන්දා… ඊයේ මං ගෙදර තනියෙං. පෙරේදත් එහෙමයි. ඊයේ උදේ ඔෆිස් ගිහින්, එහෙන්ම දවල්ට කාලා… ගෙදර ආවා…. ඉතිං කරන්න දෙයක් නෑ… යන්න එන්න තැනක් නෑ… කතාකරන්න කවුරුවත් නෑ…. ඔහේ ගෙදරට වෙලා ඉන්නවා හරියට නිකං හුඹහට වැදිච්ච තලගොයා වගේ… අද ඊට හපන්… ඉරිදානේ… නන්නත්තාරයි….
අනේ මන්දා මේ ලියන ඉට්ටැයිල් එකත් එක්ක බලද්දී ඉදිරියට ටැංකිය පාළුවට යන ගතියක් තමා තියෙන්නේ. මොකද මට කිසි දේකට රුචියක් නෑ…. වෙලාවට අසමෝදගම් ටිකක් වත් නෑ… නැත්තං ඉතිං රුචිය වඩෝ ගන්න තිබ්බා.
දැන් කෝල් එකක් දුන්නා යාළුවෙකුකට… සී බාත් එකක් දාලා, ටින් එකක් කඩලා රෑටත් මොනා හරි කාලා එමුයි කියන්න. ඌ කියනවා….
අම්මලා ගෙදර නෑ බං… කීයට එයිද දන්නේ නෑ….
නෙදකිං විතරක් අළුත් අවුරුද්දේ අහගත්ත කතාව. ඊට පස්සේ ගත්තා කෝල් එකක් යශෝධරාවගේ මවුට. ම්හු… ඒකත් නෝ ආන්සර්. යකෝ මුන්ට මාව එපා වෙලාවත්ද…?
දැං ඔලුව තෝන්තු වෙලා වගේ… මේකත් නිකං දින පොත වගේ වෙයිද කියලත් වෙලාවකට බයයි. කොහොම හරි ටැංකියේ තියෙන තේරුම් ගැනීමට නොහැකි ගතිය තියාගෙන ලියන්න තමා ට්‍රයි එක. ඒත් ඉතිං මේ විදියට තනියම….. දහසකුත් ඒවා හිතට එනවා. කොහේ ලියන්නද… අගෝස්තු වලින් පස්සේ තියෙනවා ලොකු යුද්ධයක්. දැන්ම තියලා ඒකට පිඹුරු පත් අඳින්න ඕනේ. නැත්තං සුවර් එකට කොහෙහරි යන එකෙක් මගේ සටන පාවා දෙනවා සුවර්මයි.
ඊට කලින් වෙසක්… වෙසක් එකට මොකක් හරි විසේස දෙයක් කරන්න කියලා හිත කියනවා. බලමු… ඒකත්….
අම්මට සිරි දැන්නේ කතාව මතක් වුනේ… මතකයි නේද අර වැස්සි. පොල්පැලේ නැවුනේ…. පහුගිය ටිකේම මං අපේ එච් ආර් එකට රිංගලා… පොර වුනා. එ තමා මං එකසිය හැත්තෑපස් පාරක් විතර ගහලා මිෂන් ඔක්කොම කම්ප්ලීට් කරපු ඩෙල්ටා ෆෝස් ගේම එච් ආර් එකේ මැසින් වලට දාලා මල්ටි ප්ලේයර් ගහන්න හදලා දීලා…. ඕක ගහද්දී ඉතිං අර වැස්සිත් ගේමට බහිනවමයි.
ඉතිං කොහොම හරි ප්ලේයර්ස්ලා තුනක් හතරක් සෙට් වෙලා යනවා. මිෂන් එකේ ටාගට් එක බලාගෙන ගේම දෙන්න තමා තියෙන්නේ. ඕක ඉතිං දවසක් දෙකක් සෙල්ලම් කරපු ඇච්චං බච්චිච්චෝ දන්නවැයි…. ඉතිං මං තමා ඔය සීන් එක කියලා දීලා කට්ටියව ජයග්‍රාහණයට මෙහෙයවන්නේ… ඒ කියන්නේ ජයග්‍රාහනයේ නියමුවා…. ලොක්ක මගේ පස්ස පැත්තට ෆයර් කරයිද දන්නෙත් නෑ මිනිහාගේ අන්වර්ත නාමෙ දාගත්තා කියලා.
ඉතිං ඔය ගේම ගහන්න ගත්ත ගමන් වැස්සි වැටෙනවා මගේ පස්සෙන්. මොකද අනිත් මෝඩ සොල්දාදුවන්ට වැඩිය ඒකි දන්නවා අත්දැකීම් තියෙන එකෙක් එක්ක ගියාම ඒකි සේෆ් කියලා. ඉතිං මං කොහේ හරි මඩ වලකද ඒකි මගේ පස්සෙන්… කොහේ හරි බංකරේකට රිංගුවොත් ඒකි එහා පැත්තේ… අනේ අම්මපා… ඒක ඇතුලේ හැරෙන්නත් ඉඩ මදි… මොන ලබ්බට රිංගනවද මන්දා. එක්කෝ එලියේ ඉඳන් ගාඩ් කරපිය…. කෝ එහෙමත් නෑ…. හරකාගේ පිටිපස්සේ ගැටගහපු කරත්තේ වගේ ඒකිත් මගේ පස්සෙන්….
ඉතිං ඔහොම සෙල්ලම යද්දී… මං වෙලාවකට කියනවා…
අර හමුදා බටයෝ දෙන්නෙක් ඉන්නේ…. මං ඉස්සරහ එකෙට්ට වෙඩි කියනවා… ඔයා පිටිපස්සේ එකාට වෙඩි තියන්න කියලා….
ඉතිං ඔන්න වැස්සිත් …. හාං…. කියලා ජොබ් එක බාර ගන්නවා…. පස්සේ ඉතිං මං වෙඩි තියපු ගමන් පහල මැසෙන්ජර් වින්ඩෝ එකේ වැටෙනවා ….
Gold fish killed by Wessi…. කියලා….මේකි වෙඩි තියලා තියෙන්නේ පිටිපස්සේ එකාට නෙමේ මගේ පිටිපස්සට. ඔය ගේම් එකේ තියෙනවා ගන් 2කුයි, ග්‍රෙනේඩ් ලෝන්චර් එකකුයි, රොකට් ලෝන්චර් එකකුයි. ඔය ග්‍රෙනේඩ් ලෝන්චර් එකෙන් ග්‍රෙනේඩ් විදිද්දී…ටිකක් උස්සන්න ඕනේ…. මේකි දන්න රෙද්ද…. උස්සනවා කියලා හරියට නැවෙන්නවත් බැයිද කොහෙද…. ඉතිං මේකි කරන්නේ පන්ඩිත කමට වැඩි විනාසයක් කොරන්න කියලා… ග්‍රෙනේඩ් ලෝන්චර් එක ඩිෆෝල්ට් තියාගෙන යන එක. ඉතිං අන්තිමේ මං වෙඩි තියපිය කියද්දී චුට්ටක් උඩට උස්සලා ෆයර් කරනවා… ග්‍රෙනේඩ් එක වැටෙන්නේ මගේ කකුල් දෙක අස්සට… හරි සනීපයි ඉතිං. ගේම් එකේ උනත් ආයෙමත් මුල ඉඳන් එන්න එපැයි.
ඔහොම හෙන බාධක මැද්දේ තමා මේ ගේම ගහන්නේ…. මං තනියම එකපාර ඉවර කරපු මිෂන් කට්ටියත් එක්ක ගහන්න දවස් දෙකක්වත් යනවා. ඒ අස්සේ…එච් ආර් මැනේජර් නැති වෙච්ච ගමන් ඔෆිස් ෆෝන් එකට නිවනක් නෑ…
අනේ…………. ගෝල්ඩ් fish අයියේ….. එන්න මේක ගහන්න….
(මොකක් ගහන්නද කියලා අහන්න හිතුනට ඇහෙන්නම නැහැනේ)
තොඳොල් වෙලා තොඳොල් වෙලා කියද්දී නොයත් බෑ… ගිහිං මං පොර වෙනවා කියලා හිතාන සෙල්ලං කොලාට කෙල්ලව බේරන්න ගිහිං ඒකිගෙන්ම වෙඩි කන එක තරම් වෙන දුකක් ඇත්තෙත් නෑ…. මොනා කරන්නද ඉතිං වෙඩි කනවද මෙහෙ එනවද කියලා ඇහුවම නොගිහින් බෑනේ….. ඒක නිසා ඉතිං යනවා. යන්තං දැනට මිෂන් හතලිහෙන් 5ක් ද කොහෙද ඉවරයි. දෙයියනේ තව 35ක් තියෙනවානේ ඉතිං… ඔය තිස්පහ ගහද්දී මට කීපාරක් ග්‍රෙනේඩ් වදියිද…?
ආහ් …. වැස්සිත් එක්ක ඩෙල්ටා ෆෝස් ගහන එක තමා, මං කෙල්ලෙක් එක්ක කම්පූටර් ගේමක් ගහන දෙවන අවස්ථාව. පළවෙනි වතාව යශෝධරාත් එක්ක… ඒකත් ෆන් කෝටියයි. හික්… යශෝධරා NFS ගහද්දී මං ඒකි ගාවට වෙලා ඉන්න ඕනේ…. තුරුල් කරගත්තේ නැති වුනත්, ඒ වගේ තමා. එයා තමා ඇක්සලරේට් කරන්නේ…. මං තමා කාර් එක හරවන්නේ… අනේ ඉතිං අර චූටි ඇරෝ කීස් හතර අස්සේ කොයි තරම් දේවල් වුනාද…? ගේම් එකේ සිහියෙන් ඉද්දී මං කොයිතරම් ආදරෙන් ඒ කෙහෙරැලි වල සුවඳ වින්දද…
මේ…. මොකද අනේ කරන්නේ…. කොහෙ බලන්න කාර් එක හරවන්නේ….
හික්… යශෝධරා දන්නවැයි මං ගේම් එක පැත්තක තියලා කොන්ඩේ සුවඳ බල බල හිටියයි කියලා… ඉතිං එයා හිතන්නේ……………………. අනේ මන්දා… මොනවා හිතුවද කියලා…. මං කවදාවත් අහන්න ගියෙත් නෑනේ….
හා… හරි…. හරි…. පාර ලෙස්සනවා හලෝ… ඒකයි…. කියලා ආයෙමත් ගේම් එක ගැහුවා මිසක්. ආයෙමත් ඒ කාලෙ එන්නේ නෑ… ඒ තරම් ආදරයක් හම්බු වෙන්නෙත් නෑ… ඒ වගේ හොඳ කෙනෙක් ලැබෙන එකකුත් නෑ… මට හිත හදාගන්නත් බෑ…..
හ්ම්…. පේනවනේ ඉතිං තනි වුනාම හිතෙන එව්වා…. මාලිගාව පැත්තේ යන්නත් ඕනේ…. ඒත් වෙලාවකට හිතෙනවා තේරුමක් නැති වැඩක් කියලා… ගියයි කියලා කතා කරන්නේවත් නැහැනේ… ඊට වැඩිය හොඳයි ගෙදරට වෙලා තනියම ඉන්න එක.
වෙලාවට සබ් වූෆර් සෙට් එකත් ගමේ ගෙදර. ඒක නිසා සද්දයක් දාන්න විදියකුත් නෑ…. දුම් දාන්නෙත් නැති නිසා… අම්බානෙට පාලුයි. හිතුනොත් ආයෙමත් කොහෙන් හරි හොයාගෙන NFS ගහනවා. අපේ ආසම කාර් එක MClaren F1.
දැන් තියෙන වර්ෂන් වල ඒ කාර් එක තියෙනවද දන්නෙත් නෑ… කාලෙකින් සෙල්ලං කරේ නැති නිසා කාර් මොනාද කියල දන්නේත් නෑ…. මට මතක විදියට ලෝකේ වේගවත්ම කාර් දහය අතරේ තාමත් ඒ කාර් තියෙනවා.
වහින්නත් කිට්ටුයි… අද බීර එකක් බොන්න ඕනේ… ඒතකොට කිසි හැල හොලාමනක් නැතුව එළිවෙනකම් දොයිය ගන්න පුළුවන්. හුදකලාව වැඩිවෙන කොට ඒවාට එක එක්කෙනාට ලැබෙන විකල්ප වෙනස්…. මං කෝමත් බීමට ඇබ්බැහිවෙලා නැති නිසා… ඉඳලා හිටලා කෑන් එකක් කඩන එකේ වැරැද්දක් මං දකින්නේ නෑ…. ඉස්සර මට තිබුනේ හරි ලස්සන විකල්පයක්. ඒ තමා නිසදැස් ලිවීම. දැන්නං ඒක බිංදුවටම බැහැලා…. බ්ලොග් එකට පෝස්ට් ලියන්න තියාගත්ත එක නිසා නිසදැස් ලිවිල්ල නැත්තටම නැතුව ගියාදෝ කියලත් හිතෙනවා.
ඔයාලත් සමහරවිට දැකලා ඇති මං ඉස්සර ලියපු නිසදැස්…. දැං ඉතිං පාළුව යන්න මං ඒටික ආයෙත් කියවන්න කියලා හිතුවා. එකසිය ගානක් ඇති මයේ හිතේ…. ඔයාල කියවලා නැත්තං බලන්නකෝ…. මට සීයට සීයක් සුවර් ඒ තරම් ලස්සනට පද ගලපලා…. අනිත් අයට තේරුනා හරි නොතේරුනා හරි…. මගේ ක්‍රමේට මට දැන් ලියන්න බෑ කියලා… දැන් ඉතිං ඒ විකල්පය හැර තවත් විකල්ප තියේද….? දෙයියෝ තමා දන්නේ…. එහෙම කියලත් බෑ…. දෙයියන්ටම බාර දීලත් බැහැනේ…. මමත් පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ….
2011 අප්‍රේල් 17 දින පෙ.ව. 9:16 ට
මොනා කරන්නද ඉතින්……..ඉරිදා කියන්නෙ සතියේ චාටර්ම දවසනෙ…
දැන්නම් NFS එකේ Series බර ගානක් තියනවා……
2011 අප්‍රේල් 17 දින ප.ව. 12:11 ට
හ්ම් …. මේ ලඟඳී කාබන් එකයි ෂිෆ්ට් එකයි සෙල්ලං කලා බං
2011 අප්‍රේල් 17 දින පෙ.ව. 9:23 ට
මාලු ටැංකියේ අද එක මාලුවයි.හික්z.ගනන් ගන්න එපා අයියේ.අනික ඔය වගේ දවසක උදේ 7.25 වෙන කොට නැගිට්ට එක තමයි වරද…
2011 අප්‍රේල් 17 දින ප.ව. 12:13 ට
මොනා කරන්නද බං… ඇහැරුනානේ….
2011 අප්‍රේල් 17 දින පෙ.ව. 9:34 ට
අද බාර් වහලා බන්…අදත් වෑඩිගානට තමා ගන්න වෙන්නේ ඔන්…….
2011 අප්‍රේල් 17 දින ප.ව. 12:13 ට
කෙලියා තාප්පෙට…. අද පෝයනේ….
2011 අප්‍රේල් 17 දින පෙ.ව. 10:32 ට
black market ටින් තමා උරන්න වෙන්නේ…
2011 අප්‍රේල් 17 දින ප.ව. 12:15 ට
හික්…. පිස්සු හැදෙයි… වැඩි ගානක් දීලානම් බොන්නේ නෑ… ඊට හොඳා තැඹිලි ගෙඩියක් බොනවා…
2011 අප්‍රේල් 17 දින ප.ව. 12:12 ට
ඒ වගේ හොඳ කෙනෙක් ලැබෙන එකකුත් නෑ… මට හිත හදාගන්නත් බෑ…..
MATATH EHEMA TAMAI.
2011 අප්‍රේල් 17 දින ප.ව. 12:22 ට
පින සහ වාසනාව තමා බං
2011 අප්‍රේල් 17 දින ප.ව. 2:23 ට
දෙයියනේ කියලා පාන්දර 7.25 ට නැගිට්ට එක හොදයි…
තනිවයි උපන්නේ තනිවයි මැරේන්නේ කිව්වට පුංචි හරි ස්පෙයාර් වීල් එකක් තිබ්බ නම් ආතල් එකේ රවුමක් දාන්න තිබ්බනේ…. 😉
ඔන්න මේ කියන ඒවා අහලා නරක් වෙනවා එහෙම නෙවෙයි…… 😀 😀 😀
2011 අප්‍රේල් 17 දින ප.ව. 2:25 ට
මොන ස්පෙයාර් වීල්ද බං…. දැන් ටයර් කඩයක් තිබුනත් වැඩක් නෑ…. මොකද මං දැන් ටියුබ් ලස්…
2011 අප්‍රේල් 17 දින ප.ව. 4:20 ට
අනේ බෝතලයක් දැහටවත් නොපෙනේවා… බයිට් කන්න ගත්ත ගමන්ම 35 % බෝතලයක වීදුරුවේ පවර් එක ලැබේවා…. වක්කරන වීදුරුව බිම වැටි කුඩුවී යන සේක්වා…… 😀
2011 අප්‍රේල් 17 දින ප.ව. 5:03 ට
මං උඹට මොනවත් කියන්නේ නෑ බං… තියෙන ෆිට් එකටනේ උඹ ඔව්වා කියන්නේ….
2011 අප්‍රේල් 17 දින ප.ව. 5:39 ට
අනිවා බන් අනිවා….. ඒත් බිලා නාස්ති වෙන එකට මම කැමති නැහැ බං ඒකයි.. මගෙත් යාලුවෝ ඉන්නවා කර්පට් වෙන්න බොන කැහි කූරු අදින.උන් දුම දාන අස්සේ මමත් ඔන්න ඔහේ ඉන්නවා.උන්ට දැන් කියල එපා වෙලා… මම කරන්නේ උන්ට ඇතිවෙන්න කැහි කූරු ඇදපියව් කියලා මං ඔය යෝගට් එකක් වගේ එකක් කනවා .ඒත් කොහෙද ඒ යක්කුත් එක්ක එක කන්නත් බැහැ ඒකටත් ඇගිලි ගහනවනේ මුං…. 😦
2011 අප්‍රේල් 17 දින ප.ව. 6:35 ට
මචං දුම් දාන්නත් එපා, දාන තැනක ඉන්නත් එපා බං… දෙකම හෙන අහිතකරයි…
2011 අප්‍රේල් 17 දින ප.ව. 8:56 ට
දැන් මට කැම්පස් එකේ වැඩ නිසා උන්ව සෙට් වෙන්නේ ගොඩක් අඩුවෙන් බං… එත් සෙට් උන වෙලේක උන් සිගරට් බොන්න යන පොට් එකක් තියනවා. මාත් ඉතින් එතනට වෙලා ඉන්නවා උන් බොනකන්.එත් මේ අපරාජිතයා මත්පැන් වලින් ඇත්තටම අපරාජිතයි.මම සිරාවටම වයින්වත් බොන එකෙක් නෙමෙයි මචං.. එත් බං ඉස්කෝලේ යාලුවො තමයි ජිවිතේ හම්බුනු සුන්දරම යාළුවො අපි හිනා උන , දුක් උන සුන්දරම පාසල් කාලයේදී….. උන් ඉතින් මොකක් කලත් මං ඒ ලගට වෙලා උන් බොනකන් ඉන්නවා මචං ඒකයි.ඒකත් දැන්නම් මාසෙකට සැරයක් වගේ තමයි සෙට් වෙන්නේ….
2011 අප්‍රේල් 17 දින ප.ව. 8:08 ට
අනේ මචං බොන්නනම් එපා කියන තැනකට වඳින්නම් . බියර් උනත් මත්පැන් එවුවා බිඳක්වත් තොලගාන්න එපා ! අපෝ මේවගේ බොන මනුස්සයකුගේ බ්ලොග් එකකටනම් මට ආයේ එන්න හිතෙයිද මන්දා ? ඇයිබං ඔය ඇල්කොහොල් නිකං බඩඩ දාගන්නේ ඕකෙන් බඩ පිරෙන්නවත් . සිරුර වර්ධනය වෙන්නේවත් නෑ නේ . තමන් හම්බු කරන සල්ලි නිකං නැති නාස්ති වෙන එක විතරනේ ඕකෙන් වෙන්නේ . මම කියනදේ අහලා හොඳ එකා වගේ අද ඉඳලා කොකාකෝලා එකක්වත් කටේ තියන්න එපා .
බීමෙන් බං ලැබෙන්නේ පට්ට ආතල් එකක් විතරනේ ! එතනින් එහාට වෙන මොකවත් ලැබෙන්නේ නෑනේ . තේරුම් ගනිං බං ..උඹ මගේ පුතා වගේ නිසා මම මේ කියන්නේ !
2011 අප්‍රේල් 17 දින ප.ව. 8:51 ට
ඈ බන් සදරුවෝ මොකෑ මේ උඹට උනේ උඹ අත්තන ඇටවත් කෑවද, නැත්නම් බක්මහ අකුණක් වත් ඔලුවට කෙටුවද, නැත්නම් බෙල්ලේ පොටවත් ගියාද….. අනේ මගේ කට
2011 අප්‍රේල් 18 දින පෙ.ව. 7:09 ට
ඔලුව කිට්ටුවෙන් සතිඤ්ඤාවක් පත්තුවෙලා බං..
2011 අප්‍රේල් 18 දින පෙ.ව. 7:09 ට
හොඳමයි සීයේ… අනේ මගේ කට.
2011 අප්‍රේල් 18 දින පෙ.ව. 2:45 ට
අඩේ … NFS මරු ..මම ආසම ගේම් එක ඉස්සර …පස්සේ නම් ටොම්බ් රයිඩර් පලමු ස්ථානේට ආවත් නම් NFS මරු…..
අහලා නැද්ද ගොල්ඩ් අයියා හොදම කලාව හුදකලාව කියලා…. 🙂
2011 අප්‍රේල් 18 දින පෙ.ව. 7:07 ට
හුදකලාව හොඳයි නම් තමා… මාත් හෙන ආසයි… ඒත් නංගියේ ගේ අස්සේ හුදකලා වෙන්න නම් මං ආසා නෑ…
2011 අප්‍රේල් 18 දින පෙ.ව. 2:46 ට
යකෝ උඹට දවස් 2 – 3 ක් තනියම ඉඳල එපා වෙලාද…. මාසයක් දෙකක් ඉන්න වුනොත් මැරෙයිනෙ බන්… ඉක්මනටම කසාදයක් කරගනින්…
ඔය වැස්සිගෙ ආස්සරේනම් ප්‍රවේසමන්…. 😉
2011 අප්‍රේල් 18 දින පෙ.ව. 7:07 ට
දවස් දෙක තුනක් ඉන්නවා කියන්නේ බං අපායේ දැම්ම වගේ තමා…
2011 අප්‍රේල් 18 දින පෙ.ව. 8:21 ට
වැස්සිව අමතක කරලා දාපන්. එයා එන පොට හරි නෑ වගේ..
දැන්නම් NFS අම්බානක වෙනස් වෙලා. carbon එක ඉවර කරන්න දවස් 6ක් විතර යනවා…
2011 අප්‍රේල් 18 දින පෙ.ව. 10:21 ට
කාබන් යන්තමට චට් වුනා බං දවසක් … එච්චරම තමා…
2011 ජූනි 22 දින පෙ.ව. 3:51 ට
ගොඩාක් තනිවෙච්ච වෙලාවට ජුංඩියක් බිව්වට මමනම් මුකුත් කියන්නෙ නෑ බං …එහෙම කටක් ඇරල කියන්නත් බෑ
2011 ජූනි 22 දින පෙ.ව. 7:35 ට
ඔව්වට ඉතිං මුකුත් කියන්න බෑ….