මේක වෙන්න ඇති හුදකලාව කියන්නේ….

හ්ම්…. වෙලාව පාන්දර 7යි මිනිත්තු 25යි. තත්පර ගාන නම් මන්දා… ඊයේ මං ගෙදර තනියෙං. පෙරේදත් එහෙමයි. ඊයේ උදේ ඔෆිස් ගිහින්, එහෙන්ම දවල්ට කාලා… ගෙදර ආවා…. ඉතිං කරන්න දෙයක් නෑ… යන්න එන්න තැනක් නෑ… කතාකරන්න කවුරුවත් නෑ…. ඔහේ ගෙදරට වෙලා ඉන්නවා හරියට නිකං හුඹහට වැදිච්ච තලගොයා වගේ… අද ඊට හපන්… ඉරිදානේ… නන්නත්තාරයි….

අනේ මන්දා මේ ලියන ඉට්ටැයිල් එකත් එක්ක බලද්දී ඉදිරියට ටැංකිය පාළුවට යන ගතියක් තමා තියෙන්නේ. මොකද මට කිසි දේකට රුචියක් නෑ…. වෙලාවට අසමෝදගම් ටිකක් වත් නෑ… නැත්තං ඉතිං රුචිය වඩෝ ගන්න තිබ්බා.

දැන් කෝල් එකක් දුන්නා යාළුවෙකුකට… සී බාත් එකක් දාලා, ටින් එකක් කඩලා රෑටත් මොනා හරි කාලා එමුයි කියන්න. ඌ කියනවා….

අම්මලා ගෙදර නෑ බං… කීයට එයිද දන්නේ නෑ….

නෙදකිං විතරක් අළුත් අවුරුද්දේ අහගත්ත කතාව. ඊට පස්සේ ගත්තා කෝල් එකක් යශෝධරාවගේ මවුට. ම්හු… ඒකත් නෝ ආන්සර්. යකෝ මුන්ට මාව එපා වෙලාවත්ද…?

දැං ඔලුව තෝන්තු වෙලා වගේ… මේකත් නිකං දින පොත වගේ වෙයිද කියලත් වෙලාවකට බයයි.  කොහොම හරි ටැංකියේ තියෙන තේරුම් ගැනීමට නොහැකි ගතිය තියාගෙන ලියන්න තමා ට්‍රයි එක. ඒත් ඉතිං මේ ‍විදියට තනියම….. දහසකුත් ඒවා හිතට එනවා. කොහේ ලියන්නද… අගෝස්තු වලින් පස්සේ තියෙනවා ලොකු යුද්ධයක්. දැන්ම තියලා ඒකට පිඹුරු පත් අඳින්න ඕනේ. නැත්තං සුවර් එකට කොහෙහරි යන එකෙක් මගේ සටන පාවා දෙනවා සුවර්මයි.

ඊට කලින් වෙසක්… වෙසක් එකට මොකක් හරි විසේස දෙයක් කරන්න කියලා හිත කියනවා. බලමු… ඒකත්….

අම්මට සිරි දැන්නේ කතාව මතක් වුනේ… මතකයි නේද අර වැස්සි. පොල්‍පැලේ නැවුනේ…. පහුගිය ටිකේම මං අපේ එච් ආර් එකට රිංගලා… පොර වුනා. එ තමා මං එකසිය හැත්තෑපස් පාරක් විතර ගහලා මිෂන් ඔක්කොම කම්ප්ලීට් කරපු ඩෙල්ටා ෆෝස් ගේම එච් ආර් එකේ මැසින් වලට දාලා මල්ටි ප්ලේයර් ගහන්න හදලා දීලා…. ඕක ගහද්දී ඉතිං අර වැස්සිත් ගේමට බහිනවමයි.

ඉතිං කොහොම හරි ප්ලේයර්ස්ලා තුනක් හතරක් සෙට් වෙලා යනවා. මිෂන් එකේ ටාගට් එක බලාගෙන ගේම දෙන්න තමා තියෙන්නේ. ඕක ඉතිං දවසක් දෙකක් සෙල්ලම් කරපු ඇච්චං බච්චිච්චෝ දන්නවැයි…. ඉතිං මං තමා ඔය සීන් එක කියලා දීලා කට්ටියව ජයග්‍රාහණයට මෙහෙයවන්නේ… ඒ කියන්නේ ජයග්‍රාහනයේ නියමුවා…. ලොක්ක මගේ පස්ස පැත්තට ෆයර් කරයිද දන්නෙත් නෑ මිනිහාගේ අන්වර්ත නාමෙ දාගත්තා කියලා.

ඉතිං ඔය ගේම ගහන්න ගත්ත ගමන් වැස්සි වැටෙනවා මගේ පස්සෙන්. මොකද අනිත් මෝඩ සොල්දාදුවන්ට වැඩිය ඒකි දන්නවා අත්දැකීම් තියෙන එකෙක් එක්ක ගියාම ඒකි සේෆ් කියලා. ඉතිං මං කොහේ හරි මඩ වලකද ඒකි මගේ පස්සෙන්… කොහේ හරි බංකරේකට රිංගුවොත් ඒකි එහා පැත්තේ… අනේ අම්මපා… ඒක ඇතුලේ හැරෙන්නත් ඉඩ මදි… මොන ලබ්බට රිංගනවද මන්දා. එක්කෝ එලියේ ඉඳන් ගාඩ් කරපිය…. කෝ එහෙමත් නෑ…. හරකාගේ පිටිපස්සේ ගැටගහපු කරත්තේ වගේ ඒකිත් මගේ පස්සෙන්….

ඉතිං ඔහොම සෙල්ලම යද්දී… මං වෙලාවකට කියනවා…

අර හමුදා බටයෝ දෙන්නෙක් ඉන්නේ…. මං ඉස්සරහ එකෙට්ට වෙඩි කියනවා… ඔයා පිටිපස්සේ එකාට වෙඩි තියන්න කියලා….

ඉතිං ඔන්න වැස්සිත් …. හාං…. කියලා ජොබ් එක බාර ගන්නවා…. පස්සේ ඉතිං මං වෙඩි තියපු ගමන් පහල මැසෙන්ජර් වින්ඩෝ එකේ වැටෙනවා ….

Gold fish killed by Wessi…. කියලා….මේකි වෙඩි තියලා තියෙන්නේ පිටිපස්සේ එකාට නෙමේ මගේ පිටිපස්සට. ඔය ගේම් එකේ තියෙනවා ගන් 2කුයි, ග්‍රෙනේඩ් ලෝන්චර් එකකුයි, රොකට් ලෝන්චර් එකකුයි.  ඔය ග්‍රෙනේඩ් ලෝන්චර් එකෙන් ග්‍රෙනේඩ් විදිද්දී…ටිකක් උස්සන්න ඕනේ…. මේකි දන්න රෙද්ද…. උස්සනවා කියලා හරියට නැවෙන්නවත් බැයිද කොහෙද…. ඉතිං මේකි කරන්නේ පන්ඩිත කමට වැඩි විනාසයක් කොරන්න කියලා… ග්‍රෙනේඩ් ලෝන්චර් එක ඩිෆෝල්ට් තියාගෙන යන එක. ඉතිං අන්තිමේ මං වෙඩි තියපිය කියද්දී  චුට්ටක් උඩට උස්සලා ෆයර් කරනවා… ග්‍රෙනේඩ් එක වැටෙන්නේ මගේ කකුල් දෙක අස්සට… හරි සනීපයි ඉතිං. ගේම් එකේ උනත් ආයෙමත් මුල ඉඳන් එන්න එපැයි.

ඔහොම හෙන බාධක මැද්දේ තමා මේ ගේම ගහන්නේ…. මං තනියම එකපාර ඉවර කරපු මිෂන් කට්ටියත් එක්ක ගහන්න දවස් දෙකක්වත් යනවා. ඒ අස්සේ…එච් ආර් මැනේජර් නැති වෙච්ච ගමන් ඔෆිස් ෆෝන් එකට නිවනක් නෑ…

අනේ…………. ගෝල්ඩ් fish අයියේ….. එන්න මේක ගහන්න….

(මොකක් ගහන්නද කියලා අහන්න හිතුනට ඇහෙන්නම නැහැනේ)

තො‍ඳොල් වෙලා තො‍‍ඳොල් වෙලා කියද්දී නොයත් බෑ… ගිහිං මං පොර වෙනවා කියලා හිතාන සෙල්ලං කොලාට කෙල්ලව බේරන්න ගිහිං ඒකිගෙන්ම වෙඩි කන එක තරම් වෙන දුකක් ඇත්තෙත් නෑ…. මොනා කරන්නද ඉතිං වෙඩි කනවද මෙහෙ එනවද කියලා ඇහුවම නොගිහින් බෑනේ….. ඒක නිසා ඉතිං යනවා.  යන්තං දැනට මිෂන් හතලිහෙන් 5ක් ද කොහෙද ඉවරයි. දෙයියනේ තව 35ක් තියෙනවානේ ඉතිං… ඔය තිස්පහ ගහද්දී මට කීපාරක් ග්‍රෙනේඩ් වදියිද…?

ආහ් …. වැස්සිත් එක්ක ඩෙල්ටා ෆෝස් ගහන එක තමා, මං කෙල්ලෙක් එක්ක කම්පූටර් ගේමක් ගහන දෙවන අවස්ථාව. පළවෙනි වතාව යශෝධරාත් එක්ක… ඒකත් ෆන් කෝටියයි. හික්… යශෝධරා NFS ගහද්දී මං ඒකි ගාවට වෙලා ඉන්න ඕනේ…. තුරුල් කරගත්තේ නැති වුනත්, ඒ වගේ තමා. එයා තමා ඇක්සලරේට් කරන්නේ…. මං තමා කාර් එක හරවන්නේ… අනේ ඉතිං අර චූටි ඇරෝ කීස් හතර අස්සේ ‍කොයි තරම් දේවල් වුනාද…? ගේම් ‍එකේ සිහියෙන් ඉද්දී මං කොයිතරම් ආදරෙන් ඒ කෙහෙරැලි වල සුවඳ වින්දද…

මේ…. මොකද අනේ කරන්නේ…. කොහෙ බලන්න කාර් එක හරවන්නේ….

හික්… යශෝධරා දන්නවැයි මං ගේම් එක පැත්තක තියලා කොන්ඩේ සුවඳ බල බල හිටියයි කියලා… ඉතිං එයා හිතන්නේ……………………. අනේ මන්දා… මොනවා හිතුවද කියලා…. මං කවදාවත් අහන්න ගියෙත් නෑනේ….

හා… හරි…. හරි…. පාර ලෙස්සනවා හලෝ… ඒකයි…. කියලා ආයෙමත් ගේම් එක ගැහුවා මිසක්.  ආයෙමත් ඒ කාලෙ එන්නේ නෑ… ඒ තරම් ආදරයක් හම්බු වෙන්නෙත් නෑ… ඒ වගේ හොඳ කෙනෙක් ලැ‍බෙන එකකුත් නෑ… මට හිත හදාගන්නත් බෑ…..

හ්ම්…. පේනවනේ ඉතිං තනි වුනාම හිතෙන එව්වා…. මාලිගාව පැත්තේ යන්නත් ඕනේ…. ඒත් වෙලාවකට හිතෙනවා තේරුමක් නැති වැඩක් කියලා… ගියයි කියලා කතා කරන්නේවත් නැහැනේ… ඊට වැඩිය හොඳයි ගෙදරට වෙලා තනියම ඉන්න එක.

වෙලාවට සබ් වූෆර් සෙට් එකත් ගමේ ගෙදර. ඒක නිසා සද්දයක් දාන්න විදියකුත් නෑ…. දුම් දාන්නෙත් නැති නිසා… අම්බානෙට පාලුයි. හිතුනොත් ආයෙමත් කොහෙන් හරි හොයාගෙන NFS ගහනවා. අපේ ආසම කාර් එක MClaren F1.

දැන් තියෙන වර්ෂන් වල ඒ කාර් එක තියෙනවද දන්නෙත් නෑ…  කාලෙකින් සෙල්ලං කරේ නැති නිසා කාර් මොනාද කියල දන්නේත් නෑ…. මට මතක විදියට ලෝකේ වේගවත්ම කාර් දහය අතරේ තාමත් ඒ කාර් තියෙනවා.

වහින්නත් කිට්ටුයි… අද බීර එකක් බොන්න ඕනේ… ඒතකොට කිසි හැල හොලාමනක් නැතුව එළිවෙනකම් දොයිය ගන්න පුළුවන්. හුදකලාව වැඩිවෙන කොට ඒවාට එක එක්කෙනාට ලැබෙන විකල්ප වෙනස්…. මං කෝමත් බීමට ඇබ්බැහිවෙලා නැති නිසා… ඉඳලා හිටලා කෑන් එකක් කඩන එකේ වැරැද්දක් මං දකින්නේ නෑ…. ඉස්සර මට තිබුනේ හරි ලස්සන විකල්පයක්. ඒ තමා නිසදැස් ලිවීම. දැන්නං ඒක බිංදුවටම බැහැලා…. බ්ලොග් එකට පෝස්ට් ලියන්න තියාගත්ත එක නිසා නිසදැස් ලිවිල්ල නැත්තටම නැතුව ගියාදෝ කියලත් හිතෙනවා.

ඔයාලත් සමහරවිට දැකලා ඇති මං ඉස්සර ලියපු නිසදැස්…. දැං ඉතිං පාළුව යන්න මං ඒටික ආයෙත් කියවන්න කියලා හිතුවා. එකසිය ගානක් ඇති මයේ හිතේ…. ඔයාල කියවලා නැත්තං බලන්නකෝ…. මට සීයට සීයක් සුවර් ඒ තරම් ලස්සනට පද ගලපලා…. අනිත් අයට තේ‍රුනා හරි නොතේරුනා හරි…. මගේ ක්‍රමේට මට දැන් ලියන්න බෑ කියලා… දැන් ඉතිං ඒ විකල්පය හැර තවත් විකල්ප තියේද….? දෙයියෝ තමා දන්නේ…. එහෙම කියලත් බෑ…. දෙයියන්ටම බාර දීලත් බැහැනේ…. මමත් පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ….

 

%d bloggers like this: