සනීපෙට ගෙවුන අළුත් අවුරුද්ද….

ආයුබෝවන් ටීචර්….

ආයුබෝවන්…. හැම දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා…!

ටීචර්ටත් එසේම වේවා….

අනේ අපේ ස්කෝලේ කාලේ…. ඉස්සර අප්‍රේල් නිවාඩුව දෙන කොට මුළු මාසෙටම ඇතිවෙන්න ගෙදර වැඩ තොගයක් එක්ක තමා පළවෙනි වාරේ අන්තිම දවසට අපි ගෙදර යන්නේ. ඊට පස්සේ ඉතිං ගෙදර ගිය වෙලේ ඉඳන් සෙල්ලම. හික්… මේ අවුරුදු කාලේ මොන ස්කෝලේ වැඩද…? අම්මල තාත්තලත් ඉතිං සැර කරන්නේ නෑ…

හැබැයි ඔය ඔක්කොම 14 වෙනිදා අවුරුදු ලබලා 15 වෙනිදා තෙල් ගානකම් විතරයි.. ඊට පස්සේ තමා යුද්ධෙ…. පුතා…. ඔයාගේ අකුරු කැතයි කියලා ටීච කිව්වා නේද දවසකට පිටුව ගානේ ලියන්න කියලා…?

අනේ අම්මේ… තව කල් තියෙනවනේ….

ඔය විදියට කොහොම කොහොම හරි මගඇරලා අන්තිමේ බෙල්ලටම හිරවුනාම ඔක්කොම ටික එක හුස්මට කරනවා. ඉතිං ඔහොම ගිහිං ගිහිං දැන් අපි ලොකු වෙලානේ… දැන් ස්කෝලේ වැඩ නෑ… හැබැයි ඊට හපන් දේකට හිර වෙලා… ඒ තමා රැකියාව. සමහර ආයතනවල නම් සතියකට විතර කලින් නිවාඩු දෙනවා… ඒත් සමහර ආයතනවල එහෙම නෑ…

මොනා කරන්නද දුක තමා. ගෝල්ඩ් fish ත් 12 වෙනිදා වෙනකම්ම වැඩ. ඊට පස්සේ ඔන්න 13 වෙනිදා ගමේ ගියා. මට එකම සැනසිල්ල ගම තමා. අහල පහල කට්ටිය හිටියට ඒ ගෙවල් තියෙන්නේ අඩුම ගානේ මීටර් 50ක් වත් දුරින්. වාහන වල සද්දයක් ඇහෙනවනම් ඒ… ලඟින් යන බයිසිකලේක හරි, කුඹුරක් හාන්න යන අත් ට්‍රැක්ටරයක හරි තමා.

ඉතිං මේ පළවෙනි පාරට තමා අළුත් ගෙදර අවුරුදු කෑවේ. ඇත්තටම වෙනදට වැඩිය සැනසිල්ලේ පාඩුවේ අවුරුදු කෑවා.  වෙනදා නොකරන, අපේ ගම් පලාතට ආවේනික චාරිත්‍ර වගේකුත් කලා. ඊට පස්සේ ඉතිං හොඳ වෙලාවට කිරි උතුරවලා එහෙම වැඩේ පටන් ගත්තා.  පස්සේ පහලොස් වෙනිදා…. එදා තමා අපේ නෑදෑයෝ ඔක්කොමලා ආවේ. ආහ්… ඔයාලා දන්න කියන කෙනෙකුත් ආවනේ මේ පාර අපේ අළුත් ගෙදර අවුරුදු කන්න. ඒ තමා අපේ තීර්ථ යාත්‍රිකයා. බලාගෙන ගියාම පොරත් අපේ ගමේ.

හැබැයි මට මේ පෝස්ට් එකේ ලියාගන්න බැරි තරම් දුකකුත් තියෙනවා. ඒ තමා අපේ ගමට 3G සිග්නල් නෑ… ඉතිං ලැපීව ගෙදර තියලා ගියේ. ඒක නිසාම ඉතිං එන්න හිටියට වැඩිය දවස් දෙකක් කලින් ගෝල්ඩ් fish ගෙදර ආවා.

ආහ් තව දුකක් තියෙනවා. අර මට නම දාපු දේවිකා නැන්දා, එයාගේ පොඩි කෙලි පැට්ටවත් අරං අපේ ගෙදර එනවා කියලා තිබ්බා. මාත් ඉතිං දත මැදගෙන බලාගෙන හිටියා… හැබැයි මං 15 වෙනිදා දවල් ගෙදරින් එනකනුත් ආවේ නෑ… සමහරවිට මේ ටිකේ හවසට හවසට වහින නිසා වෙන්න ඇති. බබාව ‍තෙමෙනවනේ ඒක නිසා. හැබැයි එන වෙසක් නිවාඩුවටනම් මං එහේ යනවා අම්මලා එක්ක. එතකොට ඉතිං ආයමත් ෆන් තමා.

ඒ වගේම මේ පාර අපේ ගෙදර මගේ මල් වාස් එක සැරසුවේ යශෝදරාව හදලා දුන්න කහ පාටයි සුදු පාටයි වූල් මල් වලින්. ඒ මල් වලට මට වැඩිය ආසා අපේ අම්මා. හික්… කවදහරි කැන්දගෙන ආපු දාට ඔක්කොම වැඩ පැත්තක තියලා නැන්දම්මයි ලේලියි මල් හද හද ඉඳියිද දන්නේ නෑ….

ඊට පස්සේ ඔන්න ඉතිං 15 වෙනිදා ආයෙමත් කළුතර එන්න කියලා බස් ස්ටෑන්ඩ් එකට ආවම කොළඹ නෝමල් බස් නෑ. ඔක්කොම තියෙන්නේ ඒසී. පැයක් විතර බැළුවා… ම්හු… ඒ පාර ඉතිං ඒසී එකකම නැගලා ගෙදර ආවා. පස්සේ ඇවිල්ලා නාලා කාලා බුදියලා… ආයෙමත් දෙවැනි වාරේ පටන් ගත්තා.

දැං ඉතිං ආයෙමත් ඔෆිස් පල ගෙදර පල…. ඔෆිස් පල ගෙදර පල…. ඔන්න ඔහොමයි ජීවිතේ.

වැඩිය ලියන්නත් බෑ වගේ අප්පා… තාම කිසි ෆිට් එකක් නෑ. මේ ලියපු ටිකත් මංඤං කෙලලා ඇති. සේප් එකේ කියවලා බලන්න.

කොහොමහරි කමක් නෑ… මේ ලබපු අළුත් අවුරුද්ද හැම දෙනාටම වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

18 Responses to “සනීපෙට ගෙවුන අළුත් අවුරුද්ද….”

  1. පූසා Says:

    උඹටත් වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ…….

  2. හසී Says:

    මාළු කෑම වැඩියෙන් හම්බෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා..!

  3. මාඩා.. Says:

    ජීවිතේ කියන්නේ ඉතිං ඕක තමයි…. වැඩට යනවා එනවා ආයි යනවා එනවා….. තව තව කල් යද්දී ඕකත් තව තව වැඩි වෙනවා… මොකද වයිපරේ නළවන්නයි, පොඩි බාබාලා නිදි කරවන්නයි…. එකී මෙකී මෙතන කියන්න බැරි වැඩ ගොඩා…ක් සෙට් වෙනවනේ…….. නේද මචා….න්…..

    සුභම සුභ අලුත් අවුරුද්දක්……

  4. wiitharaagii Says:

    අරෙ අරෙ!අපෙ මාලුවාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!:)

  5. හිස් අහස Says:

    සඳුදා ඉඳලා වැඩ වැඩ වැඩ . එපා වෙයි බං …. 3ජී නෑ කියලා ලැපේ දාලා ගියාලු . ඒයි අයියේ මම මාස 4 කින් 3ජී දැකලා නෑ .ඒත් තියන සිග්නල් කඳුලෙන් අපි බ්ලොග් අවකාසෙට බඩ ගාගෙන එනවා ….උඹත් දුක් විඳින්න පුරුදු වෙයං ..

    සු . අ.අ . වේ . බං

  6. සාතන් Says:

    සුභ අළුත් අවුරුද්දක් මාලුවො !….

    අවුරුදු නිවාඩුවනම් මරු… ගිය සිකුරාද ගෙදර ආව… තාම ගෙයින් එළියට බැස්සෙ නෑ… කාල බීල ෆිල්ම් එකක් බලාගෙන ඉන්නව… සඳුද ඉදන් ආයෙත් ඉතිං යුද්ධෙ තමා… 🙂


හිස් අහස වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: