ෆන් ටයිම් එක ඉවරවුන මගේ මාළු ටැංකිය

කට්ටියට මතකනේ ගෝල්ඩ් fish ගේ මාළු ටැංකියේ මාළු ගැන කතාවක් කිව්වා. අර ත්‍රස්තවාදී මාළු පැටියෙක් හෙම හිටියේ… ඉතිං ඒ දවස් වෙද්දී සුදු මොලීයෙක් පැටව් ගහන්නනේ හිටියේ… පස්සේ ඉතිං පෝස්ට් එක දාපු දවසෙමද කොහෙද ඌ පැටවු ගහලා… පැටවු ඉන්න ඇති 50ක් විතර.

ඉතිං ලොකු එවුන් අස්සේ පොඩි එවුන්ව තියන්න හොඳ නැහැනේ… මොකද වයසට නොගැලපෙන ඒවා ඉගෙන ගත්තොත් හේම මටමයි වසන්න වෙන්නේ නැත්තේ. ඉතිං අර මාත් එක්ක මාළු ගේන්න යන මල්ලි ගාව තිබිලා පොඩි වීදුරු ටැංකියක් ගෙනවා මුං ටිකව දාන්න. ඒ ටැංකියෙත් හිටි‍යා ගප්පි වගයක්… ඉතිං මක්ක කොරන්නද උං අස්සෙම මගේ උං ටිකවත් දැම්ම. අර ත්‍රස්තවාදී මාළු පැටියවත් දාන්න වුනා. මොකද අනිත් පොඩි පැටවු අස්සේ ඌව හොයනවා කියන්නේ සතියක් විතර නිවාඩු දාලා කරන්න ඕනේ වැඩක්. ඉතිං ඌයි අනිත් උං ටිකයි අර මල්ලිගෙන් උස්සන් ආපු ගප්පි මික්ස් ටැංකියට දැම්මා.

ඊට පස්සේ ඉතිං උදේට යන්න කලින් කෑම දානවා…. හවස ආයෙමත් කෑම දානවා. ‍ඔහොම දවස් තුනක් විතර ගියා… මෙන්න බොල හතරවෙනි දවසේ බලද්දී මාළු පැටවු ටික නෑ…. උංව දේශපාලන ආරක්ෂාව තකා වෙන දේශයකට දැම්මම, ඒ දේශයෙදී කෲර ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වෙලා. ආසාවට එක සිරුරක් නෑ හොයා ගන්න. ක්ලේමෝ ගහලා වගේ තමා.

අර මල්ලිගේ ගප්පි සෙට් එක මගේ ජුංඩං මාළු පැටවු ටිකට ගේම දීලා. මට දැන් හිතෙනවා ඕකා ඉරිසියාවට මට ඒ ටැංකියම ගෙනත් දුන්නවත්ද කියලා. මොකද පොර මාළු එක්ස්පර්ට්. මෑන් දන්නවා කොටා ගන්නේ කොයි මාළුද… සාමයෙන් සහජීවනයෙන් ජීවත් වෙන්නේ මොක්කුද කියලා. අනිවා ඩෙෆා මේක නම් උගේ කුමන්ත්‍රන කාරී වැඩ පිළිවෙලේ කොටසක්.

ඒ වගේම පොර උගේ මාළු ටික ගේම දින්න හැටියෙම අපේ ගෙදර තිබ්බ මාළු ටැංකිය උස්සන් ගිහින්. ඕවා තමා ජීව අවි කියන්නේ…

ඉතිං ඒ දවස් වෙද්දී මගේ අනිත් තැඹිලි පාට මොලී ටික ෆන් ටයිම් එක ගතකරමින්නේ හිටියේ… ඔන්න දැන් ෆන් ටයිම් එක ඉවර වෙලා හරි, ෂොට් එක වැරදිලා හරි… එක මාලියෙක් පැටවු ගහන්න ඉන්නවා. තව ටික කාලයක් යයි කෝමටත්. ඒත් දැම්ම තියලාම ලෑස්ති වෙන්න ඕනේ. බබාලා හම්බුවෙනවා කියන්නේ ලේසි පහසු දෙයැක්යෑ…. හැබැයි ඉතිං ඒ මාලි ක්ලිනික් යන්න විදියක් නෑ.. මොකද මගේ ටැංකියේ දොස්තර මාළු‍වෝ නෑ…. ඉතිං මං දැන්ම තියලාම මගේම කියලා පොඩි වීදුරු ටැංකියක් හදාගන්න හරි, හදපු එකක් ගන්න හරි ඕනේ… නැත්තං මේ පාරත් වෙන්නේ දේශපාලන ආරක්ෂාව කියලා සාමාන්‍ය ජනතාව පාවාදෙන්න. මේ ගෝල්ඩ් fish ලෑස්ති නෑ ඒවට. ඒක නිසා මේ පාර නම් පුංචි ටැංකියක් ඉක්මනට හොයාගන්න ඕනේ…

කොහොමත් මං සුදු මොලියන්ට වඩා තැඹිලි මොලියන්ට පට්ට ආසයි. උං හරි සෝක් අප්පා… ඔක්සිජන් බුබුළු අස්සෙන් පීනලා යන්නේ නිකං, මෝර පැටවු වගේ. සුදු උං දෙන්නත් සෝක්. හැබැයි කම්මැලියි. පතුලේ තියෙන කොටේ අස්සට වෙලා නිදියනවා ඇරෙන්න වෙන වැඩක් නෑ උංට. කොහොම කොහොම හරි දැන් මාළු ටැංකියේ ගහනය මෙහෙමයි. තැඹීලි මොලී හතර දෙනයි. සුදු මොලී දෙන්නයි. ඔක්කොම ‍කපල් තුනයි. අර ත්‍රස්වාදී පැටියා ත්‍රස්වාදී ප්‍රහාරයකින්ම අප අතරින් වියෝවූ නිසා ටැංකිය සාමකාමීයි. හැබැයි මටත් ජුංඩක් ඉතර දුකයි.

ඒකට හරියන්න මේ පාර නම්…. තැඹිලි පාට පැටවු ටික ඔක්කොම… සැපේදික් දුකේදීත් එකට සිටිමින් හොඳින් රැකබලා ගන්නවා කියලා දිවුරා පොරොන්දු වෙමි. අර සැපේදීයි දුකේදියි එකට විදිය නම් අහන්ට එපා.  ඒවා දේව රහස්. කෝම හරි ගෝල්ඩ් fish ගමේ ගිහින් එද්දී බබා හම්බුවෙලා තිබ්බොත් නම් අනාතයි. මොකද මං‍ තාම පදිංචිය මාරු කලේ නැති නිසා ටැංකිය තියෙන්නේ ගමේ නෙමේ. ඉතිං මං ගමේ යනකොට අර මල්ලිට තමා ටැංකිය භාර දීලා යන්නේ… වැඩි හොඳට උංගේ ගෙදරින්ම ගිහිං තියලා තමා යන්නේ… අනේ ඉතිං මාළු බබාලා හම්බුවෙලා තිබුනොත් ඌ මොනා කරලා තියෙයිද දන්නේ නෑ….

Advertisements

14 Responses to “ෆන් ටයිම් එක ඉවරවුන මගේ මාළු ටැංකිය”

  1. Gayan Rupasinghe Says:

    මාලු ටැන්කියෙ ෆන් ටයිම් එක ඉවරයි කිව්වම බොල මම හිතුවෙ තවත් මොකක් හරි මරාලයක් උබට සෙට් වෙලා ඇති කියල බං. දැනුයි ඇගට ලෙ ටිකක ඉනුවෙ ..

    ජය..

    • ගෝල්ඩ් fish Says:

      උඹ එල කොල්ලෙක්නේ බං…. හික්… මට ප්‍රශ්නයක් නෑ බං.

      • Indraj Says:

        අර පොඩි මාළු ටැංකියට මාළු මාතාවයි පියාවයි කලින්ම දාල වෙන් කළානම් ප්‍රශ්ණෙ ඉවරයිනෙ ආයෙ මොකටද ළමයි හම්බවෙනකම්ම බලන් ඉන්නෙ මාරු කරන්න

      • ගෝල්ඩ් fish Says:

        මචෝ මොලී මවු පියෝ තම දරුවන්ව ආහාරයට ගන්න ස්වභාවයක් පෙන්නුම් කරනවා.

  2. සමනලී Says:

    එහෙනම් ඒ අලුතින් එන්න හදන මාලු බබාලා ටික හොදින් පරිස්සම් කරගන්ට…

  3. සාතන් Says:

    යකෝ ටයිටල් එක දැක්කම හිතුවෙ උඹ මොකක් හරි අඩව්වක් අල්ලල කියල…

    ඕය ටැංකියට ටිකක් වැඩිපුර හයිඩ්‍රිල්ල දාපන් (ටැංකියෙ ලස්සන බලන්න යන්න එපා ටික දවසක්) … එතකොට හරි…

    ( බිත්තර කහමද වතුර ටිකක දිය කරල දාපන්… පැටවු ඇවිත් 2වනි දවසෙ… සතියක් යද්දි කේස් එකක් නෑ… ගස් අඩුකරල ටැංකිය හදාගතෑකි…)

    • ගෝල්ඩ් fish Says:

      අනේ බං සාතෝ මං මගේ මාලු පැට්ටන්ට ආදරෙයි බොල. උඹ කියන එව්වා කොරන්ට ගිහිං උන්ට මොනා වෙයිද දන්නේ උඹම තමා…

  4. හිස් අහස Says:

    මම නම් හිතුවෙම මූ බ්ලොග් එක හැක් කරගෙන කියලා . මචං අයියේ මමත් කාලයක් මාලු ඇති කරා . ඒත් උං එකා පිටිපස්සේ එකා මියැදෙන්න ගත්තාම මට සංසාරේ කළකිරුනා . අන්තිමට ටැංකිය මම ටෝක් කරපු කෑල්ලකට දුන්නා . ඒකි ඒක වෙන කොල්ලෙකුට දුන්නා …

    මේ ඔය ත්‍රස්ථවාදී මාලුවාව ගෙහුං දාපං ලිඳකට ..නැත්තං ඌ ලොකු උනාම උඹවත් බයිට් එකට ගනීවි ..එක්කෝ ඕකව බැඳලා කාපල්ලා .(ගැඹුරු තෙලේ)

  5. අපරාජිතයා :::: Aparajithaya Says:

    අපෝ මාළු කියන්නේ මටත් අප්පිරියම සබ්ජෙක්ට් එකක්.මගෙත් සත්තුව වැඩි නිසාද කොහෙද පෝලිමට එකා පසු පස එකා කුරියා ගහන්න ගන්නවා…. අඩෝ අපරාදේ ගප්පි සෙට් එකටවත් එකතුවෙලා බැරි උනානේ ගෝල්ඩ් ෆිෂ්ට ගේමක් දෙන්න දෙරි ගැහිලා යන්න… 😦

  6. නවම් Says:

    මොකක්ද බ මේ දාන ටොපික්ස්, මම හිතුවෙ මේකට බඩු හරි කියල. හරිම සන්තෝසෙන් නෙව කියන්න ආවෙ, චික්…. !


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: