අනුන්ගේ පුටාර් වල අය පරිස්සමින්… දසුන්ට උන දේ වෙන්න පුලුවන්…



ඔන්න අද කියන්න යන්නේ ගෝල්ඩ් fish ගිය ගණන් පන්තිය තියෙනවනේ…. අර අර… අක්කලගේ ගවුම් රෙදි වල ටෙසලාකරන හෙව්වේ.. අන්න ඒ පන්තිය ඉවර වෙලා කොල්ලෝ ටික ගෙදර යද්දී වෙච්ච වැඩක් ගැන. මේ ටිකේම ඉතිං යශෝධරා සතිය වගේ වුනා‍නේ… ඉතිං ඇහුනෙම විලාප. තාම ඉවර නෑ… ඒත් ඉතිං එහෙමයි කියලා බැහැනේ… ෆන් එක තමා වැදගත්…අනික විස්නු දෙයියෝ සතියක්ද මාසයක්ද බටකොල කෑවනම් මට මේ මොන කජ්ජක්ද…

ඉතිං එදත් අපිට කම්මැලි හිතුනේ නැති හෙනහුරාදා දවසක්. අම්මප එදා නම් හෙනහුරාදාම තමා. දවල්ට කාලා පොඩ්ඩක් ඇල වෙලා ඉද්දී (ඇල වෙලා කිව්වට ඉතිං හොඳටම නිදි තමා)… ලොකූ…. නැගිටින්න, පන්ති යන්න තියෙනවනේ…. ඕකනේ ඉතිං කරන්න බැරි. අපේ ගණන් පන්තියේ සර්ට අද පන්ති තියෙනවා කියලා අමතක වුනත් අපේ අම්මට අමතක වෙන්නේ නෑ…

කොහොම කොහොම හරි ලෑස්ති වෙලා පන්ති ගියා. එදා මාර රස්නෙයි. ‍ෆැන්ටා එහෙම වාස්ප වෙන සයිස්. මේං ඉර… (කෝ නෑනේ, ඔය තියෙන්නේ පහල) ඒ වගේම තවත් විශේෂයක් තිබුනා. ඒ තමා අපේ දසුන් බුවා ප්‍රථම වතාවට අනුන්ගේ පුටාර් එකක නැගී පන්ති පැමිණීම. ඒ වගේම ඒ තමා උගේ අන්තිම වතාවට අනුන්ගේ පුටාර් එකක ගිය ගමනත්. ඊට පස්සේ ඌ සයික‍ලේ නැත්තං බස් එකේ හරි පයින් හරි ආවා මිස අනුන්ගේ සයිකල් වල ගියේ නෑ. උගේ පුටාර් එකේ කාර්මික දෝෂයක් නිසා වාහනේ ගැරේජ් කරලලු. අනිවා ඩෙෆා පැච් එකක් වෙන්න ඕනේ. මොකද දසුනා රිංගන්නේ ලේසි පහසු තැන් වල නෙමේ. කෙලිනම් බෝත්ල කටු, යකඩ කම්බි කෑලි එහෙම තියෙන කම්මල් ගානේ තමා දවසෙන් වැඩිම හරියක් ගෙවෙන්නේ… ‍ ඒ යන්නෙත් වැඩකට නෙමේ, උගේ බයිසිකලේ සරසා ගන්න.

ඉතිං අපි දැන් පන්තියේ වාඩි වෙලා කුණු කෙල පෙරාගෙන, නිදි මතට බෙල්ල දෙකට නවා ‍ගෙන සර් උගන්නන පාඩම අහගෙන ඉන්නවා. ට්‍රාං…. ට්‍රීං…. ටෲං…. දැන් වේලාව සවස පහ පසුවී විනාඩි 10යි. තව සුළු මොහොතකින් අක්කා කෑල්ල පන්තියට ලඟාවෙනවා ඇති… සියලූ ප්‍රේක්ෂකයන් බඳපටි තදකර‍ ‍ගෙන, කකුල් මතට බෑග් අරගෙන සුදානම් වන්න. ආහ්.. ඒ ඇහුනේ අපේ බයෝ එලාම් එකේ සද්දේ… ආයේ මොනාද ඉතිං ඒක නම් තිතට වැඩ. ඔරලෝසුවට වැරදුනත් හිත දන්නව නියම වෙලාව.  හික් හරියට නිකං එයාර් පෝට් එකේ වගේ…

ඊට පස්සේ ඔන්න 5.14යි… ම්හු… අක්කා නෑ… හැබැයි අපි දන්නවා අක්කා අනිවා ඩෙෆා එනවා කියලා. මොකද වෙනදටත් 5.15ට ධන හෝ සෘන විනාඩි තුන හතරක් ඇතුලත අක්ක එනවා. ඉතිං ටික වෙලාවක් යද්දී වගේම අක්කා ආවා. ඉතිං අපි අපේ වැඩ, සර්යි කෙල්ලෝ ටිකයි පාඩම් වැඩ. ඇත්තටම කියන්න අපේ පන්තියේ කොල්ලන්ට පන්තිය ඉවර වුනේ 5.15ට. ඉතුරු විනාඩි පහලොව රෙසට්… රෙස්ට් කරපු විදිය ගැන නම් කියන්න යන්නේ නෑ මොකද… නිකං මොකටද දැලි වලං මූනේ අතුල්‍ල ගන්නේ….

ඊට පස්සේ ඔන්න පන්ති ඉවර වෙලා කරන වතාවත් ඔක්කොම කරලා අද දවසේ ජයාග්‍රාහකයා, ඒ කියන්නේ අක්කා වැඩි වුන තැන කව්ද වාඩි වෙලා හිටියේ කියල දැන ගෙන එහෙම අපි අපේ පුටාර් අරං පන්තියෙන් එනවා. එදා ඉති දසුන් මගේ පුටාර් එකේ… පස්සේ අර මඩ වගුරු මැද්දෙන් අහෙන් මෙහෙන් දාගෙන ආවා තාර පාරට. තාර පාට කිව්වට තාර භාගයයි, බොරලු භාගයයි…. තඩි වලවලුත් තෙයෙනවා. වැටුනොත් හෙම ගොඩගන්න දොඹකර ගේන්න වෙනවා. ඉතිං කෝම හරි ඔය අප්සට් හරිය පහු කරලා එනකොට තියෙනවා පට්ටම පාරක්. කාපට් කරලා, ආයේ නෑ පොඩ්ඩක් ගසලා බසලා දාලා බත් මුලක් උනත් දිගෑරං කෑවැකි.

ඊට පස්සේ ආයෙත් වැටෙනවා අප්‍රසිද්ධ පාරකට. ඒ කියන්නේ ගූගල් මැප් එකේ නැති, වැටවල් එහාට මෙහ‍ාට කරලා බයිසිකලයක් යන්න පුළුවන් විදියට හැදුන පාරක්. ඔය පාරෙදි වට පිට බැලුවොත් නම් ඊළඟ මොහොතේදී, එක්කෝ වැටත් උඩ, නැත්තං ගහක කරුවක.

ඉතිං ඒ පාර තනිකර වැලි වලින් පිරිලා තියෙන්නේ… අර තාර පාරෙන් වැලි පාරට වැටෙන තැන නම් තනිකර වැලි ගොඩක්. අහල පහල වතුවල තියෙන වැලි සේරොම ටික වැස්සට හේදීගෙන ඇවිත් නවතින්නේ එතෙන තමා. ඒ මදිවට එතෙන තාර පාරට වැඩිය පොඩ්ඩක් පාතයි. පොඩි තාර ගැට්ටක් වගේ තමා තියෙන්නේ…  ඉතිං දැන් මායි දසුනුයි එක් පුටාර් එකක. අනිත් දෙන්න වෙන දෙකක. දැන් ඉතිං අර වැලි පාරට දාන්න ඔන්න මෙන්න තියෙද්දී.. දසුන්…. ඒ මචං, අර බලපං ෆට්ට කෑල්ලක් යනවා බං… කියලා ඩෙනිමක් ඇඳගත්ත කෙල්ලෙක්ව පෙන්නුවා. හැබැයි ඌ ඒ වෙනකං දැනං ඉඳලා නෑ… වාහනයක් එලවන ඩැයිවර් කෙනෙක්ගේ අවධානය බිදීම සෑහෙන වරදක් කියලා… ඉතිං ඊළඟ මොහොතෙ…. ස්ලාං… බෝස්…. සෲස්…. දසුනා සයිකලෙන් විසික් වෙලා වැටක් උඩ…. ඌයි… ඌයි ගානවා… සයිකලේ පැදං ආපු අනිත් එකා වැලි ගොඩේ වැලි කනවා. හික්… මාව සයිකලේ අස්සේ හිරවෙලා, දසුනා කම්බි වැටේ. සන්තෝසේ බෑ, ගමේම මිනිස්සු ඇවිල්ලා… අපිව උස්සලා කරලා අනිත් උං දෙන්නත් එකක්ම ආයෙම පිටත් කරා. දසුන්ගේ අතක අඟල් දෙකක විතර හීරුමක් ඇරෙන්න වෙන ඉහෙං බහින ලෙඩක් නෑ… හැබැයි දසුන්ගේ තුවාලය නම් ටිකක් බර පතලයි. මගෙත් කකුල හීරූනා එච්චරයි.

ඊට පස්සේ ආයෙම දසුනා ලැජ්ජා නැතුව ‍මගේ පුටාර් එකේම එල්ලුනා… පස්සේ අර වැට අස්සෙන් යන පාර එහෙම පාස් කරලා දසුන් අහනවා… ඒ ගෝල්ඩ් fish, උඹට සිදුනේ නැද්ද බං කියලා.

පිස්සුද බං, මං පට්ට ආතල් එකේනේ වැටුනේ…

ඈ.. ඒ මොකොද බොල…?

තාර ගැට්ටෙන් දාද්දී මං උඹව දනහිසෙන් පොඩ්ඩක් ඉස්සුවා බං….. J

ඊට පස්සේ දසුන් කියපු ටික *some texts are missing* ලු.

 

%d bloggers like this: