අද වගේ එදත් මට, දැනුන නුඹ මගේ බව…


නුඹේ පොඩි ඇස් යුගල දෙස
ආදරේ පුරෝගෙන හිත තුල
බලා ඉන්නට ඇති සෙමෙන්
පැය ගනන් නුඹ අසල හිඳ

 

මිනිකිකිණි සිනා හඬ ලඟ
නුඹත් එක්කම සිනාසී මම
රැඳී ඉන්නට ඇති සෙමෙන්
ගෙවා දමමින් දින ගනන් මම

 

රන්පාට මුදු දෑත් මත
දැවටී දැවටී සිටිය මා වෙත
පෑ දයා කරුණා අමා ගඟ
ගලා යයි මා සිත මැදින් තව

 

තිබුණ ඒ දාංගලට
ආදරෙන් මට තුරුළු නොවුනට
අද වගේ එදත් මට
දැනුන නුඹ මගේ බව

 

මේ කවි ටික අවුරුද්දකට විතර කලින් ෆේස් බුක් දාන්න ලියපු කවි ටිකක්. ‍ඒ වගේම මේ කවි ටික තමා මගේ අතින් ලියවුන ලස්සනම කවි ටික… (මට හිතෙන විදියට) එදා මේ කවි ටික ෆේස් බුක් දැම්මම මට මේකට ටැග් කරන්න කෙනෙක් හිටියේ නෑ… මොකද මේ සිතුවිලි වල අයිතිකාරි මාව ෆේස් බුක් එකේ ඇඩ් කරගන්නේ නෑ…. හික්ස්…වාසනාව කියන්නේ අදත් මේකට ටැග් කරන්න කෙනෙක් නෑ… 😀

Advertisements

17 Responses to “අද වගේ එදත් මට, දැනුන නුඹ මගේ බව…”

  1. සාතන් Says:

    ඇයි මාළුවො මේක ලිව්වෙ යශෝධරාවට නෙමෙයිද?…. යශෝධරාවට ලියල ටැග් කරන්නත් බැරි නම්… යකෝ අපි‍ව ව‍යර් වෙනවනෙ…

    • ගෝල්ඩ් fish Says:

      යශෝධරාවට තමා බං… වෙන කාට ලියන්නද…

      • සාතන් Says:

        ඉතිං බන් ඒ ළමය උඹව FB එකේ ඇඩ් කරගන්නෙ නෑ කියන්නෙ හතර බීරි කථාවක්නෙ…

      • ගෝල්ඩ් fish Says:

        හ්ම්.. අනිත් ඔක්කොම එවුන් ඉන්නවා මං නෑ… ආල කතා කියයි කියලා බං…

  2. පිණිබිඳු Says:

    ලස්සනයි මාලු. එයා ඔයාව ඇඩ් කරගන්නෙ නැත්තම් ඕක ප්‍රින්ට් කරලා බලෙන් ගෙනිහින් දෙන්න අතටම.

  3. ඉෂාර Says:

    තත් තත් තත් තාරා පැටියා…
    තාත්ති ගෙනා තාරා පැටියා…

  4. බීටා Says:

    ලස්සන කවි සැට් එක මාළු අය්යේ……….
    යශෝධරා බ්ලොගේ කියවන්නේ නැතැය්

  5. නවීන් Says:

    FB එකේ ඉන්න ගොඩක් කෙල්ලො ඔහොම තමයි හරි කොල්ල කව්ද කියල කියන්නේ නැ.. මිනිහව FB ඇඩ් කලත් නීති දාල තිට්යෙන්නෙ.. හික්.. හික්..

  6. නවම් Says:

    කරුමේ කරුමේ.. හොම්ම ගිහිල්ල බොලා ගෙදරටම නාකිවෙලා මාලුවා කරෝල කූරියෙක් වෙලා යයි වහේ. [මහා දරුණු කමෙන්ට් එකෙක් නෙව මේක]

    • ගෝල්ඩ් fish Says:

      පිස්සු හැදෙයි… ලංකාදීපේ තියෙන කම් එහෙම වෙනවද? 😛

  7. ..ChAnDiKa.. Says:

    මැසේජ් එකකින් යවපං මාලු… 🙂

  8. හිස් අහස Says:

    එයා උඹව ඇඩ් කර නොගත්තා කියලා මට අමුතු දුකක්නම් නෑ…ඇත්ත කියන්න එපෑය …ඒත් බං උඹට උදවුවක් ඕනනම් කියපං ..

    ලස්සන කවි පන්තිය උඹට කෙලවුනාම තමයි ලස්සන කවි ලියන්නේ .


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: