අද වගේ එදත් මට, දැනුන නුඹ මගේ බව…


නුඹේ පොඩි ඇස් යුගල දෙස
ආදරේ පුරෝගෙන හිත තුල
බලා ඉන්නට ඇති සෙමෙන්
පැය ගනන් නුඹ අසල හිඳ

 

මිනිකිකිණි සිනා හඬ ලඟ
නුඹත් එක්කම සිනාසී මම
රැඳී ඉන්නට ඇති සෙමෙන්
ගෙවා දමමින් දින ගනන් මම

 

රන්පාට මුදු දෑත් මත
දැවටී දැවටී සිටිය මා වෙත
පෑ දයා කරුණා අමා ගඟ
ගලා යයි මා සිත මැදින් තව

 

තිබුණ ඒ දාංගලට
ආදරෙන් මට තුරුළු නොවුනට
අද වගේ එදත් මට
දැනුන නුඹ මගේ බව

 

මේ කවි ටික අවුරුද්දකට විතර කලින් ෆේස් බුක් දාන්න ලියපු කවි ටිකක්. ‍ඒ වගේම මේ කවි ටික තමා මගේ අතින් ලියවුන ලස්සනම කවි ටික… (මට හිතෙන විදියට) එදා මේ කවි ටික ෆේස් බුක් දැම්මම මට මේකට ටැග් කරන්න කෙනෙක් හිටියේ නෑ… මොකද මේ සිතුවිලි වල අයිතිකාරි මාව ෆේස් බුක් එකේ ඇඩ් කරගන්නේ නෑ…. හික්ස්…වාසනාව කියන්නේ අදත් මේකට ටැග් කරන්න කෙනෙක් නෑ… 😀

%d bloggers like this: