දුක – කාන්සිය මගහැර ගන්න එක එක ක්‍රම



අද නම් ඔන්න ගෝල්ඩ් fish හැපි එකේ. අර යශෝධරාවගේ මවුතුමියගේ හිත් රිදවුමෙන් පස්සේ 100%ක් නැතත් 95%ක් විතර රිකවර් වෙලා තමා දැන් ඉන්නේ… ඊයේ ඉතිං යශෝධරාව බලන්න යන දවසනේ… මතකනේ අර ‍පිරිමි ළමයා ගෑණු ළමයාට ගොඩක් ආදරේ බව ගෑණු ළමයා දන්න කතාව. ඉතිං ඊයේත් ගියා…

හැබැයි ඊයෙනම් ගියේ අද ඉතිං මූනවත් බලාගන්න නැතුව හිස් අතින්ම ගෙදර යන්න වෙයි කියලා හිතිගෙන. ඒත්… ඔෆිස් එකෙන් එළියට බැස්සා විතරයි…

නෙතු ළග දගකරනා ආඩම්බරකාරී… ඉඟ ‍සුඟ ගස්සන… ආඩම්බර කම මට සිහිවේවි….. කියලා ප්‍රදීප් උන්නැහෑ කෑමොර දෙන ගමන් කකුලත් කිතිකනවා…. බැලින්නං යශෝධරාවගෙන් කෝල් එකක්…

හලෝ…. (හෙන සැකයෙන්… මොනා අහගන්න වෙයිද දන්නේ නෑනේ)

පුතා තාම ඔෆිස්ද?

මළ කෙලියයි මහරජ කිව්වලු… නැන්දම්මා… වැරදුනා… මව්තුමිය… මව්තුමිය…

අ… නෑ මං ‍මේ එන ගමන්… මග ඉන්නේ….(ඒත් බයෙන්)

හ්ම්… එන්නකෝ එහෙනම්. ඔයාගේ ඩොන්ගල් එකේ බිල අරගෙන ආවද?

ඔව් ගෙනාවා…

හා එන්න එහෙනම් මං නංගිව ගන්න එනවා, එතකොට දෙන්න මට.

හා….

හික්… මවුතුමියට සුවර් එකට දුක හිතිලා. මොකද මං මීට ටික දවසකට කලින් මගේ ‍බිල ගෙවන්න මට යන්න විදියක් නැති නිසා, ලොකු මැඩම්ට කිව්වා, මං සල්ලි දෙන්නම්… බිල ගෙවලා දෙන්න… කියලා. හා කියලා කිව්වට, ඔය වෙච්ච කේස් එක හින්දා මට ඒක අමතකම වෙලා ගියා… ඊට පස්සේ යන්තං සල්ලියි බිලයි ඊයේ දුන්නා… දැන් වැඩේ හරි….

ඉතිං මාත්තුරුකාවේ තියෙන දේ තමා දැන්… ඒ කියන්නේ දුක සාංකාව ඒක නැති කොරගන්න ගෝල්ඩ් fish කරන වැඩ.

මං ඉතිං දුකටයි සතුටටයි දෙකටම බොන්නේ නැති නිසා… බීම ගැන බයවෙන්න දෙයක් නෑ… බොනවනම් බොන්නේ නිකං… හේතුවක් නැතුව, හිතුනම විතරයි… ඒකත් කාලෙකින්….

ඊට පස්සේ, ඊයේ දවසම ෆුල් අප්සට් එකේ නිසා, ගෙදරින් ගෙනාව කෑම එක පැත්තකට දාලා ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවා දවල්ට…. තඩි චිකන් කෑල්ලකුත් එක්ක….

ඒත් අර දුක් ගීතය වරින් වර හිත ඇතුලේ නිකං එලාම් එකක් වදිනවා වගේ ඇහෙනවා… ඊට පස්සේ තමා ඕෆ් වෙලා යශෝදරාව බලන්න ගියේ… ඉතිං ඒ වැඩේ ගොඩනේ… ඒත් නිකං දුකයි දුකයි වගේ….

ඒ පාර මල්ලිට කිව්වා මාව එක්කං යන්න වර, නැත්තං උගේ අළුත්ගම අළුත් කැච් එකේ සීන් එක අම්මට කියනවා කියලා…. මූත් ඉතිං සයිකලේට හුලං ඩිංගක් ගහගෙන මාව අරං යන්න ආවා. මං ගෙදර යන්න බහින තැන ඉන්නවා කඩල වෙළෙන්දෝ… චූට්ටං කූනිස්සන්ව කුඩු කරලා දාලා කඩල වලට මික්ස් කරලා… පට්ටම සුවඳයි ඒ හරිය… ඉතිං ඊයේ අප්සට් මූඩ් හින්දා කඩල ටිකක් කකා යන්න කියලා බැළුවට එකෙක් වත් නෑ…. පස්සේ මල්ලී කිව්වා… අද පොලනේ… පොලේ නං ඇති කියලා…

හා… එහෙනම් අල්ලපං පොලට… කියලා මං කිව්වම, ඌත් හ්ම් යං කියලා… පදින්න ගත්තා පොලට. ඔය පොළට, මං ගිය පළවෙනි පාර තමා ඔය. එක වෙළෙන්දෙක්වත් දන්නෙත් නෑ… හැබැයි ඉතිං කඩල කාරයෝ පොල අයිනේ පාර දෙපැත්තේ නිසා අවුලක් නෑ… ගත්තා කඩල රුපියල් 50ක. ආයේ එන්න කියලා හදද්දිම අන්නාසි විකුණනවා. පස්සේ ගත්තා අන්නාසි ගෙඩියකුත්…

ඊට පස්සේ ගෙදර ඇවිත් බලද්දී… අම්මා මට කලින් පොලේ ගිහින් කෙසෙල් ගෙඩිත් ගෙනැල්ලා… ඔය වගේ වෙලාවට ගෝල්ඩ් fish නිකං ඉඳියි…. කඩල ටික කෑවා… ඩවුන් කරගත්ත මූවි එකක් ප්ලේකරන්න ලෑස්ති කරගත්තා…. ආයේම දිව්වා කුස්සියට….

මගේ ගාව තියෙනවනේ රහස් වට්ටෝරුවක්… පෘට් සැලඩ් හදන… ඉතිං ඕක මතක් කරගෙන අන්නාසි ටිකෙනුයි, කෙසෙල් ගෙඩි වලිනුයි හැදුවා සැලඩ් එකක්. සීනි ටිකකුත් දැම්මා, අයිස් ක්‍රීම් තිබුනේ නැති නිසා. හික්… ඒ අස්සේ අම්මා නූඩ්ල්ස් හදලා…. ඒකත් මැක්සා…. ඉතිං කෝම හරි නූඩ්ල්ස් කාලා ඉවරවෙලා සැලඩ් එකටත් වැඩේ දෙන ගමන් මූවි එකත් බැළුවා… ඊට පස්සේ ඉතිං දොයි මතයි… මූන කට හෝද ගෙන ඩොහ්… අද උදේ තමා නැගිට්ටේ… හිතේ තිබ්බ දුක 95%කින් විතර අඩුවෙලා… එක එක විදියේ සුභ සිතුවිලි වලින් හිත පිරිලා….

ඊට පස්සේ ඔන්න ඔෆිස් ආවා. හැබැයි තාම කෝල් එක නම් නෑ… එයි එයි… ඉවසලා බලමු… ආහ්… අර එදා මට සැර කලේ ඇයි කියලා නම් මං අහන්න ගියේ නෑ… නිකං මොකටද පරන දේවල් ඇදලා දූවිලි අවුස්සගෙන කිඹුහුම් යවන්නේ…. ඒක නිසා ඒ සීන් එක අතෑරලා දානවා… ඇත්තටම මගේ යාළුවෝ ටිකනම් රත්තරං… මගේ හිත හදන්න උත්සාහ කලා හැමකෙනෙක්ම වගේ… එක්කෙනෙක් කෝල් එකකුත් දීලා කිව්වා… අප්සට් ගන්න එපා කියලා… හරි දැන් ඉතිං වැඩේ ගොඩ කියලා හිතෙනවා.

 

ඉතිං අනිත් අයත් දුක හිතුනම, කාට හරි කියලා හිත හෑල්ලු කරගන්න බලන්න. හිතේ තියන් හිටියම අපිට නොදැනිම අපි රත් වෙනවා. අනිත් එක තමා දුක හිතුනම බොන එක නෙමේ කරන්න ඕනේ පුළුවන් තරම් විවිධ දේවල් සතුටු හිතෙන දේවල්  වල නිරත වෙන එක තමා කරන්න ඕනේ… පේනවනේ ගෝල්ඩ් fish… කෑවා ,කෑවා… අන්තිමේ සැලඩ් එකකුත් හදාගෙන කෑවා… පස්සේ ෆිල්ම් එකක් බලලා දොයිය බබා… උදේ නැගිටිද්දී කිසිම පස්නයක් නෑ… හැම ප්‍රශ්නෙටම ඕක හරියන්නේ නෑ තමා… ඒත් හරියන ඒවට සුපිරි…. හරි එහෙනම් ඔන්න කොල්ලගේ හිත ෆික්ස් වුනාලු ඈ…….

Advertisements

38 Responses to “දුක – කාන්සිය මගහැර ගන්න එක එක ක්‍රම”

  1. බීටා Says:

    අද නම් සොය් ඈ ……… ගොල්ඩ් ෆිස් අය්යා පුරුදු ආතල් එකේ පට්ට විදිහට ලියලා තියනවා
    එල එල………
    කාලා බීලා දොය්ය ගත්තාම ඔක්කොම හරිය…සිස් පට්ට ඈ…

    • ගෝල්ඩ් fish Says:

      හික්… ආතල් තමා… ඊයේ හෙන ගිනි ගොඩක.. අද අයිස් කුට්ටියක හිර වෙලා වගේ බං… AC එක repair කරලා… ීතලේ ගැහෙනවා….

      • බීටා Says:

        අය්යේ වරෙන් කෝ අලුත් අවුරුද්දට අපේ ගෙවල් පැත්තේ තනි රැකලා යනට හික්…….
        http://sithehisithuwam.blogspot.com/2011/04/blog-post_06.html මේකත් බලහං වෙලාවත් තියනව නං අය්යේ

  2. සාතන් Says:

    එලනෙ ඉතිං…. තෝ බොරුවටනෙ ආයි කෝල් කරන්නෙ නෑ… අරකද මේකද ඔක්කොම දැම්මෙ… 🙂

    ඔය ‍වගේ සීන් වෙලාවල් වලදි බොක්ක රබර් වෙනව නේද බන්… ඔහොම වෙලාවට ගොඩක්ම ගැලපෙන්නෙ චොකලට් අයිස් ක්‍රීම් …..

    • ගෝල්ඩ් fish Says:

      මං වැඩිය ආසා නැහැ බං චොකලට් අයිස්ක්‍රීම් වලට… වැනිලා පාරක් වගේ තිබ්බනම්… අම්බෝ…. රස නහර පිනා යනවා….

  3. අකිකරු හිත Says:

    ඒක නම් නියම ක්‍රමයක් තමයි….

  4. shanu Says:

    ඊයේ පෝස්ට් එකට මම කමෙන්ට් නොකලේ දුක නිසා ඒක කියවද්දි මට ඈඬුනත් එක්ක ඈයි හොඳ මිනිස්සුන්ටම මෙහෙම වෙන්නේ කියලා

    • ගෝල්ඩ් fish Says:

      අලි අලි… දැන් ඉතිං උඹ නාඩා හිටිංකෝ නංගියේ…

      • shanu Says:

        යකෝ අයියලා වෙනුවෙන් අඬන්න ගිහිනුත් අපි නිකන් නෝන්ඩි වෙනවානේ

      • ගෝල්ඩ් fish Says:

        නෑ නෑ… ඉතිං නංගි විදියට සලකා බලලා තමා එහෙම කිව්වේ…

  5. සිරි කොලුවා Says:

    අලෙ අයියණ්ඩියෙ එක නම් සිරාම මෙතඩ් එකක් තමා… බොහොම සිම්පල් තියොරියක් .. එ වුනාට එකෙන් අපිට ලැබෙන මානසික සහනය අමිලයි…. :))
    ආ… අයියා බය වෙන්න එපා අර කොල් එකත් එයි තව ටිකකින් නෙතු ළග දගකරනා ආඩම්බරකාරී… ඉඟ ‍සුඟ ගස්සන… ආඩම්බර කම මට සිහිවේවි… කියලා කකුලත් ගස්සගෙන … අනිවා ඩෙෆා … 😀

  6. ~:: My Cottage ::~ Says:

    “ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවා දවල්ට…. තඩි චිකන් කෑල්ලකුත් එක්ක
    ගත්තා කඩල රුපියල් 50ක. පස්සේ ගත්තා අන්නාසි ගෙඩියකුත්
    අම්මා පොලේ ගිහින් කෙසෙල් ගෙඩිත් ගෙනැල්ලා… ඔය වගේ වෙලාවට ගෝල්ඩ් fish නිකං ඉඳියි…. කඩල ටික කෑවා… ආයේම දිව්වා කුස්සියට…
    අන්නාසි ටිකෙනුයි, කෙසෙල් ගෙඩි වලිනුයි හැදුවා සැලඩ් එකක්. සීනි ටිකකුත් දැම්මා
    ඒ අස්සේ අම්මා නූඩ්ල්ස් හදලා…. ඒකත් මැක්සා…. ඉතිං කෝම හරි නූඩ්ල්ස් කාලා ඉවරවෙලා සැලඩ් එකටත් වැඩේ දෙන ගමන්”

    මේ මාළුවා කැමත් එක්ක තරහා වෙලා වගේ ලෝකේ තියන කෑම ටික ඉවර කරන්න හදලනේ

    • ගෝල්ඩ් fish Says:

      හික්… පිස්සුද බං, අනිත් අය දුක හිතුනම කන්නේ නැතුව නිදා ගත්තාට, මං එහෙම නෙමේ පුළුවන් තරම් කාලා නිදාගන්නේ… එත​කෙට ඊළඟ දවසට ඕනෙ කරන ශක්තිය ලැබෙනවනේ…

  7. Gayan Rupasinghe Says:

    ඒකනේ උබ බොරුවටනෙ කලබල උනේ. කොහොමද මුගේ කතාව. මු හැදුවෙ ජීවිතේ නැති කරගන්න නොවැ.. හෆ්ෆොයි…

    ජය..

    • ගෝල්ඩ් fish Says:

      ජීවිතේ නැති කොරගන්න නෙමේ බං.. හුස්ම ගන්න එක නවත්තන්න…

  8. හිස් අහස Says:

    මම දැනං හිටියා උඹ වැඩ්ඩා කියලා . ලවු කරද්දී ඔයවගේ පොඩි පොඩි කේස් වෙනවා බං ඕව ගන ගන්න එපා . මට එහෙම ඔහොම දෙයක් උනානම් මම හීනිවට සන්නද්ද වෙලා ගේ ඉස්සරහා හැං ගිලා ඉඳලා ගොම තලියකින් නැන්දම්මට ගහනවා . හැබැයි මචං උඹ එහෙම කලේ නෑ උඹ එහෙම කරන්න හිතන්නවත් එපා !

    උඹ කාටවත් කරදරයක් කරන්නේ නැතුව . ජාලියයි ක්‍රිශ්නජිනයි . තමන්ගේ ආදරය දිනාගෙන අමරණීය උනා වගේ ලස්සන ආදරබර ලයිෆ් එකක් ගත කරපං . .. උඹට වෙන හැම සිද්දියක්ම මේ බ්ලොග් එකේ ලියපං . අපිත් එක්කම ඉඳපං . හිතට දුකක් ආපු වලාවට ඉක්මන් වෙන්න එපා . පුලුවන් තරම් කාපං එතකොට දුක අඩුවෙනවා . අනික බං අපි කොච්චර කෑවත් ඇඟට අල්ලන්නෙත් නෑ නේ . ඒක නිසා අපි හැමදාම කෙට්ටුයි .

    එහෙනම් උඹට ජය වෙයං

    • බීටා Says:

      ෆට්ට කතාව නොවැ සඳරු අය්යේ

    • ගෝල්ඩ් fish Says:

      අන්න ඒකනේ උඹ දන්නවා මං වැඩ්ඩා කියලා… මේ මලේ තරහ නැතුව කියපං උඹ කොහොමෙයි දන්නේ කියලා… නැත්තං මං උඹට අල්ලං නෙලනවා… යුධ රහස් හෙලි කලා කියලා…

  9. ඉෂාර Says:

    සිරාවටම ඒ කඩල අලි රහයි අප්පා 🙂

    • ගෝල්ඩ් fish Says:

      ඈ… උඹ කොහොමද දන්නේ …? මං කාපු කඩල ගැන… ?

      • ඉෂාර Says:

        නෑ අලෝ සමස්තයක් වශයෙන් ගත් කල කූනිස්සෝ දාපු කබල රහයි යකෝ…

      • ගෝල්ඩ් fish Says:

        ආහ් ඒක මිසක්… මං බැලුවේ උඹ කොහොමද මං කාපු කඩල වල රහ දන්නේ කියලා… ​ෆට්ටයි බං.. කූනි කෑලි හැපෙද්දී….

  10. ගුණේ අයියා Says:

    මූඩ් ෆික්ස් කරන නවතම ක්‍රමය ගෝල්ඩ් ෆිෂ් තියරිය ඇප්ලයි කරලම බලන්න කෝ

  11. නවම් Says:

    දුකට කාපු දෙවෙනි එකා උඹ. අර ජංගිය බලල ගෙදර ගොයාගත්තු මගේ යාළුවත් උගෙ එෆෙයාර් එක බ්‍රේක් වෙච්ච දවසෙ ගාල්ලෙ චීනකොර‍ටුව පාරෙ ෆයිසාල් බත්කඩේට ගිහින් අම්බානෙකට කෑව. එතකොට ඌට රස්සාවක් නෑ, මගෙ දුප්පත් හිඟන පඩියටමයි කෙළ වුනේ.

  12. පිණිබිඳු Says:

    හිතේ දුක වැඩි වෙච්ච වෙලාවට පුලුවන් තරම් කන එක තමා හොඳම ක්‍රමය. මුකුත්ම නැත්තන් අයිස් කෝපි එකක් වත් බොන්න. දුක නිවෙයි. අත්දුටුවයි.

    • ගෝල්ඩ් fish Says:

      ආහ් එහෙමද… අත්දැකීමෙන් නොවැ.. අහක දාන්න බැහැ ඒ නිසා…

  13. තාරක Dilsh@n Says:

    හරි ගියානම් එච්චරයි

  14. හිෂාන් මෙලංග Says:

    අපරාදෙ හිත fix උනේ. සමාන්‍යයෙන් movie එකේ ආතල් එක තියෙන්නෙ හිත fix නොවී ගියානම්නේ?

  15. blog gadol Says:

    හික් හික්!! දැන්නං නිවන් ගියා වගේ නේද මාලුවෝ?

  16. The Ramblings Of A Demented Mind Says:

    අද දින නිකුත් කරන දෙවැනි පැනය – මේ blog එක ලියන්නේ මොන වෙලාවට ද? 😀

    • ගෝල්ඩ් fish Says:

      ගොඩක් වෙලාවට ඔෆිස් ඇවිත් උදේම… නැත්තං කලින්දා රාත්තිරියේ මදුරුවෝ තල තල දොයි මතේ… ඇයි ඒ එහෙම ඇහුවේ?

  17. යැන්කි Says:

    ඔහොම ප්‍රශ්න වලට කන්න ඕනි බඩ පැලෙන්න…….
    මාත් එහෙම තමයි කරන්නෙ.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: