දුක – කාන්සිය මගහැර ගන්න එක එක ක්‍රම



අද නම් ඔන්න ගෝල්ඩ් fish හැපි එකේ. අර යශෝධරාවගේ මවුතුමියගේ හිත් රිදවුමෙන් පස්සේ 100%ක් නැතත් 95%ක් විතර රිකවර් වෙලා තමා දැන් ඉන්නේ… ඊයේ ඉතිං යශෝධරාව බලන්න යන දවසනේ… මතකනේ අර ‍පිරිමි ළමයා ගෑණු ළමයාට ගොඩක් ආදරේ බව ගෑණු ළමයා දන්න කතාව. ඉතිං ඊයේත් ගියා…

හැබැයි ඊයෙනම් ගියේ අද ඉතිං මූනවත් බලාගන්න නැතුව හිස් අතින්ම ගෙදර යන්න වෙයි කියලා හිතිගෙන. ඒත්… ඔෆිස් එකෙන් එළියට බැස්සා විතරයි…

නෙතු ළග දගකරනා ආඩම්බරකාරී… ඉඟ ‍සුඟ ගස්සන… ආඩම්බර කම මට සිහිවේවි….. කියලා ප්‍රදීප් උන්නැහෑ කෑමොර දෙන ගමන් කකුලත් කිතිකනවා…. බැලින්නං යශෝධරාවගෙන් කෝල් එකක්…

හලෝ…. (හෙන සැකයෙන්… මොනා අහගන්න වෙයිද දන්නේ නෑනේ)

පුතා තාම ඔෆිස්ද?

මළ කෙලියයි මහරජ කිව්වලු… නැන්දම්මා… වැරදුනා… මව්තුමිය… මව්තුමිය…

අ… නෑ මං ‍මේ එන ගමන්… මග ඉන්නේ….(ඒත් බයෙන්)

හ්ම්… එන්නකෝ එහෙනම්. ඔයාගේ ඩොන්ගල් එකේ බිල අරගෙන ආවද?

ඔව් ගෙනාවා…

හා එන්න එහෙනම් මං නංගිව ගන්න එනවා, එතකොට දෙන්න මට.

හා….

හික්… මවුතුමියට සුවර් එකට දුක හිතිලා. මොකද මං මීට ටික දවසකට කලින් මගේ ‍බිල ගෙවන්න මට යන්න විදියක් නැති නිසා, ලොකු මැඩම්ට කිව්වා, මං සල්ලි දෙන්නම්… බිල ගෙවලා දෙන්න… කියලා. හා කියලා කිව්වට, ඔය වෙච්ච කේස් එක හින්දා මට ඒක අමතකම වෙලා ගියා… ඊට පස්සේ යන්තං සල්ලියි බිලයි ඊයේ දුන්නා… දැන් වැඩේ හරි….

ඉතිං මාත්තුරුකාවේ තියෙන දේ තමා දැන්… ඒ කියන්නේ දුක සාංකාව ඒක නැති කොරගන්න ගෝල්ඩ් fish කරන වැඩ.

මං ඉතිං දුකටයි සතුටටයි දෙකටම බොන්නේ නැති නිසා… බීම ගැන බයවෙන්න දෙයක් නෑ… බොනවනම් බොන්නේ නිකං… හේතුවක් නැතුව, හිතුනම විතරයි… ඒකත් කාලෙකින්….

ඊට පස්සේ, ඊයේ දවසම ෆුල් අප්සට් එකේ නිසා, ගෙදරින් ගෙනාව කෑම එක පැත්තකට දාලා ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවා දවල්ට…. තඩි චිකන් කෑල්ලකුත් එක්ක….

ඒත් අර දුක් ගීතය වරින් වර හිත ඇතුලේ නිකං එලාම් එකක් වදිනවා වගේ ඇහෙනවා… ඊට පස්සේ තමා ඕෆ් වෙලා යශෝදරාව බලන්න ගියේ… ඉතිං ඒ වැඩේ ගොඩනේ… ඒත් නිකං දුකයි දුකයි වගේ….

ඒ පාර මල්ලිට කිව්වා මාව එක්කං යන්න වර, නැත්තං උගේ අළුත්ගම අළුත් කැච් එකේ සීන් එක අම්මට කියනවා කියලා…. මූත් ඉතිං සයිකලේට හුලං ඩිංගක් ගහගෙන මාව අරං යන්න ආවා. මං ගෙදර යන්න බහින තැන ඉන්නවා කඩල වෙළෙන්දෝ… චූට්ටං කූනිස්සන්ව කුඩු කරලා දාලා කඩල වලට මික්ස් කරලා… පට්ටම සුවඳයි ඒ හරිය… ඉතිං ඊයේ අප්සට් මූඩ් හින්දා කඩල ටිකක් කකා යන්න කියලා බැළුවට එකෙක් වත් නෑ…. පස්සේ මල්ලී කිව්වා… අද පොලනේ… පොලේ නං ඇති කියලා…

හා… එහෙනම් අල්ලපං පොලට… කියලා මං කිව්වම, ඌත් හ්ම් යං කියලා… පදින්න ගත්තා පොලට. ඔය පොළට, මං ගිය පළවෙනි පාර තමා ඔය. එක වෙළෙන්දෙක්වත් දන්නෙත් නෑ… හැබැයි ඉතිං කඩල කාරයෝ පොල අයිනේ පාර දෙපැත්තේ නිසා අවුලක් නෑ… ගත්තා කඩල රුපියල් 50ක. ආයේ එන්න කියලා හදද්දිම අන්නාසි විකුණනවා. පස්සේ ගත්තා අන්නාසි ගෙඩියකුත්…

ඊට පස්සේ ගෙදර ඇවිත් බලද්දී… අම්මා මට කලින් පොලේ ගිහින් කෙසෙල් ගෙඩිත් ගෙනැල්ලා… ඔය වගේ වෙලාවට ගෝල්ඩ් fish නිකං ඉඳියි…. කඩල ටික කෑවා… ඩවුන් කරගත්ත මූවි එකක් ප්ලේකරන්න ලෑස්ති කරගත්තා…. ආයේම දිව්වා කුස්සියට….

මගේ ගාව තියෙනවනේ රහස් වට්ටෝරුවක්… පෘට් සැලඩ් හදන… ඉතිං ඕක මතක් කරගෙන අන්නාසි ටිකෙනුයි, කෙසෙල් ගෙඩි වලිනුයි හැදුවා සැලඩ් එකක්. සීනි ටිකකුත් දැම්මා, අයිස් ක්‍රීම් තිබුනේ නැති නිසා. හික්… ඒ අස්සේ අම්මා නූඩ්ල්ස් හදලා…. ඒකත් මැක්සා…. ඉතිං කෝම හරි නූඩ්ල්ස් කාලා ඉවරවෙලා සැලඩ් එකටත් වැඩේ දෙන ගමන් මූවි එකත් බැළුවා… ඊට පස්සේ ඉතිං දොයි මතයි… මූන කට හෝද ගෙන ඩොහ්… අද උදේ තමා නැගිට්ටේ… හිතේ තිබ්බ දුක 95%කින් විතර අඩුවෙලා… එක එක විදියේ සුභ සිතුවිලි වලින් හිත පිරිලා….

ඊට පස්සේ ඔන්න ඔෆිස් ආවා. හැබැයි තාම කෝල් එක නම් නෑ… එයි එයි… ඉවසලා බලමු… ආහ්… අර එදා මට සැර කලේ ඇයි කියලා නම් මං අහන්න ගියේ නෑ… නිකං මොකටද පරන දේවල් ඇදලා දූවිලි අවුස්සගෙන කිඹුහුම් යවන්නේ…. ඒක නිසා ඒ සීන් එක අතෑරලා දානවා… ඇත්තටම මගේ යාළුවෝ ටිකනම් රත්තරං… මගේ හිත හදන්න උත්සාහ කලා හැමකෙනෙක්ම වගේ… එක්කෙනෙක් කෝල් එකකුත් දීලා කිව්වා… අප්සට් ගන්න එපා කියලා… හරි දැන් ඉතිං වැඩේ ගොඩ කියලා හිතෙනවා.

 

ඉතිං අනිත් අයත් දුක හිතුනම, කාට හරි කියලා හිත හෑල්ලු කරගන්න බලන්න. හිතේ තියන් හිටියම අපිට නොදැනිම අපි රත් වෙනවා. අනිත් එක තමා දුක හිතුනම බොන එක නෙමේ කරන්න ඕනේ පුළුවන් තරම් විවිධ දේවල් සතුටු හිතෙන දේවල්  වල නිරත වෙන එක තමා කරන්න ඕනේ… පේනවනේ ගෝල්ඩ් fish… කෑවා ,කෑවා… අන්තිමේ සැලඩ් එකකුත් හදාගෙන කෑවා… පස්සේ ෆිල්ම් එකක් බලලා දොයිය බබා… උදේ නැගිටිද්දී කිසිම පස්නයක් නෑ… හැම ප්‍රශ්නෙටම ඕක හරියන්නේ නෑ තමා… ඒත් හරියන ඒවට සුපිරි…. හරි එහෙනම් ඔන්න කොල්ලගේ හිත ෆික්ස් වුනාලු ඈ…….

%d bloggers like this: