මීට අවුරුදු 6 කට විතර ඉස්සෙල්ලා තමා ගෝල්ඩ් fish ගේ ජීවිතේ වෙනසක් වෙන සිද්ධිය වුනේ. ගොඩක් දෙනෙක් දන්නවනේ යශෝධරාවත කියලා කතා සෙට් එකක් ගැන. ඉතිං ඒ තමා මගේ ඉලව්ව…
යශෝධරා මගේ ජීවිතේට කිට්ටු වෙද්දී, ගොඩක් දේවල් මගේ ජීවිතෙන් දුරස් වුනා. මගේ යාළුවෝ, බියර් කෑන් එක, මං හෙනටම ආසා කරපු මගේ නිදහස… වගේ ගොඩක් දේවල්. ඒ අස්සේ මට තව තව දේවල් ලැබුනා… වගකීම්… යහපත් හැසිරීම, සෙනෙහස, සතුට…. වගේම පසුකාලීනව පසුතැවිල්ල වගේ දේවලුත්. ඉතිං මේ කියන්න යන්නේ මට නැතිවුන දේවල් ගැන නම් නෙමේ… මොකද ඒවා ගැන කතාකරන එක මට අදටත් මගේ ඇස් දෙකට කඳුළු උනවන දෙයක් නිසා.
මේ කියන්නේ මට ලැබුන ආදරය ගැන. ඒකත් යශෝධරාවගේ ආදරය ගැන නෙමේ… යශෝධරාවගේ මවුතුමියගේ ආදරය ගැන. සමහරවිට මං ගොඩක් පිං කරලා ඇති. ඒ එක්කම පව් ගොඩකුත් කරලා ඇති. ඉස්සර ඉඳන්ම මං යශෝධරාවට කතා කරද්දී ,මැසේජ් කරද්දී ඒ හැම දෙයක්ම යශෝදරාවගේ මවු තුමිය දැනං උන්නා. කවදාවත් අපිට කිසි දෙයක් නොකිව්වේ දෙන්නම නරක නෑ කියලා දන්න නිසා. මාත් ඔය එක එක කඩප්පුලි වැඩ කරාට වල් එකෙක් නෙමේ. කොලු කමට කරන හැම දේම වල් නෑ…
ඉතිං ඔහොම යද්දී අපේ අම්මා වගේම යශෝදරාවගේ අම්මත් මට ගොඩක් ආදරේ වුනා. මටත් ඉතිං හරි සතුටුයි. අම්මලා දෙන්නෙක්ම ඉන්නවානේ… ඕනෙ වෙලාවක මොකක් හරි තක්කඩි වැඩක් කරලා බැනුමක් අහගන්න පුළුවන් ඒක නිසා. ඇත්තටම බැනුම් ඇසීමේ හා සෙනෙහස ලැබීමේ සම්භාවිතාව 100% කින්ම ඉහල ගියා… ඇයි ඉතිං අම්මලා දෙන්නෙක්නේ…
ඒත් ඉතිං මේ මාලුවා ඔය කියන තරම් වාසනාවන්ත නෑ… මොකද මට එක දවසක් ෆුල් ජොලියේ ඉන්න තිබ්බොත් අනිවා තව දවස් පහක් වත් නාහෙන් අඩන්න වෙනවා. ඒ මගේ ලැබීම වෙන්න ඕනේ… ඒක නිසා තමා මං ෆන් එක උනත් ටිකක් අරගෙන පැත්තකට වෙලා ඉන්නේ… ඕනෙවට වඩා සතුටු වෙලා එකපාරට ඊට වැඩිය දුකක් ආවම දරාගන්න අමාරුයි.
ඉතිං අවුරුදු උත්සවේ ෆන් එක අරං දවසක් යන්නත් කලිං සුපුරුදු ප්‍රොසීඩිය එකටම වැඩ සිද්ධ වුනා. මේ පාර නම් ටිකක් බරපතල විදියට හිත රිදුනා. ඒක වුනෙත් වැරදි පුද්ගලයෙක් අතින්… ඒක නිසා අන්තිම සැරයි හිතට දැනුන දුක නම්.
යශෝදරාවගේ මවුතුමියට මං ගොඩක් දේවල් කියනව. මගේ ප්‍රශ්න, හිතට හිතෙන දේවල්… වගේ ගොඩක් දේවල්. ඉතිං නඩුකාරී මට මවු කෙනෙක් වගේම යාළුවෙක් වගේ. ඉතිං හැමදාමත් උදේට යශෝධරාවගේ මව්තුමිය මට කතා කරනවා. මාත් ඉතිං අනිත් වැඩ කරන ගමන් බලාගෙන ඉන්නේ කොයි වෙලේද කෝල් එක එන්නේ කියලා.
ඉතිං ඊයේත් උදේ අට විතර වෙනකං කෝල් එක නෑ… පස්සේ මංම ගත්තා කෝල් එකක්. ම්හු… ආන්ස කලේ නෑ… දෙවෙනි පාරත් ට්‍රයි කලා ඒත් නෑ… මාත් ඉතිං හිතුවා මොකක් හරි වැඩක වෙන්න ඇති කියලා… විනාඩි 15ක් විතර බැලුවා. ඒත් නෑ… පස්සේ ආයෙම කෝල් එකක් ගත්තම කතා කලා…
වෙනදට ගුඩ් මෝර්නින් කියන කෙනා… ඊයේ…
මොකද…?
මට උත්තරයක් කියාගන්න විදියක් නෑ… හිතට මුකුත් එන්නේ නෑ… දිව කෙලවරේ තියාගෙන හිටිය ගුඩ් මෝර්නින් එකත් ගිලුනා.
ම්…………… නෑ… නිකං ගත්තේ……
ඒක මිසක්…. ඔයා මට හරියට වද දෙනවා දරුවෝ…. මට ඔයත් එකක් හරි කේන්තියි.
ඒ කිව්වේ….
බලන්න ඊයේ දවසටම මිස් කෝල් කීයක්ද?
(ඔව් මගෙන් මිස්ඩ් කොල්ස් ගොඩක් තියෙන්න ඇති. ඒත් ඒ එකක්වත් මිස්ඩ් කෝල් නෙවේ කියලා දන්නේ මං විතරයි. ඒ හැම එකක්ම මං මවුතුමියගෙයි යශෝධරාවගෙයි කටහඩ අහගන්න කියලා හිතාගෙන ගත්ත කෝල්ස්. එකක් ආනසර් නොකලම ආයෙම ගන්නවා. ඔය විදියට සෑහෙන පාරක් ට්‍රයි කරලා බැරිම තැන තමා ෆෝන් එක පැත්තකට දාලා ඉන්නේ. මං අවුරුදු උත්සවේට ඇවිත් උන්න හින්දා, හැමෝම යශෝධරාව ගැන අහපු නිසාත්, එයාට ඒ බව කියන්න හිතාගෙන තමා කතා කරන්න උත්සාහ කලේ… කොහොම හරි ඒ ඔක්කොම මිස්ඩ් කෝල් වුනා අන්තිමේ)
කවදාවත් නොදැනුන දුකක්, එක්ක ඉකියකුත් හිරවුනා. කතා කරගන්න බැරුව ගියා. මොහොතකට ගොළුවුනා මං. ආයේ කොහොම හරි කැඩිච්ච කඩහඩෙන්, සොරි මැඩම්… කියලා ෆෝන් එක කට් කලා. අන්තිම වචන දෙක කියවෙද්දී ඇත්තටම මට ඇඩිලා….
ඔෆිස් එකේ නිසා කෑ ගහලා අඩන්නත් බෑ, දුක හිරකරගෙන ඉන්නත් බෑ… පස්සේ ආයෙම ෆෝන් එක අතට අරං “I’m breathing with listening your voice mommy. Don’t stop my breathing. I like to live little bit.” කියලා මැසේජ් කලා. ඇත්තටම මට ඕනෙ වුනේ ඔය යවපු ටික සිංග්ලිෂ් වලින් යවන්න. ඒත් තිබ්බ දුකට ඩික්ෂනරිය ඔන් කරගෙන කඩ්ඩෙන්ම යැවුවා. ඒ වෙද්දිත්… දඩබ්බර මගේ ඇස් වල කඳුළු.
පස්සේ ඉතිං ආයේ එක පාරක් වත් කෝල් කරන්නේ නෑ කියලා හිත හදාගත්තා. ඕනෙ කමකට ඇරෙන්න කතා කරන්නෙම නෑ… ඒත් දෙයියනේ අර කෙල්ලගේ කටහඩ අහන්නේ නැතුව ඉන්න පුලුවන් කමක් නෑ… මට හිතාගන්න බෑ, ඇයි සතුටක් ලබලා දවසක් වත් යන්න කලින් මෙච්චර දුකක් හම්බුවෙන්නේ කියලා. අම්මා කෙනෙක් වගේ ආදරේ දෙන කෙනෙක්ම මෙච්චර දුකක් දෙද්දී…
මට මුල ඉඳන්ම ආයෙම මතක් වෙන්න ගත්තා හැම දෙයක්ම. මුලින්ම මට අම්ම තාත්තගෙන් ඇරෙන්න උපන්දිනේට තෑග්ගක් හම්බුනේ යශෝදරාවගේ මව්තුමියගෙන්. ඒ නිල් පාට අත්කොට ෂර්ට් එකක්. මං නිල් පාට අඳින්න ආසා නැති වුනත් මං ඒ නිල් පාට ෂර්ට් එක ඇන්දා. දැන් නම් අඳින්න බැරුව ඇති, ඒත් අපේ අම්මාවත් ඒක විසික් කරන්නේ නැතිව මගේ ඇඳුම් අල්මාරියේ දාලා එහෙමම තියෙනවා. ඊට පස්සේ දවසක් යශෝදරාවටයි මටයි බත් කැවුවා. එක දවසක් නෙවේ දවස් කීපයක්. පස්සේ දවසක් අපි දෙන්න රංඩු වුන වෙලාවක දෙන්නවම තුරුල් කරගෙන ටික වෙලාවක් හිටියා. ඊට පස්සේ දෙන්න එක්ක නීඩ් ෆෝ ස්පීඩ් සෙල්ලං කරද්දී දෙන්නගෙම ඔලු දෙක එකට හැප්පුවා. ඒකනම් මට ටිකක් රිදුනත් එක්ක යශෝධරාවගේ කොන්ඩ කටුවක් ඇනිලා…
ඒ වගේ මගේ ලෝකය සුන්දර කරපු කෙනෙක්ගෙන්… ඔයා මාර වදයක්… කියලා අහගත්තම තියෙන සනීපේ…. හ්ම්… දැන් ඉතිං මොනා කරන්නද? ඇත්තටම තව ටික දවසක් හරි ජීවත් වෙන්න ආසා නිසයි මං හැමදාමත් උදේටයි හවසටයි කතා කරන්නේ… සමහරවිට දෛවය තීරණය කරලා ඇති දැන් උන්න ඇතියි කියලා. මහා ලොකු හිස් බවක් දැනෙනවා,… මට දුකක් ආපු හැම වෙලාවකම ඒක කියන්න හිටිය වැඩිහිටියා, යාළුවා… අම්මා… යශෝදරාවගේ මව්තුමිය විතරයි. දැන් ඉතිං මට හිතෙන්නේ එයත් නෑ…. දැං කාටද මට දුක හිතුනම කියන්නේ…? හැම දෙයක්ම මට හිතේ හිරකරගෙන දුක් විඳින්න වෙයි වගේ…
පස්සේ කොහොම හරි යශෝදරාවගේ මවුතුමිය මට කෝල් කලා. එයාත් අඩන සද්දේ නම් ඇහුනා. එයා මොනාට අඩන්නද? මගෙනේ හිත රිදුනේ. ඊටත් හිතේ තිබ්බ දුක පුළුවන් තරම් බාල කරලා තමා මැසේජ් එක යැවුවේ…. තාමත් යශෝධරාවවත්, එයාගේ මවුතුමිය වත් දන්නේ නෑ… එයාලා නිසයි හුස්ම අරං ජීවත් වෙන්නේ කියලා… කවදහරි ඒක තේරුම්ගන්නේ මං හුස්ම ගන්න එක නැවතුන දාට තමා…
2011 අප්‍රේල් 5 දින පෙ.ව. 6:26 ට
ඕවා මහොම තමයි මාලූවා දුක සැප නිති පෙරලෙ රියසක විලසෙ හැබැයි එහෙම උනා කියලා තමන්ගේ හිත දුර්වල කර ගන්න එපා
2011 අප්‍රේල් 5 දින පෙ.ව. 7:20 ට
බලමු බං කොහොම හරි කාගෙන ඉන්න….
2011 අප්‍රේල් 5 දින පෙ.ව. 8:10 ට
සැලෙන්න එපා මාලුවෝ… කන්දක් නගින්න ඕනෙ පල්ලමක් හම්බවෙන්න
2011 අප්‍රේල් 5 දින පෙ.ව. 8:42 ට
ඒකතම් ඇත්ත බං….ඒත් මචං… හරි අප්සට් බං.
2011 අප්‍රේල් 5 දින පෙ.ව. 8:13 ට
ඔය වගේ වෙලාවට ඉබේම කඩ්ඩෙන් කෙටෙනව තමා…
හැබැයි පුතා උන්න ඇති කියල හිතෙන එක නම් එච්චර හොඳ නෑ… මොකද තව සාතන් කෙනෙක්ව ඕන නෑනෙ.. අනික ඒ ක්‍රමේට ජීවත් වෙන එකත් හරි අමාරුයි…. අනිත් උන් නම් හිතනව මූට කිසි ගානක් නෑ හැඟීමක් නෑ කියල…. එහෙම වුනාට ඇත්ත ඒකද කියල ප්‍රස්නයක් එනව…
ටිකක් හොයල බලපන් ඇත්තටම කේස් එක මොකක්ද කියල…. සමහර විට නඩුකාර තුමියත් මොකක් හරි ප්‍රශ්නෙකද දන්නෙ නෑ නෙ….
2011 අප්‍රේල් 5 දින පෙ.ව. 8:49 ට
වැඩක් නෑ බං… ආයෙ ඕනෙම කමකට ඈරෙන්න හරි, කටයඩ අහන්නේ නැතුව ඉන්න බැරිම වුනොත් ඈරෙන්න කෝල් කරන්නේ නෑ බං.
2011 අප්‍රේල් 5 දින ප.ව. 3:20 ට
පිස්සු කෙලින්නෙ නැතුව ටිකක් හොයල බලපන් ඇයි එහෙම වුනේ කියල…. සමහර වෙලාවට අපිට පේන්නෙ එක පැත්තක් විතරයි… ඒක හැමතිස්සෙම හරි වෙන්නෙත් නෑ නෙ බන්… ටිකක් හොයල බලපන්… ඊට පස්සෙ කරන්න ඕන දේ තීරණය කරපන්….
2011 අප්‍රේල් 5 දින ප.ව. 3:56 ට
එක ඇත්ත … බලමු අද හවසට දෙන්නවම හමුබුවෙයි මං හිතන්නේ…
2011 අප්‍රේල් 5 දින පෙ.ව. 8:19 ට
ඇයි බන් එක පාරටම ඔහොම වුනෙ…
ඔක්කොම හොදින් විසදේවි මචන් බැදීම් වැඩිවීම දුකක් කියල බුදුන් වදාල තියෙනවනේ..
2011 අප්‍රේල් 5 දින පෙ.ව. 8:50 ට
කොයිතරම් කිව්වත් බං අපි බැඳීම් වල ඈලෙන එක නවත්තන්න බැහැනේ බං… ඇත්තටම අපි ජීවත් වෙන්නෙත් ඒ දේවල් නිසානේ…
2011 අප්‍රේල් 5 දින පෙ.ව. 11:06 ට
අපි රහත් වෙලා නෑනේ. කතාව ඇත්ත…
2011 අප්‍රේල් 5 දින පෙ.ව. 10:21 ට
හ්ම්ම්ම්…..
මේ ඒක නෙමේ මාලුවෝ…අවුරුදු 6කට කලින් බොල කිරි බොන සප්පයෙක් නේ…තොටිල්ලෙන් බැස්ස ගමන් අක්කව අල්ලගන්න ගියයි…
මම කියන්නේ නෑ මෙතන ඊයේ එදා උන එව්වා,,,,අර වාඩි වෙලා ඉදියේ….කියන්නෙයි…
2011 අප්‍රේල් 5 දින පෙ.ව. 11:13 ට
බොට නම් විහිළු බං….
2011 අප්‍රේල් 5 දින පෙ.ව. 10:32 ට
හැමදේම හොඳින් සිද්ද වෙලා ඇයි එක පාරටම මෙහෙම දෙයක් උනේ. සමහර විට ඒ අම්මා ඔයා නිසා නෙමෙයි වෙන මොකක් හරි හේතුවක් හින්දා අවුලකින් ඉන්න ඇති. ඒන්ජල්ගෙන්ම ඇහුවානම් හොඳ නැද්ද මොක්ද උනේ කියලා.
2011 අප්‍රේල් 5 දින පෙ.ව. 11:14 ට
මන්දා බං.. වටේටම හෙනම පාලුයි වගේ…
2011 අප්‍රේල් 5 දින පෙ.ව. 11:04 ට
ඔයා හුස්ම ගන්න එක නවතින්න ඕනේ නෑ. නියම වෙලාවෙදි එයාලට ඒක තේරෙයි. අඩන්න එපා…
2011 අප්‍රේල් 5 දින පෙ.ව. 11:16 ට
ඔව්… කොහොම හරි දරාගෙන ඉන්න තමා කල්පනාව
2011 අප්‍රේල් 5 දින පෙ.ව. 11:22 ට
අඩෙ ගොල්ඩ් පිස් අයියෙ… එක අබමල් රෙණුවකින් වත් හිත අවුල් කර ගන් නැතිව හිටින් අයියෙ…. මොකද මම දන්නවා ඔය කොච්චර කිව්වත් අයියට වගෙම යශො නංගිගෙ මවු තුමියටත් තමන්ගෙ පුතණ්ඩියට (එක්කුස උපන් වගෙ තමා ) කතා නොකර අමතක කරන්න බැ කොමත්.. මොකද එතුමිය හුස්ම ගන්නෙත් උබෙ ආදරෙන් අයියෙ… එකෙ සැකයක් නැ අය. නොකිවට අයියා විඳින හිත් වේදනාවම මව්තුමුයටත් දැනෙනවා අනිවා… ඔන්න බලහන් අයියෙ.. තව ටිකකින් කොල් එක එනවා” ආ….. මගෙ සුදු පුතෙ… උඹ කැම කාලද ඉන්නෙ … _______ ” කියලා . අනිවා ඩෙෆා.
2011 අප්‍රේල් 5 දින පෙ.ව. 11:28 ට
හ්ම්… මටත් නිකං ලාවට ලාවට හිතෙනවා බං එහෙම.. හැබැයි උඹ කියන්නා වගේ සුදු පුතා නම් කියන්නේ නෑ බං… දරුවාම තමා හැමදාමත්…
2011 අප්‍රේල් 5 දින ප.ව. 2:49 ට
මූට සුදු කිවවොත් කලු වලට මොනවද කියන්නෙ..
නාඩ ඉදින් හැම දෙයක්ම ඉක්මනටම හරි යයි.
2011 අප්‍රේල් 5 දින ප.ව. 4:03 ට
හ්ම්… හරි ගියොත් නම් හොඳයි බං…
2011 අප්‍රේල් 5 දින ප.ව. 4:26 ට
ඔය දැං ලියපු දෙවල්වලට වඩා තවත් හුගක් දෙවල් තියෙනව කියල මම දන්නව. මම නම් ඉතින් ලගදි තමයි මේ පැත්තට අවේ. යශෝදරා series එක ගැන දන්නෙම නැහැ වගේ. කොහොම උනත් ඔය දුක වගේම සතුටත් තාවකාලිකයි. ටික දවසකින් ඇරිල යාවි. ගෙදර ගිහිං හොද තේ එකක් බොන්න. නැත්නම් අම්මගෙ උකුලට ඔළුව තියාගෙන හානිසියක් දාගෙන ඉන්න. ඔය ඔක්කොම ඇරිල හිත සුද්ද වෙලා යාවි.
2011 අප්‍රේල් 5 දින ප.ව. 8:56 ට
බොහොම ස්තූතියි බං… හිත හදන්න ට්‍රයි කරනවට.
2011 අප්‍රේල් 5 දින ප.ව. 5:04 ට
හෙනම සංවේදී කතාවක්. ඔය යශොදරා ගැන නම් මම දන්නෙ නෑ. ඒත් අම්ම එහෙම කලේ මොකද කියල පොඩ්ඩක් හොයල බලන්න අයියෙ. මාත් කියන්නෙ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති.
2011 අප්‍රේල් 5 දින ප.ව. 8:59 ට
බලමු…. මොනා වේගෙන එනවද මංදා බං…
2011 අප්‍රේල් 5 දින ප.ව. 5:21 ට
ඔහෙම දෙයක් උනාම හිත අවුල් නොවෙන්නේ කාගෙද මාළු…….. පොඩ්ඩක් හිත හදා ගන්න බලහං..
ඔන්න බලහං කෝ අය්යේ හෙට අනිවා යශෝධරා හරි එයාගේ මවුතුමිය හරි අනිවාරයෙන් පුතණ්ඩියාගේ දුක සැප බලන්න කතා කරනවා ෂුවර්…..
2011 අප්‍රේල් 5 දින ප.ව. 8:59 ට
එහෙම වුනොත් නං හොඳයි බං…
2011 අප්‍රේල් 5 දින ප.ව. 10:49 ට
අඩේ ප්‍රසා.. අහපන්. ඔය උබ කිව්වෙ මට උන සීන් එකම තමයි. මට මගෙ පුතේ කියල කතා කරපු සුදු මැනිකගේ අම්මට මාව එපා උනා. පුතා කිව්ව මම ළමයා උනා. ඊට පස්සේ කතා කරන එකත් නැති උනා. ඒ අතින් යශෝ නංගි ගේ අම්ම ගොඩක් ඉහලින් බං. මට උබෙ දුක තේරෙනවා බං. මමත් උබ ඉන්න තැනම හිටිය. මට අඩන්නත් බෑ බං. ළමයින්ට පේන්වා. යශෝ නංගි ගෙ අම්මා තව පැත්තකින් හිර වෙලාද දන්නෙ නෑ මචං. ටිකක් හොයල බලපන්. වෙලා වක් තිබුනොත් ඒ පැත්තෙ ගිහින් හරි කමක් නෑ. දුකයි කියල මම දන්නව මචං. ඒක නිසයි මම මේ කියන්නේ. දුක් නොවී ඉදහන්.. සේරම හරියාවො
ජය..
2011 අප්‍රේල් 6 දින පෙ.ව. 8:38 ට
යාන්තං ෂේප් වුනා බං…
2011 අප්‍රේල් 6 දින පෙ.ව. 12:09 ට
මෙච්චර හරියක් මම දැනං උන්නේ නෑ බං . ඕව ඔහොම තමයි බං . සමහ වචන නිකම් පිහි පාරවල් වගේ දරුනුයි . කෙනෙකුගේ හැසිරීම තව කෙනෙකුට කොහොම බලපානවද කියලා .යමක් කරන්න කලින් කෙනෙක් හිතන්න ඕන . අපේ හිත් පොඩ්ඩ ඇත්තං රිදෙනවා බං . ඔය වගේ වෙලාවට ඇඬෙන එක සාමාන්‍යයි . කෙල්ලෙක්ගේ කටහඬ අහන්න කොල්ල කොයි තරම් ආසද කියලා දන්නේ කොල්ලෝ විතරනේ බං .
උඹ ඕව ගනං ගන්න එපා ! දැං මවුතුමියගේ හිත උනු වෙලා නේ ….. මේ මම උඹට උපායක් කියන්නම් . ආයේ වැඩිය කෝල් කරන්න එපා . පුලුවන්තරම් එයාලට උදවු පදවු කරහං කරලා පොඩ්ඩක් නොපෙනී ඉඳපන් . එත කොට එයාල එයි උඹව හොයාගෙන .
උඹගේ වෙඩින් එකට එන්න තමයි මම බලාගෙන ඉන්නේ හරිද මාළුවෝ !
2011 අප්‍රේල් 6 දින පෙ.ව. 8:40 ට
ඒ පාරත් ගොඩ ගියා බං…
2011 අප්‍රේල් 7 දින ප.ව. 5:34 ට
දැන් යශෝදරාවගේ මවුතුමිය මේ blog එක එහෙම කියවනවා ද? 😛
2011 අප්‍රේල් 7 දින ප.ව. 5:35 ට
තාම නම් අනේ…
2011 නොවැම්බර් 5 දින ප.ව. 7:52 ට
දුක හිතෙන්න කතාවක්……..දිගටම ලියන්න …..ජය
2011 නොවැම්බර් 5 දින ප.ව. 8:10 ට
🙂
2011 දෙසැම්බර් 19 දින පෙ.ව. 11:25 ට
ටිකක් පරණ පොස්ට් එකක් වුනත් මේකට කමෙන්ට් එකක් දන්නා හිතුන අයියේ..:(
මොකද මේ දවස වල මටත් ඔයිට ටිකක් සමාන සිද්ධියක් වෙලා තියෙන නිසා…
මට වුනේ නම් ඔය වගේ කෙනෙක්ගෙන් නෙවෙයි..මගේම තාත්තාගෙන්..:(
මගේ මහා ලොකු කියන්න තරම් වැරද්දක් නැතුවම එය දැන් මාත් එක්ක කතා කරන්නේ නෑ..වැඩිය ඕනේ නෑ මේ එක ගෙදර එකට ඉඳිද්දී ම.
😦
ඉතින් හිතන්නකෝ මට හිතෙන දේවල්…
පුදුම අසරණ කමක් දැනෙන්නේ…
ඔය වගේ දෙයක් වෙන්න තරම් ලොකු දෙයක් මගේ ඇති වුනා නම් වැරද්දක් කියන්න බැරි උනත් මං පුංචි කෙලි පැටික්කියෙක්ට ආදරේ කරන්න පටන් ගත්ත එක විතරයි මතක වෙන්නේ..එත් ඉතින් ඊට පස්සෙත් ගොඩක් හොඳට කතා කරා..
අයියගේ ප්‍රශ්නේ නම් හොඳ විදියකට විසඳිලා ඇති කියලමයි හිතෙන්නේ… එත් ඔය වගේ වෙලාවට පුළුවන් නම් දෙපැත්තම හිතන්න අයියේ… මොකද ගොඩක් මිනිස්සුන්ට එක කරන්න අමාරුයි..ගොඩක් අය කරන්නේ තමන්ගේ පැත්ත ගැන විතරක් හිතන එක.. එහෙම අය අතරේ ගොඩක් උසස් පුද්ගල සම්බන්ධතා තියාගන්න පුළුවන් අනිත් කෙනාගේ පැත්තෙනුත්හිතන්න පුරුදු වුනාම..
කොහොම උනත් ඉතින් ඔහොම හිතෙන එක වැරදියි කියන්න නම් බෑ..
ඉවසන්න අයියේ..හැමදෙයක්ම වෙන්නේ මිනිස්සුන්ටනේ…!!!
2011 දෙසැම්බර් 19 දින ප.ව. 12:41 ට
හැමදෙයක්ම වෙන්නේ මිනිස්සුන්ටනේ…!!! කියලා තමා බං උඹටත් කියන්න තියෙන්නේ. බය නැතුව හිටපං ඉක්මනට ඔව්වා විසඳෙයි…