ඇයි යකෝ අවුරුදු උත්සවේට වැස්සේ නැත්තේ‍‍‍….


ඔන්න ඉතිං ගෝල්ඩ් fish ත් අවුරුදු උත්සවේට පීනුවා. කලින්දා රෑ මැච් එකත් නොබලම කලින් නිදාගෙන හෙන ලෑස්ති පිට යනවා කියලා හිතාගෙන බුදිය ගත්තට, වෙනදා මට කෙලවෙන පොයින්ට් එකෙන්ම ඊයේත් කෙලවුනා. වෙන අහවල් එකක් නෙමේ නින්ද… නින්ද… කලින් නිදාගන්න ගියාට, ගෝල්ඩ් fish ට කංපනා වුනේම යශෝධරාව ඇදගෙන යන්නේ කොහොමද කියලා මේකට. ඒකි එන්නේ නෑ කියලා දැන දැනම… අභීත අයියගේ හීනේ අස්සේ මාත් හීන මැවුවා… යශෝධරාව අතේ එල්ලං ගිහින්, කට්ටියට… ආහ් , මචං මේ තමයි මගේ යශෝධරා… කියලා ඉන්ට්‍රො පාරක් හෙම දීලා ෆුල් ෆන් එකක් ගන්න හැටි ගැන. ඉතිං මං හිතන්නේ පාන්දර එක විතර වෙනකම් හීන මවන්න ඇති. අනේ අම්මපා…. ලඟ තියෙන මෝලේ, වෙලාව පාන්දර 1යි කියන්න ගාන්ඨරේ ඇහුනම පස්සේ තමා මීටර් වුනේ… මං මේ මවන්නේ හීනයක් නේද කියලා. ඊට පස්සේ හීන කොට්ටෙ යටින් තියාගෙන සැපට බුදියලා ඇහැරෙද්දී උදේ 7.45යි.

ෂා… සනීපයි…. දැං ඉතිං කෙලපංකෝ… අපිට කෆීර්, මිග් අරවා මේවා නැහැනේ… ඉතිං. පොදු ප්‍රවාහන සේවාම තමා පිහිටට ඉන්නේ… ඒක නිසා උදේට කන්නෙත් නැතුව ලෑස්ති වෙලා මැංගෝගේ ගෙදට්ට දුවලා ඌවත් ලෑස්ති කරගෙන ආවා සයිබරයේ සිහින බක්මහ උලෙලට. ඇවිල්ලා ඉතිං පාර හොයා ගෙන එද්දී පැය භාගයක් විතර ගියා. මුලින්ම හම්බුනේ අභීත අයියව, ගේට් එක පැත්තට එද්දි‍‍‍…. මං ඇහුවා, අභීත අයියද මේ… ? කියලා..(මං හිතන් උන්නේ මේකා ගෝරිල්ලෙක් වගේ කලු හෙන තඩි පොරක් කියලා) එයත් ඔව් කියලා… ආයෙම මගෙනුත් ඇහුවා… ආහ් මේ ගෝල්ඩ් fish නේද? කියලා මාත් ඉතිං ඔව් කියලා ආයෙමත්‍‍‍‍… කොහොමද දන්නේ කියලා ඇහුවම මූ කියනවා… ඔය සිරියාවන්ත මූනු පොඩ්ඩ දැක්කම මට හිතුනා උඹ තමා කියලා… කියලා කිව්වා. අම්මේ මට ආපු ලැජ්ජාව. අභීත අයියගේ බෙල්ලට පැනලා, ඩ්‍රැකියුලා ෆිල්ම් වල වගේ බෙල්ලට උම්මා එකක් දීලා… ආයෙමත් බිමට බහින්න හිතුනා. ඒත් ඉතිං බෑනේ… මං බෙල්ලට පැනපු ගමන් දෙන්නම බිම. ඒක නිසා ඒ අදහස එහා පැත්තේ තිබ්බ අනිත් ග්‍රවුන්ඩ් එකට විසික්කා කලා.

අප්පට සිරි, ඊට කලින් හිඟන්නව හම්බුනා. ඌත් හිටියා අර කතාව වෙද්දී. ඊට පස්සේ ඉතිං ටිකට් එහෙම අරගෙන ඇතුලට යද්දී එතෙනත් අපේ බ්ලොග් සහෘදයෝ කීප දෙනෙක් සෙට් වුනා… සන්තෝසයි අප්පා… කියලා නිම කොරන්න බෑ… ඊට පස්සේ කොහේදෝ ඉඳං මාව දැක්ක හසී නගා දුවගෙන ඇවිත්… අනේ මගේ සුදු අයියේ කියලා බෙල්ලේ එල්ලුනේ නැතේ… විලිලැජ්ජාවයි, හැමෝම බලාගෙන. (පන පිහිටුවල කිව්වට බොරු ඈ…) ඊට පස්සේ මගෙන් අහනවා, කෝ චොකලට් කියලා… (ඒක නම් ඇත්ත) මං කලින් දවසක මේකිට කිව්වලු මං චොකලට් එකක් දෙන්නම් කියලා. බලන්නලකෝ ඉතිං අයිතිකාරයවත් තියලා ඇවිත් තියෙන්නේ මගෙං චොකලට් එකක් ගන්නලු. පෙනේද කෙල්ලන්ගේ තරම.

ඊට පස්සේ ගෝල්ඩ් fish ගියා මීටර් 100 දුවන්න. එතෙන නං මට හෙන වංචාවක් කලා. අර විසිල් එක ගහපු යාළුවා, කිව්වනේ සැරසේන් කිව්වම… කැමති විදියකට ඉන්න ඊට පස්සේ විසිල් එල ගැහුවම දුවන්න කියලා. ඉතිං මාත් සැරසේන් කිව්වම… හෙළුවෙන්… නෑ… නෑ…. මට පහසු විදියට හිටියා. දැන් ඉතිං ඉස්සරහා බලාගෙන ඉන්නවා. මු දැන් පිඹියි, දැන් පිඹියි කියලා හිතාගෙන. කෝ ඒත් නෑ… පස්සේ බැරිම තැන මං විසිල් එක ගහන කෙනා දිහා බලද්දීම පිම්බේ නැතෑ විසිල් එක. හුටා… මං දුවන්න ඉස්සරහා බලද්දී කට්ටියම මාව තියලා මීටර් 25ක් විතර දුවලා. මාත් අරියි නිකං… දෙන්නම් බැටේ කියලා උසේන් බෝල්ට්ගේ ආච්චිව මතක් කර‍‍ගෙන දිව්වා දිවිල්ලක්… ආයේ මොනාද ඉතිං මං දෙයියනේ කියලා… 5ට හරි 6ට හරි මීටර් 100 දුවලා ඉවර වුනා. වෙලාවට උසේන් බෝල්ට්ව දැනං උන්නේ… නැත්තං ඉතිං උගේ ආච්චිව මං දන්නෙත් නැහැනේ…

ඊට පස්සේ ඔන්න ඈන්ගල් කානුවයි එයාගේ වෙන්ඩ හබී වයි සෙට් වුනා… ඊට පස්සේ නං ඉතිං කියන්න තරම් විශේෂ දෙයක් නෑ, ඇන්ගල් කානු මීටර් 100න් 25ක් විතර දුවලා මග නැවතුන එක ඇරෙන්න. ඊට පස්සේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා. අනේ අප්පේ බුද්ධි අයියාගේ මොකද්ද මන්දා චූටි…? කොහොමහරි බුද්ධි අයියා එක්ක පොඩි චැටක් දාගෙන ඉඳලා අපේ අනිත් සෙට් එක හම්බවුනා. පිස්සා, හසියා, මාරයා, දුකා අයියා, ඒ වගේම ම‍ගේ පරන ෆිට් එක පුතා… තව සෑහෙන හිටියා… ඊට පස්සේ කුප්පයාවත් සෙට් වුනා. ඇයි ඇයි… සුදු හංසී…

ඊට පස්සේ අර ‍ට්… ටොප්පියේ සීන් එක… ඒකටත් හිටියා. ඒකෙත් සුපර් එයිට් විතර වෙනකං යාන්තං ආවා. ඔන්න එතෙනින් පස්සේ ගෝල්ඩ් fish විසින් වැඩ සටහන ස්කිප් කරනවා අවුරුදු කුමා රය/රිය තේරීමේ එකට. ඒ‍ක ෆන්ම එක. මට ඉතිං තර්ඩ් අම්පයර් වැඩේ කරන්න හිතුන නිසා විනිසුරු වරු හිටිය තැනට පිටිපස්සේ පේලියෙන් ගිහින් වාඩිවුනා, සංජු චීච ගාවින්. මෙන්න බොල එකපාරටම මං පට්ටම ආසා නිලියක් වගේ එක්කෙනෙක් ආවා. අනේ අප්පේ බලන්න දුකයි, එම්බාම් කොරලා වගේ. වෙනදාට අර ටීවී එකේ ඉන්න ළමයා නෙමේ ඒ. සුදු මැලි වෙලා. මැලේරියාව හැදිලා වගේ. ඇත්තටම මං හරි ආසාම කෙනෙක් එයා. කරුමේ කියන්නේ ඒ ආසාව ඊයෙන් ඉවරයි. ඊට පස්සේ ඉතිං මං තුන් හිතින්ම පතනවා, අනේ වැහැපිය, අනේ වැහැපිය… වහින්න බැරිනම් මේකිගේ මූනේ තියෙන පවුඩර් තට්ටුවයි, මේකප් එකයි හේදිලා යන්න අඩුම ගානේ කුඩු පොදයක්වත් ගහපිය කියලා… කෝ ඉතිං නැහැනේ‍.‍‍‍.. ඉතිං දෙයියන්ට උනත් ඕනෙවට වැඩියෙන් පාච්චල් වෙන්නේ මොකටද කියලා… මං පාඩුවේ හිටියා… පස්සේ තර‍ගේ දින්න අයට දෑගි දීලා යන්න ගියේ… අනේ මගේ මොකෝ… මට ඇපල්යැ ඒකි මේකප් කලා කියලා. (දැන් අහන්ට එපා එහෙනම් මෙච්චර වෙලා මක්කෙයි දෙඩුවේ කියලා.)

>ආහ් දවල් කෑම එක අමතක වුනා… ෆට්ට ආ… කාගෙ ගානෙද දන්නේ නෑ… මොනා වුනත් සුපිරි. තෑන්ක්ස්. ඊට පස්සේ චොකලට් කේක් එක. ඒකත් මැක්සා. ඒකට ආයෙමත් තෑන්ක්ස්. ඊට පස්සේ ඩී ජේ එක. අපේ සුදු නංගි කෙනෙක් ඇවිල්ලා මට කරදර කලා නටන්න වර, නැත්තං යශෝධරාවට කියනවා කියලා. හික්… යකෝ තොපි එක්ක නටන්නේ නැතුව මෙහෙමනම්… නැටුවම මොනා කියයිද…? (විහිළුවක් හො‍‍ඳද…? ඊළඟ පාර හම්බුනාම නම් උම්මා එකක් දෙනවා… දෙනවාමයි) ඉතිං බේරෙන්නම බැරි තැන මං කිව්වා… මේ ඔයාලා නටන්න මට නටන්න බෑ… පොඩි ෂොට් එකක් දාගෙන ඉන්නේ කියලා… පස්සේ ඔන්න ඔහේ ගිහින් අනිත් අයත් එක්ක නැටුවේ එයා. හැබැයි මං බීලා නම් හිටියේ නෑ ඔන්න… නටන්න ගිහිං ඉල්ලං කන්න ඕනෙ නැති නිසයි පැත්තකට වෙලා හිටි‍යේ… මොකද එක පාරක් නටන්න ගිහින් කෙල්ලෙක් කිව්වා…. අයියෝ මොනාද හලෝ… ඔහොමද නටන්නේ… ඔයා නිකං කකුල් දෙකෙන් වයලින් ගහනවා වගේනේ කියලා… ඉතිං ඒ වගේ සත්තරං කතාවක් ආයෙ අහගන්න ඕනෙ නැති නිසා තමා පැත්තකට වෙලා බෝ පැලේ ඉන්දුවා වගේ උන්නේ…

පස්සේ ගුරුප් ෆොටෝ හැටක් විතර ගත්තා. අවුලක් නෑ වැඩි හොඳටනේ… මොකක් හරි එකක මං නැතත්, මගේ දත් කුට්ටම හරි ඇතිනේ… මං කලුයි කියලා හිතාන උන්නට අක්ක කෙනෙක් නම් කිව්වා, ඔයා දැන් හිටියට වැඩිය සුදුයි කියලා… අපරාදේ මගේ අතේ මාරු කාසි තිබුනේ නැහැනේ… නැත්තං ඔබනවා කටේ… ඕං දැන් ඒ අක්කට මක්කවත් කියන්නේ එහෙම නෑ…එයාගේ ඇස් දෙකත් පේනවා, වර්ණ අන්ධයෙකුත් නෙමේ. දැන් ඉතිං ගෝල්ඩ් fish කලුයි කිව්වොත් ඒ ඉතිං… පැහැදිලි ඉරිසියාවට තමා. පස්සේ ඉතිං මං දෙයියනේ කියලා මැං‍ගෝත් එක්ක ගෙදර ආවා.

ඒත් මට තාම හිතාගන්න බැරි, ඇයි යකෝ වැහි පොදක්වත් ගහලා අරකිගේ මේකප් හේදිලා ගියේ නැත්තේ කියලා. කව්ද ආසා සුදු පාට මූනක් දකින්න, හැමෝම ආසා රත්තරං පාට මූනක් දකින්නනේ නේද..? මුං ඒකත් වල් කමක් කියලා හිතයිද දන්නේ නෑ………….. නෑ… නෑ … මං මේ නිකමට ඒ සීන් එක කිව්වේ… කොහොම හරි අවුරුදු උත්සවේ නම් හොඳට එන්ජෝයි කලා ඈ… සංවිධායක මන්ඩලේ ඉඳන් හැමකෙනෙකුටම ගොඩක් ස්තූතියි.
ඒ වගේම මට නොදැකපු මිතුරන් ගොඩ දෙනෙක් අඳුනගන්න ලැබුනා. අඹමල් රේණූ කොලුවා එහෙම එල පොරක්නේ…(උගේ නම කියන්න බෑ, මට නඩුවක් වැටෙන්න පූළුවන්) ඊට පස්සේ වැප්, තව අපේ ගමේ මල්ලි කෙනෙක් වගේ ගොඩ දෙනෙක් ෆිට් වුනා. දඟයා, යැංකි වගේ බුකියේ ටිකත් හම්බුනා. තරහා අවසර, මං මේකට ලින්ක් දාන්නේ නම් නෑ… මොකද මට ගොඩ දෙනෙක් අමතක වෙලා ඇති. ටික දෙනෙකුට ලින්ක් දැම්මොත් අනිත් අයට දුක හිතෙන නිසා එකෙකුටවත් ලින්ක් දාන්නේ නෑ…

අම්මට හුඩු තව ජුංඩෙන් මිස් වෙනවා… සුදු පූසව. උඹවත් මට හම්බුනානේ බං… සොරි ඈ… තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අනිත් ඔය නම් දාන්න බැරි වෙච්ච අය සමා කර්තා හේ… හොදේ. හුට්ටපරයයි නවම් අයියාවත් සෙට් වුනානේ… ඌත් පොඩි පැටියවයි, චූටි මැණිකේ අක්කවයි එක්කං එන්නම් කියලා ගියා… ගියාමයි මං ඉන්නකං ආවේ නෑ… අවුලක් නෑ ඉතිං දැන් පියෙක්නේ…

තව එක්කෙනෙක්ව මතක් වුනා… ඒත් එයාට එන්න විදියක් නැහැ. අපේ අකීකරු හිත. අපි සතුටු වෙද්දී එයා දුක් වුනා කියලා මං දන්නවා. මටත් දුකයි. (කිංඩියට බටර් ගාන්න නෙමේ සිරාවටම දුකයි)

අම්මපා මට මේ අන්තිම මොහොතේත් හිතෙන්නේ ඇයි යකෝ එක කුඩු පොදක් ගැහුවේ නැත්තේ කියලා… කොහොමද වැස්සේ නටද්දී ෆන් එක….

71 Responses to “ඇයි යකෝ අවුරුදු උත්සවේට වැස්සේ නැත්තේ‍‍‍….”

  1. ඉලංදාරියා Says:

    ජිවිතේ හුගා කලෙකට පස්සේ මම සතුටින් හිටිය දවසක් ඊයේ නිමා උනා… 🙂

  2. ඉෂෘර Says:

    අලි ෂෝයි අප්පා 🙂 ඇස් පේන් නැති අක්කලා එක්කෙනාද හිටියේ? 🙂

  3. Buwa Says:

    මට ප්‍රශ්න දෙකක් තියනව
    01) කව්ද උඹ ඔය තරමට මේකප් හේදියන් කියල පතපු කෙනා
    02) මීටර් 100 දිව්වෙ 5 දෙනාද 6 දෙනාද ?

  4. තාරක Dilsh@n Says:

    මම බුකියෙ ෆොටෝස් ටිකක් බැලුවා. ඒත් තාම මාලුවවනම් හොයා ගන්න බැරි වුනා.

    මටත් ඔය නින්ද අනන්තවත් හරහට හිටල තියෙනවා. එලාර්ම් එක වැදුනට පස්සෙ තව විනාඩි 5කින් නැගිටින්නම් කියල එහෙමම ඉන්නවා ඊට පස්සෙ බඩුම තමයි.

  5. හසී Says:

    ලඟ කඩෙන් වත් මෙයා මට චොක්ලට් අරන් දුන්නේ නෑනේ.. හික්ස්.. ඊයේ දවසනම් සුපිරි…!

  6. සාතන් Says:

    හොඳ ෆන් එකක් අරගෙන වගේ….. එල එල…. 🙂

  7. DarKneT ඉෂාර Says:

    ගෝල්ඩ් ෆිශ්ව නම් දැක්කේ නැනේ , බලමු ගෲප් පොටෝ එකක වත් ඉදීද කියලා

    කරුමෙට මට අර මේකප් එකේ නම මතක නෑනේ 😦

  8. ගුණේ අයියා Says:

    මාලුවා මම හැම තැනම හෙව්වා ඒත් මම දැක්කෙ නැනෙ? කොහෙද හිටියේ මම එන කොට වැඩෙ පටන් අරන්

  9. shanu Says:

    ආයෙ අහුවෙනවාකො මාලුවා නටවන හෑටි පෙන්නන්න

  10. මලිය Says:

    අනේ බලාපල්ලා මේකෙත් හැටි තෝ ගෝල්ඩ් ෆිස්ව මාත් හෙවුවා නොවෑ, වැප් අයියනන් කිව්ව මූ කොහේ හරි පීන පීන ඇති කියල, ඒ කියල මම පොඩ්ඩක් ටැප් එක වටේ රවුමකුත් ගහල බැලුව ‘පොර නෑ’. අවුලක් නෑ එලට තිබ්බනෙ ඔක්කොම. කොල්ලො, එතන 230ක් හිටියද?

  11. පිණිබිඳු Says:

    අවුරුදු උත්සවේට ආවට ඉක්මනට ආපහු යන්න උනා. මට කට්ටියව අඳුර ගන්නත් බැරි උනා හරියට. අපරාදෙ.

  12. රංග Says:

    එළ දවල් කෑම ගෙනාවෙ මම. හැබැයි මුදල් නම් අපේ අරමුදලින් තමා. වැඩිය කතා කරන්න බැරි උනාට සොරි මලේ. දැක්කනේ තිබුනු වැඩ කන්දරාව

  13. නවම් Says:

    කොහේ එන්නෙයි බං, ආයෙම එන්නං කියල ගෙදර ගියාට පොඩි එකා කිරි බීල නිදාගත්තනෙව හවස හතර විතර වෙනකං. ඇහැරවන්න ලෝබයි බං.

    හැන්දෑවෙ ආවනං හොඳයි කියල මටත් හිතුන මේ පෝස්ට් එක කියෙව්වම.

  14. පූසා Says:

    අඩේ උඹට මාවත් මතක් වුනා ඈ…….. ඊයේ නම් ෆන්ම දවක තමයි 🙂

  15. ..ChAnDiKa.. Says:

    ආ මටත් රත්තරං මාලුවව හම්බ උනා නොවැ… 😀 මං උන්නේ තල්මහෙක් සයිස් වෙන්නැති කියල. මූ තාම පොඩි පැටියා නෙව.. 🙂

  16. DarKneT ඉෂාර Says:

    මෙන්න කඹ ඇදිල්ල ගැන ඇත්ත විස්තර සහ , පොඩි මඩ 😀

    http://goo.gl/EUD2Y

  17. කැන්ඩි.... Says:

    මම නම් ඉතින් ඔය එම්බාම් චූටි එනකොට මාරු වුනා අන්තිමට අවිත් සුටුස් ගාල මුලින්ම ගියා.. වැඩි දෙනෙක් අඳුන ගන්න තරම් වෙලාවක් හිටියේ නෑ..
    උදෙත් ,හවසත් පන්තිය, ඒ මදිවාට කාලකණ්නි හෙම්බිරිස්සාවය..
    වැප් අයියා තව කිහිප දෙනෙක් අඳුන ගත්තා ආ සැනින්ම යන්නට වුනි..
    මූණ පොඩ්ඩක් දාන්ටකො බලන්ට ..

  18. රත්ගමයා Says:

    යකෝ….මාලුවෝ….
    අර නිලිය දැන් මෙව්වා බලනවා ඇති…

  19. අකිකරු හිත Says:

    අන්තිමට හරි මාව මතක් වුන එකනම් ලොකු දෙයක් 😦

  20. යැන්කි Says:

    මාවත් මතක් වෙලා තියෙන්නෙ………….
    හැබැයි මමනම් යන්න හදල තමයි හසී අක්කගෙන් අහගෙන තමයි gold fishව හොයාගත්තෙ.

  21. Dar[K] Says:

    යකො ඒ ආවේ නිලියක් නෙමේ මගේ අක්කා කෙනෙක් 😛

  22. බුද්ධි Says:

    ඈත්තටම මමත් හිතාගෙන හිටියෙ උඔ සුදුපාට උස මහත මං වගේ ලස්සන කොලුවෙක් කියලා :D. උඔ ඈවිල්ලා මම ගොල්ඩ් ෆිෂ්, ගොල්ඩ් ෆිෂ්, කියද්දි මම “ඇහ්, ඇහ්'” දෙතුන්පාර ඈහැව්වෙ සුවර්ම නැති හින්දා. 😀

    කොහොමඋනත් අදුරගත්තු එක නං හොදා…….. එදා දවස උඔට වගේම ආපු කාටවත් නං අමතක වෙන්නැ සුවර්! නැද්ද.

    ඒක නෙමේ උඔ මිනී මොරුන්ගේ, නැව්ගිලින තල්මස්සුන්ගේ පොටෝ ගහලා අපිට පෙන්නන්න තියෙන බලාපොරොත්තුව ලඟදීම ඊෂ්ඨෂිධ්ධ වේවා කියලා ප්‍රර්ථනා කරනවා.

  23. වැප් Says:

    මං නම් මූව දැක්කේ නැහැ …..

  24. චතුවා(ළමයා) Says:

    අනේ බොල ඔටුවෝ මං එක එකාගෙන් අහ අහා.. මේ මාලුවාව හෙව්ව තරමක්.. හැමෝම කියන්නේ “ඔන්න දැන් හිටියා..” කියලා විතරයි..

  25. ishara Says:

    ආ නියමයි නියමයි.කොහෙද ඉතින් මට ඔවට එන්න බෑනේ.තාම පොඩි එකා.මට ඉතින් හිතෙන් මවා ගන්න තමා තියෙන්නේ සිහින බක්මහ උළෙල.

  26. ගිනි කුරුල්ලා Says:

    ගිහින් අවා නම් කට වහගෙන හිටු. ඕක ගැන හැම වෙලේම කියෙව්වම ආපු නැති අපි අප්සට් යනවා.. ( මූ නම් ගිය ආත්මේ පිරානා මාළුවෙක්ද කොහෙද)

  27. සිරි කොලුවා Says:

    hikzz අලෙ ගොල්ඩ් පිස් අයියණ්ඩියෙ… අවුලක් නැ අයියා .. දැන් ඉතිම් සිරි කොලුවා පබ්ලිස් වෙලා ඉන්නෙ… අර අන්තිමට මොකක්දො පෙට්ටියක් අස්සෙ තිබ්බ මොකද්දො හුට්ටප්පරයක් හොය ගත්තා කියාලා පත්තරෙ දැම්මා වගෙ අභිත් අයියා කිව්වෙ නැතා මගේ නම .. හික්zz … බය වෙන්න එපා දැන් නඩු වැටෙන් නැ … මටත් බොහොම සතුටුයි අයියා අයියා දැක ගන්න ලැබිම වගෙම අදුන ගන්න ලැබිම… එලකිරි අයියා .. දවසක සෙට් වෙමු අපහු… :)))

  28. හිස් අහස Says:

    මමත් ආවා කෝ උඹ මාව ගනං ගත්තේ වත් නෑ නේ . මම තනියම බත් කාලා වතුර බීලා ගියා . ඔය උඩ තියන පින්තූරෙන් උඹ ඉන්නේ කොයි හරියද කියපංකෝ බං… උඹලා සන්තෝස උනා කියන්නේ අපි සතුටු උනාවගේනම් නෙවේ . ඒවුනාට අවුලක් නෑ උඹල ජොලියක් දාලා ඉඳපල්ලා ….

    දැන්නම් එපාවෙනවා අපරාදේ කොහොම හරි එන්න තිබ්බා කියලා හිතෙනවා !


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: