ඇයි යකෝ අවුරුදු උත්සවේට වැස්සේ නැත්තේ‍‍‍….


ඔන්න ඉතිං ගෝල්ඩ් fish ත් අවුරුදු උත්සවේට පීනුවා. කලින්දා රෑ මැච් එකත් නොබලම කලින් නිදාගෙන හෙන ලෑස්ති පිට යනවා කියලා හිතාගෙන බුදිය ගත්තට, වෙනදා මට කෙලවෙන පොයින්ට් එකෙන්ම ඊයේත් කෙලවුනා. වෙන අහවල් එකක් නෙමේ නින්ද… නින්ද… කලින් නිදාගන්න ගියාට, ගෝල්ඩ් fish ට කංපනා වුනේම යශෝධරාව ඇදගෙන යන්නේ කොහොමද කියලා මේකට. ඒකි එන්නේ නෑ කියලා දැන දැනම… අභීත අයියගේ හීනේ අස්සේ මාත් හීන මැවුවා… යශෝධරාව අතේ එල්ලං ගිහින්, කට්ටියට… ආහ් , මචං මේ තමයි මගේ යශෝධරා… කියලා ඉන්ට්‍රො පාරක් හෙම දීලා ෆුල් ෆන් එකක් ගන්න හැටි ගැන. ඉතිං මං හිතන්නේ පාන්දර එක විතර වෙනකම් හීන මවන්න ඇති. අනේ අම්මපා…. ලඟ තියෙන මෝලේ, වෙලාව පාන්දර 1යි කියන්න ගාන්ඨරේ ඇහුනම පස්සේ තමා මීටර් වුනේ… මං මේ මවන්නේ හීනයක් නේද කියලා. ඊට පස්සේ හීන කොට්ටෙ යටින් තියාගෙන සැපට බුදියලා ඇහැරෙද්දී උදේ 7.45යි.

ෂා… සනීපයි…. දැං ඉතිං කෙලපංකෝ… අපිට කෆීර්, මිග් අරවා මේවා නැහැනේ… ඉතිං. පොදු ප්‍රවාහන සේවාම තමා පිහිටට ඉන්නේ… ඒක නිසා උදේට කන්නෙත් නැතුව ලෑස්ති වෙලා මැංගෝගේ ගෙදට්ට දුවලා ඌවත් ලෑස්ති කරගෙන ආවා සයිබරයේ සිහින බක්මහ උලෙලට. ඇවිල්ලා ඉතිං පාර හොයා ගෙන එද්දී පැය භාගයක් විතර ගියා. මුලින්ම හම්බුනේ අභීත අයියව, ගේට් එක පැත්තට එද්දි‍‍‍…. මං ඇහුවා, අභීත අයියද මේ… ? කියලා..(මං හිතන් උන්නේ මේකා ගෝරිල්ලෙක් වගේ කලු හෙන තඩි පොරක් කියලා) එයත් ඔව් කියලා… ආයෙම මගෙනුත් ඇහුවා… ආහ් මේ ගෝල්ඩ් fish නේද? කියලා මාත් ඉතිං ඔව් කියලා ආයෙමත්‍‍‍‍… කොහොමද දන්නේ කියලා ඇහුවම මූ කියනවා… ඔය සිරියාවන්ත මූනු පොඩ්ඩ දැක්කම මට හිතුනා උඹ තමා කියලා… කියලා කිව්වා. අම්මේ මට ආපු ලැජ්ජාව. අභීත අයියගේ බෙල්ලට පැනලා, ඩ්‍රැකියුලා ෆිල්ම් වල වගේ බෙල්ලට උම්මා එකක් දීලා… ආයෙමත් බිමට බහින්න හිතුනා. ඒත් ඉතිං බෑනේ… මං බෙල්ලට පැනපු ගමන් දෙන්නම බිම. ඒක නිසා ඒ අදහස එහා පැත්තේ තිබ්බ අනිත් ග්‍රවුන්ඩ් එකට විසික්කා කලා.

අප්පට සිරි, ඊට කලින් හිඟන්නව හම්බුනා. ඌත් හිටියා අර කතාව වෙද්දී. ඊට පස්සේ ඉතිං ටිකට් එහෙම අරගෙන ඇතුලට යද්දී එතෙනත් අපේ බ්ලොග් සහෘදයෝ කීප දෙනෙක් සෙට් වුනා… සන්තෝසයි අප්පා… කියලා නිම කොරන්න බෑ… ඊට පස්සේ කොහේදෝ ඉඳං මාව දැක්ක හසී නගා දුවගෙන ඇවිත්… අනේ මගේ සුදු අයියේ කියලා බෙල්ලේ එල්ලුනේ නැතේ… විලිලැජ්ජාවයි, හැමෝම බලාගෙන. (පන පිහිටුවල කිව්වට බොරු ඈ…) ඊට පස්සේ මගෙන් අහනවා, කෝ චොකලට් කියලා… (ඒක නම් ඇත්ත) මං කලින් දවසක මේකිට කිව්වලු මං චොකලට් එකක් දෙන්නම් කියලා. බලන්නලකෝ ඉතිං අයිතිකාරයවත් තියලා ඇවිත් තියෙන්නේ මගෙං චොකලට් එකක් ගන්නලු. පෙනේද කෙල්ලන්ගේ තරම.

ඊට පස්සේ ගෝල්ඩ් fish ගියා මීටර් 100 දුවන්න. එතෙන නං මට හෙන වංචාවක් කලා. අර විසිල් එක ගහපු යාළුවා, කිව්වනේ සැරසේන් කිව්වම… කැමති විදියකට ඉන්න ඊට පස්සේ විසිල් එල ගැහුවම දුවන්න කියලා. ඉතිං මාත් සැරසේන් කිව්වම… හෙළුවෙන්… නෑ… නෑ…. මට පහසු විදියට හිටියා. දැන් ඉතිං ඉස්සරහා බලාගෙන ඉන්නවා. මු දැන් පිඹියි, දැන් පිඹියි කියලා හිතාගෙන. කෝ ඒත් නෑ… පස්සේ බැරිම තැන මං විසිල් එක ගහන කෙනා දිහා බලද්දීම පිම්බේ නැතෑ විසිල් එක. හුටා… මං දුවන්න ඉස්සරහා බලද්දී කට්ටියම මාව තියලා මීටර් 25ක් විතර දුවලා. මාත් අරියි නිකං… දෙන්නම් බැටේ කියලා උසේන් බෝල්ට්ගේ ආච්චිව මතක් කර‍‍ගෙන දිව්වා දිවිල්ලක්… ආයේ මොනාද ඉතිං මං දෙයියනේ කියලා… 5ට හරි 6ට හරි මීටර් 100 දුවලා ඉවර වුනා. වෙලාවට උසේන් බෝල්ට්ව දැනං උන්නේ… නැත්තං ඉතිං උගේ ආච්චිව මං දන්නෙත් නැහැනේ…

ඊට පස්සේ ඔන්න ඈන්ගල් කානුවයි එයාගේ වෙන්ඩ හබී වයි සෙට් වුනා… ඊට පස්සේ නං ඉතිං කියන්න තරම් විශේෂ දෙයක් නෑ, ඇන්ගල් කානු මීටර් 100න් 25ක් විතර දුවලා මග නැවතුන එක ඇරෙන්න. ඊට පස්සේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා. අනේ අප්පේ බුද්ධි අයියාගේ මොකද්ද මන්දා චූටි…? කොහොමහරි බුද්ධි අයියා එක්ක පොඩි චැටක් දාගෙන ඉඳලා අපේ අනිත් සෙට් එක හම්බවුනා. පිස්සා, හසියා, මාරයා, දුකා අයියා, ඒ වගේම ම‍ගේ පරන ෆිට් එක පුතා… තව සෑහෙන හිටියා… ඊට පස්සේ කුප්පයාවත් සෙට් වුනා. ඇයි ඇයි… සුදු හංසී…

ඊට පස්සේ අර ‍ට්… ටොප්පියේ සීන් එක… ඒකටත් හිටියා. ඒකෙත් සුපර් එයිට් විතර වෙනකං යාන්තං ආවා. ඔන්න එතෙනින් පස්සේ ගෝල්ඩ් fish විසින් වැඩ සටහන ස්කිප් කරනවා අවුරුදු කුමා රය/රිය තේරීමේ එකට. ඒ‍ක ෆන්ම එක. මට ඉතිං තර්ඩ් අම්පයර් වැඩේ කරන්න හිතුන නිසා විනිසුරු වරු හිටිය තැනට පිටිපස්සේ පේලියෙන් ගිහින් වාඩිවුනා, සංජු චීච ගාවින්. මෙන්න බොල එකපාරටම මං පට්ටම ආසා නිලියක් වගේ එක්කෙනෙක් ආවා. අනේ අප්පේ බලන්න දුකයි, එම්බාම් කොරලා වගේ. වෙනදාට අර ටීවී එකේ ඉන්න ළමයා නෙමේ ඒ. සුදු මැලි වෙලා. මැලේරියාව හැදිලා වගේ. ඇත්තටම මං හරි ආසාම කෙනෙක් එයා. කරුමේ කියන්නේ ඒ ආසාව ඊයෙන් ඉවරයි. ඊට පස්සේ ඉතිං මං තුන් හිතින්ම පතනවා, අනේ වැහැපිය, අනේ වැහැපිය… වහින්න බැරිනම් මේකිගේ මූනේ තියෙන පවුඩර් තට්ටුවයි, මේකප් එකයි හේදිලා යන්න අඩුම ගානේ කුඩු පොදයක්වත් ගහපිය කියලා… කෝ ඉතිං නැහැනේ‍.‍‍‍.. ඉතිං දෙයියන්ට උනත් ඕනෙවට වැඩියෙන් පාච්චල් වෙන්නේ මොකටද කියලා… මං පාඩුවේ හිටියා… පස්සේ තර‍ගේ දින්න අයට දෑගි දීලා යන්න ගියේ… අනේ මගේ මොකෝ… මට ඇපල්යැ ඒකි මේකප් කලා කියලා. (දැන් අහන්ට එපා එහෙනම් මෙච්චර වෙලා මක්කෙයි දෙඩුවේ කියලා.)

>ආහ් දවල් කෑම එක අමතක වුනා… ෆට්ට ආ… කාගෙ ගානෙද දන්නේ නෑ… මොනා වුනත් සුපිරි. තෑන්ක්ස්. ඊට පස්සේ චොකලට් කේක් එක. ඒකත් මැක්සා. ඒකට ආයෙමත් තෑන්ක්ස්. ඊට පස්සේ ඩී ජේ එක. අපේ සුදු නංගි කෙනෙක් ඇවිල්ලා මට කරදර කලා නටන්න වර, නැත්තං යශෝධරාවට කියනවා කියලා. හික්… යකෝ තොපි එක්ක නටන්නේ නැතුව මෙහෙමනම්… නැටුවම මොනා කියයිද…? (විහිළුවක් හො‍‍ඳද…? ඊළඟ පාර හම්බුනාම නම් උම්මා එකක් දෙනවා… දෙනවාමයි) ඉතිං බේරෙන්නම බැරි තැන මං කිව්වා… මේ ඔයාලා නටන්න මට නටන්න බෑ… පොඩි ෂොට් එකක් දාගෙන ඉන්නේ කියලා… පස්සේ ඔන්න ඔහේ ගිහින් අනිත් අයත් එක්ක නැටුවේ එයා. හැබැයි මං බීලා නම් හිටියේ නෑ ඔන්න… නටන්න ගිහිං ඉල්ලං කන්න ඕනෙ නැති නිසයි පැත්තකට වෙලා හිටි‍යේ… මොකද එක පාරක් නටන්න ගිහින් කෙල්ලෙක් කිව්වා…. අයියෝ මොනාද හලෝ… ඔහොමද නටන්නේ… ඔයා නිකං කකුල් දෙකෙන් වයලින් ගහනවා වගේනේ කියලා… ඉතිං ඒ වගේ සත්තරං කතාවක් ආයෙ අහගන්න ඕනෙ නැති නිසා තමා පැත්තකට වෙලා බෝ පැලේ ඉන්දුවා වගේ උන්නේ…

පස්සේ ගුරුප් ෆොටෝ හැටක් විතර ගත්තා. අවුලක් නෑ වැඩි හොඳටනේ… මොකක් හරි එකක මං නැතත්, මගේ දත් කුට්ටම හරි ඇතිනේ… මං කලුයි කියලා හිතාන උන්නට අක්ක කෙනෙක් නම් කිව්වා, ඔයා දැන් හිටියට වැඩිය සුදුයි කියලා… අපරාදේ මගේ අතේ මාරු කාසි තිබුනේ නැහැනේ… නැත්තං ඔබනවා කටේ… ඕං දැන් ඒ අක්කට මක්කවත් කියන්නේ එහෙම නෑ…එයාගේ ඇස් දෙකත් පේනවා, වර්ණ අන්ධයෙකුත් නෙමේ. දැන් ඉතිං ගෝල්ඩ් fish කලුයි කිව්වොත් ඒ ඉතිං… පැහැදිලි ඉරිසියාවට තමා. පස්සේ ඉතිං මං දෙයියනේ කියලා මැං‍ගෝත් එක්ක ගෙදර ආවා.

ඒත් මට තාම හිතාගන්න බැරි, ඇයි යකෝ වැහි පොදක්වත් ගහලා අරකිගේ මේකප් හේදිලා ගියේ නැත්තේ කියලා. කව්ද ආසා සුදු පාට මූනක් දකින්න, හැමෝම ආසා රත්තරං පාට මූනක් දකින්නනේ නේද..? මුං ඒකත් වල් කමක් කියලා හිතයිද දන්නේ නෑ………….. නෑ… නෑ … මං මේ නිකමට ඒ සීන් එක කිව්වේ… කොහොම හරි අවුරුදු උත්සවේ නම් හොඳට එන්ජෝයි කලා ඈ… සංවිධායක මන්ඩලේ ඉඳන් හැමකෙනෙකුටම ගොඩක් ස්තූතියි.
ඒ වගේම මට නොදැකපු මිතුරන් ගොඩ දෙනෙක් අඳුනගන්න ලැබුනා. අඹමල් රේණූ කොලුවා එහෙම එල පොරක්නේ…(උගේ නම කියන්න බෑ, මට නඩුවක් වැටෙන්න පූළුවන්) ඊට පස්සේ වැප්, තව අපේ ගමේ මල්ලි කෙනෙක් වගේ ගොඩ දෙනෙක් ෆිට් වුනා. දඟයා, යැංකි වගේ බුකියේ ටිකත් හම්බුනා. තරහා අවසර, මං මේකට ලින්ක් දාන්නේ නම් නෑ… මොකද මට ගොඩ දෙනෙක් අමතක වෙලා ඇති. ටික දෙනෙකුට ලින්ක් දැම්මොත් අනිත් අයට දුක හිතෙන නිසා එකෙකුටවත් ලින්ක් දාන්නේ නෑ…

අම්මට හුඩු තව ජුංඩෙන් මිස් වෙනවා… සුදු පූසව. උඹවත් මට හම්බුනානේ බං… සොරි ඈ… තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අනිත් ඔය නම් දාන්න බැරි වෙච්ච අය සමා කර්තා හේ… හොදේ. හුට්ටපරයයි නවම් අයියාවත් සෙට් වුනානේ… ඌත් පොඩි පැටියවයි, චූටි මැණිකේ අක්කවයි එක්කං එන්නම් කියලා ගියා… ගියාමයි මං ඉන්නකං ආවේ නෑ… අවුලක් නෑ ඉතිං දැන් පියෙක්නේ…

තව එක්කෙනෙක්ව මතක් වුනා… ඒත් එයාට එන්න විදියක් නැහැ. අපේ අකීකරු හිත. අපි සතුටු වෙද්දී එයා දුක් වුනා කියලා මං දන්නවා. මටත් දුකයි. (කිංඩියට බටර් ගාන්න නෙමේ සිරාවටම දුකයි)

අම්මපා මට මේ අන්තිම මොහොතේත් හිතෙන්නේ ඇයි යකෝ එක කුඩු පොදක් ගැහුවේ නැත්තේ කියලා… කොහොමද වැස්සේ නටද්දී ෆන් එක….

%d bloggers like this: