අක්කලාගේ රත්තරං පාට, ස්මූත් එජ් දිගේ… මල්ලිලාගේ ඇස් දුවපු හැටි…

මේ ටිකේම සාටර් සාටර් සාටර්ම කතා ලියපු නිසා, අද හොඳ නැගලා යන ඉට්ටැයිල් එකෙන් ලියන්න කියලා බැළුවේ… හික්.. හැබැයි මේකත් සාටර් තමා. ඔන්න අර ඊයේ පන්ති ගිය කොල්ලෝ තුන් දෙනාම… මොනා… තෝ ඊයෙක් වරද්දලා තිබුනා එක තැනක, කොල්ලෝ තුන් දෙනෙක් කියලා… ඈ බොල කොයි එකාද නපුංසකයා… (ඒ මගේ හිතින් මට යොමු වෙච්ච පස්නයක්. කට්ටිය කලබල වෙන්ට එපා) හරි හරි… හතර දෙනා. ඉතිං මුං හතර දෙනා පන්ති ගිය දවසට තමා, පන්ති නොගිහින් කට් කරනවට වැඩිය ආතල් එකක් ගන්නේ….


හේතුව හිමීට කියන්නම්. දැන් කතාව… ඉතිං අපි හතර දෙනාට කම්මැලි හිතිච්ච නැති දවසක අපි හතර දෙනා පන්ති ගියා. එදා නම් වැස්ස නෑ… පට්ට රස්නෙයි. පන්ති තිබුනේ හවස තුනයි තිහේ ඉඳන් පහයි තිහ වෙනකම්. ඔය පැය දෙක අපිට කෙසේ වෙතත් ගෑනු ළමයින්ට නම් හරිම අපහසු වෙලාවක්… ඇයි කියලා අහන්නේ… ඇයි දෙයියනේ උං ඇදුං කීයක් ඇඳලාද  ඉන්නේ… ඇත්තටම සර්ට තිබුනා ඒ අහිංසක ගෑනු ළමයි ගැන හිතලා පන්තිය කූල් කරන්න. අපිනම් ඉතිං උඩට දෙකයි යටට දෙකයි… ඒත් ගෑණු ළමයි එහෙම නෙවේනේ…  ඒවා මං දන්නේ කෝමද කියලනම් අහන්න එපා… මේ අවුරුදු උත්සවේකට යන්න තියෙන අස්සේ මේ විදියට මූනේ දැලි ගාගන්න එක හරි නෑ තමා… ඒත් ඉතිං මං අමුතු එකෙක් නෙවේනේ… ඒක නිසා අවුලක් නෑ…


මල මගුලයි අද බියර් එකක් ගහලා ලියන්නේ… කියන්න යන දේ නෙමේ ලියවෙන්නේ… සමා කර්තා හේ… මේ පළවෙනි පාර මාළුවා බියර් එකක් ගහලා පෝස්ට් එකක් ලියන. හැමදාම නැහැනේ… මං හිතන්නේ මාස හතරකට විතර පස්සේ… මුකුත් ඕන්‍ නෑ… රස බලන්න හිතුනේ අර අයියා කෙනෙක් දාලා තිබ්බ පෝස්ට් එකක් නිසා. ඇල් කොහොල් මට්ටමත් 8.8%ක් කිව්වට නිකං 88%ක් විතර වගේ තමා දැනෙන්නේ…

ඉතිං ඔන්න ආයෙමත් කොල්ලෝ හතර දෙනා පන්ති ගියාළු. එදා හරිම රස්නෙයිලු. ඉතිං වෙනදා වගේම පාඩමේ භාගයක් යද්දී… අපි හතර දෙනා ඇතුළු ගොඩ දෙනෙකුට බොහෝම නිදි මත ගතියක් එනවලු. නිදා ගන්න නම් බෑ… ඒත් ඉතිං හුළඟට වැනෙන කොඩිය වගේ බෙල්ල සැරින් සැරේට කඩා වැටෙනවා. ඒත් එකෙක්වත් හිනා වෙන්නේ වත්… නිදාගන්න එපා යකෝ කියලවත් කියන්නේ නෑ,.. මොකද උනුත් නිදා වැටෙනවනේ….


ඊට පස්සේ හැමදාමත් පහ විතර වෙද්දී… ඊළඟ පන්තියට එන ළමයි කට්ටිය එනවා… අපිත් ඉතිං අක්කා කෑලි දිහා බලාගෙන පාඩම ඉගෙන ගන්නවා. අක්කලාගේ ගවුම් රෙදි වල තියෙන කොටු වල ගනන් හදනවා… ඊට පස්සේ අක්කලාගේ උච්ච ස්ථාන වල විෂ්කම්භය බලන්න රවුම් අඳිනවා… අයෙම, රත්තරං පාට නම්‍ය ශීලී රේඛා දිගේ පරිමිතිය හොයනවා… එක එක විකාර ගොඩයි. හැබැයි ඔය ඔක්කොම කරන්නේ හිතින්. මුලින්ම අක්කව දර්ශන පතේට අහුවුන ගමන්… අර ස්පෙල් මල්ටිබෝන්ඩ්… සොරි සොරි මල්ටිබොන්ඩ් නෙමේ… ස්පෙල් බයින්ඩර්… එකේ මොලොක්ස් කියලා යුධ ටැංකියක් වගේ එකක් තිබ්බේ… අන්න එකේ වගේ… ලුමිනෙක්ස් කොල පාටින් හරි හතරැස් කොටු ගහගන්නවා… ඊට පස්සේ ඉතිං කෑල්ලෙන් කෑල්ල අධ්‍යනය කොරනවා… සමහර වෙලාවට සම උස් ස්ථාන අල්ලලා සමෝච්ච රේඛාත් ගහනවා. ඒ අස්සේ සර් ටෙසලාකරනයක් කියලා දෙනවා… අක්කලා දිහා බලාගෙන අපිත් අක්කලාගේ ටෙසලාකරනයක් තියෙන තැනත් හොයනවා… ම්හු නෑ…. කොහෙවත් නෑ…

පස්සේ ඉතිං වැඩේ අතෑරලා ගනන් පොතේ ටෙසලාකරනයක් හොයනවා… යන්තං පොතේ තියෙන නිසා සර් කියන්නේ මේක තමා කියලා මීටර් වෙනවා. ඊට පස්සේ ඉතිං පාඩම අපිට මතකයි.


ඔහොම පහයි කාල විතර වෙද්ද තමා පන්තියේ හොඳම හරිය එන්නේ… අපිට නිදි මතත් නෑ ඒ වෙලාවට. අර කලින් කියපු හේතුව තමා මේ … අපේ පන්තියට පස්සේ තියෙන පන්තියට එනවා අක්කා කෙනෙක්… ඇස් දෙක ජිල් බෝල වගේ… තොල් දෙක සෝසම සෝස පාටයි… රූපයත් ආයේ නෑ … මී ඉටි වලින් හැදුවා වගේ… ආයේ මොනාද කිසිම තැනක සරල රේඛා වලින් හැදුන මුළු නෑ,.. ඔක්කොම වක්‍ර රේඛා වලින් හැදුන, ස්මූත් එජ් තමා තියෙන්නේ… ඉතිං ඒ අක්ක ඇවිත් වාඩි වෙන්නෙත් හැමදාමත් වගේ අපි ඉන්න පේලිය කෙලින් මිදුලේ තියෙන බංකුවේ. හැබැයි පොඩි අවුලක්. ගෝල්ඩ් fish ට ඒ අක්කා ගැන හරි දුකයි. මොකද ඒ අක්කා දුප්පත්. පව්.. කොච්චර ලස්සන වුනත් දුප්පත් වුනාම… අපරාදේ නෙමේ බොලව්… එතකොට තමා ලස්සන වැඩි….

ඒ අක්කා දුප්පත් කියලා අපි දැනගත්තේ ඒ අක්කා අඳින ඇඳුම් වලින්… හැම දාමත් ඒ සිරි දේවි අක්කා පහල කොටස ඇන්දේ දනහිසෙන් අඟල් 2ක් විතර උඩට. ඒ ඉතිං හැදිලා තියෙන හැටි නෙවේ… දුප්පත් හින්දයි, අපි පන්තියේ නිදා ‍වැටෙන නිසා, අපිට අනුකම්පාවෙනුයි තමා. ඒ අක්කා ඇවිල්ලා බංකුවේ වාඩි වෙලා කකුලක් උඩ කකුලක් දාගත්තම… අම්බෝ…. පිස්සු කොර… ආයෙ ඉතිං අපේ උන් නැගිටලා උත්තරයක් දෙන‍වා නම් බොරු. සමහරු නම් පාටත් දැකලා තියෙනවා කියන්නේ… අනේ මං නම් දන්නේ නෑ ඕවා… මොකද මං එකින් එක වෙන වෙනම බලන්නේ නෑ… මුළු පද්ධතියම එක වර ස්කෑන් කරගන්නවා මිසක්… ඊට පස්සේ ගෙදර ගිහින් තමා ඇනලයිස් කරලා සමරයිස් කරලා… රිපෝට් එක ප්‍රින්ට් කරන්නේ… 😀 වැඩි වෙලා යන්නේ නෑ… විනාඩි 5ක් හොඳටම ඇති.

ඉතිං අපේ වෙලාවට තමා ඒ අක්කා පහයි කාලට විතර ආවේ… හතරාමරටවත් ආවනම් අපේ වුන්ට බස් වල යන්න බැරි වෙනවා සුවර්. ඒ වගේම අපිට බයිසිකල් පදින්නත් බැරිවෙනවා. කකුල් කොරවෙනවනේ… ඉතිං ‍ඔහොම ගිහින් පන්තිය ඉවර වුනාම අක්කා ගාවින් යන ගමන්, පාට දැක්ක අය ආ… අද රතු පාට නේද? , නියමයි නියමයි… අද කහ පාට මල් නේද? කියලා කොල්ලෝ ටිකටම කියාගන්න කොට අක්කට මොනා හිතෙනවද මන්දා. කිසිම ප්‍රතිචාරයක් නොදක්වා අක්කා පංතියට යනවා.


ඊට පස්සේ තමා පට්ටම ආතල් වැඩේ තියෙන්නේ… කොල්ලෝ ටික බලන් ඉන්නේ අක්ක‍ කොහෙද වාඩි වෙන්නේ කියලා… මොකද කට්ටයම කට ඇරං බලන් ඉන්නේ තමන් වාඩි වෙච්ච තැන අක්කා වාඩි වෙයි කියලා. හරියට නිකං අහවල් එක එතෙන කියලා ඇවිත් වගේ… අනේ මංදා ඒ දවස් වල කොරපු පිස්සු වැඩ. දැන නම් මතක් වෙද්දිත් හිනා.


ඉතිං කව්රුත් හිතන්න එපා මේ වල් කම කියලා… මේක තමා ගෝල්ඩ් fish හිතන විදියට වයසේ වැරැද්ද කියන්නේ… අවුරුදු 19 විතර වෙද්දී ඔය ගතිය ඇරිලා ගිහින් සෙනෙහස කියන එක මතු වෙනවා. එතකොට නම් පුතේ ඉඳලා ඉවරයි. අර පිස්සු වැඩ වගේ නෙමේ ආදරය,සෙනෙහස කියන දෙක. හෙනම සැර භාන්ඩ දෙකක්. පොඩ්ඩ ගැස්සුනොත් ඉවරයි.


ඉතිං මං අද කියන්න ගියේ මේ කතාව නෙවේ… මායි දසුනයි බයිසිකලෙන් වැටුන කතාව. ඒත් ඉතිං අර රසවත් බීමක් නිසා (නෙදකිං විතරක්… අද නම් හෙන තිත්තයි) පාර මාරු වු‍නා. කියන්න ගියේ එකක්, කියවුනේ එකක්… ඇත්තට හෙට අවුරුදු උත්සවේට යන්න කියගෙන මොනාද මේ ලිවුව මගුල කියලත් හිතෙනවා. ඒත් ඉතිං මට මේක මකන්න දුකයි. මොකද මට සුවර් අයේ මේක ලියවෙන්නේ නෑ… එහෙම වුනොත්. ඒක ගෑනු ළමයින්ගේ කමෙන්ට් නැති වුනත් මේක පෝස්ට් කරනවා කියලා හිතුවා.

තව ටික දවසකින් මගේ ටැංකියට ලේබලයක් ගහයිද දන්නේ නෑ… කොල්ලන්ට පමණයි කියලා… (නෑ… නෑ… එහෙම වෙන්නේ නෑ… අවුරුද්දට ගමේ යනවනේ… දේවිකා නැන්දත් එනවා කිව්වා… එතකොට කෙලි පැට්ටත් එනවනේ…ඊට පස්සේ ඉතිං පවුලේ සැමට එකට සිට කියවිය හැකි හුරතලේ බේරෙන පෝස්ට් එකක් දාන්නං)

අද බ්ව්වේ දුකටවත් සතුටටවත් නෙමේ… නිකං… කත් එකම එක ස්ට්‍රෝන්ග් ටින් එකක් විතරයි… මාස හතරකට හරි පහකට හරි පස්සේ… ඉතිං මේකේ වැරදි තැන් තියේනම් හිතාගන්නලා… මාළුවා බමන මතින් කෙටු එකක් කියලා… එහෙනම් හෙට හමුවෙමු අවුරුදු උත්සවේදී

%d bloggers like this: