අපි මේ පුරුදු වෙන්න ගස් නැග්ගේ… වෙන අහවල් එකක් කොරන්ටෑ…


ඔන්න ඉතිං මත විමසුමකින් පස්සේ ආයෙත් ගෝල්ඩ් fish ගේ වැඩ කිඩ ගැන කතාව. ‍මේක නං ඉතිං පට්ටම දඟ වැඩක්. මේ කතාව පටන් ගන්නේ ගෝල්ඩ් fish ගනන් වලට පන්ති යන්න ගත්තෑයින් පස්සේ. පන්තිය තිබුනේ ටැංකියේ ඉඳන් කිලෝමීටර් තුන හතරක් ඈතින්… මේ පන්තියේ කතා නම් සීරිස් එකක් වගේ ලියන්න පුළුවන් බලමුකෝ ට්‍රයි කරලා.

ඉතිං මේ පන්තියට ගෝල්ඩ් fish එක්ක තව ගෙවල් පැත්තේ යාළුවෝ තුන් දෙනෙක් ගියා. මේ දාන්නේ උංගේ ඇත්ත නම්ම තමා.

පළවෙනි එකා සුපුන්… කාඩ් එක ගල් සයිමා… දැනට යුධ හමුදාවේ වැඩ.

දෙක – දසුන්…. කාඩ් එක මතක නෑ….. දැනට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ

තුන ජනිත් – කාඩ් එක වැහියා / සබන් අයියා… කොහේ වැඩ කරනවද කියලා දන්නේ නෑ….

ඉතිං දැං අපි තුන්දෙනා පන්ති යන්නෙත් එකට, එන්නෙත් එක‍ට. සුපුනා ටිකක් විතර සී.එෆ්.ඇල්. හැබැයි පුතෝ කෙලි පැට්ටක් දැක්කොත් නම් අපි ටියුබ් ලයිට් ඌ කරන වැඩ වලට. ජනියායි දසුනයි නෝමල් ගෝල්ඩ් fish  වගේම තමා. ගෝල්ඩ් fish  කොච්චර නෝමල්ද කියලා ඉතිං ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ… ඉතිං මේ ගනන් පන්තියේ ඉගැන්නුවේ අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක්‍. ඇත්තටම කොල්ලා ගනන් පාස් වුනේ සර් හින්දා තමා. ඉතිං පන්තියට එක එක ජාතියේ ළමයිනුත් 80ක් විතර ආවා. අම්මෝ සූකිරි කෑලි ටිකකුත් බැස්සා………. තාම හිරිවැටෙනව‍ (මොකද්ද..?). කරුමේ කියන්නේ ඔක්කොමලා ආවේ අම්මල තාත්තලා එක්ක. ආහ්… කියන්න අමතක වුනා මේ පන්ති‍ය තියෙන්නේ ප්‍රධාන පාරෙන් ටිකක් ඇතුලට වෙන්න වෙලක්, මඩ වගුරක් එහෙම පාස් කරලා ගියාම. වැස්සදාට සොරි ඩොට් කොම් වෙනවා කෙල්ලන්ට. සුදු ගවුම් වල මඩ. (ලහිරු අයියා නතාෂා එක්ක කියන සිංදුව හැදුනේ නතාෂා ඔය පන්තියට ආපු නිසාල්‍ර) කූඩැල්ලොත් අඩුවක් නෑ… ඒත් ඉතිං මේ අපි කරදඩු උස් වෙච්ච (අපි හිතුව විදියට) කොල්ලන්ට කිසිම කරදරයක් නෑ… මොකද ඉතිං අපි යන්නේ පුටාර් එකේනේ…

ඉතිං මෙහෙම පන්ති යද්දී අපිට කම්මැලි දවස් එනවා. මැච් එකක් එහෙම තියෙන දාට පන්තියේ ළමයි අඩුයි. ඒ උං ගෙවල් වලට වෙලා මැච් බලන නිසා. ඉතිං අපිත් ගෙවල් වලින් ගානට වෙලාවට පනිනවා. මොකද ඉතිං පන්තියේ නිවාඩු නැහැනේ.. ඊට පස්සේ ඉතිං කරන්නේ පන්ති නොයා ඇලේ නාන්න යනවා, නැත්තං වැල්ලේ යනවා, එහෙමත් නැත්තං අපි යන එන පාරේ කොහෙට හරි වෙලා කයියක් දාගෙන ඉන්නවා. ඒත් අපි කවදාවත් බොන්න කරන්න ගියේ නම් නෑ… අඩු‍ගානේ යන එන ගමන් දුමක් වත් දැම්මේ නෑ… සීරියස් ඈ… සුරා සූදුවෙන් තොරයි.

ඉතිං මේ හැඳින්වීමක් දුන්නේ ඉස්සහර කතාවලට ඕනෙ වෙන නිසා. ඔය වගේ අපිට පන්ති යන්න කම්මැලි හිතිච්චි දවසක, අපි තීරනය කලා බීච් යන්න. අපේ හරියේ බීච් එක අනිත් අයගේ පැති වල වගේ නෙමේ ඉර බහින කොට හරි ලස්සනයි. අනිත් අයගේ පැති වල නම් මොනාද ඉතිං, හැම තැනම කුනු ගොඩවලුයි… පිලී ගඳයි විතරනේ… ඒත් අපේ හරියේ… ඒවා මුකුත් නෑ… අඩ නිරුවත් සුද්දියෝ විතරයි… ඒකත් අඩනිරුවත් කිව්වට නිකං සී තෲ වගේ තමා. උං හිතන්නේ ලංකා‍ව කියන්නේ ඇඳුම් නැතුව ඉන්න පුළුවන් රටක් කියලා. අනේ රටේ වෙන අපරාධ ගැන දැනුමක් නැති අස‍රණයෝ….

ඉතිං අපි නම් ඔය බීච් එකට ගියේ ඔව්වා බලන්න නෙමේ, පුරුදු වෙන්න ගස් නගින්න. ඒක තමා කතාව. ඉතිං අපිට කම්මැලි හිතුන දවසේ අපි ගියා බීච්… ටික දුරක් පුටාර් ටිකත් තල්ලු කරං යද්දී, හැම තැනම තියෙන පොල් ගස් වලට වඩා මිටි පොල් ගස් තියෙන පොඩි වත්තක්… අම්මෝ කුරුම්බා පිරිලා ගස් වල. ඉතුරුවා කියන්න ඕනේ නැහැනේ… හැබැයි අපි හතර දෙනාගෙන් එකෙට්ටවත් ගස් නගින්න බෑ. පස්සේ සුපුනා… මේ පොල් පිත්තක් තියලා බඩ ගාමු බං… ජනියා කියනවා ඊට පස්සේ … අන්න වැඩේ උඹ නැගපං අපි සපෝට් එක දෙන්නම්… ඉතිං සුපුනා ඉල්ලං කෑවා….

ඔන්න පොල් පිත්තකුත් හොයාගෙන සුපුනා පළවෙනි අඩිය තිබ්බා… හරි… වැඩේ සාර්ථකයි. තාම වැටුනේ නෑ සුපුනව. පස්සේ අනිත් කකුලත් ගත්තා. ම්හු… ඒත් නෑ… තාම ගහ බදාගෙන ඉන්නවා මොකාද එකා වගේ… ඊට පස්සේ මූ ටික ටික ගහ දිගේ බඩ ගානවා. ගහත් අඩි 10ක් විතර උස ඇති. අපි ඉතිං ඒ කාලේ අඩි 4ක් විතර ඇති. ඉතිං අපි සුපුනා දිහා බලාගෙන ඉන්නවා. ඌ වැටුනොත් අල්ලන්න බලාගෙන. ඊට පස්සේ අපිට පේනවා නිකං බැට් වගයක්, විකට් කූරු වගයක් එහෙම ඈත පේන ගස් අස්සෙන් උඩට මතුවෙලා අපි දිහාට එනවා වගේ. දැන් දැන් අපේ චුට්ටං මොල ‍ගෙඩි වලට කරන්ට් වදිනවා වගේ…. පපුවේ ඇතුලේ ගල් බෝරේ පුපුරනවා වගේ. වෙලාව කියන්නේ සුපුනා ගහේ අත්තක එල්ලිලා. දැන් ඌව දාලා දුවන්නත් බෑ… ඌත් එක්ක දුවන්නත් බෑ… මොකද සුපුන් බහිනකං හිටියයොත් බඩුම තමා. බඩකට පුරා කෑමක් සුවර්. ඒත් ඉතිං යාළුවා වෙනුවෙන් අපි දිව්වේ නෑ…. පස්සේ අරුං හෙන සෙට් එකක් 15ක් විතර ආවා. මුං ටික ක්‍රිකට් ගගහා හිටිය සෙට් එකක්. අපි උංගේ වත්තේ කුරුම්බා වලට ගේම දෙන්න හදනවා දැකලා තමා ඇවිත් තියෙන්නේ…

පස්සේ ලඟටම ඇවිත්… මොනාද තමුසෙලා කරන්නේ… අපිට කට උත්තර නෑ… ඒ අස්සේ සුපුනා ගහේම ඉඳන් … නෑ අයියේ අපි මේ පුරුදු වෙන්න ගස් නගිනවා… එතකොට ජනියා… හෙනම සීරියස් මූඩ් එකක් අරගෙන… ඔව් අයියේ අපි ඔට්ටුවක් දැම්මා… අඩුම වේලාවකින් ගහට නගින අයට පරදින කෙනා කොත්තුවක් අරං දෙන්න ඕනේ කියලා.

කරුමේ කියන්නේ මුං ඒක විශ්වාස කලා. ඔන්න සැර පොඩ්ඩක් බාල කරලා, ඉතිං බං අර මීට වැඩිය පොඩි ගස් තියෙන්නේ කියලා… තව ගහක් පෙන්නුවා. ආයම සුපුනා ගහේම ඉඳගෙන… නෑ අයියේ මට දිනන්න ඕනෙ නිසා මමයි කිව්වේ මේකට නගිමු කියලා… දැන් මේ බැහැගන්න බෑ… කියලා ලතෝනි දෙනවා. ඇත්තටම සුපුන්ට බහින්න බෑ කියලා දැක්ක අර කරුණාවන්ත අයියලා ටික ඌව ගහෙන් බැස්සුවා.

පස‍්සේ… කට්ටියම අපිව වටකර ගත්තා… ‍ඊට පස්සේ සුපුනා ගාවට ගිහින්… ඈ බොල හු** තොපි පුරුදු වෙන්න ගස් නගින්න වෙන ගස් තිබුනෙම නැද්ද? කුරුම්බා ගහකටම නගින්නේ….

හුටා… මුං අපිව විස්වාස කොලා කියලා හිතුවට එහෙම නෑනේ බොල. අපිව අන්දලා මුං ටික. දැං අපිට නෙලන්නයි හදන්නේ අපේ අම්මලාට අපිව අඳුන ගන්න බැරි වෙන සයිස් එකට. එතකොට කොහොමද අපි අද ගෙදර යන්නේ…? අම්මලා අපිව ගෙදරට ගන්න එකක් නැහැනේ… ඊට පස්සේ රෑට කන්නේ කොහෙන්ද? අතේ සල්ලිත් නෑ… ඔය වගේ එක එක සුදු කළු අලූ රතු නිල් සිතුවිලි ගොඩයි හැම එකාගෙම ඔළු අස්සේ.  පස්සේ කව්දා මන්දා ගෑනියෙක් … මොනාද මුං මෙහේ කරන්නේ….? කියලා අර අයියලාගෙන් අහගෙන ආවා. පස්සේ උං ගෙන් එකෙක් කිව්වා අපේ ඔට්ටුව ගැන. අලේ අර ගෑනිට පිං සිද්ධ වෙන්න… හු**ගේ පුතාලා තොපි ආයම මේ පැත්තේ ආවොත් කපනවා කෑලි වලට…. කියලා විතරක් අහගෙන බයිසිකලුත් තල්ලු කරං දිව්වා දිවිල්ලක්…. උනුත් අපිට යන්න දුන්නා එලෙව්වත් නෑ පස්සෙං. ඊට පස්සේ ආයමත් ඒ පැත්ත පළාතේ ගියේ නෑ… හැබැයි ඒ මුළු වත්තම ගෙවලුත් එක්කම සුනාමිය අරං ගියා… ඉතිං අපරාදේ කුරුම්බා ගස් ටික….

මට හිතෙන්නෙම මේකෙ තිබ්බ ෆන් ගතිය ඊයේ තිබ්බ නිදිමතත් එක්ක දියවෙලා ගිහින් කියලා. ආයේ කොටන්න කම්මැලි නිසා මේකම දාන්න කියලා හිතුවා. තරහාවෙන්ට එපා ඈ… (මට තව අවස්ථාවක් දෙනව නම් මීට වැඩිය හොඳට කරන්න මං බලාපොරොත්තු වෙනවා. 😛 හා… කියන්න බලන්න ඒක මං උපුටා ගත්තේ කොහෙන්ද කියලා…)

%d bloggers like this: