අද නම් කියන්න යන්නේ කතාවක් නෙවෙයි. විවිධාකාර දෙයක්. අර පරණ වෛවර්ණ චිත්තපටි වගේ. කට්ටිය හැරිලා යන එකක් නෑ කියලා විශ්වාස කරනවා. වෙලාවක් තියෙනම් පොඩ්ඩක් කියවලා බලන්න. ඉතිං මුලින්ම… ගෝල්ඩ් fish නම් වූ මේ කොලුවා, බ්ලොග් කරණයට එන්න හේතුව කියන්න එපැයි. වැඩි කතා ඕනේ නෑ මං බ්ලොග් ලියන්න ඉගෙන ගත්තේ, ආභාෂය ගත්තේ… බ්ලොග් එකේ වැඩ කිඩ දාන්න ඔක්කොම ඉගෙන ගත්තේ තනියම … නෙවෙයි. දැනට තාවකාලිකව අක්‍රිය බ්ලොග් එකක් වන “ඉබ්බෙකුට සමනල තටු ඇවිත් “ කියන ඉබ්බයියගේ බ්ලොග් එක කියවලා තමා මටත් කතා ලියන්න ආසා හිතුනේ. ඇත්තටම මගේ ටැංකිය මේ තියෙන තත්වෙට ගේන්න ගොඩක් උදව් කරේ ඉබ්බා තමා.
කලගුන සලකන්නත් ඕනෙ නිසි කාලය ආවමනේ… ඉතිං ඒකයි මගේ 50 වෙනි පෝස්ට් එකේදී වත්, 100 වෙනි පෝස්ට් එකේදීවත් මේ ගැන සඳහන් නොකර එකසිය පහන් ගනන් වල තියෙන පෝසට් අස්සට මේ වගේ පෝස්ට් එකකුත් ඔබන්න හිතුනේ. දැන් ඉතිං මේ කෙරුවාව පටන් අරං මාස 7ක් විතර ඇති. ඇත්තටම අත්තිවාරම දාගන්න උදවු කල, මට ටැංකියක් හදන අදහස දුන්න ඉබ්බයියට බොහෝම ස්තූතියි. ඒ වගේම මං දන්නවා මේ පෝස්ට් එක අද හෙට ඉබ්බා දකින්නේ නෑ… ඒක නිසා ඌ බලන දවසක බලපුදෙන් කියලා අද ඉඳන් ඉබ්බා ගැන කියලා කැටගරියකුත් දාලා තියනවා මගේ ටැංකියේ.
ඊට පස්සේ තමා වැදගත්ම හරිය. ඔහොම ටික දවසක් යද්දී මට යාළුවෝ ගොඩ දෙනෙක් සෙට් වුනා. දැන් මං හිතන්නේ බ්ලොග් අවකාශයේ එකම මාළුවා කිව්වම නොදන්න අය ඉස්සර තරම් නෑ… ගෝල්ඩ් fish ගැන ඇත්තටම ගොඩ දෙනෙක් දැන් දන්නවා. ඉතිං මට සතුටුයි. මට ඔය සෙට් වෙලා ඉන්න යාලුවෝ නම් වශයෙන් කියන්න බෑ… මොකද එකෙක් හරි මිස් වුනොත්… ඕකනේ ඉතිං, තොපිට අපිව මතක නෑනේ…. කියලා බැනුමක් අහගන්න බැරි නිසා මං නම් දාන්නේ නෑ… දන්න අය දන්නවා මං එයාලාගේ බ්ලොග් බලන බව. ගොඩක් වෙලාවට කමෙන්ට් කරනවා. ගෙදරින් ලොග් වෙච්ච වෙලාවටනම් ඒක මගහැරෙනවා, කනෙක්ෂන් එක ස්ලෝ නිසා.
ඒ වගේම මං ගොඩ දෙනෙක්ගේ පස්සෙන් පන්නගෙනත් යනවා. මගේ පස්සෙනුත් මේක ලියන මොහොත වෙද්දී 49 දෙනෙක් පන්නනවා. හැබැයි බ්ලොග්ර් අඩවියක වගේ වර්ඩ්ප්‍රෙස් එකක ෆලෝවර්ස්ලාගේ ලිස්ට් එකක් දාන්න විදියක් මං දන්නේ නෑ… තව…. ආහ්… ගොඩ දෙනෙක්ගේ බ්ලොග් වල තියෙන්නේ අර මං කියවන බ්ලොග් අඩවි, නිතර යන තැන් වගේ ටයිට්ල් එකකින් බ්ලොග් ලින්ක් වගයක්…. අන්න ඒ ගොඩේ මගේ ටැංකියත් තියෙනවා දැක්කම මට මාර හැපි…
ඉතිං මාත් හිතුවා මගේ ටැංකිය වෙනුවෙන් මගේ යාළු මාලුවන්ට උපහාර කරන්න. ඒ මේ විදියට… ඔයාලා යෝජනා කරන මගේ ටැංකියේ වෙනස් වෙන්න ඕනෙ දේවල් තියෙනවා නම් මට කියන්න. ඒ අතරින් වැඩිම දෙනෙක් යෝජනා කරන වෙනස් කම් කීපයක් කරන්න ගෝල්ඩ් fish ලෑස්ති වෙලා ඉන්නවා. ඉතිං මේවායි කරන්න පුලුවන් වෙනස් කම් වෙන්නේ…
ලිපියේ අකුරු වල ප්‍රමාණය.
බැක්ග්‍රවුන්ඩ් ඉමේජ් එක.
ඊට පස්සේ ඔය දකුනු පැත්තේ එල්ලලා තියෙන ගැජට් ටික.
මට කියන්න මේවයේ මොනාහරි වෙනස් කමක් වෙන් ඕනෙද? එහෙමනම් ඒ මොනාද? කියලා… මං මට පුළුවන් උපරිමයෙන් ඔයාලා බලාපොරොත්තු වෙන වෙනස කරන්න හිතාගෙන ඉන්නවා.
ඒ වගේම මට කියන්න බලන්න ඔයාලා කැමතිම කතාව මොකද්ද කියලා මගේ බ්ලොග් එකේ…
ඊට පස්සේ ඔයාලා හිතන විදියට මට ලියන්න පුළුවන් මොන වගේ කතාද?
තව මගේ පොඩි අදහසක් තියෙනවා, කතා ලියන්න පුළුවන් අයගේ උදව් ඇතිව ඕපන් සෝස් කතාවක් ලියන්න. ඒ කියන්නේ මෙහෙමයි, කට්ටියට මතක ඇති ගෝල්ඩ් fish දැනට ටික කාලෙකට කලින් ලියාගෙන ගියා අඳුරු මිටියාවතේ කතාව කියලා එකක්. ඉතිං ඒක මගේ මූඩ් අප්සට් යෑමත් එක්ක ලියන එක නවත්තලා දාන්න උනා. කව්රු හරි කැමතිනම් ඒක ආයේ පටන් ගන්න, ඒ අයගේ අදහස් වලට අනුව කතාවේ ශෛලිය රැකගෙන ඒ අයගේ නමින්ම කතාව ඉදිරියට ගෙන යන්න මං ලෑස්තියි. ඉල්ලීම් කීපයක් ආවා මූනු පොතෙන් මේ කතාව ලියන්න කියලා… ඒකයි… කවුරු හරි ඒ කතාවට කැමතිනම් මුනු පොතෙන්ම මට දැනුම් දෙන්න. එතකොට මට පුළුවන් විදියට කන්ටෑක්ට් කරගෙන කතාව ලියන්න සෙට් වෙමු. තව එකක් කියන්න ඕනෙ… ඔයාලා ලියලා එවන කතාවේ කිසිම දෙයක් මං එඩිට් කරන්නේ නෑ… අසභ්‍ය දෙයක් නොගැලපෙන දෙයක් තිබුනොත් ඇරෙන්න. ඒක නිසා පුළුවන් තරම් ලස්සනට ලියලා මේල් කරන්න. ඒ වගේම හැමදාම එක්කෙනාටම කතාව ලියන්න දෙන්න විදියකුත් නැතිවෙයි, ඒක නිසා ඒකටත් මොකක් හරි වැඩ පිළිවෙලක් ඉදිරියේදී යොදමු. සමහරවිට මේ සීන් එකට කවුරුවත් කැමති වෙන එකකුත් නෑ. කමක් නෑ අදහස දාන එක මගේ යුතුමක් නිසයි කිව්වේ.
ඉතිං ඔන්න ඔහොමයි මගේ ටැංකියේ දැනට පවතින් තත්වය. ඒ එකක්ම වීවර්ස්ලා 26000 පන්නලාත් තියෙනවා. කමෙන්ට් 1000ක් විතරත් තියෙනවා, මගේ පිළිතුරු ඇරෙන්න.
ඉතිං කට්ටිය එකක් මට පොඩ්ඩක් උදවු කරනවද මගේ ටැංකිය රිෆ්රෙෂ් කරගන්න.
2011 මාර්තු 31 දින පෙ.ව. 8:32 ට
අනිව මචන් අනිවා, එල කොල්ලො උබනන් මගේ හොට් හොට් සුබ පැතුම්,එහෙනන් ඔය අකුරු චූ….ට්ටක් ලොකු කරල පටන් ගමු, මොකද මගෙ ලැප ඇහේ 😉 :පී .
2011 මාර්තු 31 දින පෙ.ව. 8:42 ට
හරි මචෝ… බලමු .. අනිත් අය මක්කෙයි දොඩන්නේ කියලා…
2011 මාර්තු 31 දින පෙ.ව. 9:10 ට
අකුරු වල ප්‍රමානෙ නම් වෙනස් කරන්න යන්න එපා මට නම් මේ ප්‍රමාණේ ඇති හිකිස් මම කණ්නාඩි පොළඟෙක්නේ, ඒකට අර මම දාල තියෙනවා වගේ ගැජට්ටුවක් දාන්න.මමත් ඒක ගත්තේ අර සෑම් අඩවියෙන්ද කොහෙද ඕනෙ නම් කියන්නකෝ,එතකොට එක එක කෙනාට කැමති ප්‍රමානෙටම ලොකු කරල බැලුව හැකිනෙ..
යශෝධරාවතේ හැම කොටසටම වගේ ආසයි. අර සිරී පාදේ ගමන ගැන ලියලා තිබ්බ එකයි තව අර යාළු මාළුවගේ දුවත් එක්ක යාළු මාළුවෙක් ගෙදර ආපු එකයි මම ආස කරන ඒවා හේතු අහන්න නම් එපා නිකන්ම තමයි ආස හිතුනේ..
අඩේ මෙච්චර දවසක් ආවාට බැක්ග්‍රවුන්ඩ් ඉමේජ් එක දැක්කේ අදයි.මගෙ කණ්නාඩියෙ දූවිල්ලද කොහෙද? ඒක ඕනෙ එකක් කරගන්න මේකත් දැක්කේ අදනේ හිකිස්..
අනිත් ගැජට් ඔක්කෝම හොඳයි මටනම් වරදක් නෑ..
මම හිතන විදියට හිතට දැනෙන්න ලියන්න පුලුවන්.. අර සින්හලෙන් කියන්නේ ෆීල් වෙනවා කියලා. ඒක..
අර කතාව ලියන්න ආසයි ඒත් ඕක මං ලිව්වොත් බල්ලෙක්වත් බලන එකක් නෑ.. අදහස අතැරියා එතනින්ම.. ඕන් මන් කියන්න කියපු දේවල් කිව්ව මේන් ආයෙත් ගුහාවට වැදුන..
ඕන් අපි අන්තරස්දාන් වුනා..
2011 මාර්තු 31 දින පෙ.ව. 9:54 ට
සුභපතන්න අමතක වුනානේ ඔන්න මගෙනුත් සුභ පැතුම්
2011 මාර්තු 31 දින ප.ව. 12:09 ට
කෙලියා තාප්පෙට, අලේ කැන්ඩි… අකුරු තව එක පොයින්ට් එකක් ලොකු කරන්නද?
සුභපැතුමට ස්තූතියි යාළුවේ…
2011 මාර්තු 31 දින පෙ.ව. 9:24 ට
මට නම් ලොකු වෙනසක් වෙන්න ඕනෙ කියල පේන්නෙ නෑ. බැක්ග්‍රවුන්ඩ් ඉමේජ් එක පාට අඩු කරලා අකුරු වල පාට වැඩි කරොත් කියවන්න පහසු වෙයි. මට හිතුණු හැටි හොඳේ. කට්ටියගෙත් අදහස් බලන්නකො. ආ.. සුභ පතන්නත් අමතක උනා. ඔන්න මාළුවෝ මගෙනුත් උණුසුම් සුභ පැතුම් හොඳේ.
ප/ලි: ඇත්තටම ඉබ්බට මොකද උනේ. මම හෙන ආසාවෙන් කියවපු බ්ලොග් එකක්. ඒක එක තැන නතර වෙලා.
2011 මාර්තු 31 දින ප.ව. 12:09 ට
බැක්ග්‍රවුන්ඩ් එකේ පාට අඩුකරන්න කිව්වේ… තව ටිකක් dark කරන්නද? light කරන්නද?
2011 අප්‍රේල් 1 දින පෙ.ව. 8:40 ට
light කරන්න කිව්වෙ.
2011 අප්‍රේල් 1 දින පෙ.ව. 10:03 ට
පිනිබිඳු පොඩි කේස් එකක් තියෙනවා ලයිට් කලොත්… සුදු පාට අකුරු පේන්නේ නෑ බං…
2011 මාර්තු 31 දින පෙ.ව. 9:24 ට
සුබ පෑතුම තවත් බොහේ දුර ගමනක් යන්නට … ජයෙන් ජය ඔබට….
2011 මාර්තු 31 දින ප.ව. 12:10 ට
තෑන්ක්ස් මචං….
2011 මාර්තු 31 දින පෙ.ව. 9:54 ට
එල එල සහෝදරයා…. සුභ පැතුම්….
අකුරු ටිකක් ලොකු කලා නම් හරි වගේ තමා…
2011 මාර්තු 31 දින ප.ව. 12:11 ට
හ්ම්… මටත් හිතුනා බං… කොහෙද මේ වයසක උන්දලා එක්ක අකුරක් වත් පොඩියට දාන්න බැහැනේ… 😛
2011 මාර්තු 31 දින පෙ.ව. 11:02 ට
ඔන්න ඔහොම තියෙන්න ඇරහන් අයියේ…මේ වෙලාවේ පොඩ්ඩක් මූඩ් නෑ..නවම් අයියගේ කාලකන්නි දොස්ටරයෙක් ගැන කියවලා ඉන්නේ…
අයියට මතකද දන්නේ නෑ මම ඉස්සර ඇහුවා කොහොමද වර්ඩ් ෆ්රෙස් එකක් අපේ බ්ලොග් ලිස්ට් එකට දාන්නේ කියලා..ඒ දවස් වල අයියා කොච්චර ලිව්වත් මට හැම එකම මග ඇරෙනවා..පස්සේ දුන්නා අලුත් ලිපි ඊමේල් එකට එන විදිඅට..ඒක මහ අබිලික් වැඩක් උනා..පස්සේ තමා ක්‍රමේ හොයා ගත්තේ..ලින්ක් එක දැම්මම වැඩේ ගොඩ කියලා..ඒදා ඉදල හැම පෝස්ට් එකම මග අරින්නේ නැතුව කියවන්න ඇහැකි උනා..මම මුලින්ම වර්ඩ් ෆ්රෙස් බ්ලොග් එකක් විදිහට කියව්වේ මේක තමා…ඊට පස්සේ තමා අනිත් එව්වා…
ජය වේවා!!!!!
2011 මාර්තු 31 දින ප.ව. 12:13 ට
කුප්ප මලේ… තෑන්ක්ස් මචං අදහස් වලට… මට තෝව සත විසිපහකට විස්වාස නෑ මුලින්ම කියවපු වර්ඩ් ප්‍රෙස් එක මගේ කිව්වට.
2011 මාර්තු 31 දින ප.ව. 12:17 ට
උබට ජය පතනවා මාලුවෝ. ඔය විදිහටම හැමදාම අපි එක්ක මේ වොදිහට ඉන්න ලැබෙන්න කියල පතනවා..
ජය..
2011 මාර්තු 31 දින ප.ව. 12:26 ට
එලම තමා සිංහ මලේ… තෑන්ක්ස් මචං.
2011 මාර්තු 31 දින ප.ව. 12:28 ට
අනේ ගොල්ඩ් ෆිශ් අය්යා මොකටද බන් අකුරු ලොකු කරන්නේ . මේ හොදට ගානට පේද්දිත්
අනේ මන්දන්නැ බන් එත කොට අර 1වසරෙ එකෙක් ගෙ පොතක් (දඩාර් අකුරු) වෙනවනෙ.කමක් නැ ඔබෙ සතුට මගේ …….:D
2011 මාර්තු 31 දින ප.ව. 12:50 ට
එකම එක පොයින්ට් එකක් විතරක් ලොකු කරන්නම් බං, කීහිපදෙනෙක් කියන එකනේ…
2011 මාර්තු 31 දින ප.ව. 1:36 ට
පිනිබ්ඳු කිව්ව වගෙ කරන්න….
සුභ පැතුම්! 🙂
2011 මාර්තු 31 දින ප.ව. 3:39 ට
බොහොම ස්තූතියි…
2011 මාර්තු 31 දින ප.ව. 2:57 ට
ඉලව්වේ ඔන්න ඔය බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කොරහං. ඒකෙ කියන එක මල වදයක්. අකුරුත් තව ඩිංගිත්තක් විතර ලොකු උනොත් මල් හතයි. වයසක උන්දැලට [මට වගේ] කියවන්න අමාරුයි නෙව හිච්චි අකුරු. තව කියෙව්වට පස්සෙ තේ එකක් බොන්න කීයක්වත් දෙන්න බැරිවෙයිද?
2011 මාර්තු 31 දින ප.ව. 3:22 ට
දැන් නවම් මාවතේ තියෙන කාඩේක තේ එකක් කීයද? අකුරු නම් ටිකක් ලොකු කරන්න තමා හිතාගෙන ඉන්නේ… බැක්ග්‍රවුන්ඩ් එකට සුදුසු ආර්ට් එක යෝජනා කරන්න බැයිද?
2011 අප්‍රේල් 1 දින ප.ව. 4:55 ට
නවම් මාවතේනම් ප්ලේන්ටියක් රුපියල්ම පහලොවයි බං. [අම්මෝ මං නං බොන්නෙ නෑ] ටී නං රුපියල් තිහක්වත් වෙනව ඇති !
2011 මාර්තු 31 දින ප.ව. 4:15 ට
මට නම් ඒ හැටි වරදක් පෙනෙන්නේ නැත.
මාලුවාට තව බොහෝ කලක් පිනන්නට ශක්තිය ධෙර්යය හා මාලු කෑම ලැබේවා!!
2011 මාර්තු 31 දින ප.ව. 6:52 ට
ස්තූතියි තාරක
2011 මාර්තු 31 දින ප.ව. 6:01 ට
අකුරු ටිකක් ලොකු කලා නම් හොදා තමයි….. වෙන නම් මොකවත් වෙනස් කරන්න එපා…කතාවත් පටන් ගන්න….
2011 මාර්තු 31 දින ප.ව. 6:51 ට
කතාව පටන් ගන්න නම් ආයෙමත් හයියෙන් වහින්න වෙයි. ඒ හීතල ඈඟට දැනෙද්දී නම් නිකංම ලියන්න පුළුවන්.
2011 මාර්තු 31 දින ප.ව. 8:26 ට
එහෙ නම් ඉස්සෙල්ලා මම මොනවත් කියන්න කලින් සුභ පතනවා මාළුට ජය කියලා……….
මට නම් බ්ලොගේ අවුලක් පෙන්නේ නෑ. අකුරුත් හොදය් කිසි අවුලක් නෑ.
ඒත් කියනවා වගේ ටැංකිය පන්නන්න එක තමා අවුල,
බ්ලොගෙන් පන්නන්න බැරි නිසා මමත් අලුත් ලිපි ඊ මේල් එකට එන විදිහට ටැංකියට සෙට් වුනා.
සිරාවටම හෙන ආසාවෙන් කියවන බ්ලොගයක් තමා අය්යේ උඹෙ බ්ලොගේ
ආයෙත් සුභ පතනවා දිගටම ලියහන් අය්යේ. ජය…!
2011 මාර්තු 31 දින ප.ව. 9:01 ට
තෑන්ක්ස් මචං
2011 මාර්තු 31 දින ප.ව. 10:32 ට
උඹට මගෙනුත් සුබ පැතුම් මාළුවෝ . මටත් මතකයි මම මුලින්ම මේ පැත්තේ ආපු දවස් . මමනම් වැඩියම කැමති උඹ ලියපු අර හැකිං සීන් එකට . තව .. යසෝදරාවතටත් මම කැමතියි .අඳුරු මිටියාවතේ කතාව බලමින් ඒක ප්‍රින්ට් කරකර ෆයිල් එකක දාලා එකතු කරපු කෙනෙකුත් අපේ ගෙදර හිටියා … හිහි …
අකුරු ටිකක් ලොකු උනානම් වැඩේ ගොඩ කියලා තමයි මට හිතෙන්නේ . අඩුවකට තියෙන්නේ එච්චර තමයි . තව එකක් මම ඉතින් හැමදාම කමෙන්ට් එකට සෙට් වෙන්නේ රෑ මැද තමයි .ඉතින් උඹ අනික් එවුන්ට රීප්ලයි කරනවා වගේ මටත් රීප්ප එකක් දාපන් ..
2011 අප්‍රේල් 1 දින පෙ.ව. 7:08 ට
සඳරුවෝ අර මගේ කතාව ප්‍රින්ට් කල කෙනාට කියහං ඊළඟ මෝසම් වැස්ස පටන් ගත් ගමන් මං ආයේ ලියනවා කියලා…
2011 මාර්තු 31 දින ප.ව. 11:52 ට
අකුරු පොඩ්ඩක් ලොකු වුනා නම් හොඳයි.
අර නවම් කිවුවා වගේ background Image එකේ Intensity එක පොඩ්ඩක් අඩු කරන්න… සමහර වෙලාවට කියවන්න අමාරුයි…
ලියන ඉට්ටැයිල් එක නම් වෙනස් කරන්න එපා. ඒක මරු…
සුබ පැතුම්..
ප:ලි:
මමත් අපේ ගෙදර මාළු ටැංකියනම් ඊයෙ රෑ සුද්ද කළා….
ගඳේ බෑ…. මේ ගෝල්ඩ් ෆිෂ් ලා හරියට ජරා කරනවා නේ……
2011 අප්‍රේල් 1 දින පෙ.ව. 7:09 ට
අයියෝ .. ටැංකිය සුද්ද කරන්න ඕනේ වෙන්නෑ නෑ… ප්ලැට් ෆෝම් ෆිල්ටර් එකක් දැම්මානම්…
2011 අප්‍රේල් 2 දින ප.ව. 7:31 ට
සුභ පැතුම් මාළුවෝ… අර කතාව ලියන්න ගන්න. අපිත් එන්නම් උදව්වට. ජය වේවා!
2011 අප්‍රේල් 2 දින ප.ව. 9:04 ට
ස්තූතියි සිඟිති… ඉන්නකෝ වැස්ස පටන් ගන්න කම්….
2011 අප්‍රේල් 18 දින ප.ව. 7:06 ට
ගූගල් friend connect, wordpress වලට දාගන්න ඔය site එකේ කියල තියෙන විදියට යන්න http://www.expand2web.com/blog/friend-connect-wordpress/
2011 අප්‍රේල් 18 දින ප.ව. 9:59 ට
wordpress.com වලට බෑ බං… මං කලින් ට්‍රයි කරලා තියෙනවා…