ඌ නිදි, මගේ අත්දෙකේ… මගේ යශෝධරා වත 14


හතර වටින්ම කුරුළු සද්දමං කුමාරයත් සැපට නිදාගෙන පෙරදා රාත්‍රියේනිදියලා නැගිට්ටට පස්සේ තමා මතක් වුනේ කොහේද ඉන්නේ කියලාආහ්මං කුමාරයා, මව්තුමියයි, පියතුමයි, බාල සහෝයි එක්ක අපේ නෑදෑ පිරිස බැහැ දකින්න කියලා මව්තුමියගේ රාජධානියට ඇවිල්ලා තමා හිටියේ

ඉතිං අද තමා ආපහු මං කුමාරයාගේ රාජධානියට යන්නේයන්න කලිං මාමාලාගේ මාලිගයටත් ගොඩවැදිලා තමා යන්න ඕනේ. මොකද එහේ එක එක ජාතියේ පළතුරු වත්තක්ම තියෙනවා. ඉතිං මං කුමාරයා එහෙට යද්දී නැන්දා හැමදාමත් ගෙදර ගෙනියන්න මොනා හරි පළතුරු වර්ගයක් ලෑස්ති කරනවමයි.

හින්දාම වෙන මොන දේ අමතක කලත් මං කුමාරයා පලතුරු ටිකනම් අමතක කරන්නෙම් නෑඉතිං එදා උදේත් අපි මාමාලගේ මාලිගයට යද්දීමංජු අයියා අතේ මොකෙද්දෝ මංදා ගුලි කරගෙන පාන්තිරේකින් කිරි පොවනවා…. මං කුමාරයාට ඔය වගේ අවස්ථා දැක්කම ඉවසිල්ලක් අතේ හැංගිලා ඉන්නේ මොකෙද්ද කියලා බලාගන්න. ඉතිං මං ළඟට ගිහින් බලද්දී චූටී ලේන් පැටියෙක්මංජු අයියේමට මූව දෙන්නකෝගෙදර ගෙනියන්න

වගේ වෙලාවට ඉතිං අනිත් කුමාරවරු වගේ නෙමේ මංජු කුමාරයා බොහොම කරුණාවෙන්පොඩි පෙට්ටි පොඩ්ඩකට දාලා රෙදි කෑල්ලකුත් ඔතලා ලේන් පැටියව මට දෙනවා. ආයේ ඉතිං ගෙදරට පැටියා ගෙනිච්චයි කියලා අඩුවක් වෙනවයෑඕනෙ තරම් ලේන් පැටව් ඉන්නවනේ….

ඉතිං ඔන්න මං කුමාරයා ලේන් පැටියව අ‍රගෙන එන්න හදද්දිම මගේ යශෝධරාව මතකෙට නැගුනා. නැගුනා විතරයි යැවුවා මැසේජ් එකක්…. mage nangi patiyata, lena patiyek oneda? කියලාමෙන්න ටික වෙලාවකින් කෝල් එකක්….

හලෝ….

හලෝලේන් පැටියෙක්….?

මල කෙලියයි මහරජතුමනිනඩු කාරි, නඩු කාරියශෝධරාවගේ මව්තුමිය

මැඩම් , කෝ නංගා…?

නංගා තමාමේ ඉන්නේ නහයෙන් අඩ අඩ

මොකද?

එයා අහනවාඑයා කොහොමද යාගේ වුනේ, එයා තාම අම්මගෙයි තාත්තගෙයිනේ කියලා

හරි හරිඉතිං මෝඩිගෙන් අහන්න ලේන් පැටියෙක් ඕනෙද කියලා….

………………………………………………….. තත්පර 10 විතර නිහැඩියාවක්….

අරං එන්නලු

හරි මං ගේන්නම්…. කියලා මං කුමාරයා කෝල් එක කට් කරා.

ඊට පස්සේ ලේන් පැටියවත් අරගෙන මගේ මාලිගයට වැඩ්ඩා වැඩිල්ලක්ගමේ ඉඳන් මුළු ගමනටම ගියේ පැය 5යි. වෙනදට පැට 7ක් හෝ 8ක් යන ගමන….

ඊට පස්සේ ඉතිං යශෝධරාව ගැන සම්පූර්ණයෙන් අමතක වුනා කිව්වොත් හරි. මොකද ඉතිං හුරතල් කරන්නයි කෝලම් බලන්නයි ලේන් පැටියෙක් ඉන්නවානේඉතිං ඔහොම දවසක් දෙකක් ලේන පැටියගේ විකාර බල බල ඉද්දී ආයෙමත් යශෝදරාව ගැන මතක් වුනා

මෙන්න එයාලා මගේ මාලිගයට එන්න හදනවාලේන් පැටියා බලන්න නෙවේඅවුරුද්දට. ඉතිං ආයේ දවස් දෙකකින් විතර ආවා. එනකොට මං කුමාරයා වෙරි වෙච්ච නාලාගිරි වගේ කට කපලා දොයි. පස්සේ අපේ මව්තුමී ඇවිත්…. ලොකූ…. ලොකූ….. අන්න නංගිලා ඇවිත්

අපේ මව්තුමි දන්නවා මම නංගි කියලා කටක් ඇරලා කතා කරන්නේ ඔය කුමාරිකාව ගැන විතරයි කියලාමොකද මගේ මාලිගය අවට ඉන්න එක ගෑනු පරානයක් එක්ක වත් මගේ කතාවක් නැති නිසා මට ඉන්න එකම නංගි යශෝධරාව විතරයි කියලා මව්තුමිය දන්නවා. පස්සේ ඉතිං මාත් නිදි ගැට කඩ කඩ යහනින් බිමට බැහැලා…. මූන ටිකක් හෝද ගෙන එහෙම ගියා යශෝධරාව බැහැදකින්න.

මෙන්න බොල යනකොට යශෝධරාව මැද්දෙන් තියාගෙන අම්මලා දෙන්න බර කතාවක. මදිවට අපේ අම්මා යශෝධරාවගේ කර වටේට අතත් දාගෙන ලඟට තුරුල් කොරං. අනේ අම්මේ විලි ලැජ්ජාවේ බෑ මං කුමාරයට. අපේ මව්තුමිය හදන්නේ පුංචි යශෝධරාවව දැන්මම මාලිගයට කැන්දගෙන එන්නද මංදා…. කෝමත් අපේ මව්තුමිය මං කුමාරයට වැඩියයශො‍්ධරාවට සෙනෙහෙයි කියලා මං කුමාරයට වැටහිලා තිබුනේඉතිං මාත් ගිය ගමන්

පුතේ අර, ලේන් පැටියව අරං එන්න නංගිට පෙන්නන්න

මේං වැඩක්මට වැඩිය හදිස්සිය අපේ මවු තුමිට, ලේන පැටියව යශෝධරාවට පෙන්නන්න

පැනලා ගිහිංහොයා ගන්න විදියක් නෑකියලා අර අම්මලා දෙන්න මැද්දේ හුරතල් වෙවී හිටිය යශෝදරාවටත් විරිත්තලා මං කුමාරයා කිව්වා

බොරු කියන්නේ නැතුව ගිහිං අරං එන්නනංගි පවුනේ

මේක හරි වැඩක්නේ ය‍කෝ, අපේ මව්තුමිට මං කුමාරයට වැඩිය කොහෙවත් ඉන්න කෙල්ලෙක් ලොකුවෙලාඒත් ඉතිං මොනා කරන්නද අර සූටි ඇස් දෙකත්අනේ ගේන්නකෝ අයියේකියලා කටින් නොකියා ඇස් දෙකෙන් කියද්දී… ඔන්න ඉතිං ගිහින් ගෙනාව කියමුකෝ ලේන් පැටියව.

මේ ගෝතයාව යශෝධරා ගාවට ගෙනාව විතරයි මූ හතර වටේට ඉව අල්ලන්න තියාගත්තේ නැතෑ… හරියට නිකම් ඌරු මීයෙක් වගේ… පස්සේ ආ… පරිස්සමින්… ඕක හූරයි… කියලා මං යශෝධරාවගේ අත්දෙකෙන් තිබ්බා… හීක්ස්… මං කුමාරයා දන්නවා, තව සුළු මොහොතකින් යශෝධරාවට වෙනදේ. මගේ ඇස් ඉස්සරහ මැවිලා පේනවා සීන් එක. යශෝධරාගේ අත ලේන පැටියා හපලා යශෝධරාව කෑ ගහන හැටි. අනේ අප්පේ …. මටත් ඉතිං සංතෝසේ බෑ… ඒ වගේ අවස්ථාවක් උදාවෙනකං… ආයි අමතක නොවෙන්න නෝන්ඩියක් දාන්න පුළුවන්නේ…. ඉතිං ඔහොම තිස්තුන් කෝටියක් දෙයියන්ට පිං දිදී… දැං හපපිය, දැං හපපිය කියලා බලා උන්නට වැඩේ වෙන පාටක් නෑ…

ඊට පස්සේ මව් තුමිය මාව කඩේ යැවුවා. යශෝධරාවට බිස්කට් ගේන්න. මං කුමාරයත් ඉතිං කන්ථකව අරගෙන ගිහින් සිං ගාලා ලෙමන් පෆ් එකක් අරගෙන ආවා. ඊ‍ට පස්සේ කන්ථකව පැත්තක තියලා මාලිගයට යනකොට, බඩු හරි. කාටවත් නෙමේ මං කුමාරයට. මං කුමාරයා හිතුවෙම ලේන පැටිය යශෝධරාවගේ අතට ගේම දීලා ඇති කියලා. ඒත්…. මේ තක්කඩි ලේනා යශෝධරාවට හීලෑ වෙලා. ඉතිං මං කුමාරයා බලං ඉන්නවා කුමාරිගෙයි ලේනගෙයි සෙල්ලං ටික… යශෝධරාවගේ දකුණු අත දිගේ උරහිසට නැගලා, ආයෙම කොන්ඩේ අස්සෙන් ගිහින් වම් අතින් මේකා ඔඩොක්කුවට එනවා. මේ ගෙරි ලේනා… ගෙනාපු දා ඉදන් දවස් හතරක් ඇතුලත මං කුමාරයට 20 පාරකට වැඩිය උගේ චූටි දත් වලින් ෂොට් එක දීලා තියෙනවා. ඌට කිරි පොවන්න ගියත් මාව හපනවා, හුරතල් කොරන්න ගියත් හපනවා… ඒකට මේං… අතට අරං පැය භාගයක් ගියේ නෑ… ලේනාගේ හිතත් යශෝධරාවට බැඳිලා. මට ඉරිසියාවේ බෑ… මේකි ලේනාගේ අර අළු පාට පුළුං වගේ පිට අතගාද්දී… ලේනා බලං ඉන්නේ… අර කුමාරයාගේ යශෝධරාවියේ… මට ඌත් එක්ක ඉන්න බැහැ… මාව ඔයාලගේ මාලිගයට ගෙනියන්න… කියන්න වගේ.

ඊට පස්සේ අපේ මව් තුමිය… පුතේ ලේනාව ගන්නකෝ දැන්, නංගිට බිස්කට් එකක් කන්න. මෙහෙ දීපිය  ඔය හොර ලේනව… කියලා හිතින් හිතලා… කෝ දෙන්න, ඔයා කාලා ඉන්න… කියලා කටින් කියලා ලේනාව මං සතුකරගත්තා. ඇත්තමයි, මේ නරියාගේ කකුල් ටික ටිකක් ලොකුවට තිබ්බනම් එහෙම මූව මං පොලේ ගහනවා. මූ කා‍ගෙන් අවසර අරංද මගේ යශෝධරාවගේ ඔඩොක්කුවට වෙලා හුරතල් වුනේ… ඒ අස්සේ යශෝධරාවට අපේ අම්මේ බිස්කට් කවනවා… අනේ අප්පේ මෙහෙමත් විගඩං. අපේ මව්තුමිය හදන්නේ මගේ හඳුන්පොතට කෙල වන්න කියලා දැනෙන්න වුනාම. අනේ අම්මේ මටත්…. කියලා මාත් කට ඇරියා… ඔය හම්බුනේ හොඳවැයින් එකක්… ආ… මේං … එනවා මෙතෙන හුරතල් වෙන්න… කියලා බිස්කට් එකක් දුන්නා අතට.

ඒ අස්සේ යශෝධරාවත් අපේ අම්මා එක්ක සෙට් වෙලා මං කුමාරයට නෝන්ඩි දානවා. අනේ සුදූ… තෝ අහුවෙය කියලා කියන්නත් බෑ,.. කිව්ව ගමන් අපේ මව්තුමීගෙන් හොඳ දේසනයක් ලැ‍බෙනවා. ඉතිං කෝම හරි මං කුමාරයා ඉවසා වදාරා හිටියා යශෝධරාව බිස්කට් කාලා ඉවර වෙනකම්… ඒ අස්සේ ලේනා… ඌත් සෑහෙන ට්‍රයි එකක් දෙනවා යශෝධරාවගේ ඔඩොක්කුවට පනින්න. මාත් චූටි හොම්බ විතරක් එලියට හිටින්න තියාගෙන අත් දෙකෙන්ම ඌව මිරිකලා අල්ලාගෙන ඉන්නවා. පස්සේ ඉතිං යශෝධරාවගේ බිස්කට් වැළඳීම අහවර වුන ගමන් … මෙන්න මේකිත් මගේ දිහාට අත දික්කරගෙන ඉන්නවා… ලේනව දෙනකම්… මේක හරි වැඩක්නේ… ඇයි යකඩෝ මාව හුරතල් කරන්ඩකෝ, මේ ලේනාට වැඩිය මං කොච්චර වටිනවද කියලා හිතට හෙන දුක් ගොඩකුත් එක්ක එක එක අදහස් එනවා. ඒත් ඉතිං මේ පාරත් මං අර අහින්සක චූටි ඇස් දෙකට පැරදුනා.

ආයෙත් ලේන පැටියව යශෝධරාවට දුන්නම… බලන්න ඕනේ මූනෙ තියෙන හිනාව… මං කුමාරයා වැඩියෙන්ම ආසා ඒ හිනාවට තමා… මුළු තුන් ලෝකෙන්ම මං දැකපු ලස්සනම හිනාව. කවදාවත් අමතක නොවෙන, දකින්න දකින්න ආසා හිතෙන, ඇස් දෙක පියා ගෙන ඕනෙ වෙලාවක මගේ හිතේ මවා ගන්න පුළුවන් ඒ ලස්සන හිනාව… ඉතිං මං කුමාරයා කොයිතරම් තරදඩු වුනත් ඔය හිනාවටනම් හැමදාමත් පරදිනවා.

ඊට පස්සේ මං කුමාරයා තුන් දෙනාට ඉන්න දීලා, මගේ කාමරේට වෙලා ඉඳීයා. පස්සේ යශෝධරාව යන්න ලෑස්තිවෙලා, කියන්න අපේ අම්මා මට කතා කලා. පුතේ… මෙන්න නංගිලා යනවලු… මාත් ඉතිං විදිල්ල වගේ ගියා.

මගේ ‍ලේනා දීලා යන්න…

ඌ නිදි, මගේ අත්දෙකේ… තො‍දොල් වෙවී කියන ලස්සන. දෙන්න හිතයි…

කමක් ‍නෑ කෝ මෙහෙට දෙන්න… කියලා බලෙන් වගේ උදුරලා ගත්තා. මං කුමාරයට හොඳටම විශ්වාසයි ලේන නිදාගෙන හිටියේ නැත්තං ඌ අඩනවා යශෝධරාව එක්ක යන්න ඕනේ කියලා.. පස්සේ ඉතිං කොහොම හරි ආයෙම අර ඌව ගෙනාපු පෙට්ටියෙම තැන්පත් කලා… ඊට පස්සේ යශෝධරාවයි, නඩු කාර උත්තමාවියයි දෙන්නම මගේ මාලිගයෙන් සමු ගත්තා… දෙන්නටම පරිස්සමින් යන්න කියලා අම්මා ඉස්සරහ කියාගන්න බැරිවුනාට මං කුමාරයා ඒක හිතින් කිව්වා.

ඊට පස්සේ දවසක් දෙකක් ලේනා හිටියා… ඊට පස්සෙත් ඌ මට කිරි පොවන්න ගියාම ෂොට් එක දුන්නා. අන්තිමේ මං කුමාරයා ඔෆිස් ගිහිං එද්දී ලේන් පැටියා මිසිං… පස්සේ ඒ සිද්ධිය යශෝධරාවට කිව්වම, පන්ඩිතයා… මට දුන්න නම් මං බලාගන්නවනේ… කිව්වා. හ්ම් ඇත්ත තමා කියලා ඉතිං මං කුමාරයත් සේප් වුනා. නැත්තං ඉතිං එදාත් නඩුවක් ෆයිල් කරගන්න තිබ්බා…

හැබැයි මං කුමාරයට හෙන සතුටුයි වෙච්ච වැඩේට. මොකද ඔය හොර ලේනා තවත් හිටියනම් එහෙම මට යශෝධරාවට ඕකව ගිහිං දෙන්නම වෙනවා. එහෙම වුනානම් ඉතිං… මං කුමාරයට ලැබෙන ආදරේ අඩුවෙන බව දන්න නිසා ලේනා යන අහක ගිය එක ගැන මට හෙන සංතෝසයි…

%d bloggers like this: