අපිට කොහෙන්ද පූසෝ චීස්… හෙවත් පොල් පැලේට කෙලවුන හැටි…



(මෙලෝ රහක් නැති මූඩ් එකේ) මං යනකොට මොන වැඩේ කර කර හිටයත් ඔළුව යාන්තමට උස්සලා මගේ දේහ ධාරී ශරීරය දිහා (මොකට කියනවද ඒ ගැන) බලන… හොරෙන් මාත් එක්ක හිනා වෙන… ම්… එතකොට තව වෙන මොනවද… ආහ්… ඇයි අර ඇවිල්ලා දෙවෙනි දවසේ මට කිරියා කෑල්ලක් දුන්න…. මගේ හිතේ අලුත උපන් සිතුවිලි වලට පන පොව පොව හිටය පුංචි වැස්සි. මේ පොල් පැලෙත් මෙලෝ හරක් නැතුව… හරක් නෙමේ යකෝ රහක්…. බඩ කපා ගෙන පෙම් පුරපු වැස්සි පැටික්කි… (ග්රැමර් හරිද මන්දා) ගැන ඊයේ නරක ආරංචියක් හම්බුනා.
 
ඔයා නිසා මං කොයිතරම් දේවල් කලාද? ඔයාගෙන් ලකුණු දාගන්න මං කොයි තරම් නිදි මරාගෙන ප්‍රෝග්‍රැමින් කලාද? ඔයාට මතකද අර ඔයා ඉස්සරහා spider solitaire ගේම් එක ගහලා පොර වෙවී හිටිය කොලුවව මං හදපු එක ප්‍රෝග්‍රෑම් එකෙන් කොර කරලා දාපු හැටි…? මං ඒක ලියන්න කොයි තරම් නිදි මැරුවද? කීපාරක් ටෙස්ටිං කලාද? ඒ මදිවට කීපාරක් උගේ මැසිමට හොරෙන් ලොග් වුනාද…? ඔයා දන්නේ නෑ ඒවා… ඔයා දන‍්නේ, ඌට ගේම් එක ගහගන්න බැරුව නෝන්ඩි වෙද්දී මං ඇවිත් මැල් වෙයා එක මකල දාලා මං පොර වුනා කියලා විතරයි…. මං හදලා ප්ලාන්ට් කරපු කෝඩිං කෑල්ල අයින් කරන එක මහ ලොකු මැජික් එකක් නොවුනට, ඒක ඔයාට සෑහෙන ලොකු දෙයක් වුනා. ඔයා හිතුවේ බිල් ගේට්ස්ගේ පොඩි පුතා මං කියලා… නේද…? (වෙන නැත්තං)
 
ඊට පස්සේ අර අනිත් පීසී එකේ… අපේ අයි.ටී මහත්තයා  ඉන්ටර්නෙට් සෙටිංග්ස් ටික මකලා දාලා ගිය වෙලාවේ, ඔයා හොඳටම දැක්කා මං ඇඩ්මින් ලොග් නොවී ඒ සෙටිංග්ස් ටික ආයම හැදුවා කියලා. නීති විරෝධි වැඩක් වුනත් ඒක කලේ ඔයාගෙන් ලකුණු දාගන්න කියලා ඔයාට හිතෙන්න නැතුව ඇති. මතකද ඔයා මූනු පොතේ මගේ රික්වෙස්ට් එක කොන්ෆර්ම් කරලා… ධනුෂ්කයා මට මැසේජ් එකක් දැම්මා… මචං එ‍ෆ්… බී ලොග් වෙයන් කියලා… ඉතිං මං ආත බූත කඩාගෙන දුවගෙන ඇවිත් ලොග් වුනාම නොටිෆිකේෂන් තිබ්බේ එකම එකයි… ඒ ඔයා මාව කන්ෆර්ම් කලා කියලා… ඊට පස්සේ මං ඔයාගේ ෆොටෝ ඔක්කොම ටික බැළුවා… ඔයා දේදුනු හැන්දෑවේදී ගත්ත ෆොටෝ… හරියට නිකං දේදුන්නක් වගෙයි ඒ ඔක්කොම…
 
ඔයා ගැන මං මගේ බ්ලොග් එකෙත් ලිව්වා… එතකොට ඒක කියවන කට්ටිය ගොඩ දෙනෙක් මට මේ වින්නැහිය වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කලා. ඒත් ඊයේ ඒකම වුනා. හරියටම මට ඔයා ගැන කියලා චරිතගෙන් කෝල් එක ආපු වෙලාවේ වගේම, දවල් ලන්ච් එක කන ගමන් තමා මේ නිවුස් එකත් මගේ කනට වැටුනේ…
 
ඒත් ඊයේ උදේ මං ඔයාව බලන්න එද්දී තම්බි අයියායි අනිත් අක්කයි දෙන්නම නෑ… අර පරාස්සයෝ දෙන්න විතරයි හිටියේ… මක්ක කොරන්නද උං දෙන්න එක්ක බයිල ගගහා හිටියා මිසක්. ඒ අස්සෙත් මං බැලුවේ ඔයා දිහා. මීට කලිං කවදාවත් දැකපු නැති දසුනකුත් ඊයේ දැක්කම, මට එවෙලේම හිතුනා මට බඩු හරි තමා කියලා… දන්නවද ඔයා ෆෝන් එකෙන් එස් එම් එස් කෙටුවේ… හරියට නිකං එක්ස්ටර්නල් කීබෝඩ් එකක් ගහගෙන ටයිප් කරනවා වගේ… මට හිතෙන්නේ කී පෑඩ් එකට රිදෙන්නේ නැතුව ඇති ඔය පුංචි රෝස පාට පුලුං වගේ ඇඟිලි තුඩු කීස් වලට බර වෙද්දී…. අපි ඔය වගේ කෙටුවනම් එහෙම කී පෑඩ් 60ක් විතර දාන්න වෙලා. ඒ වගේම ඔයා, වෙනදට මං එද්දී බලන බැලිල්ල තිබුනේ නෑ… නිකං බාගෙට කරවෙච්ච රෝස් පං ගෙඩියක් වගේ තමා මං ඔයාගේ මුන දැක්කේ… කමක් නෑ … මං පරක්කුයිනේ… මං ලාවට වගේ ආදරේ කරපු සුවීට් කෑල්ලට, මට කලිං කූඹියෙක් වහලා…
 
අපේ අයියලා මට කිව්වා… ආයෙමත් යශෝදරාවත වගේ ශෝකාලාපයක් අහන්න වෙන සයිස් එකක් තියෙන්නේ කියලා… හ්ම්…දැන් ඉතිං ඒක ඇත්ත වුනා. (මූඩ් එක ෆික්ස් වෙමින්)  ඒත් යකෝ මං සතුටෙන්… මට ඔය කොහෙවත් යන මෝඩ කෙල්ලෝ ඕනේ නෑ… මට මගේ රත්තරං වටින ඒන්ජල් ඉන්නේ… මං මේ අද යශෝදරාවතත් නොලියා තී ගැන ලිව්වේ, තී ගැන හිතේ බැඳිලා තිබ්බ ජුංඩං සෙනෙහස නැති කරලා, ආයෙමත් පෙර පුරුදු යශෝදරාවගේ කුමාරයා මංම තමා කියලා කට්ටියට කියන්න මිසක් වෙන අවහල් එහෙකට නෙමේ…
 
මං දන්නවා දැං ඉතිං අනිත් කෙල්ලෝ වගේම… තීත්, මං තීව මගහරින කොට අයියේ… *යියේ කියාගෙන එයි… ඒත් ඒ යාළුකමට නිසා, මං උඹට සත විසි පහේ බුල්ටෝ එකක් අරගෙන දීලා… ඉඳා කාපිය නංගියේ කියලා සේප් වෙනව. යශෝධරාවට දෙනවා වගේ ඕකේ කේක් නම් හමුබුවෙන්නේ නෑ කෙල්ලේ උඹට. උඹ දන්නවනේ මං උඹට කැමති නෑ කියලා… හේතුවත් දන්නවනේ… අර නරියා මිදි තිත්තයි කිව්වේ.. ආන්න ඒ නිසා.. හරිය… ආ‍යේ මාත් එකක් මුකුලුවට නාවට කමක් නෑ උඹ. ඒ වගේම හෙර ඇස් දෙකෙන් ආයෙත් බැළුවොත්… ලැජ්ජාව පැත්තක තියලා මාත් අහනවා හැමෝම ඉස්සරහා… ඇයි හොරෙන් බලන්නේ කියලා… එතකොට දෙන්න උත්තරයක් ලෑස්ති කරගෙන ආයෙම මගේ දිහා බලනවනම් බලපිය…. මෝඩ කෙල්ල. දැනගන් මං උඹට ලව් කරේ නෑ… මගේ අකීකරු හිත තමා ලව් කරේ කියලා… වෙන කාගෙවත් නෙවේ මගේ… ම‍‍ගේ… මගේම අකීකරු හිත. ඌ මේ පාර නම්  හොඳ පාඩමක් ඉගෙන ගත්තා. ඒක නිසා ඊළඟ එක්සෑම් එක උඩින්ම ගොඩයයි කියලත් හිතාගෙන තමා ඉන්නේ… (ඔය කිව්වට ඒකත් ඔහොම්ම තමා)
 
ඒ වගේම හිතාගන් මං පැරදුනා නෙව දින්නා කියලා… මොකද මට තව ඩිංගෙං දෙන්නෙක් ආම්බාං කරන්න වෙනවා. දැන් ඉතිං මං ආයෙත් ෆ්‍රී… (ඒකත් අර නරියාගේ සීන් එක නිසාම තමා ඈ…)
 
(නෝමල් මූඩ් එකේ) මේ වෙච්චි දේට  තව කියනවා, අපිට කොහෙන්ද පූසෝ චීස් කියලත්. කොහොම කොහොම හරි වැස්සි දිහාට පාත් වෙච්චි පොල් අතු ටික ආයෙත් පොල් ගහ කිට්ටුවටම ඇදුනා කියන්නේ… දැන් ඉතිං අපේ අම්මා හරි සංතෝසෙන් ඇත්තේ. මොකද උන්දෑට තව කාලයක් යනකං මගේ රෙදි ටික හෝදලා දීලා… මට කෑම ටික උයල පිහලා දීලා… සන්තෝසෙන් ඉන්නන බැරියෑ… (අනේ අම්මේ මං අම්මට උදවුවක් කරන්න තමා හැදුවේ… කොහෙද ඉතිං… වැඩේ ගැස්සුනානේ.)
 
(සීරියස් මූඩ් එකේ) ඇත්තටම වෙච්චි දේ ගැන සන්තෝස වෙනවා. නා ගන්නේ නැතුව ගොඩින් බේරුනා. එකෙක් වත් දන්නෙත් නෑ සීන් එක. ඒක නිසා කෝමත් අවුලක් නෑ… ඒ වගේම මේ කේස් එකට සාතන් උන්නැහෑත් උදවු කරන්නම් කිව්වා. මොකද ඌ කැමතියි මිනිස්සු වෙච්චි අපි අමාරුවේ වැටෙනවට… අනේ බොල සාතෝ… (විහිළුවට ඈ…) ඉතිං අදට නියමිතව තිබ්බ මගේ යශෝධරාවත හෙට ලියනවා… හෙට එකනම් ලොමු දැහැගන්වන එකක්… මගේ ලේනා යශෝධරාවගේ අතේ නිදිගත්ත හැටි තමා හෙට කියන්නේ…

Advertisements

30 Responses to “අපිට කොහෙන්ද පූසෝ චීස්… හෙවත් පොල් පැලේට කෙලවුන හැටි…”

  1. හසී Says:

    මේ මාළුවෝ ආයෙමත් ඒන්ජල් නංගි ගැන නොහිතා වෙන මාළු කෑලී ගැන කියෙව්වෝත් එහෙම බලාගමු… අපි වසයි හරිය…3:) හික් හික් 😀

    • ගෝල්ඩ් fish Says:

      අනේ සොලි ඈ… කොහෙද නංගියේ ඉතිං මයේ අකීකරු හිත තාමත් අකීකරුයිනේ ….

  2. Gayan Rupasinghe Says:

    හපොයි දෙයියනේ. වනේ වන හතුරෙක්ට වත් මේ වගෙ එව්වා වෙන්න එපා… අනේ හිත හදා ගනින් කොල්ලො. යශෝදරා කෙල්ල එක්ක ජීවත් වෙයන් .. ඒක තමා උබට හරි යන්නේ..

    ජය..

  3. සූරි... Says:

    මාළු යාළු… මොනා නැතත් මරුවටම ලියලා තියනවා… නරියා මිදි තිත්තයි කිව්වේ ඇයි කියලා කවුරුත් අහන්නේ නැතිවෙයි නේද… ???

    • ගෝල්ඩ් fish Says:

      ලිව්වේ නෙමේ ලියවුනා…. හිතට නම් එච්චර අවුලක් නෑ… බොලා ඉන්නවනේ …

      • සූරි... Says:

        අනිවාර්යෙන්ම… අපි ඉන්නවා…. අපේ පැත්තටත් ගොඩවෙමුකෝ නිවාඩු පාඩු වෙලාවක…

      • ගෝල්ඩ් fish Says:

        උඹේ පැත්තට ගොඩ වෙලා කමෙන්ට් එකකුත් දාලා ඇත්තේ…

  4. සාතන් Says:

    මම නම් දැනගෙන හිටිය ඔහොම වෙලා ඇති කියල… උඹ ඒකිට දාපු විශේෂන පද ටිකෙන්ම හිතුන මෙහෙම එකක් කොහොමද තාම බේරිලා ඉන්නෙ කියල…..

    ගනන් ගන්න එපා බන් හොඳව කන්නෙ පණුවො කියල හිත හදාගනින්… මට ඔහෙම වුනා නම් පණුවෙක් නොවුන එක ගැන සන්තෝස වෙනව… 😉

    • ගෝල්ඩ් fish Says:

      හ්ම්… ඒක තමා බං, හොඳ ඒව්වා කන්නේ පණුවෝ තමා… එතකොට මාත් නිකංම පනුවෙක් වෙලා ඉවරයි… අනේ උඹේ මොලේ… කොහොමහරි කමක් නෑ… ඒ කරදරෙනුත් බේරුනා … (ඒකත් අර නරියාගේ සීන් එකම තමා)

  5. හංසකිංකිණි Says:

    මල්ලි මං උඹට කලිංම කිව්ව ඔය හිත කීකරු කරගන්ඩ කියල
    ඔය උන්න ගමන් හිතට එන මනමාල හැඟීම්වලට ඉඩ දෙන්ඩ එපා කියල
    ටිකක් කල් ඉවසපං
    අම්ම මොන කරදරේ විඳගෙන හරි උඹගෙ රෙදි පෙරෙදි හෝදන කන්ඩ බොන්ඩ හදන එක තව ටික කාලයක් කරයි…
    ඒ ගැන හිතල ඉක්මන් වෙලා නිකං ඇනගන්නෙ නැතිව ඉඳින්

    • ගෝල්ඩ් fish Says:

      අපි ඉතිං වැඩිහිටියෝ කියන දේ අහන බෝ පැල වගේ ළමයිනේ අක්කේ… ඒක නිසා ඒ කෙල්ලව මට එපා. (නරියාගේ සීන් එක නිසාම තමා ඒත්)

  6. කුරුං ගුරුං Says:

    ආවෝ ගියෝ…හික්z..
    සතුතු වෙන්න අයියේ වෙච්ච සීන් කෝන් එකට.
    හැබැයි මෙහෙම එකක් තියෙනව.
    චීස් කෑල්ල කොහොම හරි ආම්බාං කොරන් ටැංකියට දාගත්ත නම්,ආයි කූඹි එනව බොරු…

  7. පිණිබිඳු Says:

    කොහෙද ඉතින් මුන්ට ලඟ ඉන්න යශෝධරාට වඩා දුර ඉන්න වැස්සියෙක් ලොකු උනානෙ. අපි කියන්නම් කේලම යශෝධරාවට.

    • ගෝල්ඩ් fish Says:

      අඩෝව්…. ගෙම්බාව පොළොවේ ගැහුවා වගේ ස්ටිකර් වෙන්න ආසද…?

      • පිණිබිඳු Says:

        ගෙම්බා නෙමේ මාළුවා.

  8. නවම් Says:

    හුටාය ! ඔය කොරල තියෙන්නෙ. නරකද උඹෙ ග්‍රහචාරය ගැන බලාගත්තොත් මේ දවස් ටිකේ අත ගහන කිසිම දෙයක් හරියන්නෙ නෑ නේද බං? හොඳ වෙලාවට උඹ බේබද්දෙක් නුවුනෙ. ආයෙ එහෙනං උඹට හැමදාම බෙල්ල සාක්කුවෙ දාගෙන ඉන්න ඇහැකි සිද්ධ වෙන ඉලව් වලට.

    හෙට හරිම ගුජුප්සාජනක කතාවක් බලාගන්න ඇහැක් වගේ.

    • ගෝල්ඩ් fish Says:

      ඔව් බං…. කරුමේ කියන්නේ මේ ටිකේ බියර් එකක් ගහන්න යන්න එකෙක්වත් නෑ…

  9. ඉෂාර Says:

    බලන්න නෑ ආයේ ඒන්ජල් ඇරෙන්න වෙන කෙනෙක් දිහා…

  10. තාරක Dilsh@n Says:

    පව් මාලුවා

  11. Alchemiya Says:

    හොඳ වැඩේ වෙන වෙන හෝටල් වල කෑම කන්න යනවට…
    බඩේ අමාරුවක් හැදෙන්නයි තිබ්බේ පෙරේත කමට…..
    බොට ඔහොම වෙලා මදි…..

  12. බීටා Says:

    මාළු නියමෙටම ලියලා තියනවා
    වෙන කෑලි ඔන නෑ ඔය ඉන්න එකක් තියන් ඉදහන් අය්යේ

    • ගෝල්ඩ් fish Says:

      මට ඇති එකක් නෑ මල්ලියේ… හිතේ විතරක් ඉන්නවා….

  13. හිස් අහස Says:

    මාළුවා දැන් නරක් වෙලා . දකින දකින කෙල්ලට ලයින් දානවද කොහෙද ? ඒකනේ ඒන්ජල්ගේ අත තවම මේකට ගන්න බැරි උනේ . මදැයි මම මුගේ වෙඩින් එක දවසට බොන්න හිතාගෙන හිටියා …

    • ගෝල්ඩ් fish Says:

      හරි හරි බං… ලයින් දැම්මට, එකෙක්වත් වැටෙන්නේ නෑනේ.. ඒක නිසා බය නැතුව හිටපං… අම්මපා වෙඩිම දාට නම් තෝව මං නාවනවා….

  14. කුරුම්නියා Says:

    මාඵ ටැ0කිය දැකපු පලවෙනි වතාව…නියමයි වැස්සියි පොල් අත්තයි….


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: