බෑ බෑ බෑ… බබාට බර කිරන්න බෑ….

ඔන්න ඉතිං කාලෙකට ඉස්සර කොලු පැටියෙක් උන්නලු. දැන් ඌ කොලු තාත්තෙක් කියලා තමා දන්න අය කියන්නේ… ඉතිං ඔය කොලු පැටියාට එයාගේ අම්මා හරි ආදරෙයිලු. කොයි අම්මත් එහෙමනේ නේ…! ඉතිං මේ චූටි බබා ටික ටික ලොකු වෙනවලු. කොලු පැටියගේ තාත්තා වැඩට යන නිසා අවුරුද්දක් දෙක්ක විතර කොලු පැටියා හැදුනේ වැඩුනේ අම්මත් එකක් එයාලගේ ගෙදර.


ඔය කොලුවට තියෙන්නේ මාර දඟයක්ලු. එක තැනක එක විදියට විනාඩි පහක් ඉන්න බැහැයි කියලයි කොලු පැටියාගේ අම්මා කියන්නේ…. ඉතිං ඔය හැම පොඩි බබාවම වගේ අර ප්‍රස්ථාර කොලේත් අරං මේ බබාගේ අම්මත්, එයාව ක්ලිනික් එකට එක්කන් යනවා බර කිරන්න… එතකොට කොලු පැටියාගේ වර්ධනය කොහොමද කියලා බලන්න එහෙම.

ඉතිං යන ගමන් අම්මගේ දෑතට වෙලා, උරහිස උඩින් පුංචි මූනු පොඩ්ඩ තියාගෙන පාරේ යන එක එක අය දිහා, වාහන දිහා, සත්තු දිහා බල බල යන එක තමා පොඩි බබාගේ විනෝදාංශේ. වෙන ඉතිං කොරන්න දෙයක් නෑනේ… පොඩ්ඩක් කිරා ‍වැටෙන කොට, මගේ චූටි පැටියා නිදිද…? කියලා අම්මා අහනකොට… ඉතිං පොඩි බබාට නින්ද යන්නෙම නැහැ. ඒක නිසා ඉතිං වටේ පිටේ යන අක්කිලා දිහා බල බල යනවා. ඊට පස්සේ ක්ලිනික් එකට ගියාම, එතන බබා වගේ තව ගොඩක් බබාලා… බබීලා… ඉන්නවා. ඉතිං මේ කොලු පැට්ටා කරන්නේ කොහෝ හරි ඉන්න රතු පාට, කහ පාට, රොස පාට වගේ ඇඳුමක් ඇඳගත්ත කෙලි පොඩ්ඩක් දිහා අම්මගේ උරහිසට මූන තියාගෙන ඇස් පිය ගහන්නේ නැතුව බලන් ඉන්න එකලු. ඇයි ඉතිං අම්මට පේන්නෙත් නැහැනේ‍‍‍… ඒක නිසා මේ පොඩි බබා බයත් නැහැලූ. හැබැයි දවසක් පොඩ්ඩ අම්මට මාට්ටු වෙලා… අම්මා පොඩ්ඩට…. පුතූ… පැටියෝ…. නිදිද…? කෝ මෙහේ බලන්න… කෝ … කෝ… කියලා දෙතුන් පාරක් කිව්වත් පොඩි පැටියා ඉස්සරහා හැරිලා අම්මා දිහා බලන්නෙම නැහැළු. පස්සේ අම්මත් ඔළුව මෙ‍හාට කරලා බැළුවලූ කොලු පැංචා කොහෙද බලන් ඉන්නේ කියාල…. අප්පච්චියේ මෙන්න මූ, උගේ චූටි ඇඟිල්ලකුත් කටේ ගහගෙන… සූප්පු කර කර… ඊට ටිකක් එහාට වෙලා ඉන්න චූටි ගෑනු ළමයෙක් දිහා බලාගෙන ඉන්නවලු. ඒ දවස් වල නම් ඉතිං වෙන අහවල් එකකට වත් නෙවෙයි ගෑණූ ළමයි දිහා බලන් ඉඳලා තියෙන්නේ… ඒ ළමයින්ගේ ඇඳුම් වල පාටට ආසාවේ තමා.

ඊට පස්සේ ඔන්න නර්ස් නැන්දා කෙනෙක් පොඩි පැටියාගේ අම්මට ගෙනත් දුන්නලු ත්‍රිපෝෂ පැකට් වගයක්. අම්මේ පොඩි බබාගේ මූනේ තියෙන සිරියාව… හරියට නිකං වැනිසියට හඳ පෑව්වා වගේලු. ඒ අස්සේ කොල්ලාගේ කටෙන් කෙලත් බේරෙනවලු. ඒ දවස් වල කෙල ගිලිනවා කියලා එකක් දන්වැයි… ඔහේ බේරෙන්න දීලා නිකා ඉන්නවා මිසක්. ඊට පස්සේ ඔන්න තව නර්ස් නැන්දා කෙනෙක් ඇවිත් පොඩ්ඩට මොකද්ද මන්දා රස..ම රස පැනි වර්ගයක් පෙව්වලු. පස්සේ ඒක පොවලා නැන්දා යද්දී පොඩ්ඩ අඩනවලු … තව ‍ඕනේ කියලා… ඒ පාර බේරෙන්නම බැරි තැන තව උගුරක් දුන්නලු. නැත්තං ඉතිං බැහැනේ ඇඩිල්ල බෝවෙන සුළුයිනේ…

ඊට පස්සේ තමා පොඩ්ඩා ආස නැතිම සීන් එක… අර තඩි හෙන ලොකු, වහලේ එල්ලා තියෙන තරාදියක් හයිකරපු මල්ලට දාලා බර කිරන වැඩේ. ඒකට මේ පොඩ්ඩා කැමතිම නෑලු. ඉතිං ගොඩක් දුර ඉඳන් ආපු එකේ අම්මගේ අතට වෙලා තවත් අඩන්න අකමැති වෙච්ච පොඩ්ඩ… හිටහංකෝ නර්ස් නැන්දේ මං දෙන්න වැඩක්… කියලා නර්ස් නැන්දා අරගෙන අර මල්ලෙන් තිබ්බ ගමන් අම්මා දිහා බලාගෙන අත් දෙක අම්මා පැත්තට දික් කරගෙන අඩන්න ගත්තම අම්මාට දුක හිතිලා කොල්ලව ගත්තලු අතට. හුරේ… පොඩි පැංචා අඩලා අඩලා දිනුවලු… දැං ඉතිං මගේ බර බලාගන්න බැරි වුනානේ… හූ හූ… කියලා පොඩි එකා නර්ස් නැන්දාට කිංඩියකුත් දාලා එදා අම්මත් එක්ක ආවලු.

අම්මට සිරි ගෙදර ඇවිත් බලද්දී අර කොල්ලගේ බර නර්ස් නැන්දා කිරාගෙන තමයිලු අම්මට පැංචාව ගන්න දීලා තියෙන්නේ. ඕක හිතේ තියාගෙන ඉඳලා ආයෙ යන දවසෙත් ගේමක් දෙන්න දැම්ම ඉඳන්ම පොඩ්ඩ ප්ලෑන ගහනවලු. ඔන්න ඉතිං මාස කීපයකින් ආයෙත් ක්ලින්ක් ගිය ගමං… අර වගේම පැනි බීලා… නර්ස් නැන්දා අරගෙන තිබ්බලු පොඩි බබාව අර මල්ලෙන්… මෙන්න බොල තිබ්බා විතරළු මල්ල පහලින් … චුරු චුරු ගාලා වතුර පාරක් ඇදහැලෙනවලු. ආ… දැන් ඉතිං බර කිරාගත්තනම් මාව ගන්නෝ ගාලා පොඩ්ඩා කිව්වම, අර නර්ස් නැන්දි පොඩ්ඩා දිහා බලාගෙන හිතනවලු… මේ මොන අපරාදයක්ද දෙයියනේ… එක පාරටම මෙහෙම ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කලේ ඇයි….? දැන් මේක වේලන්න අව්වත් නෑ… අනිත් බබාලගේ බර කිරන්නේ කෝමද…? වගේ ගොඩක් දේවල් . ඉතිං පොඩ්ඩට මේක තේරුම් ගිහින් නැන්දිගේ අතින් ඇද්දම පොඩ්ඩගේ චූටි නාය මිරිකලා… හොර කොල්ල චූ කරා නේද …? කියලා කොලු පැංචාව අරගෙන අම්මාගේ අතට දුන්නලු.

ඊට පස්සේ අම්මා බබාවත් අරං ගෙදර ආවලු. හික්ස්.. අර නැන්දි , ඉතුරු බබාලගේ බර කිරුවේ කෝමද දන්නේ නෑ…. පවු  වැඩේ…

අර බර කිරන එකේ නම හොයාගන්න බැරුව බබා දඟලද්දී නවම් අයියා තමයි උදව් කලේ…

Advertisements

34 Responses to “බෑ බෑ බෑ… බබාට බර කිරන්න බෑ….”

  1. බීටා Says:

    කතාව නම් ලොල්ය
    බබා එල්ල කල තොන්න ප්‍රහාරය හරි හුරතල්සුලු‍ය්,හික්ස්ය,,,,:D

    • ගෝල්ඩ් fish Says:

      අනේ පල යන්න… අපි කොහොමත් හුරතල් තමා…

      • බීටා Says:

        හුරතල් නිසා තමය් බොල හුරතල් කිවුවේ
        http://sithehisithuwam.blogspot.com/2011/03/o_28.html

  2. අපරාජිතයා :::: Aparajithaya Says:

    පෙනේද මුගේ මනමාල කම පොඩි කාලෙත් කෙල්ලන්ට ලයින් පාරවල් දාලනේ…..

    • ගෝල්ඩ් fish Says:

      නෑ නෑ.. බබා ඒ දවස් වල කෙල්ලෝ දිහා බැලූවේ නෑ… උන් ඈඳන් හිටිය ​වෛවර්ණ ඈඳුම් දිහා තමා බැළුවේ..

  3. Gayan Rupasinghe Says:

    අඩේ උබ පොඩි කාලෙත් හෙන අන්ඩ පාලයෙක් නේ බං..

    හෙහ් හෙහ්

    ජය…

    • ගෝල්ඩ් fish Says:

      ඔය ඉතිං වාසනාවට වෙච්ච සත්‍ය කතාවක් කියන්න බෑ.. අන්ඩපාල කියනවා…

  4. තාරක Dilsh@n Says:

    ඒ කාලෙ හරිම ෂෝක් නේද බන්.

  5. සාතන් Says:

    උඹට ඒ කාලෙ ඉදන්ම කෙල්ලොන්ට කෙල හලන ලෙ‍ඩේ තිබිලනෙ බන්…

  6. ඉෂාර Says:

    වටේ පිටේ යන අක්කිලා දිහා බල බල යනවා

    ඉතිං මේ කොලු පැට්ටා කරන්නේ කොහෝ හරි ඉන්න රතු පාට, කහ පාට, රොස පාට වගේ ඇඳුමක් ඇඳගත්ත කෙලි පොඩ්ඩක් දිහා අම්මගේ උරහිසට මූන තියාගෙන ඇස් පිය ගහන්නේ නැතුව බලන් ඉන්න එකලු.

    අප්පච්චියේ මෙන්න මූ, උගේ චූටි ඇඟිල්ලකුත් කටේ ගහගෙන… සූප්පු කර කර… ඊට ටිකක් එහාට වෙලා ඉන්න චූටි ගෑනු ළමයෙක් දිහා බලාගෙන ඉන්නවලු.

    😀 😀 😀

    කාටද ඉතින් කියන්නේ?

  7. රත්ගමයා Says:

    තාම බබාට ඔය පුරුද්ද තියෙනවලු…නර්ස් ඇන්ටි කෙනෙක් දැක්කම චූ යනවලු….
    නේද පොඩි බබෝ…..ඉකේයියා

  8. shanu Says:

    මාලුවා තමා දවසකටවත් මාලුවා

  9. හසී Says:

    මෙහෙමත් නෝටි මාලුවෙක් දැක්කාමයි

  10. නවම් Says:

    මගේ පොඩි එකාත් බර කිරන්න ගෙනියන්නෙ ඔහොම තමා. වැඩියම යන්නෙ චූටිමැණිකෙ එක්ක. මට ඉතිං එයාල එක්ක යන්න වෙලාවක් හොයාගන්න බොහෝම අමාරුයි. ඒත් දවස් දෙකක්ම මාත් ගියා. එතන එක කෙළියයි. පැණි පොවනව, බෙහෙත් විදිනව. ත්‍රිපෝෂ බෙදනව. බර කිරනව [මට නිකං බලාගෙන ඉඳලම කලන්තෙ වගේ]

  11. pcw Says:

    triposha hoya ganna widiyak nathiwa inne

  12. කුරුං ගුරුං Says:

    ඒ කාලේ ඉඳන්ම පැණි පෙරලා දැන්නම් එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඇති…හික්z
    ඔහොම සීන් එකක් මතක තියාගෙන හිටියා කියන්නේ අනිව කෑලි තමා බලල තියෙන්නේ…

    • ගෝල්ඩ් fish Says:

      නෑ බං… අම්මා තමා මේ ලඟදී දවසක ඔය සීන් එක කිව්වේ…

      • කුරුං ගුරුං Says:

        ඒ කියන්නේ බොල අම්ම දන්නව කොල්ල ඒ කාලේ ඉඳන්ම පැණිය කියල…

      • ගෝල්ඩ් fish Says:

        ඒ මචෝ කෑ ගහන්න එපා බං… මිනිස්සු මං ගැන වැරදියට හිතයි

      • කුරුං ගුරුං Says:

        හා හා.අඬන්න එපා.(නැත්නම් තෝ මගේ මූණ හෝදයි.)හැබැයි ඉතින් චොකෝ කෑල්ලක්වත් දෙන්න වෙයි…:P

      • ගෝල්ඩ් fish Says:

        ආ… කවන්න බලන්න…

      • කුරුං ගුරුං Says:

        කවන්න නෙවේ.මට චොකෝ කෑල්ලක් තියාගන්න…

  13. nimshaa Says:

    අප්පා හුරතල් කම බෙරෙනවා….හෙහ්… නහය මිරිකන්න නෙමේ තිබ්බේ කඩලා දාන්න කරපු වැඩේට…

  14. හිස් අහස Says:

    ඒ කියන්න මගේ රන් මාළුවා බොක්කට චූටිම චූටි චූ ලමා කාලයක් තිබිලා . මටනම් අයියේ මගේ බර කිරාපු කාලේ ගැන මෙලෝ මතකයක් නෑ . උඹට කොහොමෙයි එවුව මතක් උනේ ? අනික මමනම් ඒකාලේ මාර බරයිලු මාව කිරුවේ බිම් තරාදියක දාලලු … මම ඉතින් දැනුත් එදා වගේම සද්දන්තයා .

  15. මධුරංග Says:

    බබාගේ ත්‍රස්තවාදී ප්‍රහාරය අපි හෙලා දකිමු !!!!!

  16. කල්හාර Says:

    පොඩි කාලේ ඉඳලා මූ හැදිලා තියන හැටි ……..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: