ඔය සැදැහැවත් නංගිලා මල්ලිලා අයියලා අක්කලා… කව්රුවත් මේක කියවලා ගෝල්ඩ් fish ට හිනා වෙනව එහෙම නෙවෙයි හරි….. මේ වගේ දේවල් ඕනෙ කෙනෙකුට වෙන්න පුළුවන්. ඉතිං මේකයි කතාව. අපි කවුරුත් හීන දකිනවනේ. ඉතිං ඔය හීන දකින ගමන්, එක එක අය එක එක විදියට හීන වලට ප්‍රතිචාර දක්වනවා. ඒ කියන්නේ සමහරු හීනෙන් ඇවිදිනවා… තව කට්ටියක් හීනෙන් හිනාවෙනවා… තව කට්ටියක් හීනෙන් කියවනවා…. මුත්‍රා කරගන්නවා…. හැබැයි ඔය කිසි දෙයක් නැගිට්ටම මතක නෑ… එහෙම්ම කියන්නත් බෑ සමහර හීන ලෙසටම මතක හිටින අවස්ථාත් තියෙනවා.
ඉතිං ඔය වගේ හීන දකිද්දී එක එක අයට එක එක විදියේ හීනනේ පේන්නේ. උදා හරණයක් විදියට ඩ්රැකියුලා ෆිල්ම් එකක් බලලා දොයිය ගත්තොත් ඉතිං බඩුම තමා… පාන්දර දෙගොඩහරියේ “බුදු අම්මෝ මෙන්න මගේ බෙල්ල කනෝ” කියාගෙන තමා ගොඩක් අය ඇදෙන් වැටෙන්නේ. ඒ වගේම තමා රොමැන්ටික් සීන් එකක් දැකලා නිදාගත්තොත් උදේට නැගිට ගන්න අමාරු වෙනවා. කකුල් දෙකට පන නෑ වගේ සීන් එකක් තමා වෙන්නේ. ඒ වගේම ඔය හීන එක එක විදියට ඇඩ්ඔන්ස් දාගෙන කස්ටමයිස් කරලා බලන්න පුළුවන් උදවියත් ඉන්නවා. මාත් එකෙක්. මට දාලා තියෙන ඇඩ් ඔන් එකනම් මොකද්ද කියලා මං තාම දන්නේ නෑ… අම්මිගෙන් තමා අහන්න ඕනේ. ඕවා අහන්න ගිහින් අද දවල්ට බඩගින්නේ ඉන්නවට වැඩිය හොඳයි කට පියන් ඉන්න එක….
මගේ ඇඩ් ඔන් එකෙන් කෙරෙන දේ මං මීට කලින් ලිව්වා. ඒ තමා මට පුළුවන් හීනය වර්චුවල් විදියට බලන්න. ඒ කියන්නේ හීනෙදි ඇතිවෙන සංවේදන එහෙම මට හොඳට මතක හිටිනවා… හොඳට දැනෙනවා. ඒ වගේම හීන ලෝකේයි සැබෑ ලෝකෙයි සින්ක්‍රොනයිස් වෙලා තමා මට පේන්නේ… ඒ වගේම තව අයට පුළුවන් හීන කොටස් වශයෙන් බලන්න. ඒ කියන්නේ අද නිදාගත්තම එක කොටසක්, ආයේ හෙට රෑට ඒකෙම ඉතුරු කොටස. ගොඩක් අය බලන්නේ ඒකාංගික හීන නිසා… ෆන් එක ටිකක් අඩුයි.
දැන් මේ කතාව… මගේ අර මං කිව්වා ඇඩ් ඔන් එක නිසා මට වෙච්ච දෙයක්. ඉස්සර… ඒ කියන්නේ මීට අවුරුදු 6කට විතර කලින්, පොඩි වෙලාවක් මං දවල්ට කාලා නිදාගන්නවා. නිදා ගන්නවා කිව්වට එහෙමම නෙමේ වෙන්නේ… උදේ ඉඳං රවුං ගහලා ගහලා ඇවිත් අම්මා බෙදලා තියෙන බත් එක තාත්තට කියලා කවා ගත්තම ආයේ…. මොනාද… ෆන් තමා… පැය 4ක් විතර ආතල් එකේ බුදියන්න පුළුවන්. ඉතිං ඔහොම දවසක් කාලා කොල්ලා… පෙරේතයා පොලොවේ ගැහුවා වගේ නිදි. ඔය කොයි දේ වුනත් මං කවදාවත් හීනෙන් කෑගහලා නෑ… අඩලා නෑ… හිනා වෙලා නෑ… ඇවිදලා නෑ… පාඩුවේ හීනේ විඳගෙන එක පාරට ගැස්සිලා ඇහැරෙනවා විතරයි.
ඉතිං මෙන්න එක පාරටම කොල්ලාව වැටුන තඩි මකුළුවෝ ඉන්න ග්‍රහලෝකෙකට. රතුම රතු පාටයි මුලු පාලාතම. හෙන රස්නෙත් එක්ක. අර මගේ ඇඩ් ඔන් එක ඒ වගේ වෙලාවට ඇක්ටිව් වෙලා… ඒ අදාල පරිසරයේ තියෙන සංවේදන මගේ ශරීරෙට දැනෙන්න සලස්වනවා. ඒ වගේම සැබෑ ලෝකෙත් එක්ක සින්ක්‍රොනයිස් වෙන නිසා මට තේරෙනවා… මට දැං හොඳටම දාඩිය දාලා තියෙනවා කියලා. එක පාරටම මෙන්න ගෝල්ඩ් fish ගේ පොඩි කාලේ ඉඳන් ඉන්න වීරයා… අපේ තාත්තා… ආවා මාව දෝතට ගත්තා ආපහු ගෙනත් ඇඳ උඩින් තිබ්බා. සික් අපේ තාත්තා හීනේ කෑවා. තව ටිකක් ඉන්න තිබ්බනම් මරු. ඒත් අපේ තාත්තා දන්නවා මං චූටි කාලේ ඉඳන් අද වෙනකනුත් මකුළුවන්ට බයයි කියලා. පොඩි මකුළුවාගේ ඉඳන් පෙරිය සයිස් එකක් වෙනකනුත් බය එක හා සමානයි. ඊයා.. උන්ගේ කැත අඩු අට… මට පේද්දී හිරිකිතේ බෑ… ඇත්තටම මං අදටත් හරි බයයි.
ඉතිං අර හීනේදී තාත්තා මාව ගෙනත් ඇඳ උඩින් තිබ්බනේ… මෙන්න ඊට පස්සේ තාත්තා මගේ ඇඟට මකුලුවෙක්ව දාන්න හදනවා. බුදු අම්මෝ… තාත්තේ එපා… කියාගෙන මං ජීවිතේ පළවෙනි පාරට කෑගහගෙන හීනෙන් නැගිට්ටා. මගේ ඇඟ දාඩියෙන් තෙත් වෙලා. ඊට පස්සේ වට පිට බලද්දී මං අබාධයක් නෑ… මං තාම ඇඳ උඩ… ඒත් මගේ ගාව මැරිලා වෙලිලා ගිය මකුළුවෙක්ගේ කුණක් තියෙනවා. සමහරවිට වහලෙන් වැටෙන්න ඇති. නැත්තං අපේ තාත්තම ගෙනත් දැම්මද දන්නෙත් නෑ… කොහොම හරි වෙලාවට මගේ කෑ ගැසීම අම්මලාට ඇහුනේ නෑ… කට්ටිය හොඳට ටීවී බලනවා….
ඒ තමා මං පළවෙනි පාරට හීනෙකදී බය වෙලා කෑගහපු දවස. ඊට පස්සේ අද වෙනකම් මං හීනෙන් කිසිම දේකට ප්‍රතිචාර දක්වලා නෑ… හීනේ විඳගෙන ආවා මිසක්. එක පාරක් මට වෙඩි වැදුනා. ඊට පස්සේ ටූම්බ් රයිඩර් එකේ ගෑනි එක්ක ගිහින් වතුර පාරක මං හිරවුනා… පස්සේ ආයෙමත් තාරා රම් පම් එකේ කාර් එකේ යන්න ගිහින් අඩි විස්සක් විතර උඩින් ගිහින් ඇදේ පොලු 2කුත් කඩාගෙන බිමට වැටුනා. ඔන්න ඔහොම තමා ඉතිං මගේ අර රියල් ඔන් ඩ්‍රීම් ඇඩ් ඔන් එකේ සැබෑ තත්ත්වය.
ඊට පස්සේ මං අහෙම් බැලුවා ඇයි මේ මං වගේ සූර වීර මාළුවෙක් මකුලුවන්ට බය කියලා… ඔය තියෙන්නේ බඩු… මේකට කියන්නේ ඇරැක්නෝ ෆෝබියා කියලා. කට්ටිය දන්නවනේ එක එක දේවල් වලට භය ඇතිවීම හඳුන්වන විවිධ නම් තියෙනවා කියලා. ඉතිං මගේ භයට කියන්නේ ඇරැක්නෝ ෆෝබියා කියලා. තව ඒ වගේ ගොඩක් තියෙනවා ඒ අතරින් gynophobia එක මට නැති එකනම් ලොකු හයියක්.මොකද මකුළුවා පොඩි භාන්ඩයක්නේ… කකුලෙන් චුරුස් ගාලා පාගලා දාන්න හරි බැරියෑ… දැන් ඉතිං යාළුවෝ ටික අහන්ට එපා… එහෙනම් යකෝ ඇයි තෝ මකුළුවන්ට බය කියලා… ඇයි සත්තලනේ උන්ට කකුල් ගොඩයිනේ…. මං එක කකුලකින් පාගද්දී මකුළුවා උගේ වෙන කකුලකින් මාව උස්සලා පොලේ ගැහුවොත් එහෙම….
2011 මාර්තු 27 දින පෙ.ව. 9:58 ට
මම හීනෙන් “එපා” කියල හයියෙන් කෑගහල තියෙනවා. වැඩේ පට්ටම චාටර්. ඔය add-on set එක මටත් තියෙනව. හික්ස්…
2011 මාර්තු 27 දින ප.ව. 12:31 ට
චාටර් කියන්නේ හොඳම එකෙන්
2011 මාර්තු 27 දින පෙ.ව. 10:01 ට
මටනම් හිනේ මතක හිටින්නේ නැති හින්දා අවුලක් නෑ හැබ්යි හිනේ හිටිය චරිත මතක වෙනවා සමහර අය පොඩි කාලේ දැක්කට පස්සේ හම්බ වුනේ නැති යාලුවෝ ඉතින් උන් සමහර විට ඇත්ත ජිවිතේදී පාරෙදි හම්බ වෙලා උගේ නමින්ම කතා කරාම උන්ට මාර හැපි මූට තාම මගේ නම මතකයි කියලා මමනේ දන්නේ සීන් එක.
මමත් මකුලුවන්ට කටපොත්තන්ට ඔය අඩු බඩු තිය්න ඇයෙන්ට පන බයඉ හැබයි ඉතින් ගාල කදන් දුවන්නේ නැ.
2011 මාර්තු 27 දින ප.ව. 12:34 ට
හික්ස් උඹ හොඳයි… මම අතපය කඩාගන්නත් ගිහින් තියෙනවා මකුලුවෝ නිසා
2011 මාර්තු 27 දින පෙ.ව. 10:05 ට
මටනම් හිනේ මතක හිටින්නේ නැති හින්දා අවුලක් නෑ same to me ක්ෂිතිජ awlak na habai mama henen kiyawanawa eka thama case eka
2011 මාර්තු 27 දින ප.ව. 12:36 ට
අප්පච්චියේ හෙන බයානකයි බං. වැරදි මොනාහරි කියවුනොත් බඩුම තමා.
2011 මාර්තු 27 දින පෙ.ව. 10:14 ට
දොස්තර D.V.J. හරිස්චන්ද්‍ර කියලා දොස්තර කෙනෙක් ඉන්නවා ඔය වගේ ලෙඩ වලට බෙහෙත් කරන.. මතක හැටියට ඉන්නේ කොළඹ ජාතික රෝහලේ…
ප.ලි- මමත් බයයි මකුළුවොන්ට නම්….. 😀
2011 මාර්තු 27 දින පෙ.ව. 11:15 ට
හරිස්චන්ද්‍ර දොස්තර මහත්තය දැන් රජයේ වෛද්යසේවයෙන් විශ්‍රාම අරගෙන, දැන් ලෙඩ්ඩු බලන්නෙ ගාල්ලෙ හේමාස් හොස්පිට්ල් එකේ විතරයි මම දන්න තරමට.
2011 මාර්තු 27 දින ප.ව. 12:44 ට
මට ඒකට බෙහෙත් ගන්න හිතෙන්නේ නෑ බං. ෆට්ට ආතල් එක නිකං කාගන්නේ කොහොමද?
2011 මාර්තු 27 දින පෙ.ව. 10:30 ට
අලෙ ගොල්ඩ් පිශ් අයියෙ… මොනවා උනත් සිරා ඇඩොන් එකක් ඉන්ස්ටොල් කර ගෙන තියෙන්නෙ පොඩි කලෙදිම… හික්zz . ඔය අර කිව්වා වගෙ ලොක දෙක සිම්ක්රොනයිස් වෙද්දි තමා එක හොදටම ෆට්ට විදියට ෆිල් වෙන්න… ඔක මමත් අත්දැකිනවා ගොඩක් වෙලාවට… 😀 😀 😀
2011 මාර්තු 27 දින ප.ව. 12:47 ට
කොහොමද සනීපේ හීනේ සිරා කෑල්ලක් යද්දී, සෑබෑ ලෝකේ කවුරු හරි කඩා පාත් වුනාම…
2011 මාර්තු 27 දින පෙ.ව. 10:49 ට
අපූරු හීන ටික..
2011 මාර්තු 27 දින ප.ව. 12:48 ට
ඔයත් ඔය ලායට සේප් වුනාට , අපි දන්නවා හොඳ හොඳ හින දකින කෙනෙක් කියලා….
2011 මාර්තු 27 දින පෙ.ව. 11:12 ට
හිහ් හිහ්.. ඔයාගේ ඔය ඇඩෝන් එක මටත් දාලා තියෙන්නේ බං.. අපේ ඩිෆෝල්ට් එන එකක්ද කොහේද.. ඒත් මගේ එකේ පොඩි එරර් එකක් තියෙනවා.. මට සමහර හීන දැකලා උදේ නැගිටිනකොට මතක නෑ. ඒත් ඒ හීනේට සම්බන්ධ තැනක් හරි කෙනෙක් හරි දැක්කොත්/මතක් වුනොත් ඔන්න මුලු හීනෙම ආයි මතක් වෙනවා..
අර රියල් වර්ල්ඩ් එක්ක සින්ක්‍රොනයිස් වෙලා පේන් හීන වල නම් මරු ගතියක් තියෙනවා.. 😀
2011 මාර්තු 27 දින ප.ව. 12:50 ට
මේ උඹ අම්මලට කියලා DDR 3 – 2GB රැම් එකක් ගහගෙන බලපන්… මං හිතන්නේ අමතක වෙන එක හරියයි.
රියල් ඔන් ඩ්‍රීම් ඇඩ් ඔන් එක ගැන නම් කියලා වැඩක් නෑ බං… ෆට්ටම ෆට්ට…
2011 මාර්තු 27 දින පෙ.ව. 11:13 ට
එක දවසක් මං ගොනෙක් උනා කරත්තෙක බැඳපු. [හිරේ වැටෙන්න කලින් 😀 ] මතක නෑ ගියේ කොහේද කියල. හෙන කන්දක් තමයි නැග්ගෙ. හපුතලේද මංද. කන්ද නැගගන්න බෑ. කරත්තකාරය කෙවිටෙන් එකපාරක් දුන්න. බුදු අම්මෝ… තරු පේනව. ඒත් බෑ කන්ද අදින්න. තව පාරක් වැදුන කලින් පාරට වඩා හයියෙන්. එක පාරටම ඇහැරුනා. කෙවිටිපාරෙ සැරට වෙන්න ඇති. මම කරත්තෙක නෙමෙයි ඇඳ උඩ ඉඳියෙ. ඇඳේ කෙළවරේ වලිගෙ උස්සගත්තු ගෝණුස්සෙක්. කකුලෙ ඌ කාල රතුවෙච්ච තැන් දෙකක් තිබුන. ඇඳ පාමුල තිබුන සෙරෙප්පුව අතට ගත්ත……
දැන් නම් හීන පේන්නෙ නෑ වගේ. එහෙම නැත්නම් දැකපු හීන උදේ නැගිටිනකොට අමතක වෙලා.
2011 මාර්තු 27 දින ප.ව. 12:40 ට
මාරම සීන් එක කියන්නේ, මට පේන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් හීන විතරයි….
2011 මාර්තු 27 දින ප.ව. 12:55 ට
උඹ බලු පැටියෙක් නෙවේනේ… අඩෝ ඒ ඈඩ් ඔන් එක මට දවසකට දෙකකට දියන්කෝ බං… සෙෆියා ටෝන් එකෙන් එහෙම පේන ඇඩ් ඔන් නැද්ද?
2011 මාර්තු 27 දින ප.ව. 6:16 ට
ඔන්න මං මේල් එකට ඇඩ් ඔන් එක බාගන්න පුළුවන් ලින්ක් එකක් එව්වා. මොන සෙෆියද හලෝ… ඊට දශක ගානක් පරන විදිහට පේන්නෙ….
2011 මාර්තු 27 දින ප.ව. 6:56 ට
මොන මේල් එකටද බං එව්වේ? මේකට එවපං… prasanna86knew@gmail.com
2011 මාර්තු 27 දින ප.ව. 1:37 ට
අඩෝ ඇයි බන් රොමෑන්ටික් එකක් හීනෙන් දැක්කම පහුවෙනිදට නැගිටින්න බැරුව කකුල් පණ නැති වෙන්නේ 😦 හික් හික් මං මේ දන්නේ නැති නිසයි අහන්නේ……:D
2011 මාර්තු 27 දින ප.ව. 1:49 ට
උඹ තාම පොඩි වැඩියි බං… ඒව හිතන්න….
2011 මාර්තු 27 දින ප.ව. 2:53 ට
උබ රොමෑන්ටික් ද පෝර්නොටික් ද කිව්වෙ කියල හරියට ම කියන්න බලන්න. නැත්තන් කොල්ලගෙ කකුල් දෙකත් එක්ක පන නැති වෙන්නෙ නෑනෙ.
2011 මාර්තු 27 දින ප.ව. 4:43 ට
මොකක් කිව්වා… පෝර්නොටික්…. අපි එහෙම එකක් දන්නේ වත් නැහැනේ…
2011 මාර්තු 27 දින ප.ව. 6:53 ට
අඩෝ සරමේ එහෙම ලෝක සිතියම් ඇදිල ඇති නේ බං.පව් යකෝ ළමයි පැටව් සරමේ…… 😀
2011 මාර්තු 27 දින ප.ව. 2:50 ට
Ailurophobia කියන රෙද්ද මට තියනව කියන්නෙ, ගෙදර ආපු ඩොකෙක් මට කිව්වෙ, එහා ගෙදර පූසා මගෙ ඇගට පැන්න වෙලාවෙ උන සීන් එකක් නිසා තමා මිනිහ මගෙන් ඇහුවෙ “පුතා පූසන්ට බයයි නේද” කියල. අනේ මන්දා මට පූසන්ව තමා ඇලජික්. මකුලුවො නන් ගේමක් නෑ මම ගාව පොඩි කාලෙ හොද කලෙක්ශන් එකක් තිබ්බ. තව කැරපොත්තො හූනෝ පොඩ්ඩක් විතර, එපා කොරපු එවුන්.
2011 මාර්තු 27 දින ප.ව. 7:04 ට
උඹ හුරතල්ම එකාව තමා ඈලජික් කරගෙන තියෙන්නේ… අපරාදේ බං…
2011 මාර්තු 27 දින ප.ව. 3:29 ට
හෙහ් හෙහ් මමත් හැකරැල්ලට පට්ටම බයයි බන්. කකුල් වැඩි නිසා වෙන්න ඇති.. හෙහ් හෙහ්..
2011 මාර්තු 27 දින ප.ව. 4:44 ට
අයියෝ හැකරැල්ලා මොකෙද්ද බං, මං ගෝනුස්සෙක්ව ඇති කලාත් එක්ක…
2011 මාර්තු 27 දින ප.ව. 5:54 ට
මාළු අය්යේ බොලාට නෑ කියන ෆෝබියා එක මට ටිකක් තියනවා
ඉක්මනට පිළියමක් කියහන් කෝ අය්යේ
2011 මාර්තු 27 දින ප.ව. 6:47 ට
සේප් එකේ උඹගේ මව්තුමියට කියලා උපදෙසක් ගනින්….
2011 මාර්තු 27 දින ප.ව. 10:16 ට
දැකපු හීන අමතක වෙන්නෙ නැඟිට්ට ගමන් හීනේ මතක තියා ගන්න ‘අමතක’ කරපු අයට. හීනයක් මතක තියා ගන්න ඕනා නම් ඇහැරුණ ගමන් හීනේ මුල ඉඳලා අගට දෙපාරක් තුන්පාරක් මතක් කරගත්තම (කාට හරි කිව්වත් හරි) පුළුවන්. හැබැයි දකින හැම හීනයක් ම කියන්න යෑම අනතුරුදායකයි!
හීන තුල හීන දැකලා තියනවා ද? ඒ වගේම හීනයක සිටිද්දී මේ දකින්නේ හීනයක් යැයි දන්නා අවස්ථා? අනික නිතර දකින ඒ හීනය ඉවර වෙන හැටි නොදකින හීන?
තවත් ෆෝබියාවක් තමයි verbophobia නොහොත් වචන වලට ඇති බිය. ඒකෙ විරුද්ධ පැත්ත තමා logolepsy නොහොත් වචන වලට ඇති ඇබ්බැහිය. ඇමෙරිකන් ජනාධිපති ඔය වචන වලට හරිම ඇබ්බැහි කෙනෙක්. දාලා තියන නමක් තමයි orator in chief. හමුදාවේ ප්‍රධානියා commander in chief නිසා වැටිච්ච නමක්. ඒත් දැන් දැන් වචන ඇබ්බැහියත් ටිකක් හොඳවෙලා මුකුත් නොකියා ඉන්න වෙලාවල් වැඩි. ඉතින් දැන් ඔබාමා ගැන කියද්දී obambualte (අරමුණක් නැතිව ඉබගාතේ යෑම) කියන එක භාවිතා වෙන්නෙ!!!
2011 මාර්තු 28 දින පෙ.ව. 7:16 ට
හප්පච්චියේ ඔය මඩ ගහන්නේ පොලිස් කාරයට නේද…
2011 මාර්තු 27 දින ප.ව. 11:05 ට
සාතන්ට නම් කොටස් වශයෙන් හීන බලන්න පුලුවන්…. පියාගෙන් ආපු එකක්ද කොහෙද?… ඒ වගේම ඒව රියල් ලයිෆ් එකේ වෙනව වගේ තමා දැනෙන්නෙ…
මකුළුවන්ට නම් කිසිම භයක් නෑ… අතට අරන් හුරතල් කරන්නෙ(ලොකු එවුන් අමාරුයි… එක තැන ඉන්නෙ නෑ…)… කැරපොත්තො, සර්පයො ගැන නම් පොඩි හිරිකිත ගතියක් තියෙන්නෙ… සාතන් පැටිය කාලෙ ඉදන් කැමති උන් තමයි,… මකුළුවො, ගෙම්බො, මාලු, කටුසු පැටව්, ටික්කො, කුරුමිණියො, තණකොළ පෙත්තො, බත් කූරො… එතකොට සමනලයො වගේ උන්…. කොහොමත් සත්තු මගේ යාළුවොනෙ….
සාතන් බය මිනිස්සුන්ට….
2011 මාර්තු 28 දින පෙ.ව. 7:17 ට
මිනිස්සුන්ට නෙමෙ උඹ භය ගෑනු උදවියට… නැද්ද හා..?
2011 මාර්තු 28 දින පෙ.ව. 7:40 ට
හහ් හා….. ගොඩක් වෙලාවට… වැඩිපුර ප්‍රශ්න ඇතිකරන්නෙ ගෑණු තමා… මිනිස්සු අපිට ලන් වෙන්නෙ අපෙනුත් දෙයක් බලාගෙන බන්… ගෑණු හෝ පිරිමි සාතන්ගෙන් එක එක දේවල් බලාපොරොත්තු වෙන එකට සාතන් බයයි (සාතන් හොඳ මිනිහෙක් කියල අනිත් උන් හිතන එකත් ඇතුලුව )… නිදහස නැති වෙනවනෙ….
2011 මාර්තු 28 දින පෙ.ව. 7:52 ට
අඩෝ උඹ ඔය මටද කියන්නේ …? දෙනවා කන පැලෙන්න …
2011 මාර්තු 27 දින ප.ව. 11:27 ට
කමක් නෑ බං උඹ කිසිම වෙලාවක ලැජ්ජ වෙන්න එපා ! උඹ මකුලුවන්ට බයයි කියලා කෙලින්ම කිවුවනේ ! අන්න එහමයි ඉන්න ඕන . අපිනම් සාමාන්‍යයෙන් එහෙම සත්තුන්ට බය නෑ , කමක් නෑ උඹ බයනම් කමක් නෑ හෙමීට බයවෙයං …
උඹ දන්නචද මේ පෝස්ට් එක අපේ නංගියි එයාගේ යාලුවෙකුයි බැලුවා . උං දෙන්නා උඹට දාපු කින්ඩිය මට කියන්න හිතෙන්නේ නෑ බං කීවොත් උඹ පොලව පලාගෙන යාවි ….. 🙂
උඹට කියන්න ..මම හූනොන්ට බයයි බං .. අලින්ටත් බයයි
2011 මාර්තු 28 දින පෙ.ව. 7:18 ට
දැන් මහ ලොකුවට කිව්වේ… සත්තුන්ට බය නෑ කියලා… එතකොට… අලි , හුනෝ කියන්නේ සත්තු නෙමේද?
2011 මාර්තු 28 දින පෙ.ව. 8:44 ට
මටත් ඔය සිංක්‍රොනයිස් සීන් එක තියනවා බං.මං උඹට මූණුපොතේ මැසේජ් එකක් දාල ඇති.පොඩ්ඩක් බලහං
2011 මාර්තු 28 දින පෙ.ව. 10:36 ට
උඹ අර කියන එකේ මං නෑ… අනිත් වැඩෙත් පසුවට කල්දාන්න වුනා…
සිංක්‍රොනයිස් ඇඩ් ඔන් ලබන්න පිං කරන්න ඕනෙ බං.
2011 මාර්තු 28 දින ප.ව. 4:18 ට
ඔය මකුළුවන්ට බය ලෙඩේ නම් මටත් පොඩි කාලෙ ඉඳන් තියෙනව.
2011 මාර්තු 28 දින ප.ව. 4:27 ට
හික්.. මහ ලොකුවට astro boy ළු….
2011 සැප්තැම්බර් 6 දින ප.ව. 10:47 ට
ඔය මකුළුවන්ට තියන බය නම් පොඩි කාලේ ඉඳලම මට තියනවා , මම දැකල තියන විදියට ගොඩක් පිරිමි පාර්ශවයට ඔය මකුළුවන්ට තියන බය තියනවා හැබැයි කවුරුත් කියන්නේ නැහැ. මම උනත් කියන්නේ මේ වගේ net ඒකෙන විතරයි. එත් ඉතින් මකුළුවෙක් දැක්කම අපේ කොල්ලෝ ටිකගේ මූණ බැලුවම කියන්න පුළුවන් මුන්ගේ බයේ තරම. මේකට මොකක් හරි මනෝ විද්‍යාත්මක හේතුවක් ඇති.
මොකද්ද බං උඹ Tomb Rider එකේ කෙල්ල එක්ක කලේ ? අම්මෝ Angelina Jolie. ශික් ආසාවට මට එහම හීනයක් පෙනිලා නැහැනේ 😦
2011 සැප්තැම්බර් 7 දින පෙ.ව. 7:31 ට
එහෙම හීන පේන්න පිං කරන්න ඕනෙ බං…
2011 සැප්තැම්බර් 7 දින ප.ව. 7:13 ට
එක ඇත්ත බං
2011 සැප්තැම්බර් 7 දින ප.ව. 9:32 ට
🙂