ගවයින් නිදහස් කිරීම… මාලුවෙකුගේ ඇසින්…



අද නම් කියන්න යන්නේ ගොඩදෙනෙක් කරන්න කැමති, ඒත් කරන දේ ගැනම විතරක් හිත යොමුකරන…ඒකෙන් සිදුවෙන පසු ප්‍රතිපල ගැන බිඳක් වත් නෙහිතන දෙයක් ගැන.

ඉතිං ගෝල්ඩ් fish ට මේක ලියන්න හිතුනේ ජනු අක්කගේ පෝස්ට් එකකට අපේ අභීත අයියා දාලා තිබුන ‍කමෙන්ට් එකක් දැක්ක නිසා. කව්රුත් මං ගැන වැරදියට හිතන්න එපා, ගෝල්ඩ් fish කියන්නේ පිස්සෙක්… ඌ කිසි දෙයක හොඳක් දකින්නේ නැති හිවලෙක්… හනමිටි අදහස් තියෙන බස්සෙක් කියලා හෙම…

මං හොඳ දේ දකිනවා… අගය කරනවා… ඒ වගේම ඒ හොඳ දේ ඇතුලේ අපිට ලේසියෙන් බලන්න පේන්නේ නැති නරකකුත් හැංගිලා තියේනම්… ඒකත් කියනවා. කියන්න තියෙන දේ මූනටත් කියනවා. ඇති ඇති දැං පම්පෝරිය… මෙන්න කතාව…

අභීත අයියා කමෙන්ට් එකට දාලා තිබුනේ… “ඒ වගේ වෙලාවට බෝධි පූජා, ගවයින් නිදහස් කිරීම වගේ පින් වැඩ කෙරෙහිත් අවධානය යොමු කරන්න ජනූ..” කියලා. හැබැයි ‍ ගෝල්ඩ් fish ට මේක තේරුනේ වෙනස් විදියකට. නරක විදියකට නෙමේ… එක එක පැත්තෙන් එක එක විදියට බැළුවම එක එක විදියටනේ පේන්නේ… ඒකයි.

මුලින්ම බලන්න ඕනෙ ගවයින් නිදහස් කරන්නෙ ඇයි කියලා… ගවයින් නිදහස් කරන්නේ… ගොඩක් වෙලාවට, අපල ඇති අය… අපල වලින් බේරෙන්න, එතකොට තවත් අය තමන් විසින් වෙච්ච භාර හාර ඔප්පු කිරීමක් විදියට… එමෙන්ම කාගේ හරි අඳුරන කෙනෙක්ගේ ගවයෙක් හොරකම් කරගෙන ගියාම, රුපියල් 50000ක් විතර දීලා ඌව බේර ගන්න.

හරකා කඩේට විකුනද්දී රුපියල් 5000ත් 8000ත් අතර ගානක් තමා අයිතිකාරයට ලැ‍ෙබන්නේ… ඒත් හොරකම් කරගෙන ගිය එකෙක් බේරගන්න 35000ත් 50000ත් අතර මුදලක් ගෙවන්න ඕනේ… මරු සෙල්ලම නේද?

ඊට පස්සේ ගවයින් මස් කඩ කාරයින්ට ලැබෙන විදිය. ඒවා නම් ක්‍රම ගොඩයි. මූලිකම එක තමා, හරක් හොරකම් කිරීම, කාගෙ හරි වත්තක බැඳලා ඉන්න පුෂ්ටිමත් වුනත් නැතත් හරකෙක් හරි හරක් පැටියෙක් හරි… ඒ වත්තේ පේන්න එකෙක් නැත්තං හරි, රාත්‍රි කාලයේදී හරි වාහනයක් අරං ඇවිත් හොරකම් කිරීම. ඊට පස්සේ අනිත් ක්‍රමේ තමා වැඩ ගන්න පුළුවන් කාලෙදී වැඩ අරගෙන වයසට ගියාම හරකව මස් කඩේට විකුණන එක. ඒ වගේ සීන් වලටනම් ඒ වගේ මිනිස්සුන්ට මැරෙන්න කලින් බඩු බනිස් වෙනවා…

ඉතිං ඊට පස්සේ තමා…. සීන් එක…. හරකව මස් කඩෙන් නිදහස් කරගැනීම. ඒවා වෙන්නේ ඉතිං අර මුලින් කිව්වා වගේ එක එක හේතූන් නිසා. ගොඩක් වෙලාවට ඉතිං හරකෙක් නිදහස් කරන්නේ කුසල චේතනාවක් මූලික කරගෙන. එහෙම නැති වත් හරක් නිදහස් කරනවා. ඔය සමහර දේශපාලනේ කරන උදවිය එහෙම හරක් නිදහස් කරන්නේ තමන්ගේ තත්ත්වේ පෙන්නන්න, එහෙම නැත්තං මට ඡන්දෙ දෙන්න මං “හොඳයි” කියලා පෙන්නන්න වගේ තමා.

දැං තමා ප්‍රශ්නේ පැන නැගෙන්නේ… ඔය ‍සමාජ තත්ත්වය පෙන්නන්න හරක් නිදහස් කිරීම මේකට කොහෙත්ම අදාල වෙන්නේ නෑ… ඉතිං මං අහන්නේ මස් කඩේ ඉන්නේ එක හරකද? නැහැනේ… හරක් පෝලිමක් ඉන්නවනේ… ඉතිං ඔය හරක් නිදහස් කරන අය, හරකාව නිදහස් කරන්නේ තෝරගෙනද නැද්ද කියන එක නම් මං දන්නේ නෑ… කොහොම වුනත් අපි හරකෙක් නිදහස් කරනවා කියන්නේ… අර මැරෙන්න ඉන්න පෝලිමේ එකෙක් නිදහස් වුනත් තව එකෙක්ගේ මරණය ඉක්මන් වෙනවා කියන එක නේද…?

ඉතිං ගෝල්ඩ් fish ට හිතාගන්න බැහැ මේකෙන් ඇත්තටම පිං කමක් වෙනවද නැද්ද කියලා… කවුරුත් කේන්ති ගන්න කාරි නෑ මේ ගෝල්ඩ් fish ගේ පෞද්ගලික සිතුවිල්ලක් විතරයි.

තව දෙයක්… ඔය අපි නිදහස් කරන හරකා ආයෙමත් හරක් හොරෙකුට අහුවෙන්න බැරි නැද්ද? එතකොට ආයෙමත් ඌව වෙයිටිං ලිස්ට් එකේ ඉඳලා කවදහරි මැරෙන්න වෙන්න පුළුවන් නේද? වාසනාවන්ත හරකෙක් වුනොත් නම් පංසලක හරි, ගොවි මහත්තයෙක් ගාව හරි ඉඳලා මැරිලා යයි. ටිකක් හිතලා බලන්න මට හිතුන දේ හරිද කියලා…

Advertisements

38 Responses to “ගවයින් නිදහස් කිරීම… මාලුවෙකුගේ ඇසින්…”

  1. ඉෂාර Says:

    මට හිතෙන්නේ කොටසක් හරියි කොටසක් වැරදියි කියලා… අනේ මන්දා……

  2. බීටා Says:

    අනේ මන්දා මාළුවෝ ඔය කියන දේත් ඇත්තක් තියනවා

  3. නවම් Says:

    මම දකින්නෙ මෙහෙමයි, ඕක සාධාරණීයකරනය කරන්න පුළුවන් වෙන්නෙ හැමදේම වෙන්නෙ කර්මය මූලික කරගෙන සිද්ධීන් ඇතිවෙනවා කියන සිතුවිල්ලෙන් විතරයි. එහකොට පුළුවන් කරුමෙ තියන කරකා විගහට මැරෙයි, අනිකා බේරෙයි කියල හිත හදාගන්න. ඒත් යමක් සිද්ධවෙන්න නියාම ධර්ම පහක් තියෙනව. කර්මය කියන්නෙ ඒ එක ක්‍රමයක් විතරයි.

    මම විශ්වාස කරන විදියට හැමදෙයක්ම ක්‍රියාත්මක වෙන්නෙ හිත පාදක කරගෙන, ඒක නිසා හරකෙන් නිදහස් කරල හිත හදාගන්න පුළුවන් නම් වැ‍රැද්දක් නෑ. හැබැයි ඒ නිදහස් කරන හරකා නිසා වෙනෙ එකෙකුගෙ ජීවිතය විගහට අහවර වෙනව කියල හිතන්න ගියොත් අර ඉස්සෙල්ල හරක නිදහස් කිරීමේ සතුට එහෙම්මම නැතිවෙලා යනව. එතකොට කරපු දෙයින් තේරුමක් නෑ. ඒවගේම උදේට හරකෙක් නිදහස් කරල හැන්දෑවට චිකන් ඩෙවල් එකක් එක්ක සෙට් වෙන මිනිස්සු ඉන්න එකේ ගොඩක් දෙනා ඔය වගේ සත්ව නිදහස් කිරීම් කරන්නෙ අවංක හැඟීමෙන් නෙමෙයි, රටේ ලෝකෙ මිනිස්සුන්ට පේන්න. තමන් හරිම හොඳ, පින් වත් මිනිස්සු කියල පෙන්වන්න.

    ඒක නිසා තමන් තමන්ට අවංක වෙනවනම් ඒක හොඳටම ඇති කියලයි මම නම් හිතන්නෙ. එතකොට හරක් නෙමෙයි, තමන්ට තමන්ගෙ වරදකාරී, පසුතැවෙන හිතෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයි.

  4. Gayan Rupasinghe Says:

    අඩේ ඒ කතාවේත් ඇත්තක් නැත්තෙත් නෑ බං… ඒත් ඔය නිදහස් කරන ගවයින් ඔහේ අතඇරල දාන්නේ නෑ. මම හිතන විදිහට…උන්ව භාර දෙන්නේ ගොවි මහත්වරු වගෙ අයට.. ඉතින් ඒක නිසා උන්ගේ ජීවිතේ රැකේවි. ඒත් අර එකෙක් බේර ගත්තම තව එකෙක් මැරෙන එකනම් ඇත්ත…

    ජය…

    • ගෝල්ඩ් fish Says:

      මටත් හරියට තේරුම් ගන්න බැරි නිසා බං ලිව්වේ… බලාගෙන යද්දී අනිත් අයටත් මොකද්ද කරන්න ඒනෙ කියලා ෂුවර් නෑ..

  5. Sam Says:

    Harak mudalali meruwanam hari 😉

    • නවීන් Says:

      මරණ එක පාප කර්මයක් නිසා.. බුවාව බය කරල බිස්නස් එක නවත්තන එක තමයි හොද…

  6. සූරි... Says:

    මාළු යාළුවා… කථා වෙන් භාගයකට මම එකගයි… එතකොට ඉතිරි භාගේ…???? ඉතිරි භාගේ මෙහෙමයි….

    මිලදී ගැනීම…
    මස් කඩේ ඉන්නේ එක හරකෙක් නෙවේ… හරක් ගොඩක් ඉන්නව… හරක් නිදහස් කරන අය හරකෙක්ව තෝරාගන්නවා… ඒ තමන්ගේ වත්කම් වගේ කරුනු නිසා…. හරකා ගන්නේ මුදලකටනේ … ඉතින් සල්ලි ඇති අයටනම් පුළුවන් හරක් කීපදෙනෙක් නිදහස් කරන්න… සමහර සංවිධාන මගින් එහෙම කරනවා…

    පින ගැන කථා කරනවනම්….
    මාළු යාළු,
    බුදුන් වහන්සේ දේශනා කළේ “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි” කියලයි…
    යම්කෙනෙක් යහපත් සිතුවිල්ලකින් යහපත් ක්‍රියාවක නියැලේනවානම් එය පින් ඵල ගෙන දෙන කාර්යක්, ඒ වාගේම යම්කෙනෙක් අයහපත් (පව්කාර) සිතුවිල්ලකින් යම් ක්‍රියාවක නියැලේනවානම් එය විපත් ගෙන දෙන කාර්යක්. ඒ නිසා ගවයෙක්ගේ ජීවිතයක් පුණ්‍ය චේතනාවෙන් බේරනවානම් ඒකට පින් ලැබෙනවා… ඒ වාගේම මෙහෙම දේකුත් තියනවා… අපි ඒ ගවයා නිදහස් කරාට මදි… ඒ සතාට නැවත කරදරයක් නොවෙන්න ඌව බලා ගන්න ඕනි… නැත්තන් බලාගන්න කෙනෙකුට භාර දෙන්න ඕනි… එතකොට තමා පින සම්පූර්ණ වෙන්නේ…

    ජීවිතයක් බේරනවා කියන්නේ උතුම් කාර්යයක්… ඔයා කීවා වාගේම බොහොමයක් මේවගේ හරක් නිදහස් කරන්නේ, තමන්ගේ කාගේ හරි ජීවිතයක් රුක දෙන්න කියලා ඉල්ලලා…. ඒක එහෙමනම් බේරුනොත් ජීවිත දෙකක් , අඩුම එක ජීවිතයක් බේරලා… ඒ වගේ වෙලාවක් දැක ගන්න ලැබුනොත් ඒක ගැන සතුටු වෙන්න…
    තෙරුවන් සරනයි….

  7. රත්ගමයා Says:

    අම්මපා ඇත්ත..දැන් හරක් නිදහස් කරන්නේ ෆැශන් එකට..නිදහස් කරලා ලයිව් ඇට් එයිට් වලට දාලා පොඩි පබ්ලිසිටි එකක් දුන්නම හරකා වගේද ලැබෙන පබ්ලිසිටි එක….

  8. සාතන් Says:

    ඔය නිදහස් කරන හරක්ට මොකද කරන්නෙ කියන එක ඒ නිදහස් කරන කෙනා වෙනම දවසක් අරන් හිතන්න ඕන ප්‍රශ්නයක්…. නිදහස් කලා කියල නිකන් පාරට අතඇරල දාන උනුත් සෑහෙන ඉන්නව… එහෙම නිදහස ලබපු හරක් නම් ආපහු ටික දවසකින් මස් කඩේ….

    උඹ කියනව වගේ එකෙක්ව බේරුවහම වෙන එකෙක්ගෙ ටයිම් එක අඩුවෙනව කියන එක නම් ඇත්ත… සාතන්ට තියෙන ප්‍රශ්නෙ ඇයි හරක් නිදහස් කරන එක ගැන විතරක් මිනිස්සු හිතන්නෙ කියන එක…. කවදාවත් අහල නෑ මරණෙට නියම වෙච්ච කුකුලෙක් නිදහස් කලා කියල…. අනිත් එක හරක් මස් නොකා ඇයි කුකුල් මස් කන්නෙ කියන එකත් ප්‍රශ්නයක්…. උන් දෙන්නම සත්තුනෙ (නොකියපු සත්තු ලිස්ට් එක ගැන තරහ වෙන්න එපා)…

    • ගෝල්ඩ් fish Says:

      උඹ කියන සීන් එක ඇත්ත බං… කුකුල්ලු, එළුවෝ සත්තු නෙවෙද?

      • තාරක Dilsh@n Says:

        තමන්ගෙ ජාතිය ගැන කැක්කුම තියෙන්නෙ තමන්ටනෙ බන් 😛

        මම හිතන විදියට ඒකට නම් හේතුව අනගාරික ධර්මපාල තුමා අරන් ගියපු ව්‍යාපාරෙ වෙන්න ඇති නේද.
        ලංකාවෙ ගවයට ලොකු සැලකීමක් තියෙනවා නේද

      • ගෝල්ඩ් fish Says:

        අඩෝව් නරියා මං… කිව්වා කියලා හිතාගනින්…

    • සූරි... Says:

      ඒකනම් ශිරා කථාව….

  9. ගුණේ අයියා Says:

    කාසියක 2 පැත්තක් තියෙනවා වගේ හැම දේකම 2 පැත්තක් තියෙනවා හොඳ සහ නරක කියල අපේ සිතුවිලි යහපත් නම් අපට යහපත් ප්‍රථිඵල ලැබෙයි.

    • ගෝල්ඩ් fish Says:

      හිත හදා ගන්න තියෙන එකම විදිය…

      • ගුණේ අයියා Says:

        “ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී”

  10. අකිකරු හිත Says:

    දැං හැමදේම කරන්නෙ ෆැෂන් එකටනේ…හරක් නිදහස් කරන එකත් දැන් ඒ වගේ….එක පැත්තකින් නිදහස් කරනවා…ටික දවසකින් ආයෙත් මස් කඩේ

    • ගෝල්ඩ් fish Says:

      ඒක තමයි නංගි ඇත්ත කතාව..

    • සූරි... Says:

      එහෙම්මමත් කියන්න එපා… මොකද හැමෝම එකවාගේ නැහැනේ… තමන්ගේ දරුවෙක් වෙනුවේන් ඔය වගේ දානයක් දෙන අය හොදට ඒ සතාව බලාගන්නවා… සතාට නැතත් තමන්ගේ දරුවන්ට දෙමාපියන් ආදරේ නිසා…

      • ගෝල්ඩ් fish Says:

        බහුතරයක් ගැන බං මං කිව්වේ…

  11. හිස් අහස Says:

    මාළුවාගේ කතාවේ ඇත්තක් නැතුවාමත් නෙවේ . අපි රු 35000 විතර දීලා ගවයෙක් මිලදී ගත්තාම මස් කඩේ ඉන්න එකා ඒ ගානට තව ගවයෝ දෙනෙක් සල්ලි වලට ගන්නවා . ඉතින් මොකද බං කරන්නේ කට්ටියක් බේරගන්නවා තව කට්ටියක් ආපහු අල්ලං යනවා . මේක නිකම් හැංගි මුත්තං කරනවා වගේ වැඩක් බං .. හැබැයි ඉතින් ඔය ගවයෝ මරන උදවියට ගවයෙක් විදිහටම මැරෙන්න වෙනකොට තේරෙයි කරපු හරක් වැඩ ගැන ..

    • ගෝල්ඩ් fish Says:

      ඒක ඇත්ත සඳරු… තවදහරි ඒ මිනිස්සුන්ටත් වැඩේ තේරෙයි.

  12. අපරාජිතයා :::: Aparajithaya Says:

    අනේ මන්ද බං මොකක් කියන්නද කියලා. එත් බං මන් ඇස් දෙකෙන් දැකල තියනවා නිදහස් කරපු හරකෙක්ව උගේ ඇස දෙකෙන් කදුළු වැක්කෙරිලා.ඕනෑම සතෙක් මේ ලෝකේ මැරෙන්න බයයි බං හරියට මිනිහෙකුත් මැරෙන්න බයයි වගේ.මිනිහෙක්ට කිව්වොත් උඹව මරණෙන් බෙර ගන්නම් හැබැයි උබට අත පය ඇස කන් නාසා නැති වේවි කියලා ඌ එකටත් කැමති වෙනවා මචං.එත් මිනිස්සු විතරක් ඕකෙදි ආත්මාර්ථකාමී.මෙහෙම බන කිව්වට මමත් කුකුල් මස් මාළු කනවා මචං…ඒත් හරකෙක් මරල මස් කනවා කියන්නේ අම්මා තාත්තව මරන් කනවට සමානයි මචං.

    • ගෝල්ඩ් fish Says:

      ඇත්ත බං… අපි ඕනෙ කෙනෙක් ජීවත් වෙන්න තමා බං කැමතිම…

  13. abeetha Says:

    ඉතින් මාළු පැටියො, හොඳම දේ තමයි උඹ තවත් ඒ ගැන කල්පනා නොකර ඉන්න එක. මොකද මචන් අපි හරකෙක් ගන්නේ උගේ ජීවිතය බේරාගන්නයි ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන සුවය ලබාගන්නයි…. උදාහරනයක් විදිහට මගෙ ලොකු අක්කගේ මොලේ ඉතා අනතුරුදායක සැත්කමක් කරන වෙලාවේ වෛද්‍ය සුන්ල් පෙරේරා මහතාත් කිව්වේ මගේ කොටස මම බලා ගන්නම්, ඔයාල ගිහින් හරකෙක් නිදහස් කරලා බෝධි පූජාවක් එහෙම තියන්න කියලයි….

    මෙහෙමත් හිතන්න පුලුවන්නේ මළු මල්ලි… අද මරන්න ඉන්න හරකා අපි නිදහස් කරන එකෙන් අනිද්දා මරන හරකා ලිස්ට් එකේ උඩට ගෙනත් හෙට මරනවා කියන එකනෙ දැන් මෙතන ප්‍රශ්නේ…. ඉතින් මචන් මගේ අදහස ඌට වැඩිපුර දවසක් මරණය පෙනී පෙනී ඉන්නේ නැතුව ඉක්මනටම ලිස්ට් එකේ උඩට ගන්න එකත් පිනක්. ඒ වගේ තර්කෙකදි මොකද මාළුවෝ කියන්නේ….

    • ගෝල්ඩ් fish Says:

      උඹ ‍‍රෑ ‍වෙනකම් ක‍ලේ ඔය තර්කය ‍‍‍‍ගොඩ නගපු එකද? මං එ‍‍‍හෙම හිතන්නේ නෑ අභීත අයියා… ‍‍මොකද හැම ‍‍කෙ‍නෙක්ම වැඩිපුර එක දවසක් හරි ජීවත් ‍‍‍වෙන්න ආසයි… එ‍‍‍‍හෙම ‍‍නේද?

      • abeetha Says:

        මරණය ලඟම එනවා කියලා දැන දැන දවසක් ජීවත් වෙන්න ආසද? ඒ වැඩියෙන් ජීවත් වෙන දවස තුළ ඌ මොන තරම් සිතින් අඩයිද මචන්… ඕනනම් ඌට අනේ මාවත් කවුරුහරි පිංවතෙක් ඇවිත් බේරාගනීවි කියන බලාපොරොත්තුව සිතට ඒවි….

        අපිට කොහොමත් ඔක්කොම සත්තු බේරගන්න බෑ මේ ලෝකෙ… අද වෙනකන් මම නිදහස් කරලා තියෙන්නේ හතරයි.. ඒ හතරම මගෙ අධීක්ෂනය යටතෙම ඉන්නවා… තමන්ට හැකි පමණින් අභය දෙන එක පිං කියන සංකල්පය පැත්තකට දාල හිතුවත්, හොඳ වැඩක් නෙමේද?

      • ගෝල්ඩ් fish Says:

        අභීත අයියගේ අන්තිම ලාස්ට් කතාවට මං මුළු හිතින්ම එකඟයි

  14. Ravi Says:

    මල්ලිගෙ කතාවට සම්පූර්ණයෙන්ම එකඟයි. මේ වැඩේ දැන් කිසිම තේරුමක් නැතුව කරන්නන් වාලෙ කරන දෙයක් වෙලා තියෙන්නෙ. ඒත් අනික් අතට තමන්ගෙ ආකල්ප සහ චේතනාව අනුව ඕනම කෙනෙකුට ඒ වගෙ දෙයක් කරන්න නිදහස තියෙනවා. හිතනෙ මල්ලි හැමදේටම මුල් වෙන්නෙ.

    • ගෝල්ඩ් fish Says:

      හ්ම්… මටත් මේ ලිපිය නිසා ගොඩක් දේවල් දැනගන්න හම්බුනා…

  15. නවීන් Says:

    මට්ත් ප්‍රශ්නයක් තියෙනව ඇයි මේ හරක් විතරක් නිදහස් කරන්නේ.. කුකුල්ලු, එළුවො,බල්ලෝ,ඇයි බන් මාළු… ඔක්කොම හිරකරගෙන ඉන්න එක හොද නැනේද…

    • ගෝල්ඩ් fish Says:

      මිනිස්සු හිතන්නේ, හරක් විතරයි නිදහස් කරන්න වටින්නේ කියලා… අනිත් උන් ඕනෙ එකක්…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: