ඕං ඒ පාර…පොල්පැලේ වැස්සියෙක් දිහාට නැමෙනවලු….



අලේ … මේක කියලත් බෑ…නොකියත් බෑ… මේක කිව්ව ගමන් කමෙන්ට් වැටෙනවා ගෝල්ඩ් fish වල් මාළුවා කියලා. නොකිව්වොත්… ඊට හපං… ‍මං කොහොමද යකුනේ මේක මේ චූටි ඔලු කට්ට අස්සේ හිර කොරන් ඉන්නේ…

මං වල් මාළුවෙක් නෙමේ ඕං… චූටි හුරතල් කෙල්ලෙක් නිසා අතරමං වෙච්ච හොඳ මාළුවෙක්…. ඒක ඉතිං කියෝගෙන යද්දී තේරෙයි. මේකයි සීන් එක. අපේ හියුමන් රිසෝස් ඩිප්. එකට මේ ටිකේම අළුත් මූනු ටිකක් ආවා. ඔය අස්සේ …. සූටි ලස්සන ගෑණු දරුවෙකුත් ආවා. (දැං ඉතිං කොඳුරනවා ඇති, ඔය කියන්නේ හොඳ කම ගැන තමා කියලා) ඉතිං ඒ ළමයා හරි සුවිට්. තාම කූඹියෙක් ඉන්නවද නැද්ද කියලා දන්නේ නෑ…. සුදු පාටයි ඉටි කිරිස් රූපේ වගේ. ගෝල්ඩ් fish ඔය ළමයාව දැක්ක දාම… පපුවේ වම් පැත්තට බර වෙන්න නිකං ඇම්පියර් 90, වෝල්ට් 24 කරන්ට් එකක් ගියා වගේ….

ඉතිං ඔන්න එදා ගෝල්ඩ් fish දවල් ලන්ච් එක කන වෙලාවේ… මගේ යාළුවෙක්ගෙන් කෝල් එකක්…

හලෝ… ආයුබෝවන්… (මට ඕකට නෙලන්න හිතෙන්නේ ඔය වෙලාවට තමා)

හා චරියා… (කැ** නෙමේ) කියපං මචං…

උඹ මොකද කරන්නේ….

අඹරනවා බං… අඹරනවා… දවල්ට. මොකද සීන් එක?

මේ උඹලාගේ එච් ආර් එකට කෙල්ලෙක් ආවද?

ඈ බොල නරියෝ තෝ කොහොමෙයි දන්නේ? (එහෙම ඇහුවේ නෑ… පහල විදියට ඇහුවේ…)

උඹ කොහොමද බං දන්නේ?

ඒ බං අපේ සර් කෙනෙක්ගේ දුවෙක්…

හුට්ටාරේ මට ගිය ආතල් එක… ඒ කියන්නේ චරියට කියලා යම් කිසි මට්ටමකට වැඩක් කොරගන්න පුළුවන්. ඉතිං මාත්….

ඒ චරිත ඌට කියපං මං දුවව එළකිරි වගේ බලාගන්නම් කියලා…

හරි හරි… ඒක නෙමේ බං, ඒකි තාම විස්තර කියලා… ඌට කතාකරලා නෑ… පුළුවන්නම් කියපං කෝල් එකක් දෙන්න කියලා…

එල එල මං කියන්නම්… ටීක්….

වෙනදට කියන පරිස්සමින් පල, චූ කරලා දෙපාරක් හොල්ලපං, බලාගෙන එලියට යන්නේ හෙන ගහනවා වගේ ඒවා මුකුත්ම නෑ… මං ඒකිට පනිවිඩේ දෙන්නම් කිව්වා කට් කලා…

කකා හිටිය බත් මුලත් බාගෙට කාලා විසික් කලා. මොකද ඒකේ නිකං ලුණු මදි වගේ. තව හාල්මැස්සෝ එකට සීනි නෑ වගේ… ඊට පස්සේ මෑ කරල් එකේ ඇට නෑ… ඉතිං ඔය වගේ වෙනදට නැති ප්‍රශ්න බොහෝමයි… අත හෝදා ගත්තා, (වතුර බිව්වද කියලා මතක නෑ) සිං සිං ගාලා… පඩිපෙල බැස්සා… දිව්වා එච් ආර් එකට.

හුටා මේකි නෑ පේන්න. කාගෙන්වත් අහන්නත් බෑ… ඇහුව ගමන් අහනවා මොකටද කියලා… ආව විතරනේ ඒකි. ඉතිං සේප් එකේ ඇදුනා ඇතුලේ කාමරේට… අම්මද බොල මේ ඉන්නේ සුකුමාල, රෑබර, සුන්දර…. රන්කඳ පුටුවක‍ට බර වෙලා.

මේ…. තාත්තට කතා කලේ නෑ නේද?

ඔන්න මේකි බලනවා එක පාරට පාත් වෙච්ච හෙනේ මොකද්ද කියලා. කලිසමේ සාක්කුව අතගාන ගමන් … නෑ…. ඇයි? කියලා මගෙන් අහනවා…

අන්න තාත්තා කෝල් එකක් දෙනකං බලං ඉන්නවා කිව්වා… මං මාරු… මොකද නැත්තං එතෙන ඉන්න අනිත් වුං ගෙන් මට හෙන සැලකිලි. තෝ කොහොමද තාත්තව අඳුරන්නේ… අනේ කියාපංකෝ බං… උඹගේ ෆිට් එකද්ද… ගෙවල් කොහෙද… කොල්ලෙක් ඉන්නවද… ? හෙන ප්‍රශ්න…

ඊට පස්සේ මගේ හිතත් නිකං මොකක්දෝ වෙනවා වගේ… අනේ අම්මපා මේ අකීකරු හිත…. ආහ්…. අපේ වරුණි ගේ අකීකකරු හිත නෙමේ බොලව්… ‍මගේ … මගේ … මගේම…. අකීකරු හිත. ‍ඌ මං කියනදේ අහන්නේ නෑ… කොහෙහරි යන ගෑනු පරානයක් කිව්වොත් නම්… හහ්… බලන්න ඕනේ… මාවත් පෙරලගෙන යන්නේ… ඉතිං ආයෙමත් පාරක් බොරු හේතුවක් හදා ගෙන තේ වෙලාවෙදී තේ එක ලඟට ආවත්… ආයේ දිව්වා එච් ආර් එකට. පස්සේ මෙන්න ඒකේ අක්කා කියනවා… මෙයා තමා ගෝල්ඩ් fish. මාර වැඩකාරයා කියලා. කොහොමත් අර බැකප් සීන් එක නිසා මේ ටිකේ මං තමා, ස්ටාර් එක.

ඊට පස්සේ ඉතිං පළවෙනි දවසෙම ටැකල් කරන එක හරි නැහැනේ… ඒක නිසා දෙවැනි දවසට කල් දැම්මා. කරුමෙටම අපේ අම්මා අසනීප වෙලා ගෙදර යද්දී. ඉතිං ඊට පහුවෙනිදාට උයන්න එපා කියලා කිව්වා. නෙදකින් මගේ කට විතරක්… උලා ගන්න හිතයි හොඳ කොන්ක්‍රිට් එකක. පස්සේ පහු වෙනිදා ඔෆිස් ගියේ… ලොං හැලිච්චි හිවලා වගේ… අත් දෙක වන වනා… වෙනදට කරේ තියෙන ඩීසල් බෑග් එක නෑ… මෙන්න බොල යනකොට මේකි ඉන්නවා තාත්තා එක්ක පාරේ ත්‍රී වීල් එකක් එනකං… දෙවෙනි දවසෙම කතාකරන්න ගියොත් වැඩේ අංජ බකල්වෙන නිසා… ඒ දෙන්නව දැක්කේ නැති ගානට මාත් ටිකක් ඉස්සරහට ගිහින් වීල් එකක නැගලා ඔෆිස් ආවා.

පස්සේ ආයෙමත් උදේ තේ වෙලාවෙදී ගියාම මෙන්න බොල මේකි කිරියා කෑලි වගයක් ගෙනැල්ලා. ඉතිං මටත් එකක් හම්බුනා. මැක්සා… කොහොමත් මං පෙරේතයා නිසා… රහ ගුන අවුලක් නෑ… ඊට පස්සේ ඉතිං විස්තර අහලා බලද්දී… රූපවාහිනි මහගෙදර හිටිය ප්‍රවෘත්ති කියන කෙනෙක්. මොන මගුලට එහෙට වෙලා ඉන්නේ නැතුව මෙහෙට රිංගුවද මන්දා. මොකද ඉස්සර එච් ආර් එකේ එවුන් මාව ගෙන්න ගන්නේ ඔෆීස් ලයින් එකෙන් බැරිනම් මගේ මොබයිල් එකට හරි කෝල් කරලා… ඒකට දැං… එකෙක්වත් මං එනවට කැමතිත් නෑ,.. මාත් ඉතිං හිතං ඉන්නවා බොලාට ඉක්මනටම බඩු හම්බුවෙයි කියලා… මොකද නිතරම දකින කුකුලාගේ කරමලේ ට්‍රාන්ස්පේරන්ට් වෙනවලුනේ… එතකොට දවසට සැරයක් විතර දකින එකාගේ කරමලේ…. ආව්… ආව්… කොහොමද රෝස පාටට පෙනුනොත් එහෙම….?

ඉතිං මතකනේ අර එක වැස්සියෙක් ලෑස්ති වුන හැටි පොල්පැලේට වැඩේ දෙන්න. දැන් මේ ලෑස්ති වෙන්නේ… පොල් පැලේ අතුටික සේරොම ටික වැස්සියෙක් දිහාට නැවෙන්න වගේ. පොල් පැලේ අතු ටික වැස්සි පැත්තට නෙමී ගෙන කෑගහනවලු…. ඉඳා… එළදෙන කාපිය… කාපිය මේ අතු ටික… හොඳ රස අතු… හැමතැනම නෑ… හැමදාම නෑ… ‍අපේ අම්මා බත් ගිල්ලවලා, ගිල්ලවලා… යසට හැදුව පොල් අතුටික… මේං කාපිය කියලා…

ඉතිං පස්සේ කොහොම හරි බුකියේත් රික් එකක් දැම්මා… තාම කොන්ෆොරම් කරලා නෑ… ඉතිං ඒ පෙරේදා… ඊයේත් උදේම ගියා අළුත පටන් ගත්ත ඩේලි විසිට් එකට. මෙන්න ඉන්නවා, හැඩකාර සුකුමාල…. වෙන ඕනෙ නෑ… ඔය ඇති… ඉතිං ඔන්න ගිහින් අනිත් අය එක්ක කතා කර කර ඉද්දී… මෙයත් මං ගැන ඇහැගහගෙන ඉන්න බව දැක්කා. ආහ්… තව තුත්තෙන් අමතක වෙනවා… අපේ සෙට් එකේ ඉන්න සුදුම එකා මං තමා… ඉතිං ඇයි මන්දා මෙච්චර කෙල්ලෝ මං දිහා බලන්නේ… සමහරවිට කලු වුනාට කන්කලුද දන්නෙත් නෑ,.. ඔන්න ඉතිං මටත් චූ බර හැදීගෙන එනවා… පස්සේ හෙන අමාරුවෙන් ඒ පැත්ත බලන්නෙම නෑමයි කියලා… වෙන පැත්තක් බැළුවා… පස්සේ ටිකක් වෙලා ඉඳලා ඔන්න කොල්ලා මාරු. ඇත්තම කියන්න ඊයේ දවසෙම මට මූනු දෙකක් මාරුවෙන් මාරුවට මැවිලා පේනවා. අනේ මන්දා… ඉතිං මට ඔය ඔක්කොටම වැඩිය වටින්නේ එකෙක් විතරක් නිසා… මං අසරන වෙලා වගේ හිතට දැනෙනවා… බුදු හාමුදුරුවනේ….

%d bloggers like this: