අදත් ඉර බැස ගියා… කාටවත් නොපවසා,
පාරේ කෙලරවරක හිඳ…
පුංචි සඳ පැමිනුනා….
යවා ඈ සිය දෑස… සිය දහස් අරඹයා,
සොයාගත් හැටි මාව…
සැඟවිලා වුන් නිසා…
හිස සලා නැවත වර… මෑත්වී ඉස්සිලා,
සපථ කර මංම බව…
හිස නැවත බරවෙලා…
ඉගිල ගොස් ඈ වෙතට… අසුනකට බර වෙලා,
පෙර වින්ද කෙහෙ රැල්ල…
මා අතට ලං වෙලා…
ඒ උණුසුමට මම… තව තව ලොල් වෙලා…
බලා ඉමි පුංචි සඳ…
මා වෙතට එන තුරා…
2011 මාර්තු 24 දින පෙ.ව. 8:20 ට
පුංචි සද ඉක්මනට ඔබ ලගට පැමිනේවි මාලුවෝ. එතකල් ටිකක් ඉවසලා ඉන්න. අපි හැමෝම ඉවසනවා. ඔයත් ඉවසන්න…
ජය..
2011 මාර්තු 24 දින පෙ.ව. 9:31 ට
අකමැත්තෙන් වුනත් ඉවසන්න වෙනවානේ බං…
2011 මාර්තු 24 දින පෙ.ව. 8:23 ට
ලස්සන අදහස් ටික මාළු අය්යේ
2011 මාර්තු 24 දින පෙ.ව. 9:32 ට
තෑන්ක්ස් බීටා…
2011 මාර්තු 24 දින පෙ.ව. 8:47 ට
සාතනුත් මේව ලියපු කාලයක් තිබුන… (ගොඩක් කාලෙකට කලින්) සුභ පතනව මාළුවො…… ඉක්මනට ඔය වැඩේ ගොඩදාගෙන සුභ ආරන්චියක් දීපන්කො….
2011 මාර්තු 24 දින පෙ.ව. 9:33 ට
මමත් එහෙම හිතාගෙන තමා බං මේ හැමදේම කරන්නේ….
2011 මාර්තු 24 දින පෙ.ව. 10:06 ට
ඉක්මනට හැමදේම හරිගිහිල්ලා ඔයාල දෙන්නට එකතු වෙන්න ලැබේවි. එතකල් ඉවසන්න.
2011 මාර්තු 24 දින ප.ව. 12:57 ට
හ්ම්…
2011 මාර්තු 24 දින පෙ.ව. 11:16 ට
මමත් මේ ටැංකියට හැමදාම එබෙනවා.. ඒත් අද තමයි කමෙන්ට් එකක් දාන්නේ..
මොනව උනත් මම දැකපු නිර්මාණශීලීම බ්ලොග් වලින් එකක් මේක.. ඕන පෝස්ට් එකක් කිසි කම්මැලිකමක් නැතුව කියවන්න පුලුවන්.. ඒත් ඉස්සර තිබුන රටාවට තමයි මන් ගොඩක් කැමති..
2011 මාර්තු 24 දින ප.ව. 12:58 ට
බොහොමත්ම ස්තූතියි… ඒත් මං දැනගන්න කැමතියි, ඉස්සර තිබුන රටාව කියල අදහස්ක කරපු දේ… මොකද ඒක හරයට වටහාගත්තොත් මට තව හොඳට ලියන්න පුළුවන් වෙයි…
2011 මාර්තු 24 දින පෙ.ව. 11:43 ට
ඉවසපන් පපුව ඉවසපන් ! [හැබැයි පරිස්සමින් නැත්නං ආයෙ මේක තමයි කියන්න වෙන්නෙ]
ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය
මෙය කිව් එකාගේ කට තැළුවත් මදිය
ඇත්තන් හට එක නොව හත අට ඇතිය
මට බඩුවක් නැතිය මා දැන් කොට උඩය…..
බය නොවී ඉඳපන් අප්‍රේල් 17 වෙනිදට හඳ පායනව, අනිවා ! 😀
2011 මාර්තු 24 දින ප.ව. 1:00 ට
අන්න නවම් අයියා කවිය වරද්දලා..
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
කියූ එකාගේ කට කන්නට වටිය
ඉක්මන් වුන එකා හට බඩු හත අටය
ඉවසපු අපි තාමත් තනිකඩය
ඈයි බං අප්‍රෙල් 17 වෙනිදා? මොකද්ද විශේෂත්වය…
2011 මාර්තු 24 දින ප.ව. 5:50 ට
ලස්සනයි කවි ටික….හැමෝම කියනව වගේ ඉවසල ඉන්න
2011 මාර්තු 24 දින ප.ව. 6:59 ට
කොච්චරක් කියලා ඉවසන්නද?
2011 මාර්තු 27 දින පෙ.ව. 9:15 ට
ඉවසහන් කියලා මමනම් කියන්නේ නෑ.වැඩ කටයුතු පහසු කරගන්න හරි විදියට ගෙන යන්න පුලුවන් මාර්ගයේ පලයන්
ඇත්තට මොකක්ද මේ අපෙයල් දහහතේ කේස් එක ?
Let me guess Someone;s birth day ?
2011 මාර්තු 27 දින පෙ.ව. 9:26 ට
මං දන්න කෙනෙක්ගේ නම් නෙවේ බං… අනේ මංදා මේ නවම් මාමා මොනා කියනවද කියලා…