අදත් ඉර බැස ගියා… කාටවත් නොපවසා…

 

අදත් ඉර බැස ගියා… කාටවත් නොපවසා,
පාරේ කෙලරවරක හිඳ…
පුංචි සඳ පැමිනුනා….


යවා ඈ සිය දෑස… සිය දහස් අරඹයා,
සොයාගත් හැටි මාව…
සැඟවිලා වුන් නිසා…


හිස සලා නැවත වර… මෑත්වී ඉස්සිලා,
සපථ කර මංම බව…
හිස නැවත බරවෙලා…


ඉගිල ගොස් ඈ වෙතට… අසුනකට බර වෙලා,
පෙර වින්ද කෙහෙ රැල්ල…
මා අතට ලං වෙලා…


ඒ උණුසුමට මම… තව තව ලොල් වෙලා…
බලා ඉමි පුංචි සඳ…
මා වෙතට එන තුරා…

 

16 Responses to “අදත් ඉර බැස ගියා… කාටවත් නොපවසා…”

  1. Gayan Rupasinghe Says:

    පුංචි සද ඉක්මනට ඔබ ලගට පැමිනේවි මාලුවෝ. එතකල් ටිකක් ඉවසලා ඉන්න. අපි හැමෝම ඉවසනවා. ඔයත් ඉවසන්න…

    ජය..

  2. සාතන් Says:

    සාතනුත් මේව ලියපු කාලයක් තිබුන… (ගොඩක් කාලෙකට කලින්) සුභ පතනව මාළුවො…… ඉක්මනට ඔය වැඩේ ගොඩදාගෙන සුභ ආරන්චියක් දීපන්කො….

  3. පිණිබිඳු Says:

    ඉක්මනට හැමදේම හරිගිහිල්ලා ඔයාල දෙන්නට එකතු වෙන්න ලැබේවි. එතකල් ඉවසන්න.

  4. සුදර්ශන හේරත් Says:

    මමත් මේ ටැංකියට හැමදාම එබෙනවා.. ඒත් අද තමයි කමෙන්ට් එකක් දාන්නේ..

    මොනව උනත් මම දැකපු නිර්මාණශීලීම බ්ලොග් වලින් එකක් මේක.. ඕන පෝස්ට් එකක් කිසි කම්මැලිකමක් නැතුව කියවන්න පුලුවන්.. ඒත් ඉස්සර තිබුන රටාවට තමයි මන් ගොඩක් කැමති..

  5. නවම් Says:

    ඉවසපන් පපුව ඉවසපන් ! [හැබැයි පරිස්සමින් නැත්නං ආයෙ මේක තමයි කියන්න වෙන්නෙ]

    ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය
    මෙය කිව් එකාගේ කට තැළුවත් මදිය
    ඇත්තන් හට එක නොව හත අට ඇතිය
    මට බඩුවක් නැතිය මා දැන් කොට උඩය…..

    බය නොවී ඉඳපන් අප්‍රේල් 17 වෙනිදට හඳ පායනව, අනිවා ! 😀

  6. අකිකරු හිත Says:

    ලස්සනයි කවි ටික….හැමෝම කියනව වගේ ඉවසල ඉන්න

  7. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    ඉවසහන් කියලා මමනම් කියන්නේ නෑ.වැඩ කටයුතු පහසු කරගන්න හරි විදියට ගෙන යන්න පුලුවන් මාර්ගයේ පලයන්

    ඇත්තට මොකක්ද මේ අපෙයල් දහහතේ කේස් එක ?

    Let me guess Someone;s birth day ?


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: