ගෝල්ඩ් fish ගේ ටැංකියත් එකක් ටික දවසක් ඉන්න අය දන්නවා… මං මොන වගේ කොලු පැංචෙක්ද කියලා… මොකද මං හැම තිස්සෙම උත්සාහ කරන්නේ දවසින් දවසට වෙනස් වෙනස් විදි වලට එක එක රටා වලට ලියන්න.
ඉතිං මේ බ්ලොග් ලිවිල්ල අස්සේ මං කැමති තවත් දේවල් තියෙනවා. ඉතිං කොහොම කොහොම හරි, මේ බ්ලොග් ටැංකිය නිසා, මගේ පරණ විනෝදාංශ දැන් මට මග ඇරිලා ගිහිල්ලා. හැබැයි ඒකත් එක අතකට හොඳයි. මොකද එතකොට විනෝදාංශේ වුනත් එපා වෙන්නේ නැහැනේ…
ඉතිං මගේ මහ ලොකු විනෝදාංශ වලින් එකක් තමා පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් කෑලි ලියලා කාව හරි අමාරුවේ දාලා…. ආයේ ගිහින් අර අමාරුවේ වැටුන එකාට කිංඩි හිනාවක් දාලා… මං, පොර වෙන එක. ස්කෝලේ යන කාලේ අට, නවය වසර වල ඉඳන්ම ගෙදර කොම්පියුටරයක් නැති වුනත් ස්කෝලේ හරි කොම්පියුටර් පන්තියේදී හරි කලේත් ඕකමයි. ඉතිං අදාල කාල පරිච්ඡේදය ඉවර වෙන කොට ගෝල්ඩ් fish තමා පන්තියේ කෙල්ලො අතරයි, කොල්ලෝ අතරයි ඉන්න එකම පොර.
ඉතිං ඔහොම පොර වෙන්න ගිහින්… කොම්පූටර් පන්ඩිත කම නිසාම ගෝල්ඩ් fish ට කෙලවෙච්ච අවස්ථාත් තියෙනවා. එකක් තමා ස්කෝලේදී ඇනගත්ත පාර.. ඒක නම් තාම මතකයි… ඒක නිසා තමා යන්තං ජනෙල් දාගන්න හරි පුරුදු වුනේ… ඊට පස්සේ ඔෆිස් එකේදී… ඒ පාර ඇනගැනීමනම් කලින් ස්කෝලේ ඇනගත්තට වැඩිය සෑහෙන ලාකුයි… ඒත් අපේ අයි.ටී මහත්තයගේ හොඳ කම නිසා කොල්ලා බේරනා.
ඒ ඔක්කොමත් හරි…. ශිල්ප පෙන්නන්න ගිහිං ඒන්ජල්ගෙයි, මවුතුමියගෙයි හිත පහදවා ගෙන ඇනගත්ත ඇනගැනිල්ලට අනිත් ඔක්කොම සීන් නිකං වැලි කැට ගානයි. ඒන්ජල් ඉස්සරහ පොර වෙච්ච එකේ රස රහස තාම ඇහෙන නිසා, මං හොඳටම දන්නවා ඒ ඇනගැනිල්ල වගේ එකක් ආයෙත් සෙට් වෙන්නෙත් නෑ කියලා. අනික ඒ සීන් එකෙන් පස්සේ මට හිතෙනවා මං කොම්පූටර් ගැන මෙලෝ දෙයක් නොදන්න ගොන් බූරු වස්සෙක් උනානම් හොඳයි කයලා…
හරි කොහොම හරි කමක් නෑ… කාලෙකට පස්සේ වැඩකට ඇති වැඩක් කලා ඕං. මීට කලිනුත් මගේ සුභසිද්ධිය සඳහා එක එක ප්‍රෝග්‍රෑම් කෑලි ලියාගෙන හිටියට මේ පාර තමා මං ඇර වෙන එකෙකුට හරි ප්‍රයෝජනවත් දෙයක් කලේ. මේකත් ඇත්තටම ඔය වෛරස් ලියන්න ගිහින් තනියම ඉගනෙ ගත්ත දේවලින්ම කරපු දෙයක් තමා. වෛරස් ලිවිල්ල වෙනම කලාවක්. ඒ වැඩේ කොරන්න හිතේ හෙන තැම්පත් බවක් ඕනේ… කාට හරි ගේම දෙන්න තරහින් පුපුර පුපුර වෛරස් ලිව්වත් හිත එකතැනක තියෙන්න ඕනේ… නැත්තං ඉතිං අපිටම කෙලවිලා තමා නතර වෙන්නේ…
ඉතිං මේකයි සින් එක. ගෝල්ඩ් fish ඉස්සර ඉඳන්ම එක එක ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජ් ඉගෙන ගන්න ටිකක් කැමතියි. අඩුම ගානේ එක ලැන්ග් එකකින් එක ප්‍රෝග්‍රෑම් කෑල්ලක් වත් හදාගන්න තිබ්බ නම් ආයේ දවස් දෙක තුනකට කන්න ඕනෙත් නෑ… ඉතිං ඔය සීන් එක නිසාම… පැස්කල්, ෆොක්ස්, වීබී, ජාවා, පයිතන් වගේ ඒවායෙන් එක එක මැජික් කලා. පැස්කල් , ෆොක්ස් දෙකම කලේ කොම්පූටර් පන්තියෙදී විතරයි… පන්ති යන කාලේ ඔය දෙකෙන්ම මං මොකද්දෝ මන්දා විගඩමක් කරලා වාසනා අංකය අරගෙන ඒකෙන් අනාවැකි කියන සොෆ්ට් වෙයා කෑල්ලක් හැදුවා… වෙලාවට වාසනා අංකයට අංක 10ක් විතරක් සෙට් වුනේ… නැත්තං එකකට එක ගානේ ලියන්න වෙනවා….
ඊට පස්සේ තමා ඔන්න කොල්ලා වීබී ස්ක්‍රිප්ටින් වලට පැන්නේ…. ඒක ටික ටික කරගෙන යද්දී තමා තව රෙද්දේ වෛරස් එකක් ලියවුනේ. යන්තං හොඳ මනුස්සයෙකුට මාට්ටු වෙච්ච නිසා රස්සාව බේරුනා. ඊට පස්සේ තමා පයිතන්… ඒකත් ලෙසටම නැගලා ගියා…. ඊට පස්සේ ෆෝන් එකට මොකද්ද මංදා සොෆ්ට් වෙයා කෑල්ලක් හැදුවා ජාවා වලින්. ඔය ඔක්කොම අන්තිමේ තමා ආයෙත් වීබී වලට වැටුනේ… ඇත්තටම වැටුනා නෙමේ තල්ලු කලා.
මේකයි වුනේ… ගෝල්ඩ් fishගේ ඔෆිස් එකේ තියෙනවා ඩේටා බේස් සම්බන්ධ ක්‍රියාකාරකම් දෙකක්. එකක් තමා එච්.ආර් එකේ ඇටෙන්ඩන්ස් සිස්ටම් එක. අනිත් එක තමා බාර් කෝඩ් ප්‍රින්ටින් ඩිවිෂන් එකේ බාර් කෝඩ් ඩේටා බේස් එක. ඉතිං අපේ අයි.ටී මහත්තයාට පැවැරුන රාජකාරියක් තියෙනවා ඔය බාර් කෝඩ් ඩේටා බේස් එක දිනපතා බැකප් කරන්න ඕනෙ කියලා. හැබැයි ඉතිං සර්ට අනිත් වැඩත් එකක් ඔය වැඩේ කරන්න වෙන්නේ සති දෙකකට පාරක් විතර තමා.
පස්සේ සර් මට කරලා කිව්වා… ගෝල්ඩ් fish අර ඔයාගේ වීබී ස්ක්‍රිප්ටින් වලින් පුළුවන්නම් මට පොඩි උදව්වක් කරන්න කියල. ආයේ ඉතිං ඔය වගේ උදව්වකදී මං බැහැ කියන්නේ නෑ කියලා සර් දන්නවා. ඒක නිසා සර්ගේ ප්ලෑන් එක මට කිව්වා…
මෙහෙමයි වෙන්න ඕනේ… ඩේටා බේස් එක, හැමදාම දවල්ට කට්ටිය ලන්ච් එකට ගියාම ඔටෝ බැකප් වෙන්න ඕනේ. ලෝකල් පීසී එකේ, කොපියක් තියලා සර්වර් එකටත් කොපියක් එන්න ඕනේ… දැන් ඉතිං කට්ටිය හිතනවා ඇති අපෝ ඕක ඒ හැටි ගේමක්ද කියලා… ස්ක්‍රිප්ටින් ගැන දන්න අය දන්නවා මේකේ තියෙන රඟේ…
දැන් ඉතිං තව තව විස්තර දෙනවා… ඒ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනව නම් ඒක නවත්තලා ආයෙම අළුතෙන් පටන් ගන්න ඕනේ… යූසර් නේම් පාස් වර්ඩ් ඔක්කොම ඔටෝ වැටෙන්න ඕනේ… ඊට පස්සේ ඩේටා බේස් එක මුලින්ම ලෝකල් පීසී එකට බැකප් වෙලා…. සර්වර් එකට කොපි වෙන්න ඕනේ…
මේ උපදෙස් ටිකක්… වගේ සිංහලෙන් කියවන කොට පෙනුනට, වීබී වලින් සෑහෙන ලොකු සීන් එකක්. මං එක එකා අමාරුවේ දාන්න කරපු වැඩ වල කෑලිත් මේකට නිකංම සම්බන්ධ වෙන නිසා, වැඩේ එච්චර අවුලක් නෑ. කොටින්ම කියනවනම් ඔටෝරන් ෆයිල් එක ලියන කොටස ඇරෙන්න අනිත් ඔක්කොම වෛරස් එක ලියන්න ගත්ත කෝඩින්ම තමා. දිනය වෙන් කරලා ගන්න එක, වෙලාව චෙක් කරන එක, ෆයිල් එක කොපි කරන එක… වගේ හැමදෙයක්ම, මට ඇනගන්න උදවු වෙච්ච ඒවායෙන් තමා ගත්තේ.
ඉතිං කොහොමහරි ටෙස්ට් රන් 20ක් විතර කරලා, අන්තිමේ අවසන් ප්‍රථිපලේ හරියටම හදාගත්තා. දැන් ඒක වැඩ. හැමදාම දවල් දොලහත් දොලහයි දහයත් අතර වෙලාවකිදී මුළු ඩේටා බේස් එකම බැකප් වෙලා… සර්වරේට කොපි වෙනවා. කිසිකෙනෙක්ගේ මැදැහත් වීමක් ඕනෙ වෙන්නේ නෑ…
ඉතිං දැං කට්ටිය හිතනවා ඇති ගෝල්ඩ් fish හෙන පම්පෝරියක් ගැහුවා කියලා. හ්ම්… ඇත්තටම මට සන්තෝසයි තමා, මේ වගේ දෙයක් කරන්න පුළුවන් කම ලැබුන එකට. කොහොමත් මං කරන සමහර වැඩ දකිද්දී මටම හිතෙනවා… අම්මට සිරි මාත් දැං පොරක් නේද කියලා… ඒක ඉතිං ස්වභාවයනේ… ඒ වගේම මට කියන්න ඕනෙ වෙන්නේ… ඕනෙම දෙයක් ඒක යොදාගන්න විදිය අනුවයි හොඳ හෝ නරක කියන දෙපැත්තෙන් එකකට වැටෙන්නේ කියලා. මං කලින් හදපු විනාශකාරී කෝඩිං ටිකක් අරගෙන ඒකම ටිකක් එහාට මෙහාට පෙරලලා තමා මේ ඔටෝ බැකප් වදින ප්‍රෝග්‍රෑම් කෑල්ල ලිව්වේ…. ඇත්තටම ලිව්වා නෙමේ වෙනස් කලා. ඉතිං මං හිතන්නේ ගොඩක් දේවල් නරක පැත්තට වැටෙන්නේ ඒක ඉදිරිපත් කරන ස්වරූපය අනුව තමා. ඔය දේ තේරුම් ගන්න මට මේ මගුල හදන කම්ම ඉන්න වුන එකට නම් මං කනගාටු වෙනවා. ඒකයි පම්පෝරි ගහලා හරි…. ඔයාලටත් මේක කියන්න හිතුවේ…. මීට පස්සේ කට්ටිය එක්කම මොකක් හරි කරන්න යනවා නම්, ඒකෙ ඇති දෙපැත්ත ගැනම හිතලා… හොඳ වැඩේ විතරක් කලා නම් මැක්සා නේද? අනිත් එක තමා හොඳ වැඩක් කලාම අපිටත් නොදැනිම අපි පොර වෙනවා අනිත් අය අතර. ඒකත් කියන්නේ අත්දැකීමෙන්….
2011 මාර්තු 23 දින පෙ.ව. 8:08 ට
ෂා මෙයා වැඩකරුනේ.. අලේ මගේ සුදු අයියේ… මගේ පොඩි විබී ප්‍රොජෙක්ට් එකක් තියේ හරි වැරදි හදලා දෙනවද? 😀
2011 මාර්තු 23 දින පෙ.ව. 8:13 ට
හැබැයි නංගියේ… මාත් දන්න තරමින් කමා…
2011 මාර්තු 23 දින පෙ.ව. 8:36 ට
ඔන්න උඹව කඩේ යැව්ව.. මාළුව නහින්නේ කට නිසා කියන එකට හොදම උදාහරණයක් මේක.. 😉
2011 මාර්තු 23 දින පෙ.ව. 10:13 ට
නෑ නවීන්… මං හිතන් ඉන්නේ ඔය බටර් ටික රෑට පාන් පෙත්තක ගාගෙන කන්න.
2011 මාර්තු 23 දින පෙ.ව. 10:40 ට
තමන්ගෙම system එක හැක් කරව ගෙන එකේ තියෙන්නෙ vulnerabilities හොයාගන්න එක තමයි ethical hacker කෙනෙක්ගෙ රාජකාරිය.. සිම්පල්වට කිව්වොත්.. ජංජාලේ ඕන තරම් විදි තියෙනව ඕක ඉගෙන ගන්න ක්‍රම…
2011 මාර්තු 23 දින පෙ.ව. 8:32 ට
ෂා මරුනෙ නියම වැඩකාරයෙක් නෙ අපිටත් උදව්වක් ඕන උනොත් කියන්නම්කො
2011 මාර්තු 23 දින පෙ.ව. 10:11 ට
අනිවා ගුනේ…
2011 මාර්තු 23 දින පෙ.ව. 8:36 ට
ආපෝ…… උඹ බලන් ගියහම වෛරස් හදන එකෙක්ද?…. අහුවෙන්න එපා… මාලුවව දානව ටැංකියෙන් එළියට…
සිස්ටම් එකක් ඩිසයින් කරල කෝඩ් කරන එකේ තියෙන ෆන් එක… (සාතන් ඔය වැඩේ අතඇරිය තව ගොඩක් දේවල් අතඅරිනකොට 😉 )
වෛරස් හදන වැඩේ නම් වහාම අතඇරපන්….
2011 මාර්තු 23 දින පෙ.ව. 10:13 ට
උඹ කියන්නේ මාර කතාවක්නේ බං… මොන හිතකින්ද බං ආසම දේ නවත්තන්නේ…
2011 මාර්තු 23 දින ප.ව. 12:20 ට
යකෝ වෛරස් හින්ද මිනිස්සු කොච්චර දුක් විදිනවද?…. අර නවීන් කියනව වගේ එතිකල් හැකින් ඉගෙනගනින් ඕනම නම්… ජංජාලෙන් හොයාගන්න පුළුවන් වෙයි…. ( අවුරුද්දකට දෙකකට කලින් සතියක course එකක් තිබුන කොළඹ ගාන 95,000/= මතක විදිහට)
2011 මාර්තු 23 දින ප.ව. 12:31 ට
අඩෝ 95000ද ? එහෙනම් හොඳට කරන්නේ නැතුව ඈති බං… අඩුගානේ 950,000ක් වත් වුනා නම් සලකා බලන්න තිබ්බ. මොන එතිකල් හැකින්ද බං මට මේ කරන්න ගත්ත BIT එක continue කරගන්න බැරුව ඉද්දී…
2011 මාර්තු 23 දින පෙ.ව. 8:39 ට
නැ මචන් වෛරස් හදන් වැඩෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් සාමාන්‍ය කෝඩින් වලට වැඩිය.. Ethical Hacking ඉගෙන ගනින් මචන් හොද අනාගතයක් තියෙනව..
2011 මාර්තු 23 දින පෙ.ව. 10:16 ට
තරහා නැතුව පොඩි විස්තර ටිකක් කියපං මචං එතිකල් හැකිං ගැන.
නවීන්, මචං උඹ වැඩ කරන්නේ… D*J H*****G කියන කම්පැනි එකේනම්, උඹලා ඩිවෙලොප් කරපු සොෆ්ට් වෙයාර් එකකින් බැකප් එකක් වදින්න තමා මං කෝඩිං එක කලේ…
2011 මාර්තු 23 දින පෙ.ව. 10:43 ට
නැ මචන් මම එකේ නෙවෙයි වැඩ කරන්නේ..
තමන්ගෙම system එක හැක් කරව ගෙන එකේ තියෙන්නෙ vulnerabilities හොයාගන්න එක තමයි ethical hacker කෙනෙක්ගෙ රාජකාරිය.. සිම්පල්වට කිව්වොත්.. ජංජාලේ ඕන තරම් විදි තියෙනව ඕක ඉගෙන ගන්න ක්‍රම…
2011 මාර්තු 23 දින පෙ.ව. 11:23 ට
තෑන්ක්ස් මචෝ මං බලන්නම්
2011 මාර්තු 23 දින පෙ.ව. 8:44 ට
එල එල … , කෝඩ් එකක් ලියලා , ඒක ටොපටම දුවන කොට එන ආතල් එක දන්නේ , කෝඩ් කරපු එකාම විතරයි …
2011 මාර්තු 23 දින පෙ.ව. 10:17 ට
අනිවා මචං… ආයේ හොදි ඕන්නෑ…
2011 මාර්තු 23 දින පෙ.ව. 9:02 ට
උඔ නම් හැබෑම වැඩකාරයෙක්නෙ. උඔ කියනවා වගේ හොරෙකුට උනත් හොඳ විදිහෙ හොරකමක් කරන්න පුලුවන් වෙන්නෙ හොඳ ඔලුවක් තිබුනොත් තමා. ඒවගේ එකෙක්ව මුල ඉඳලා හරි පාරෙ යැව්වනං සමාජයට වැඩදායක පුද්ගයෙක් කරගන්න පුලුවන් වෙනවා.
උඔ හිතන්න එපා උඔ ලියලා තියෙන දේවල් “පොර ටෝක්” එකක් කියලා අපි හිතයි කියලා.
2011 මාර්තු 23 දින පෙ.ව. 10:24 ට
බුද්ධි අයියා දන්නවද, පිටරට වල ක්‍රෙඩෙට් කාඩ් හොරු… හැකර්ලා වගේ වුන්ට , ඒ රටවල ආරක්ෂාව සම්බන්ධ ආයතනවල රැකියා අවස්ථා දෙනවා කියලා.
අයාන් කියන ටැමිල් ෆිල්ම් එක එහෙම බලලා ඇතිනේ…
2011 මාර්තු 23 දින ප.ව. 12:05 ට
ඒ බං. මට මෙන්නෙ මේ පොඩි වැඩක් ඔටෝමෙට් කරගන්න තියෙනව ඔය කෝඩ් කෑලි ටිකක් ලියල දීපන්කො. ඇතෙක් බරට වස්තුව. ආයෙ ඒක කරල දුන්නොත් උඹට රජ වෙලා ඉන්න ඇහැකි එන ඉල්ලුමට. [විශේෂයෙන්ම පවුල් කාරයන්ගෙන්]
ටොම් හැන්ක්ස්, ඩි කැප්රියෝ ඉන්න Catch me If You Can එකේ ඉන්න පට්ට හොරාටත් අන්තිමට ආණ්ඩුවේ රස්සවක් දෙනවනෙ [අන්න හොරුන්ට සලකන හැටි]
2011 මාර්තු 23 දින ප.ව. 12:29 ට
හුටා අයියේ උඹ එනපොට හරිනෑ… ඒවට කෝඩ් නෑ බං… යතුරක් විතරයි තියෙන්නේ..
2011 මාර්තු 23 දින ප.ව. 2:57 ට
පොස්ට් එකත් එල කොමෙන්ට් ටිකත් එල එල
2011 මාර්තු 23 දින ප.ව. 4:45 ට
උඹේ කමෙන්ට් එකත් එල ඇ…
2011 මාර්තු 23 දින ප.ව. 3:46 ට
මචෝ. මම ජාවා පාස් උනේ 3 වෙනි පාරටත් කරල. මතක් කරන්න එප… හප්පොයි. ඔක කරන උන් තමයි ඔකෙ කට්ට ගැන දන්නේ. මහ ලොකුවට මම ජාලකරනය ඉගැන්නුවට ජාව මට අරහන්..
\ජය,,
2011 මාර්තු 23 දින ප.ව. 4:49 ට
මමත් ජාවා නම් ඒ හැටි දන්නේ නෑ… ජංජාලෙන් ඉගෙන ගත්තුවා තමා, යාන්තං flash වලින් interface එක හදලා මොබයිල් එකට software කෑල්ලක් හදා ගත්තා බං.
2011 මාර්තු 23 දින ප.ව. 8:17 ට
මාළුවත් වැඩ කරුවෙකනෙ. එළ එළ
2011 මාර්තු 24 දින පෙ.ව. 7:15 ට
නැතුව බෑනේ බං… දියුනුවෙන ලෝකේනේ…
2011 මාර්තු 23 දින ප.ව. 11:57 ට
උඹ ඉස්සර ඉඳලාම හැක් කරපු බව මම දන්නවා හරිය . නොදන්නවා කියන්න එපා . අර සැබූ ගේ බ්ලොග් එක හැක් කරේ උඹ නේද ? උඹ සර්කිට් හදන්න දක්ෂයෙක් කියාල විතරමයි මම හිතාන උන්නේ දැනුයි දන්නේ උඹ මල්ටි ටැලන්ටඩ් කොල්ලෙක් කියලා …
2011 මාර්තු 24 දින පෙ.ව. 7:10 ට
ඒ සදරු තැන්ක්යූ මචං… උඹ මාව තාවත් පොර කරනවා බං…
2011 මාර්තු 24 දින පෙ.ව. 3:22 ට
අප්පා… මාලු අයියා වැඩකරුවෙක් නේ… හැබැයි ටිකා..ක් ටියුබ් ලයිටුත්…
2011 මාර්තු 24 දින පෙ.ව. 7:13 ට
ඈයි නිම්ෂා ටියුබ් ලයිට් කිව්වේ…
2011 මාර්තු 27 දින පෙ.ව. 9:09 ට
ඔන්න ඔෆිස් එකේ දවල් දොලහේ ඉදන් දෙක වැද්දි මොන වඩක්වත් පීසී එකේ කරන්න බැරිලු.ඉතින් ඒ වෙලාවට ගොල්ඩ් ෆිෂ්ට කිවිසුම් යනවා එහෙම වැඩියිලු.
හොදය් හොදයි තනියම ඉගෙන ගන්න එක තමා අයිටි ෆීල්ඩ් එකේ තියෙන්නේ කට්ට.කොහෙද බිට් හිර වෙලා ඉන්නේ.මට සමහර විට උඩව් කරන්න පුලුවන් වේවී.
මචන්ග් විබි ස්ක්‍රිප්ට් පාවිච්චි කරන්න විශේෂ හේතුවක් තිබ්බද ?
ඕක ඩොට් නෙට් වලින් සර්විස් එකක් වීදියට ලිව්වොත් වඩා කාර්යක්ෂමයි නේද ?
2011 මාර්තු 27 දින පෙ.ව. 9:21 ට
හික්ස්… ඩොට් නෙට් දන්නේ නෑ බං.. ඉගේන ගන්න කියලා install කරගන්න එකකුත් නෑ…
2016 ජූලි 5 දින ප.ව. 7:21 ට
සිරා ඕක හෙන ගේමක් දෙන්න ඕන වැඩක් පට්ට අමාරුයි.
ඔයාගෙ වැඩේ නම් එළ