අපි තාම උදේට තේ බීලත් නෑ මල්ලි…. (කාලකන්නි)



කට්ටියට මතක ඇතිනේ… ගෝල්ඩ් fish දෙතුන් ගමනක්ම පොලිසිය ගැන ලිව්වා… ඒ හැම දෙයක්ම ගෝල්ඩ් fish පෞද්ගලික අත්දැකීම්… ඉතිං මේ අද ලියන්න යන එකත් ඒ වගේම එකක්. මේ සිද්ධිය තමා මට අන්තිමටම මූන දෙන්න වුන සිද්ධිය. (අදින් පස්සේ මාව අල්ලලා හිරේ දායිද දන්නෙත් නෑ)

මෙන්න කතාව….

ගෝල්ඩ් fish ගේ මොබයිල් එක රින්ග් වෙනවා…. එතකොට උදේ පාන්දර මං ඔෆිස් යන්න කියලා මූන හෝදන ගමන්… ගිහින් බලපුවම අර… යකරහොටා සීන් එකේ කලුවා.

කලූ… කියපං….

මේ උඹ තාම ගෙදරද?

ඔව් බං… ඇයි මොකෝ සීන් එක?

නෑ …. නෑ… අපි බන්ඩාගේ ත්‍රී වීල් එක අරං ආවා රෙදි ගහන්න, අපිත් එක්කම උඹට ගියහැකි.

ආ… එල එල මං තව විනාඩි 20න් ගාළුපාරට එන්නම්…

හරි … අපි ඉන්නම් වරෙන්…

පස්සේ මාත් යන්තං අහෙන් මෙහෙන් අටව ගෙන දිව්වා. මොකද ඉතිං අපිට අර ගෑණු උදවියට වගේ සාරි අඳින්න, කටු ගහන්න, කොන්ඩේ පීරන්න වගේ සීන් නැහැනේ… දන්නවනේ ඉතිං ගෑණු කෙනෙක් ගමනක් යන්න ලෑස්ති වෙන්න යන වෙලාව. අවම පැයක් තමා….

ඉතිං පාරට යද්දී කලුවා තව යාලුවෙකුයි ඇවිත් ඉන්නවා බන්ඩාගේ ත්‍රී වීල් එකේ… ඒ මදිවට වීල් එකේ “L” අකුරකුත් එල්ල ‍ගෙන. පස්සේ ඉතිං මාත් ඉක්මනට ගිහින් නැග්ගා. දැන් ඔන්න භාන්ඩෙ ස්ටාට් කොරගෙන යනවා. ඔය කොයි දේ වුනත් මට නිකං බයයි බයයි වගේ. මොකද මූ තාම ත්‍රී වීල් එක එලවන්න පුරුදු වෙනවද දන්නේ නැහැනේ… ටිකක් දුර ගිහින් මං ඇහුවා කලුවගෙන් … කලූ… උඹට ලයිසන් තියෙනවද?

කලුවා කියනවා… නෑ බං… තාම ට්‍රයල් පෙන්නුවේ නැහැනේ… ටෙම්පරිය විතරක් තියෙනවා.

හරිනේ… ඔය බබා හම්බුවෙලා තියෙන්නේ… දැං ඉතිං බහින්නයෑ… බහින්න කිව්වට මේ ගල් මූසලයා නවත්තන්නෙත් නෑනේ… මං ඉතිං කටයි අනිත් පැත්තයි දෙකම වහගෙන, ඇ‍ඟේ ලේ ටික සීතල කර‍ෙගන… අන්තිම ලාස්ට් ෆයිනල් පාරට ඒන්ජල්ගේ මව්තුමියට කෝල් එකකුත් අරගෙන ‍වෙන්න යන්න වින්නැහිය කිව්වා. උන්දැටත් හරි සංතේසයි… බෑනා පොඩ්ඩට කෙල වෙන්න යන එකට.

පස්සේ කොහොම හරි යාන්තං පානදුරේට ආවා. යන්තං කිට්ටව විනාඩි 10ක් විතර යන්න ඇති. කලුවාට පාරේ වංගු නෑ… වෙන වාහන නෑ… කහ ඉරි නෑ… ඌට නිකං රේස් ට්‍රැක් එකක් හම්බුනා වගේ තමා… ඊට පස්සේ කලු කියනවා… මේ අපි ගුණානන්ද ප්‍රතිමාව ගාවින් පරන පාරේ දාලා යමං, ට්‍රැෆික් නෑ…. කියලා. කොහොමත් මේ ආපු ටිකටත් ඌට ට්‍රැෆික් තිබ්බේ නැති එකේ… අනේ මන්දා…. මොනා වෙන්න යනවද කියලා….

පස්සේ ඉතිං කොහොම හරි, ඔන්න පරන පාරෙන්…. පානදුරේ නගර සභා පිට්ටනිය, පාර්ක් එක, සෙන්ට් ජෝන්ස් ගෑණූ ස්කෝලේ… ලයිසියම් එක එහෙම පහුකරගෙන දම්රෝ එක ගාවින් දැම්මා අළුත් පාරට… ඊට පස්සේ පාලමට මෙහයින් තියෙනවා… පොලිස් මාර්ග බාධකයක්. මෙන්න බොල එතනින් එකෙක්… පාරට පැනලා හෙන හයියෙන් විසිල් එකත් ගහලා වීල් එක පාරෙ අයිනට කරලා නවත්තන්න කිව්වා. පස්සේ ඔන්න කලුවා අපිට පොර ටෝක් දෙනවා… උඹලා භය නැතුව හිටපල්ලා මං වැඩේ බේරගෙන එන්නම් කියලා… පස්සේ ඌ ගියාම එතෙන හිටිය හමුදාවෙ අයියා කෙනෙක් ඇවිත් කියනවා…. මල්ලී අර පොලිස් කාරයා අමු කැ** කියලා….

පස්සේ ආයෙම කිව්වා… අන්න බොලාට එන්න කියනවා… ගිහින් අහන දේකට විතරක් උත්තර දීලා හිටපල්ලා… කියලා. පස්සේ ඉතිං අපි දෙන්නත් බැහැලා ගියා….

ගියා විතරයි… මූ අහනවා… ඔය දෙන්නට ලයිසන් තියෙනවද?

මගුලක් කතාකරනවා… අපිට කොයින්ද ඕයි ලයිසන්… තිබ්බනම් එක එකාගේ වාහන වල යනවයෑ… කාර් එකක් ගන්නවනේ… කියලා කියන්න ගිහින් කට පියා ගත්තා. අපි සද්ද නැතුව ඉන්නවා දැකලා… මිනිහා අ‍ායේ කියනවා…

මල්ලී.. මේක නම් ලේසි පහසු සීන් එකක් නෙමේ… රුපියල් 5000ක විතර දඩයක් වදින වැඩක්… මොකද කරන්නේ ඉතිං…

ඔන්න කලුවා කියනවා… අනේ සර් එහෙම කරන්න එපා. අපි තාම පර්මනන්ට් වෙලත් නෑ… මේකත් මේ යාලුවෙක්ගේ වීල් එකක්. අදට සමාව දෙන්න සර්… කියලා.

එහෙම බෑනේ මල්ලී… ඊට පස්සේ අඟුලානෙන් ඇල්ලුවොත්, අපිටනේ නඩුව වැටෙන්නේ… අපි චෙක් කරේ නෑ කියලා… ඒක නිසා ඉතිං මොනාහරි කරන්න වෙනවා.

කලුවා අහනවා… මොනාද සර් කරන්න පුළුවන්…

දඩයක් ලියන්න තමා වෙන්නේ… නැත්තං නඩු…

එහෙම කරන්න එපා සර්. අදට සමාව දෙන්න… ආයෙමත් කලුවා නාහෙන් අඩනවා.

පස්සේ එක පාරටම පොලිස් කාරයා කියනවා… අපි තාම උදේට තේ බීලත් නෑ මල්ලී… කියලා…

දැන් නම් ඉතිං මේ වේ*ගේ පුතා එන පොට හොඳ නෑ… අපි‍ට කීයක් හරි පුදන්නම වෙනවා කියලා හිතින් බැන බැන… ඉද්දී… හා එහෙනම් ඔයාලා වීල් එකට යන්න… මං මෙයාව එවන්නම් කියපි.

අපිත් ඉතිං වීල් එකට ගියා. පස්සේ මෙන්න එනවා ගම් බට්ටෙක්… ඌ කලුවාගේ ටෙම්පරි කොලේ දීලා… අත දික් කරගෙන ඉන්නවා. කලුවා කරපු දේ දෙන්න හිටිය රුපියල් 200නුත් 100ක් අරගෙන සාක්කුවේ ඔබාගෙන ඉතුරු සීය ගුලි කරලා දීලා ආපු එක.

අම්මපා අපිව අඟුලානේ චෙක් පොයින්ට් එකෙන් ඇල්ලුවනම් අපි ඇත්ත කතාව කියන්න හිටියේ… මොකද පොලිස් කාරයාගේ හඳුනාගැනීමේ නොම්මරෙත් අපි මතක තියන් හිටියේ… උගේ වෙලාවට පොලිසියෙන් ඇල්ලුවේ නෑ… ඇල්ලුවා කියලා ඉතිං වැඩකුත් නැතිවෙයි. ඌත් ටිකක් ලොකු ගානක් මිට මෙලෙව්වුම ඒ කේස් එක ඩිස් මිස්ඩ්….

ඇත්තටම මේ බ්ලොග් අවකාශේ හැම ජාතියෙම රැකියා කරන අය ඉන්නවා. ඒත් ඔය අපරාධ විමර්ෂන අංශයේ, අල්ලස් හා දූෂන වලකන ඒකකයේ කෙනෙක් නැති එක නම් හරි අඩුවක්. එහෙම හිටියනම් අපිට පුළුවන් තරමින් ඔය ජරා වැඩ නවත්තන්න උදව් වෙන්න තිබුනා.

30 Responses to “අපි තාම උදේට තේ බීලත් නෑ මල්ලි…. (කාලකන්නි)”

  1. සෝරෝ Says:

    අම්මට සිරි දැං අපිට ත්‍රී වීලර් වල යන්න වෙන්නේ නෑ නේ…….. 😀

  2. Praසන්ன Says:

    හොද ය්‍වෙලාවට උදේ අහුඋනේ. දවල් අහුඋනානං එහෙම දවල්ට කන්න අරන් දෙන්නත් වෙනව. 😀

  3. නවම් Says:

    ඔතන දෙපැත්තක් තියනව මචං.

    සමහර වෙලාවට උඹල රුපියල් සීය දුන්නෙ නැත්නං නඩු වැටෙන්න හරි ලොකු දඩයක් හරි වැටෙන්න තිබුන. එහෙම උනොත් හිතෙයි “බලු පොලිස් කාරය බං, අච්චර කියලත් ඌ වැඩේ ශේප් කලේ නෑනෙ කියල” ඊලඟට උසාවි ගානෙ රස්තියාදුවෙලා කන්න වෙන කට්ට උපරිමයිනෙ

    අනික සෙට් එකම ඒ වැ‍රැද්දට උදව් දීලනෙ. එහෙම නැත්නම් කියන්න තිබුනෙ ” නෑ නෑ වෙන මුකුත් කියන්න කරන්න ඕනෙ නෑ, වැ‍රැද්ද අපේනෙ ගහනව දඩයක් !” කියලනෙ. [[අනේ අපි කියයි එහෙම, බලන්නෙ ශේප් වෙලා එන්නනෙ අපි කවුරු කවුරුත්] 😀

    අනික ඒ පොලිස් කාරයට කිසිම ආත්ම ගෞරවයක් නෑ. තිබුනනං පාරෙ වැ‍රැද්දකට අහුවෙච්ච කොල්ලො සෙට් එකකින් උදේට තේ බොන්න සල්ලි ඉල්ලන්න තරං බලු වෙන්නෙ නෑ. ඒකට වගකියන්න ඕන පොලීසියම මිසක් වෙන කවුරුවත් නෙමෙයි. හැමදාම එන අළුත් පොලිස් ලොක්කො කියනවනෙ පොලීසිය සුද්දකරනව කියල. ඒහෙම කරන්න නං ඉතිං උන් සුද්දවෙලා ඉන්න එපැයි ඉස්සෙල්ලම.

    මොනව උනත් අර ප්‍රසන්න කියනව වගේ සතු‍ටු වෙයන් උදේ අහුවෙච්ච එක, දවල් අහු උනානම් ලන්ච් එක අරන්දෙන්නත් වෙන්න තිබුන

  4. malith Says:

    ඔය ජරාවැඩේ නවත්තන්න තිබුන එක්කො උම්බල ලයිසන් එක්ක ඩ්‍රයිව් කරානම් නැත්නම් අරුගෙන් දඩ කොලෙයක් අරගත්තනම්
    මෙතන ඌවගේම උබලත් ජරා වැඩක්නෙ කරල තියෙන්නෙ 😀 😀

  5. සාතන් Says:

    අපරාදෙ බන්… 100ක් වැඩී…. එක පාරක් සාතන් රේස් එකක් පැද්ද කොච්චෙක් එක්ක ( පියාගෙ බයික් එකට පින්සිද්ධ වෙන්න ඌට හිතාගන්නවත් බැරි වෙන්න ඇති මූ කොහෙට අතුරුදහන් වුනාද කියල )… ආපහු දවසක කොච්චෙක්ව වාත කරල සෑහෙන වෙලාවක් ෂේප් එකේ ගෙදර ආව….

  6. mahima Says:

    hoda welawata Thihagoda police ahu une nette.Thihagoda policiye awun kelinma botalayak illanne.Matara pette ona kollek dannawa lankawe mona policiyen berunath Thihagodin berenna be kiyala…….

  7. පිණිබිඳු Says:

    එක දවසක් අපේ අය්ය කෙනෙක්වත් ඔය වගේ හෙල්මට් නැතුව බයික් එකේ ගිහින් අල්ලලා තිබුණ. අන්තිමට පොලීසියෙ කට්ටියගෙ ෆොටෝකොපි වගයක් අරන් දෙන්න කියලා.

  8. ඉලංදාරියා Says:

    ටෙම්පරියෙන් පාරේ යන්න පුලුවන් කිසි අවුලක්නෑ එකනේ බන් ටෙම්පරියක් දෙන්නේ .. එහෙනම් මොනඉලෞවකටද ටෙම්පරියක් දෙන්නේ .. පරේ යන්න දෙන්නේ නෑත්නම්.. ඔයාලට තව් අපොඩ්ඩක් කතා කරන්න තිබුනේ..

  9. බීටා Says:

    නවම් අය්යා කියන්දේ ම තමය් මටත් කියන්න තියෙන්නේ…….

  10. arunishapiro Says:

    ටෙම්පරියෙන් යන්න පුළුවන් රිය පදවන්නාට පමණයි. මඟීන් නම් ලැයිසන් ඇති අය වාහනයේ ඉන්ඳැද්දී පමණයි. හේතුව ලැයිසන් ඇති අය ටෙම්පරියෙන් යන්නාට නිසි ලෙස පදවන්න කියාදෙන නිසා. ටෙම්පරි තියන අය මඟීන් දාගෙන යාම (ලැයිසන් නැති) වාහනයේ දාගෙන යාම නඩු යන්න සිද්ධ වන සීන් එක තමා! ටෙම්පරිය ඇත්තා අතින් මඟීන්ට ජීවිත අනතුරක් වෙන්න ඉඩ කඩ වැඩි නිසා. යාළු මාළුවාට එන්ජල්ගෙ මව්තුමිය සිහි වුනෙත් ඒකනෙ!!

    තව ගොඩක් ඉහළින් අය කිව්වා වගේ තමන් නීති කඩද්දී දඬුවම් දෙන අය කරන වැරදි ගැන කතා කරලා වැඩක් නැහැ.

    ලංකාවේ මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ තියන ‘විහිළු’ නීතියක් මෙහෙම. ලියන්න කියවන්න බැරි අය ලියන විභාගයකට තුන් සැරයක් පෙනී සිටින්න ඕනිලු!! ඊට පස්සේ විශේෂ ඉඩකඩක් යටතේ ග්‍රාම සේවක සහතිකයක් ගෙනාවම වාචික විභාගය ගන්න පුළුවන්ලු. ඒ කියන්නෙ කියවන්න ලියන්න බැරි අයට තුන් සැරයක් දඩ ගහලා ද පස්සෙ වැඩේ කරලා දෙන්නෙ?!?!

  11. thusith Says:

    ane ban ae policiye aekata pin deepan 5000k nodi 100ta wade karala dunnata ubala wage aeun inna nisa tamai apitat wadak karaganna bari salli dunnanam katai pukai wahagena inne natuwwa policiyata aait kiyanna yanne

  12. හිස් අහස Says:

    ඔයිං ගියා මදෑ සතුටු වෙයං අයියේ . උඹලා පොලිස් කාරය එක්ක කට ගහන්න ගියානම් උඹලට නඩුවක් දෙකක් දාගෙන ගල් පල්ලියෙත් ලගින්න ඉඩ තිබුනා . දඩ කොලේ ලීවා නම් . උඹලට ඔයිට් වැඩිය ගානක් ගෙවන්න සිද්ද වෙනවා . සමහරු ඉන්නවා ඔයිට අන්තයි .

    උඹලට හම්බවෙච්ච පොලිස් මෑන් අහිංසකයෙක් වගේ බං පවු පොර ඇත්තටම බඩගින්නේ ඉන්න එකෙක් වෙන්න ඇති . උඹ ආයේ ඔය පාරේ යනවනම් එහෙම . පාන් පෙත්තක් මැදට ළූනු ටිකක් දාලා, ගැඹුරු තෙලේ බැදලා ,උනු අළු පල්ලේ ගහලා,ගෙනිහිං දියං මෙන්න සෑර් බෙරෙක්පස්ට් එක කන්න කියලා

    ඇයි බං උඹගේ පොලිස් පුංචි අම්මා කෝ !

  13. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    පව් බන්ග් රු සීයෙන් මොනවා කරන්නද ? උබලා අගුලානෙදි අල්ලලා ඇත්ත කතාව කිව්වනම් කොලඹ ගිහින් ඉවරයි සහෝ පැය ගාණකටවත් දිගටම නවත්තනවා.රුපියල පහලොස් දාහක පඩි ගන්න පොලිස් කාරයෙකුට වෙන මොනවා කරන්නද හිගා නොකා පගා කනවා මිසක් ?

    ඔය වගේ සෙට් වුණ ගමන් ඒ ලගම පොලොසියේ ඕ අයි සී ට හරි ඒ ඇස් පීට හරි කම්පලේන් එකක් දාපන් එතකොට අර පොලිස් කාරයාගේ ජොබ් එකට බඩු හරි චාර්ග් ශීට් එක විභාග කරනකම් පඩි නැති නිවාඩු.

    අරුණි අක්කායි නවම් අයියායි ලියපු දේවලුත් ඇත්ත.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: