අවුරුද්දයි… නත්තලයි… එකතු වුනාම…?


මේක නම් හෙන සතුටු හිතෙන කතාවක්. මං කාලෙක ඉඳන් දැක්ක ලස්සනම හීනයක්. හැබැයි කවදාවත් හැබෑ වෙන එකක් නම් නෑ… ඒත් මං ඒ හීනෙට හරි කැමතියි. මේකයි හීනේ… ගෝල්ඩ් fish චූටි කාලේ ඉක්කෝලේ යන දවස් වල ඉඳන්ම ආසයි කල්චර් එක මික්ස් කරගන්න. ඒ කියන්නේ සංස්කෘතිය අජපල් කරගන්න. ඒ තේරෙන්නෙත් නැත්තං… වෙන ආගමක කෙල්ලෙක්ව කසාද බඳින්න.

මට ඔය අදහස මුලින්ම ආවේ අර ෆාතිමා කියන ලස්සන බෝල ඇස් තියෙන කෙල්ල මට විභාගේ තියෙන දවස් වලට ඉස්කෝලේ, අපේ පන්තියේ දැලේ එල්ලිලා බලාගෙන ඉන්නවා දැකපු කාලේ… ඉතිං කොහොමහරි ඒ සීන් එක නැත්තට නැතුව ගියාට එදා ඇතිවෙච්ච සිතුවිල්ල නම් පන ඇද ඇද පපුව ඇතුලේ ති‍බුනා. තාමත් තියෙනවා.

මොකද එතකොට මට පුළුවන් එයාලට විතරක් විශේෂ වෙච්ච කෑම වර්ග කන්න. අර රාමසාන් උපවාස කාලෙට උපවාසේ අත්හරින වෙලාවට දෙන … කංජි කියලා හඳුන්වන කැඳ වර්ගය… (සමහරවිට කංජි කියන්නෙත් කැඳ කියන එකම වෙන් ඇති) ඒකේ රස… ඒ වගේ කැඳ මුට්ටියක් වුනත් බොන්න පුළුවන්. එතකොට එයාලගේ පූජනීය ස්ථාන නරඹන්න. ඒ වගේම එයාලගේ සංස්කෘතිය ගැන ඉගෙන ගන්න. ඒ විතරක් නෙමේනේ අපි නොදන්න මුස්ලිම් අයට විතරක් වෙන් වෙච්ච දේවල් කොයි තරම් තියෙනවද? ඉතිං මං ආසයි ඒවා ගැන දැනගන්න. හැබැයි අර තව සීන් එකක් තියෙනවා ඒකටනම් ආසම නෑ… වැඩිපුර නැහැනේ ඒක නිසා.

ඊට පස්සේ දෙමළ අය ගැන. දෙමළ අයගෙන් මං ආසම අර ගෑණූ ළමයි අත්වල අඳින මෙහෙන්දි ආර්ට් වලට. අම්මෝ ඒවයේ ලස්සන. නිකං ගොට්ටක් වගේ එකක් මිරිකලා අතේ අල්ලේ අඳින්නේ…. අන්න ඒක. ඒ වගේ ආර්ට් එකක්  කරන්න මනා පුහුණුවක් අත්‍යවශ්‍යයි. ඒ වගේම එයාලාගේ කෝවිල් වල තියෙන උත්සව වලට. කෝවිල් වලදී සද්දෙට බෙර ගහලා… ඇ‍‍ගේ කටු ගහලා… එක එක පූජාවන් කරන්නේ… ඒවටත් මට සහභාගී වෙන්න පුළුවන් දෙමළ කෙනෙක් බැඳගත්තොත්…  ඊට පස්සේ එයාලට වෙන් වෙච්ච කෑම වර්ග. තෝසේ, වඩේ… වගේ ඒවා… ඇයි යකඩෝ එයාලා අඳින තද පාට සාරී… රතුයි කොලයි වැඩි පුර මිශ්‍ර වෙච්චි ඒවා. ඒවා කොයි තරම් තද පාට වුනත් මට නම් හරිම චාම්… හරිම ලස්සනයි… ඊට පස්සේ ඊෂ්වර දෙවියෝ ගැන, විෂ්ණු දෙවියෝ ගැන කොයි තරම් කතා ඇත්ද ඒ ගොල්ල ගාව. මං ආසයි ඒවයින් එක දෙකක් වත් අහන්න. ඊට පස්සේ විවාහය දාට එයාලගේ ඇ‍දේ අතුරන රතුමල් පෙති… ඇයි.. ඇයි… අර දෙන්නා එක්ක ගිනි වලයක් වගේ එකක් වටේ යන හැටි… ඒවා කවදාවත් මට අත්විඳින්න ලැබෙන්නේ නැහැනේ… 😦

ඊට පස්සේ ක්‍රිස්තියානි අය. මේකනම් වෙන්න පුළුවන් සම්භාවිතාව ගොඩක් ඉහලයි. වැරදිලාවත් වුනොත් එහෙම මට පුළුවන්… හැම ඉරිදාම පල්ලි ගිහින්, දේව මෙහෙයට සහභාගී වෙන්න… ඊට පස්සේ නත්තලට නත්තල සමරන්න. ඊට පස්සේ අර ක්‍රිස්මස් කේක් කියන රසම රස කේක් කන්න. එතනින් ගියාම… ක්‍රිස්තියානි ආගම ගැන ටිකක් ඉගෙන ගන්න. මං දැනට නම් දස පනත ගැන චුට්ටක් විතර දන්නවා. ඊට පස්සේ පල්ලියේ තියෙන විවාහ උත්සව වලට සහභාගී වෙන්න. ඒ වගේ ගොඩක් දේවල් මට කිතුදහම හා එයාලගේ සංස්කෘතිය ගැන ඉගෙන ගන්න පුළුවන්….

ඒ ඔක්කොමත් එක්කම, වෙන ආගමක කෙනෙක්ව හැම පෝයටම පන්සල් එක්කං ගිහින් පන්සලේ කෙරෙනවතාවත් වලට සහභාගී කරවගන්න. එතකොට එයා අහන ප්‍රශ්න වලට මං දන්න තරමින් උත්තර දෙන්න. ඊට පස්සේ මං දන්න කියන ජාතක කතා… ඊට පස්සේ අපේ සංස්කෘතිය ගැන, ඉතිහාසය ගැන කියලා දෙන්න වගේ ගොඩක් දේවල් මට කරන්න පුළුවන්. ඒ වගේම සිහල අළුත් අවුරුද්දට අපි කරන චාරිත්‍ර වාරිත්‍ර ගැන කියලා දෙන්න…අපේ කෑම ගැන රස කර කර කියන්න… අම්මෝ තව කොච්චරක් නම් තියෙනවද?


ඒත් ඒ හැම දේකටම තාමත් ලාවට වගේ වැඩිහිටියෝ සතු හනමිටි අදහස් වල අඳුරු සෙවනැල්ල වැටිලා. ඔය ගෝල්ඩ් fish උඩින් දාලා තියෙන්නේ එක එක ජාතීන්ගේ වැඩියෙන්ම හිත ගිය තැන් විතරයි. තවත් ඕනෙ තරම් තියෙනවා මං ගොඩක් ආසාවෙන් ඉන්න. ඒත් ඉතිං මට මේ එක ආගමකට කොටු වෙලා ඒවා අත්විදීන්න බැහැනේ. බැයිද දන්නේ නෑ… සර්ව ආගමික විදියට ආගම වෙනස් කරගන්න. මං ඔය මොකක් හරි වෙන ආගමක කෙල්ලෙකුට ලාවට වගේ කැමති… මම දන්න බුද්ධාගම ඇරෙන්න තව එක ආගමක්වත් පුළුවන් තරම් දුරකට දැන කියා ගන්න පුළුවන් නිසා. ඒත් ඒක මේ කපේදී වෙන එකක් නම් නෙමේ…

ඉතිං ඔය කොයි ආගමේත් අය බ්ලොග් ලියන එකේ කාටහරි පුළුවන්නම් අපි වගේ උන තියෙන එවුන්ට තම තමන්ගේ ආගම ගැන කියලා දෙන්න… මං දන්න, අදහන ආගමේ හැටියටනම් ලොකු පිනක් සිද්ධවෙනවා.
අනිත් එක නිකමට හිතලා බලන්න… ක්‍රිස්තියානි කෙනෙකුයි බෞද්ධ කෙනෙකුයි විවාහ වුනොත්… ඒ දෙන්නට හැමදාම ඉරිදාට පල්ලියන්න පුළුවන්, ඊට පස්සේ දෙන්නටම නත්තල් තියෙනවා… දෙන්නටම අවුරුදු තියෙනවා… දෙන්නටම එකට පන්සල් ගිහින් මල් පූජාකරන්න පුළුවන්… ඔය වගේ තව කොයිකරම් නම් දේවල් තියෙනවද… මං හිතන්නේ ඒ වගේ වෙන ආගමකින් විවාහයක් කරගන්න පුළුවන් වුනොත් අපි නොදන්න ගොඩක් දේවල් ගොඩක් සතුටින් අපිට විඳින්න පුළුවන්. හැබැයි… කවදාකවත් ඒ විවාහයේදී එක් කෙනෙක් වත් තමන් අදහන ආගම අතහැරලා අනිත් අනිත් ආගමට නොයනවනම් විතරයි ඒ වගේ ලස්සන තෘප්තිමත් අත්දැකීම් විඳින්න පුළුවන් වෙන්නේ…

මට නම් කොහොමත් ඒ අත්දැකීම විඳින්න හම්බුවෙන්නේ නෑ කියලා ෂුවර්. ඒත් ඉතිං තාමත් සහකාරයෙක් / සහකාරියක් නැති අය ඉන්නවනම් මේ පිළිබඳ ටිකක් හිතලා බලලා… හිත යොමු කරාට වරදක් නැති වෙයි කියලයි මට නම් හිතෙන්නේ… අනේ මන්දා… මේක ඉතිං මගේ පෞද්ගලික අදහස විතරයි ඕං. කාට හරි පුළුවන් කමක් තියේනම් අපි වගේ බෞද්ධයන්වත් තම තමන්ගේ උත්සව අවස්ථා වලටවත් සහභාගී කරගන්න ඒක ඇත්තටම ලොකු පිනක් මං හිතන්නේ. මොකද මං නම් පුළුවන් හැම වෙලාවෙම අනිත් ඒ ‍වගේ උත්සව වලට සහභාගී වෙනවා. මගේ මුස්ලිම් යාළවෙක් එක්ක මං දවස් දෙක තුනක්ම, එයාලා රාමසාන් උපවාසය ඉවර කරන මොහොත ගෙවල දාලා තියෙනවා. ඒත් අවාසනාවට මුස්ලිම් විවාහ උත්සවයක් මට මග හැරුනා. ඊට පස්සේ‍‍‍…ක්‍රිස්තියානි පල්ලියටත් දෙතුන් ගමනක් ගිහින් තියෙනවා. විවාහ උත්සව වලටත් සහභාගී වෙලා තියෙනවා. ඒත් තාම කෝවිලක උත්සවේකටනම් යන්න වෙලා නෑ… කොටින්ම කෝවිලක් ටීවී එකේ දැක්කට හැබැහින් ගිහිල්ලා ඇතුලේ තියෙන්නේ මොනවද කියලවත් දැකලා නෑ…

ඉතිං මට තාම හිතාගන්න බෑ…. ඒ විදියට අවුරුද්දයි, නත්තලයි එකතු වුනාම කොයි තරම් ලස්සන ලෝකයක් මැවෙයිද කියලා…

පොඩි ප්‍රශ්නයක් නැගෙනවා ඒ වගේ වෙලාවට… ඒ තමයි උපදින දරුවන් මොන ආගමේද කියන එක. ඒකටනම් මටත් හරියට උත්තරයක් දැනට නම් නෑ… සමහරු කියනවා තාත්තගේ ආගමේ වෙන්න ඕනේ කියලා. ඒත් මට හිතනේනේ උප්පැන්නෙට මොන ආගම දැම්මත් ළමයිනුත් ආගම් දෙක තුනක් ඉගනෙ ගත්තාට වැරැද්දක් නෑ කියලයි. සමහර විට මං වැරදි ඇති. ඒත් ඉතිං මේ ගෝල්ඩ් fish හිතන ස්ටයිල් එකනේ…


45 Responses to “අවුරුද්දයි… නත්තලයි… එකතු වුනාම…?”

  1. හසී Says:

    අම්මපා මාළුවාත් හිතන දේවල්.. මං කෝවිලක වෙඩින් එකකට ගිහින් තියේ හරිම ෂෝයි.මං කලින් වැඩ කරපු තැන යාලුවෝ දෙන්නෙක් ඉන්නවා කෙල්ල මුස්ලිම් කොල්ලා දෙමළ.. එයාලාගේ වෙඩින් එක අලුත්ම අත්දැකීමක් වෙයි…

  2. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    මම පොඩි කාලේ මක්කම යන්න ඕනේම කියලා අඩලා ඒත් මොනවා කරන්නද මක්කම මුස්ලිම් ණති අයට හරාම්.දැනට මගේ පවුලේ දෙන්නෙක් (ලගම නැදැයෝ) ta හින්දු සහ කතෝලික සහකාරයෝ සහකාරියෝ ඉන්නේ ඒක හින්දා ඒ ගොල්ලන්ගේ උත්සව වලටනම් ටික ටික යනවා.මුස්ලිම් ගැන කතා කලොත් රාමසාන් උත්සවය සමරන්න සමහර දවස්වල මුස්ලිම් අයගේ ගෙදර ගිහින් තියෙනවා මම පොඩි කාලේ වැඩි හරියක් ගත කලේ මුස්ලිම් ගෙදරක (බේරුවෙල ) දැන් වුණත් මට වඩා අපේ තාත්තාව ඒ ගොල්ලෝ ගණන් ගන්නේ පවුලේ කට්ටිය විදියට.
    ඔයාගේ අදහස් ඉතාමත් හොදයි උසස්.හැබැයි සහෝ අර කියනවාත් වගේ පටු අදහස් තියෙන ඇයෝ ඉන්නකම් සාර්ථක කර ගන්න අමාරුයි හැබැයි බැරි නැ

    මුස්ලිම් මගුල් ගෙයක , මල ගෙයක ගිහින් තියෙනවාද ? මම හිතෙන විදියට හුගාක් ප්‍රශ්ණ අඩුම මල ගෙවල් මගුල් ගෙවල් තමා ඕක.දැන් වැඩට යන්න ඕනේ පස්සේ මම ඒ ගැන විස්තර කියන්නම්

  3. පිණිබිඳු Says:

    හ්ම්ම්.. මම නම් ඔය අත්දැකීම විඳින කෙනෙක්. අපෙත් අවුරුද්දයි නත්තලයි එකතු වෙන්නයි යන්නෙ.

  4. අකිකරුහිත Says:

    මේක නම් මරු අදහසක්…

  5. Gayan rupasinghe Says:

    අදහස නියමයි යාලුවේ. ඒත් ඔව්වා ක්‍රියාත්මක කරන්න ගියාම රටේ නැති ලෙඩ සෙට් වෙනව නෙ. නිකමට හිතහන්. ඔන්න මුස්ලිම් කෙල්ලෙක් එක්ක යාලු උනා කියල. ඔන්න යාලු උන දා ඉදන් හිතේ දෙගිඩියාවක් තියෙනවා මොකද කෙල්ල එක්ක යාලු උනානම් ඒකිව අත ඇරල යන්න මට හිතෙන්නෙ නෑ. ඒත් එන ප්‍රශ්නත් එක්ක එහෙම නොකර බැරි වෙන්නත් පුලුවන්. උබේ අදහස නම් අනර්ඝයි. මමත් අවුරුදු 4ක් යාලුවෙලා උන්නා මුස්ලිම් කෙල්ලෙක් එක්ක. මේ ලමයාගෙ අම්ම සිංහල තාත්තා මුස්ලිම්. මේ කෙල්ල ඉස්කොලෙදි මුනුන දෙන ප්‍රශ්ණ එහෙම මට ඇවිත් කියනව ඉස්සර. පව් ඒ සම්බන්දෙ නැවතුනෙත් එයාගෙ තාත්තා ගෙ උවමනාවට. හොදටමා අඩල අඩල කෙල්ල ගියා. ඔන්න ඔව හිතන්න ඔනෙ යාලුවේ කරන්න කලින්.

  6. නවම් Says:

    සංකල්පයක් විදියට ලස්සන උනාට මේක අපි නොහිතන තරං සංකීර්ණ දෙයක්. සංස්කෘතීන් දෙකක්, ආගම් දෙකක් එකතුවීමේදී වෙන්නෙ එකක් අනික ඇතුලෙ සම්පූර්ණයෙන්ම දියවෙලා යන එක. ඒකට මම හිතන්නෙ නෑ ගොඩක් දෙනා කැමතිවෙයි කියල. ඒත් මතුපිටින් හරිම සුන්දර, අපි හැමෝම බලාපොරොත්තු වෙන හීනයක් මචං.

  7. shanu Says:

    හ්ම්ම්ම්ම් මමටත් ඒ අත්දැකීම විදින්න පුලුවන් අපි දෙන්නත් ආගම් දෙකක නිසා

  8. malith Says:

    මමත් ඔය වැඩෙට ට්‍රයි එකක් දෙන්න කියල ඉන්නෙ අපේ ගෙදරින් නම් කිසි අවුලක් වෙන එකක් නැහැ ඒත් අනිත් පැත්ත තමයි ටිකක් අවුලක් ආවොත්

    උපදින පොඩි එවුන් මොන ආගමේ ද කියන ප්‍රශ්නෙ එන්නෙ නැහැනෙ සහෝ මොකද උප්පැන්නෙට අගම දාන්නෙ නැහැනෙ
    අනිත් එක වැදගත් වෙන්නෙ පොඩීකා හොදට හාදාගන්න එකනෙ ඒකට මොන ආගමෙනුත් හොද දේවල් තියෙනව

  9. haree Says:

    “මේකනම් වෙන්න පුළුවන් සම්භාවිතාව ගොඩක් ඉහලයි.” ඕක නම් මොකක් හරි හිතේ තියාගෙන දාපු එකක්……. 😛

    “පොඩි ප්‍රශ්නයක් නැගෙනවා ඒ වගේ වෙලාවට… ඒ තමයි උපදින දරුවන් මොන ආගමේද කියන එක. ”

    මේකට නම් මාත් එකඟයි ඕක තමයි තියන ලොකුම ප්‍රශ්නය….දරුවන්ට ආගමක් නැතිවීම…දරුවන් තමුන්ගෙ ආගම අදහනවටනෙ ගොඩක් අය කැමති…එතකොට වෙන්නෙ අනික් කෙනාගෙ ආගම අදහනවට දෙදෙනාම විරුද්ධ වෙන්න පුලුවන් හෝ උනන්දු නොකරන්න පුලුවන්..ඊට පස්සෙ පොඩි වුන්ට ආගමක් නැති වෙනවා..

    මම අඳුනන එකෙකුත් ඉන්නවා අම්මයි තාත්තයි දෙපැත්තට ඇදපු නිසා ආගමක් නැති වෙච්ච…..

    ඒක 100% ම කියන්නත් බෑ මොකද? මම දන්න කිතුනු පූජකතුමෙක් ඉන්නවා එයාගෙ අම්මා බෞද්ධ…මර්සලීන් ජයකොඩි පියතුමා ගැනත් දන්නවා ඇතිනෙ…

    ලමයි හුඟක්ම යන්නේ අම්මගෙ ආගමට තාත්තගෙ ආගමට නෙමෙයි……

    හොඳ මාතෘකාවක් ගැන කතා කිරීමට ස්තුතියි……..

  10. සෝරෝ Says:

    උඹ කසාද කීයක් කරගන්නද හදන්නේ………… 😀

  11. arunishapiro Says:

    මුස්ලිම් ලෙස වෙස්වළා ගත් ක්‍රිස්තියානි භක්තික සර් රිචඩ් ෆ්‍රැන්සිස් බර්ටන් මක්කම වන්දනා කරන්න ගිහින් තියනවා. කැමති අයට මෙතැනින් විස්තරය කියවන්න පුළුවන්: http://www.eyewitnesstohistory.com/mecca.htm

  12. හිස් අහස Says:

    රන් මාළුවාගේ තවත් රන්වන් නිර්මාණයක් . මමනම් සිංහලයොන්ගේ ඇරෙන්න අනික් කිසිම ජාතියකගේ උත්සව වලට සහභාගී වෙලා නෑ . ඒ වෙන මොකවත් නිසා නෙවේ .අපේ ගමේ ඉන්නේ සිංහල අය විතරයි අපට වෙනත් ජාතීන්ගේ යාළුවෝ අඩුයි .

    උඹ හිතන විදිහ දැන් අමුතුයි . .

  13. සාතන් Says:

    🙂 සාතන් කැමති කල්චර් එක මික්ස් කරන්න නෙමෙයි කඩන්න…. මොකද ඔය කල්චර් එකට කවර් වෙලා මෙලෝ රහක් නැති දේවල් සිද්ධ වෙන හින්ද…. සාතන්ට ඕන වුනහම නාහෙන් අඬ අඬ ඉන්නෙ නැතුව කල්චර් එක බැරිනම් වෙන එකක් කඩල හරි ගේම ‍ගහනව….

    …………………………………………………………………………………………………………………
    කල්චර් මික්ස් කරන එක ගැන සාතන්ට තියෙන්නෙ පොඩි ප්‍රශ්නාර්ථයක්…. පිටින් පේන තරම් සරල නෑ බන් කල්චර් දෙකක් මික්ස් වෙන එක…. සිංහල බෞද්ධම වෙලත් අපේ උඩරට පහතරට කියන උන් අතරෙ තියෙන හීනි යුද්ධ බලපන්කො…

    • ගෝල්ඩ් fish Says:

      ඒකනේ මචං කිව්​වේ.. අර හන මිටි ටික බිමින් තියන කං කිසිදෙයක් කරන්න බෑ කියලා…

      • සාතන් Says:

        කල්චර් මික්ස් කරන එකේ ප්‍රශ්න එන්නෙ හණ මිට් අදහස් හින්දම නෙමෙයි බන්… හණ මිටි ටිකෙන් ප්‍රශ්න එන්නෙ ඕක මික්ස් කරගන්නකන්…. මික්ස් කලාට පස්සෙ තමයි නියම ගේම තියෙන්නෙ… සරලව ගනින්කො කොරියන් කාරයෙකුයි අපේ එකෙකුයි සෙට් වුනා කියල…. කොහෙමද කොරියන් කාරය දෙන්නට කන්න නයෙක්ව හරි ගැරඩියෙක්ව හරි තම්බන් ආවොත්… :))

        ( උඹේ අදහස නියමයි… හැබැයි උඹේ අදහස කල්චර් දෙකක දෙන්නෙක් බඳින්න ඕන කියන එකනම්… සාතන් නෑ ඕවට… කල්චර් 2ක නෙමෙයි 1ක දෙන්නෙක් බැන්ඳත් ප්‍රශ්න වලින් අඩුවක් වෙන්නෙ නෑනෙ… )

      • ගෝල්ඩ් fish Says:

        වැදගත්ම ප්‍රශ්නේ මතු කලේ උඹ තමා… ඇත්තට මොනා වෙයිද බං…?

      • තාරක Dilsh@n Says:

        මේකට පහළින් තියෙන් එකට මේ කොමෙන්ට් එක, එතනට ඔබන්න විදියක් නෑ.

        මම දන්න චයිනීස් කෙල්ලෙක් ඉන්නවා. යාලු වෙලා ඉන්නෙ ඒ රටේම වෙනම පැත්තක කොල්ලෙක් එක්ක. මේකි උයන කෑම කොල්ලට කන්න බෑලු. හැබැයි කොල්ල හදන ඒව කෙල්ලට කන්න පුලුවන්ලු. අනේ ඉතිං අර කොල්ලලු හැමදාම කන්න හදන්නෙ.

        මාලුව හිතන විදියනම් ෂෝයි

      • ගෝල්ඩ් fish Says:

        තෑන්ක්ස් මචං… මොකද කියන්නේ ට්‍රයි කරලා බැලුවොත් හොඳ නැද්ද?

      • තාරක Dilsh@n Says:

        දාන්න ඕන තැනටම තමා වැටිල තියෙන්නෙ 🙂
        ඒකිට 25ක් විතර බන්. අනික චයින වල ඉන්නෙ. තාත්තගෙ බිස්නස් වැඩකට මෙහෙ ආවහම හම්බවුනේ.
        දාගත්ත වගේ නෙමේ, හැමදාම හදල දීපන්කො කන්න

  14. සිඟිති Says:

    ඔන්න අපේ මඟුල් ගෙදර ආවොත් නං පල්ලියෙත් බැඳල පෝරුවටත් නගිනව බලන්න පුඏවන්. අපි දෙන්න දැනටත් නත්තලට පල්ලි ගිහින් වෙසක් එකට පන්සල් යනව. දෙන්නට දෙන්න තේරෙනව නං ‍ආගම, සංස්කෘතිය කිසිම ප්‍රශ්නයක් නෙවි. සැබෑ අත්දැකීමෙන් මම නං කියන්නෙ. හැබැයි අර වැඩිහිටි අයගේ හණමිටි ටික බිම තියන්න අමාරු නිසා දෙන්නට වඩා ප්‍රශ්න තියෙන්නෙ වටපිටාවෙ ඉන්න වැඩිහිටියන්ට. ඒකටම කියන්න දෙයක් තියනව. අපි දෙන්නම ඒ හණමිටි බිමින් තියපු දෙමව්පියො ලබන්න තරම් ගොඩක්ම ගොඩක් වාසනාවන්තයි.
    මරු පෝස්ට් එක අයියෙ.

  15. චතුරංග Says:

    අපි දෙන්නත් පන්සලයි කොවිලයි එකතු කරන්න හදන්නෙ.අපේ මුතුන් මිත්තන්ගෙ කාලෙ ඉදල එන අදහස් නිසා ඉස්සරහට මොනවගේ සටනක් කරන්න වෙයිද කියල නම් දන්නෙ නෑ.

    • ගෝල්ඩ් fish Says:

      අනේ දෙයියනේ කොහොමහරි මුන් දෙන්නව එක්කහු කරන්න… වාසනාවන් මචං…

      උඹට උලුඳු වඩේද, තොසේද, අල බෝලද … අම්මෝ කෙලත් උනනවා… නියමයි මචං. පැනලා ගිහිං හරි බඳින්න. ජයවේවා…!

      • චතුරංග Says:

        මං තෝසෙ කන්න ආස නෑ බන්.මම එයාලගෙ ගෙදර ගියාම(යලුවෙක් විදිහට.) කෑමක් දුන්නා ඇපත් නෑ.සැලකිලි නම් උපරිමයි.කෑම නං පට්ට.

  16. දොරේ Says:

    අඩෝ මම මුස්ලිම් වෙලා හත් දෙනෙක් බඳින්වා.කොහොමද ආතල් එක දවස් 7 ට එකිනෙකට වෙනස් එව්වා 7ක්.
    ජෛව විවිධත්වය තමයි.


malith වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: