අනේ ගෝල්ඩ් fish ට වෙච්චි දෙයක්. පෙරේදා හෙන කයිවාරුවකුත් ගහලා කිව්වානේ රා බොන්න අම්බලන්ගොඩ යන්න ඕනෙ කියලා. අනේ ඉතිං කරුමේ කියන්නේ… කාටවත් නවත්තන්න පුළුවන් එකක් නොවෙයිනේ. ඒක නිසා කරුමේ මටත් කෙලියා. ඊයේ උදේ නැගිටිනකොට පාන්දර 8.30යි. රා ටික විනාකිරි වෙලා. කරුමේ තමා. පෙරේදා රෑ හෙන කලින් නිදාගෙනත් ඇහැරුනේ නෑ කියද්දී… ෆෝන් එක සයිලන්ට් දාලා තිබිලා ඒ මදිවට. මගේ අම්බලන්ගොඩ යාළුවාගෙන් මිස්ඩ් කෝල්ස් 15ක් විතර තිබ්බා. අන්තිම එක 7.45ට. පස්සේ නැගිටලා කෝල් කලාම….
නරියෝ… දැන්නම් එන්න එපා… තෝ ඔහොම්ම තව ටිකක් බුදිය ගනින්… ඔටුවා… කියලා කිව්වා. ඉතිං අර රා බොන්න මවා ගෙන හිටිය හීන ඔක්කොම ටික… විනාකිරි වලට ආප්ප සෝඩා දැම්මා වගේ පෙන ගහලා උතුරලා නැත්තටම නැතුව ගියා… අනේ ඇයි මටම මෙහෙම වෙන්නේ…?
ඊට පස්සේ අර වාහනයක් ලීස් කරන්න ගිය මහේෂ් අයියගෙන් කෝල් එකක්.
අඩෝ… මේ අරකි එන්නේ බෝධියට නෙමේ බං… බෙල්ලන්විලටළු. උඹ එනවද යන්න?
ගහෙන් වැටිච්ච කොකටුවා වගේ උන්න මට තව මරාලයක්. කොහොමත් ගෙදරින් එලියට ගියේ නැත්තං මට ගෙදරට වෙලා ඉන්න වෙන නිසා… හා.. යමන්… කීයටද එන්න ඕනේ? කියලා ඇහුවා.
10 විතර වරෙන්…
හ්ම්… මං එන්නම් කියලා ෆෝන් එක තිබ්බා….
ඊට පස්සේ අර එදා වගේම ජැන්ඩියට ඇඳගෙන මාත් ගියා මූ කියපු තැනට. ඊයේ නම් වෙලාවට ඇවිත් තිබුනා. පස්සේ මතුගම බස් එකක නැගලා යන ගමන් කෙල්ලෙක් ගෝල්ඩ් fish දිහා බලනවා. ඒකිගේ තාත්තා මහේෂ් දිහා බලනවා. පස්සේ මං මහේෂ්ට කිව්වා විතරයි…
හාලෝ… සිරිසේන අයියේ… කියාගෙන මේ ගස් රිලවා මාවත් තියලා ගියේ නෑතෑ එතෙන්ට. ඌ ගිහින් සිරිසේනට ටෝක් කරන අස්සේ කෙල්ල මට ටෝක් කරනවා. අනේ අම්මේ ලැජ්ජාවේ බෑ. බස් එකේ මිනිස්සුත් බලාගෙන. කෙල්ල මොනාද කිව්වේ කියලා නම් අහන්ට එපා… කියන්නේ නෑ එව්වා. මොකද අපි කතා කොලේ ඇස් වලින්ලු. ඒ කතා කරපුවා අනිත් අයට තේරෙන්නේ නෑ… මං නම් ඇස් දෙකෙන් කිව්වෙම… මොකද යකෝ තෝ මගේ දිහා බලාගෙන ඉන්නේ… හුස්ම ගන්නේ වත් නැතුව… මැරෙයි යකෝ ඔහොම ගියොත්, ගැඹුරු හුස්මක් අරං හිටපිය කියලා… කෝ කෙල්ල නෙමේ අරින්නේ.. ඒකිත් ගේමට… අනේ අයියා මං ඔයාට ආදරෙයි කිය කියා… මරන්න බැඳලා ඉන්න වැස්සියෙක් වගේ මගේ මූන දිහා බලාගෙන ඉන්නවා… ඕවා ඉතිං වෙලාවට ඇස් දෙකෙන් කිව්වේ… නැත්තං ඉතිං කෙල්ලගේ තාත්තා මාව එවෙලේම බන්දලා… උගේ බෑනා කොරගන්නවා.
ඊට පස්සේ දෙහිවලින් බැහැලා ගියා අපේ මහේෂ් අයියාගේ කෑල්ල බලන්න. ඒ ගියෙත් බෙල්ලන්විලට නෙමේ මහරගමට. අනේ අප්පේ මුගෙත් වැඩ. ඒ යන ගමන් තව එකකට ටෝක් එක. පස්සේ බලද්දී කලින් ඉරිදා පොර ගෙදර එවුන් එක්ක ඒකිවත් බලන්න ගිහිං. ඊට පස්සේ යද්දී ඒ ගෑනු ළමයත් ඇවිත් හිටය නිසා ඒ දෙන්නට පවුල සැලසුම් කොරගන්න කියලා මාත් පැත්තකට වෙලා ඉඳියා. ඉතිං බොරලැස්ගමුව එහෙම පාස් කොරගෙන මහරගමට ගියාම ගෝල්ඩ් fish ට මතක් වුනා…. අපේ බ්ලොග් සහෝදරියක් ඉන්නවා නේද මේ කිට්ටුව කියලා. මොනා වුනත් එයාලගේ ප්‍රාන්තෙට ඇවිත් නොකියා ගියාම හොඳ නෑනේ කියලා හිතලා… මැසේජ් එකක් යැවුවා…
mama den oyalage praanthe inne. කියලා…. මෙන්න බොල රිප්ලයි එනවා… Ape pranthe mak koranawada? Magen awasara nethuwa mehe hakkalan karanna be. apu athak balagena yanawa hondai. කියලා… අනේ ඉතිං හීනෙකින් වත් හිතුවද මෙහෙම දෙයක්. අනිත් එක දෙහිවල – මහරගම ඒරියා එකේ ලොක්ක මං දන්න විදියට මෙයා නෙමෙයි. ඒත් කියන්න බෑ… අළුත් ඡන්දෙන් පත්වුනාද දන්නෙත් නැහැනේ… දැන් ඉතිං ඔය කවුරු කවුරුත් දෙහිවල ඉඳන් මහරගමට යනවා නම් මෙයාගෙන් අවසර අරං යන්ට ඈ… නැත්තං ඉතිං කියන්න බැහැනේ… සමහරවිට අර බර්මියුඩා ත්‍රිකෝනෙට යන නැවු වගේ ආයේ එන්න වෙන එකකුත් නෑ.
පස්සේ ඔන්න මහේෂ් අයියත් උගේ කතා බහ ඉවර කරගෙන ආවා ගෝල්ඩ් fish ඉන්න තැනට. ඇවිත් මූ අහනවා… ඒ බං වෙලා වැඩියි දැන් මොකද කරන්නේ…? මාව එක්කගෙන ඇවිත් ඌ මගෙන් අහනවා මොකද කරන්නේ කියලා. පස්සේ ඉතිං මං කිව්වා සත්තු වත්ත බලන්න යමං කියලා. ඒත් පස්සේ තමා මීටර් වුනේ මං ආවේ කොල්ලෙක් එක්කනේ… කියලා. ඒත් පරක්කු වැඩියි එතකොට… මහේෂ් අයියා වැඩේට එකඟ වෙලා. පස්සේ ඉතිං මං දන්නෙත් නෑ ඌ දන්නෙත් නෑ… මහරගම ඉඳන් සත්තු වත්තට යන්න. ඒක නිසා ආයේ මත් අර ඒ ප්‍රාන්තය භාර අළුත් ලොක්කිට කෝල් එකක් දීලා… යන්න ඕනෙ බස් එකයි, පාරෙ විස්තරයි ඇහුවා. එයත් මං එවෙලේ හිටිය තැන අහගෙන කියනවා…
ඔහොම ඉස්සරහට යන්න… ෆුඩ් සිටි එක කෙලින් යන්න… ෆුඩ් සිටි එක ඇතුලට යන්න එපා… කෙලින් ඒක ඉස්සරහින් යන්න… කියලා. ඇත්තටම මං හිතන් උන්නේ 119 බස් ගහන්නේ ෆුඩ් සිටියේ ඇතුලේ කියලනේ… 😛 තව චුට්ටෙන් මල කෙළියක් වෙන්නේ… හොඳ වෙලාවට එයා කිව්වේ ෆුඩ් සිටියේ ඇතුලට යන්න එපා ඉස්සරින් කෙළින් යන්න කියලා…
ඊට පස්සේ ඒ මැන්ටලේගේ උපදෙස් පරිදි බස් එකට නැගලා එහෙම කෝකටත් කමක් නෑ කියලා… ගත්තා කෝල් එකක් අපේ සංචාරක ලොක්කට. එයාගෙනුත් ඇහුවම මැන්ටලේ කියලා තියෙන පාරම තමා එයත් කිව්වේ. දැන් ඉතිං වැඩේ කොන්ෆොරම්.
පස්සේ ඔන්න අයියටයි නංගිටයි දෙන්නටම පිං සිද්දවෙන්න කොල්ලෝ දෙන්නා ආවා සත්තු වත්ත ගාවට. ඇවිත් ටිකටුත් අරගෙන ගියා. මුලින්ම මින් මැදුර. අඩේ අප්පේ ඒකෙ ලස්සන… ගෝල්ඩ් fish වගේ උං රොතු පිටින් වීදුරු ටැංකි වල දාලා. ඉතිං උන්ටත් හරි සන්තෝසයි ගෝල්ඩ් fish උංව බලන්න ආපු එකට. එක ඩිස්කස් මාළුවෙක් අහනවා… ඒ… මචං… දැන්ද බං මතක් වුනේ කියලා… අනේ මන්දා… නෑයෙක් දැක්කම මුන්ට තියෙන ෆන් එක…
පස්සේ ඔහොම ටික ටික බලාගෙන යද්දී දන්නෙම නැතුව යැවුනා අලි ඉන්න තැනට. එතෙනට වෙලා කෙල්ලෝ වගයක් දෙපිලකට බෙදිලා වාදයක්. එක සෙට් එකක් කියනවා… අලියට කකුල් හතරයි කියලා… අනිත් සෙට් එක කියනවා… නෑ … නෑ… කකුල් හයයි කියලා. අනේ මන්දා ඕව නම්.
ඊට පස්සේ ඔය එක එක ජාතියේ කුරුල්ලෝ එහෙම බලලා… ගියා කොටි, ව්‍යාග්‍රයෝ, සිංහයෝ ඉන්න කූඩු ටික බලන්න. එතෙන තවත් විවාදයක්. ඒක තියෙන්නේ චූටි කොලු පැංචෙකුයි එයාගේ තාත්තයි අතර. අර කොලු පැටියා කියනවා… තාත්තේ තාත්තේ අර කොටියා කියලා…. තඩි ව්‍යාග්‍රයෙක්ව පෙන්නුවා. පස්සේ තාත්තා කියනවා නෑ පුතේ ඒ ව්යාග්රයා කියලා… කොල්ලා නෑම කියනවා. ඊට පස්සේ ආයෙමත් සිංහයව පෙන්නලත් කොල්ලා කියනවා … අර තාත්තේ කොටියෙක් කියලා… පස්සේ තාත්තා ආයේ කියනවා… නෑ නෑ… ඒ සිංහයෙක් කියලා… ඒ අස්සේ පොඩි එකාගේ අම්මා… ඒ කියන්නේ අර තාත්තාගේ බිරින්දෑ මට කියනවා… බලන්න මල්ලී … අපේ පුතාට තේරෙන්නේ නැහැනේ උගේ තාත්තායි කොටියා කියලා… ඊයේ රෑත් ඔය කොටියා මාව හීරුවානේ…කියලා… ඉතිං ඒකත් මං දන්නේ නෑ ඕං.
ඊට පස්සේ තමා නයිස්ම වැඩේ වුනේ… සර්පයි බලන්න යන්න කලින් සෙට් වෙනවා ඔරං උටන් ඉන්න කූඩුව. ඉතිං මෙච්චර වෙලා ඇහැට කනට පේන ගෑනු ළමයි කීප දෙනෙකුටම බැල්ම දාගෙන ආවට මට හරියන මෝල්ඩ් එක සෙට්වුනේ ඔරං උටන් කූඩුව ගාවදී… ඉතිං මං ඔරං උටං බැලිල්ල පැත්තක තියලා අර ළමයා දිහා බලාගෙන ඉන්නවා. මෙන්න ඒකි මාව දැක්ක…
මාත් ඉතිං දැං හිනාවෙයි… දැං හිනාවෙයි කියලා බල බල ඉන්නවා… ම්හු… ඒකි ටික වෙලාවක් මගේ දිහා බලං හිටියා… ඊට පස්සේ ඔරං උටං දිහා බලං ඉන්නවා… ආයෙමත් ටික වෙලාවකින් මගේ දිහා බලනවා… තව ටිකකින් ඔරං උටං දිහා බලනවා… හරියට නිකං කූඩුවේ හිටිය ඔරං උටං එකෙක් එළියට ඇවිත් ඒකි දිහා බලං ඉන්න නිසා බලනවා වගේ… හිතුවද දන්නේ නෑ අයියාව ඇතුලේ තියලා මල්ලී පැනලා කියලා…ඇයි යකඩෝ මං ඔරං උටං එකෙක් වගේද බොලවු? එහෙම වුනත් කමක් නෑ හිත හැදෙන්න හරි නැහැ කියපියවු.
ඊට පස්සේ ගියා සලමලයෝ බලන්න. හුටා… ඒක වහලා… සලමලයෝ සිරීපාදේ ගිහින් නිසාලු වහලා තියෙන්නේ. ආයේ එන්නේ මැයි මාසේ අන්තිමටයි කිව්වේ. කමක් නෑ ඉතිං වන්දනාවෙනේ ගිහිං තියෙන්නේ…
එතනින් ගියේ සර්ප්‍රයිස් බලන්න. එක එක ජාතියේ උං. දිග කොට කළු කැත මහත සුදු… එක එක ජාතියේ. ඉතිං ඔන්න ඉන්නවා ඇනකොන්ඩා පැටව් ටිකක්… ගෝල්ඩ් fish මුල් පාරට තමා ඇනකොන්ඩලා ගෙනාවම සත්තු වත්තට ගියේ… ඊට පස්සේ … මෙන්න ඉන්නවා ඔරසමටුල්ලා… ආහ්… ඔය යාළුමාළුවන්ට ඌව පේන්නේ නෑ… පිං කරපු අපි වගේ, බොහෝම නිව්ච්චි ඇත්තන්ට විතරයි ඌව පේන්නේ…. උගේ නිජ භූමිය… දිවියලෝකෙ කියලත් තිබුනා. ඊට පස්සේ ඉන්නවා ඇනකොන්ඩා ලොකු සයිස් එක. අනේ මාත් ඉතිං කිට්ටු කරා ෆිල්ම් එකේ හිටියවගේ එකෙක් ගෙන් භායක්වත් තියෙයි කියලා… අපරාදේ… ඌ නිකං අපි දැකලා තියෙන එකාගෙ කන සයිස් විතර ඇති… ඊට පස්සේ පිඹුරා…. හික්ස්… පිඹුරා ලොකුයි ඇනකොන්ඩාට වැඩිය. මට හිතෙන්නේ මුං අපිට ඇනකොන්ඩා කියලා පිඹුරාගේ පොඩි සයිස් මොඩල් එකක් පෙන්නනවද මන්දා…
ඒ අස්සේ ආච්චි කෙනෙක් මුනුපුරාට ….
පුතේ අර බලන්න… කටකළුවායි ඇහැටුල්ලායි එකට ඉන්නවා… මාත් ඉතිං එකට ඉන්නවා කියලා ඇහිච්චි ගමන් බැලූවා, මොකද කොටළු සීන් එකද්ද දන්නේ නෑනේ…ඒකත් අපරාදේ කියලා හිතුනා. ආච්චිට ඇස් පේන්නේ නෑ…. කටකළුවා උගේ පැටව් ටික මැදි කරගෙන දොයි. ඊට ටිකක් එහායින් ගහක අත්තක ඇහැටුල්ලා බෝයි නිදි කිරනවා… ෂුවර් එකට ඕකා ශ්‍රි ලංකා – නවසීලන්ත මැච් එක බලන්න ඇති ටිකක් රෑ වෙනකන්. නැත්තං 12ට හයිලයිට් වත් බලන්න ඇති.
කොහොම හරි සර්පයි විමානේ අපිට සෙට් වුනේ අන්තිමට… ඊට පස්සේ සීබ්‍රාලා ටික බැළුවා… බෙල්ල දිග ඩයල් එක… අර ඇගේ කොලාජ් ආර්ට් එකක් වගේ තියෙන්නේ…. දන්නවනේ කට්ටිය… මට නම මතක නෑ ඒකයි. ඊට පස්සේ ඔටු මල්ලිලා ටික. ටික කිව්වට දෙන්නයි. උන් දෙන්න ඒ අස්සේ පෙම් කෙලිනවා. සික් විතරක්… පොඩි එවුන් ඉන්නවා කියලා ගානක් වත් නෑ,.. දැන් ඉතිං පොඩි එවුන් අහන කොට… අර මොකද තාත්තේ කරන්නේ කියලා… දීපල්ලකෝ උත්තර.
ඉතිං ඔහොම ඇවිත් ඇවිත් මෙන්න බොල ආයෙමත් අපි පටන් ගත්ත ගේට්ටුව ගාවටම ඇවිත්. ඒ කියන්නේ මහේෂ්ගේ මගුල නිසා සෙට් වෙච්ච සත්තු වත්ත ට්‍රිප ඉවරයි. දැන් ඉතිං පන්සල් යන්න වෙලාවක් නෑ… ඒක නිසා අපි දෙන්නා, අයෙමත් ගෙදර ආවා. ඉතිං ඒ එන ගමනුත් අයියටයි නංගිටයි පිං දිදී තමා ආවේ…
2011 මාර්තු 20 දින පෙ.ව. 7:13 ට
අඩෝ අයි බන් අර ඇන්ටි කිව්වේ අන්කල් එයේ රාත් ඇන්ටිව හුරලයි කියලා.අර සිංහයාගේ සුදු මැණිකේ කිව්වා වගේ ඇන්ටිගේ ඇගේ දලබුවෙක් වත් ගවිලද හුරලා තියෙන්නේ………. 😀 😀
2011 මාර්තු 20 දින පෙ.ව. 7:33 ට
ඒවා අහන්න ගියේ නෑ මචං. කියපු ටික අහගෙන ආවා මිසක්. කොහොමද ඒ ගෑනි… ආ මල්ලි නියපොතු කපලනේ… ඒක නිසා මවෙ එක්කගෙන යන්න කිව්වොත් එහෙම…
2011 මාර්තු 20 දින පෙ.ව. 7:43 ට
අඩෝ මන් හිතන්නේ දලබුවෙක් ගවෙන්න ඇති බන් ඉතින් එහෙම කිවනම් පිහි තලයක් අරන් හුරහන්කෝ…….. 😀 😀
2011 මාර්තු 20 දින පෙ.ව. 8:01 ට
ආතල් ඇති නේ…
2011 මාර්තු 20 දින පෙ.ව. 7:41 ට
මාත් සත්තුවත්ත බලන්න කාලෙකින් ගියෙ නැ එත් මේක කියෙව්වට පස්සේ ගියා වගේ තමයි
පිස්සුද කව්ද කිව්වේ ගෝල්ඩ් fis ඔරං උටං එකෙක් වගේ කීයලා 😀
2011 මාර්තු 20 දින පෙ.ව. 8:01 ට
අහුවෙයල්ලකෝ තොපි දෙන්නම
2011 මාර්තු 20 දින පෙ.ව. 8:00 ට
කාලෙකට පස්සේ ගමේ ගිහින් ඇවිත් නේ 😀
2011 මාර්තු 20 දින පෙ.ව. 8:41 ට
මං දැක්කා උඹේ පරපුරත් උඹ එනකම් බලාගෙන ඉන්නවා
2011 මාර්තු 20 දින පෙ.ව. 8:24 ට
මෙහෙමයි මගෙත් එක්ක වෙච්ච දෙබස….. බෝල්ඩ් කරලා තියෙන්නේ මම කියපු ඒවා… නිකන් තියෙන්නේ ගෝල්ඩ්ෆිශ් ලොක්ක කියපු ඒවා……
අයියේ… අද පෝයට සත්තු වත්ත වහලද බන්…..
නෑ මල්ලි ඇරලා තියෙන්නේ…. මොකක්ද සීන් එක……
නෑ බන් මේ මහරගම ඉඳන් ඒ පැත්තට යන ගමන්… පෝය හිංදා වහලද දන්නේ නෑනේ… කොහොමද බන් යන්නේ මහරගම ඉදන්…..
119 බස් එකේ නැගලා කරගම්පිටිය හංදියෙන් බැහැලා… බ්ලා බ්ලා බ්ලා……
ආ හරි හරි… අපි 119 බස් එකේ ඉන්නේ….
මොකෝ බන් හදිස්සියේ යන්නේ සත්තු වත්තේ.. කෑල්ලක් වත් සෙට් උනාද උඹට….
නෑ බන් මම මේ අයියා කෙනෙක් එක්ක යන්නේ….
මල හතර විලි ලැජ්ජාවයි… කවුද යකෝ අයියලත් එක්ක සත්තු වත්ත බලන්න යන්නේ……
හරි හරි ඉතින්… මේවා බ්ලොග් වල දාන්න ඕන නෑ.. උඹ කට වහගෙන ඉදින් ඉතින්…..
(ඔන්න මල්ලි බ්ලොග් පෝස්ට් ලිව්වෙ නෑ.. උඹ කියපු නිසාම… කමෙන්ට් එකක් තමයි දැම්මේ… 😀 😀 :D)
2011 මාර්තු 20 දින පෙ.ව. 8:28 ට
අභියා කියන්නේ බොරු. දැං කොහොමද කියපිය කලිසමක් ඇඳන් අවුරුදු උත්සවේට එන්නේ?
2011 මාර්තු 20 දින පෙ.ව. 9:20 ට
එහෙනම් මචන් සරමක් ගහමු
2011 මාර්තු 20 දින ප.ව. 10:35 ට
සරමක් ඇඳන් එන්ඩ
2011 මාර්තු 21 දින පෙ.ව. 7:04 ට
සරම් අඳින්න දන්නේ නෑ බං. පොඩි කාලේ දහම් පාසල් යද්දී අම්මා සරම අන්දලා… පටියකුත් දාලා… ආයේ ෂෝටකුත් අන්දලා යවන්නේ…
2011 මාර්තු 20 දින පෙ.ව. 9:19 ට
මාලු කවද්ද වදුරෝ වුනේ ! ඒක හින්දා බය වෙන්න එපා.හැබැයි මමනම් හැමදාම උදේට ඔරන් ඔටං කෙනෙක් දකිනවා කන්ණාඩියෙන් පොරනම් හිනාවක් දානවා මමත් එක්ක.
මටන්ම් සත්තු වත්තේ නැදැයෝ ටික බලන්න යන්න වෙන්නේ තනියෙන් ඒත් අවුරුදු පහකට විතර කලින් ගියාට පස්සේ ගියේ නෑ බලන්න.අද හෙටම විසිට් එකක් දාල එන්න ඔනේ.
2011 මාර්තු 20 දින ප.ව. 12:10 ට
මචං… තව ටික දවසක් ඉඳලා පලයන්… බැබුන් එකකේ මැරිලා… තව එකෙක්ව හොයනවා, උඹව අල්ලලා හිර කරන්න බැරි නෑ…
2011 මාර්තු 20 දින ප.ව. 1:42 ට
හිර කරන එකනේ කෙස් එක නැත්නම් කන්න දෙනවානම් බොන්න දෙනවානම් ඉතින්ං ඕන දෙයක්
2011 මාර්තු 20 දින ප.ව. 2:44 ට
ඒකනේ බං…
2011 මාර්තු 20 දින පෙ.ව. 9:49 ට
අර අයියට බාලගිරි දොසෙද කොහෙදෝ…
මනුස්සයා මගුල් පරක්කුව සෙල්ලම් කරනව්ද කොහෙදෝ…
අබීත අයියා පෝස්ට් එකක්නම් දාලා නෑ
2011 මාර්තු 20 දින ප.ව. 12:11 ට
වැඩක් නෑ මලේ කියලා… වැඩිය ඕනෙ නෑ මූ අපේ ගමෙත් ගිහින් කෙල්ලෙක් බලන්න.
2011 මාර්තු 20 දින පෙ.ව. 10:27 ට
අනේ ඔයානම් ඔරන් ඔටන් වගේ නෙමෙයි මාළුවෙක්ම තමා..
ඊයේ දහවල් ගෝල්ඩ් ෆිෂ්ට සිදුවූ ඇත්ත සිද්දිය දැනගන්න රැදී සිටින්න හසීගේ සිතිවිලි සමඟ…
2011 මාර්තු 20 දින ප.ව. 12:11 ට
ඔය ඉතිං විහිළුවක් තේරෙන්නේ නැහැනේ…
2011 මාර්තු 20 දින ප.ව. 1:53 ට
“හිතුවද දන්නේ නෑ අයියාව ඇතුලේ තියලා මල්ලී පැනලා කියලා…” මේ ටික තමා පට්ටම ටික.. හෙහ් හෙහ්.
ජය…
2011 මාර්තු 20 දින ප.ව. 2:43 ට
ඔව් බං .. ඒ කෙල්ල හරියට නිකං මං ඒකිව කන්න ආවා වගේ බං බැළුවේ.
2011 මාර්තු 20 දින ප.ව. 2:32 ට
ඈ බං උඹද අර එතකොට සමනල් උයන ඉස්සරහ කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා උන්නෙ. මං උන්නෙ සමනල් ජෝඩුවක් කියල. අම්මප මූණු පොතේ උඹව දැකල තිබුනට නිච්චි නැතුව ගියානෙ. වස වැරැද්දයිනෙ බං මලේ උනේ.
2011 මාර්තු 20 දින ප.ව. 2:41 ට
ආහ්.. ඔව් ඔව්… එතකොට උඹද අර පොඩි එකවෙ බිමින් තියලා අම්මා කෙනෙක්ගේ අතට වෙලා හිටියේ…
2011 මාර්තු 20 දින ප.ව. 2:44 ට
ඔරං ඔටං…. 😀
හිතුවද දන්නේ නෑ අයියාව ඇතුලේ තියලා මල්ලී පැනලා කියලා… අන්න ඇත්ත කතාව
2011 මාර්තු 20 දින ප.ව. 2:45 ට
ඈ… කවදහරි අහුවෙයිනේ…
2011 මාර්තු 20 දින ප.ව. 7:30 ට
කෙල්ල ආයෙ කවද කියල දකින්නද ගෝල්ඩ් ඔරං ඔටෙක්ව…
2011 මාර්තු 21 දින පෙ.ව. 7:01 ට
අන්න ඒකනේ… උඹට විතරයි ඇත්ත කතාව තේරුනේ…
2011 මාර්තු 20 දින ප.ව. 9:58 ට
අර හසී අක්කත් ගෝල්ඩ් ෆිෂ් ගැන මොකක්ද කතාවක් මූණුපොතේ දාලා තිබුණා.. ඒකයි මේකයි අතර අන්තර් සම්බන්ධතාවක් තිබේද?
2011 මාර්තු 21 දින පෙ.ව. 7:03 ට
තිබේ තිබේ… මට මඩ බාල්දියක් එල්ල කර මගේ කීර්ති නාමයට හානි කිරීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇත.
2011 මාර්තු 20 දින ප.ව. 10:40 ට
ඉහත කමෙන්ට් දෙස බැලීමේදී ගෝල් ෆිෂ් කාරයා සත්තු වත්තක් ගැන ලියන්නට ගොස් හත් පොලේ මොනාවදෝ ගාගෙන ඇතිබව පෙනේ ….! 🙂
ඇයි බං කොල්ලෝ කොල්ලෝ එකට ඉන්න හොඳ නැද්ද බං ඒක නෙවෙයි උඹ එදා කෝල් කරපු දවසේ මම අහපු ප්‍රෂ්නේ මතකද ? (මට ඕව ඉවෙන් වගේ තේරෙනවා )
2011 මාර්තු 21 දින පෙ.ව. 7:04 ට
නෑ බං උඹ අහපු ප්‍රශ්නේ මට මතක නෑ බං… 😛
2011 මාර්තු 21 දින ප.ව. 10:03 ට
උඹ කොලු කාරයෙක් නෙවේ නේද අයියේ ?
2011 මාර්තු 22 දින පෙ.ව. 6:56 ට
ඇයි උඹට බයද?