ඔන්න එකමත් එක රටක ඉන්නවලු ගැහැනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි. ඉතිං මේ දෙන්න ඉස්සර හරිම යාලුයිලු. දැන් නම් ටිකක් විතර දුරස් වෙලා තමා ඉන්නේ. ඉතිං ඔය මොන දේ වුනත් පිරිමි ළමයට ගැහැනු ළමයව සතියකට පාරක් වත් දකින්නේ නැතුව ඉන්නම බැහැලු. ඉතිං ඒ පිරිමි ළමයා ඔෆිස් එකේ කොයි තරම් වැඩ තිබුනත්… ගැහැණු ළමයා පන්තියන දවස් දෙකෙන් එකක අනිවාර්යෙන් ඒ ගෑණු ළමයගේ පුංචි හුරතල් මූන බලන්න එන්න පුරුදු වෙලා ඉන්නවලු. ගොඩක් වෙලාවට එන්නේ සතියේ මුල දවසකලු.
පස්සේ ඉතිං ඔහොම යද්දී යද්දී ගැහැණු ළමයත් දන්නවලු… පිරිමි ළමයා හැම සතියකම එයාව බලන්න එනවා කියලා. ඉතිං එයාත් දුර ඉඳන්ම පිරිමි ළමයාව සෙනග අස්සේ හොය හොයා ඇවිත් පිරිමි ළමයාගේ මූන දැක්ක ගමන්, නොදැක්කා වගේ යනවලු. ඒ වුනාට ඉතිං පිරිමි ළමයා දන්නවලු සෙනග දාස් ගානක් අතරේ හොයලා හොයලා … පිරිමි ළමයාව දැක්ක ගමන් බිම බලා ගන්නේ… ඉස්සර ඉඳන්ම හිතේ තිබ්බ ආදරය නිසා කියලා. ඉතිං පිරිමි ළමයත් ගොඩක් වෙලාවට ඒ ගෑණු ළමයා යන බස් එකේම නැගල එයාව පේන දුරින් යන එක පුරුද්දක් කර ගත්තලු.
ඉතිං මේ කියන දවසෙත් ගෑණු ළමයා පන්ති ඉවර වෙලා එනකම් පිරිමි ළමයා සෙනග අස්සේ හැංගිලා බලන් ඉන්නවලු. ඉතිං අර ගෑනු ළමයයි කියලා පිරිමි ළමයා වෙන ගෑනු ළමයි කීපදෙනෙකුටම දෙතුන් පාරක් රැවටුනාළු. අන්තිමේ දුරින් මැවිලා පේන්න ගත්තලු, පිරිමි ළමයා ආසම කරන හුරතල් මුන. ඊට පස්සේ සෙනග පේනතෙක් මානයට ආව වෙලේ ඉඳන් ගෑණූ ළමයා පිරිමි ළමයාව හොයන්න ගත්තලු. පිරිමි ළමයත් ඉතිං පංති ගිහින් හෙම්බත් වෙලා එන ගෑණු ළමයව තවත් මහන්සි නොකර ගෑණු ළමයට පේන්න ඉස්සරහට ගියාලු. ඉතිං වෙනදා වගේම පිරිමි ළමයව දැක්ක ගමන් ගෑණු ළමයට පුංචිට හිනාවකුත් ගිහිං… ඇස් දෙක බිමට බර වුනාලු. ඊට පස්සේ ඔන්න ආපු බස්එකේ ගැණු ළමයා නැග්ගලු. ඊට පිටිපස්සෙන් පිරිමි ළමයත් නැග්ගලු ඒ බස් එකටම. දැන් දෙන්න යන ගමන් පිරිමි ළමයා කිට්ටු වුනාලු ගෑණු ළමයා ගාවට.
ඊට පස්සේ දෙන්නම එක ලඟ යනවලු. පස්සේ මෙන්න ඒ ළඟ තිබ්බ සීට් එකේ හිටිය පොඩි කොලු පැටවු දෙන්නෙක් අම්මත් එක්ක හුරතල් වෙනවලු එක එක ඒවා කිය කියා… ඉතිං අර ගෑණූ ළමයා හරි ආසාවෙන් තනියම හිනාවෙවී… බලාගෙන ඉන්නවලු ඒ දෙන්න දිහා. ඒත් පිරිමි ළමයට ප්‍රශ්නයක්ලු. මොකද එයා කැමති චූටි දූ පැටියෙකුටලු. ඒත් ඉතිං ගෑණු ළමයා කැමති චූටි පුතු පැටියෙකුටලු. දැං ඉතිං මොනා කරන්නද කියලා හිත හිතා ලතවුන පිරිමි ළමයාට ආවළු නියම අදහසක්. ඒ තමා… කවද හරි ඒ දෙන්න කසාද බැඳලා දූ පැටියෙක් හම්බුනොත් එයාව ගොඩක් ආදරෙන් දෙන්න එක්කම බලාගන්නයි… එහෙම නැතුව පුතු පැටියෙක් හම්බුනොත්… ගෑණූ ළමයාව දූ පැටියෙක් විදියට බලාගන්නයි, පුතු පැටියාව පුතු පැටියෙක් විදියටම බලා ගන්නයි කියලලු. ඉතිං තව ටිකක් හිතලා හිතලා ඒ අදහස සහතික කරගත්තලු, කවද හරි එහෙම්ම කරන්න. බලන්න ඉතිං ඒ පිරිමි ළමයා හිතලා තියෙන දුර…..
ඔයා මොනා නැතත් පිරිමි ළමයා ගෑණූ ළමයට ගොඩක් ආදරේ බව ගෑණූ ළමයා දන්නවලු. ඒක නිසානේ සෙනග දහක් විතර අස්සේ පිරිමි ළමයාව හොයන්නේ. ඉතිං පිරිමි ළමයත් ගෑණූ ළමයට තවත් ආදරේ වෙනවලු…. ඒ වගේම ඔය උඩ පින්තූරේ තියෙනව වගේ එකක් ඉක්මනටම හම්බු වෙයි කියලා පිරිමි ළමයා බලගෙන ඉන්නවලු.
2011 මාර්තු 19 දින පෙ.ව. 5:24 ට
ඔව් ඔව් පින්තූරේ තියන එක තව ටික දවස කින් හම්බවෙය්……
2011 මාර්තු 19 දින පෙ.ව. 7:56 ට
හ්ම්….
2011 මාර්තු 19 දින පෙ.ව. 7:08 ට
පින්තුරේ තියෙන එක………. අපොයි වැඩිහිටියන්ට පමණයි……….හික් හික්
2011 මාර්තු 19 දින පෙ.ව. 7:57 ට
ඉතිං අපි දැන් වැඩිහිටියෝ තමා…
2011 මාර්තු 19 දින පෙ.ව. 11:16 ට
ඒ උනාට මං තාම පොඩි එකානේ බොලේ……. හික් හික්
2011 මාර්තු 19 දින ප.ව. 4:44 ට
හරි හරි බං උඹට තව කල් තියෙනවා.
2011 මාර්තු 19 දින පෙ.ව. 7:11 ට
මට මතක් වුනා mid night summer කියන මූවි එකේ සීන් එකක්
2011 මාර්තු 19 දින පෙ.ව. 7:57 ට
අනේ මන්දා… මාත් හෙන ලස්සන හීනයක් දකිනවද කියලත් හිතෙනවා අයියේ…
2011 මාර්තු 19 දින පෙ.ව. 8:18 ට
ඕක තමයිලු කියන්නෙ ඕකයි අර මොකක්ද එකයි හංගන්න බැරිය කියලා. පහුගිය දවස් ටිකේ පෝස්ට් වල දූ පැටව් ගැන ඇහැගහං උන්න විදියට කාට කාටත් තේරිලාලු තිබුනේ මේ සීන් එක යාන්තමට වගේ.
2011 මාර්තු 19 දින ප.ව. 4:41 ට
උඹත් හරි මිනිහා තමා… පොහොර දාන්න නම් දන්නෙම නෑ…
2011 මාර්තු 19 දින පෙ.ව. 8:50 ට
උඹේ හීනෙ හැබෑ වෙයි. හැබැයි ට්‍රයි කරහන්
2011 මාර්තු 19 දින ප.ව. 4:41 ට
මගේ? ඇයි උඹට එහෙම හීනයක් නැද්ද?
2011 මාර්තු 19 දින ප.ව. 6:41 ට
ෂ් ෂ් ෂ්….
මං තාම පොඩි එකා
2011 මාර්තු 19 දින ප.ව. 9:30 ට
මොකද්ද දන්නේ නෑ පොඩි
2011 මාර්තු 19 දින පෙ.ව. 8:57 ට
දැන් ඔය දූ පැටව්…පුතු පැටව් හදන්නේ කොහොඅද අයියේ…??
අනේ කියලා දියන්කෝ.. 🙂
2011 මාර්තු 19 දින ප.ව. 4:42 ට
රත්ගම අර ෆිල්ම් එක බැළුවා නම් ඉගෙන ගන්න තිබ්බා බං
2011 මාර්තු 19 දින පෙ.ව. 9:28 ට
එළ එළ!! සුභපැතුම් මචෝ…
2011 මාර්තු 19 දින ප.ව. 4:42 ට
අනේ මන්දා… ලැජ්ජත් හිතෙනවා.
2011 මාර්තු 19 දින පෙ.ව. 9:54 ට
දැං හොඳටම එළි වෙලා බං නැගිටපං……………… !! 😀
2011 මාර්තු 19 දින ප.ව. 4:43 ට
ඈ… ඔව් මයි…
2011 මාර්තු 19 දින පෙ.ව. 11:55 ට
හම්බ වෙයි 😀
2011 මාර්තු 19 දින ප.ව. 4:44 ට
හ්ම්.. මටත් හිතෙනවා ඉක්මනට කනේ පාරක් හම්බුවෙයි කියලා
2011 මාර්තු 19 දින ප.ව. 12:34 ට
හේ හේ හේ………. සුභ සිහින ඇත්ත වෙනවා බං… බලපංකො බොරැනම්…. 😀
2011 මාර්තු 19 දින ප.ව. 4:45 ට
උඹත් කියනවනං ඉතිං …. හ්ම්… බලමුකෝ….
2011 මාර්තු 19 දින ප.ව. 3:17 ට
පේන හැටියට මේ ජොබ් එකට කෙලවගෙන කෙල්ල බලන්න යන්නේ උබ වගේ හොදා හොදා..
2011 මාර්තු 19 දින ප.ව. 4:46 ට
කට කට… වොලියුම් අඩුකරලා කියපං ඔය වගේ එව්වා
2011 මාර්තු 19 දින ප.ව. 5:30 ට
ඔලුව කොහේ හරි වැදුනද අයියේ . මේ කියන්නේ ඔයාගේ යසෝදරාව ගැන නෙවේ නේද . එයා පවුනේ බං .
2011 මාර්තු 19 දින ප.ව. 9:29 ට
නෑ බං ඔය අර ගෝල්ඩ් fish කියන එකාගේ ඒන්ජල් ගැන.
2011 මාර්තු 19 දින ප.ව. 5:58 ට
නියමයි මචෝ…. සාතනුත් කැමති කෙලි පැටියෙක්ට තමා… මොකද අපි වගේ තව කොළු පැටවු හැදුනොත් රටට මොකක් වෙයිද?…. ඉක්මනට ඔය කොලුවගෙ බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඕන්….
( හැබැයි ඉතිං සාතන් නම් ඕව කරන්න යන්නෙ නෑ…. මොකද ඔය program එක්ක අනිවාර්යෙන් එන වෛරස් තියෙනව…. 😉 )
2011 මාර්තු 19 දින ප.ව. 9:30 ට
වෛරස් තියෙද්දි තමා ෆන් එක බං.
2011 මාර්තු 19 දින ප.ව. 11:51 ට
තව ඉතින් එ පිරිමි ළමයා අයියා කෙනෙක් එක්ක සත්තු වත්තටත් ගියාලු…….
2011 මාර්තු 20 දින පෙ.ව. 2:56 ට
ඈ… මෙයත් දන්නවා ඒක. ෆුල් ස්ටෝරියම දාලා ඇති.
2011 මාර්තු 20 දින පෙ.ව. 8:13 ට
රස්සාවනම් හරි නේ ප්‍රස්තාවට ලැස්ති කර ගනින්
පලයන් දැන්ම අම්මා තාත්තා එක්ක නැන්නාම්මාගේ ගෙදර තනියෙන් ගිහින් හරි යන්නේ නැ නේ බොල.
2011 මාර්තු 20 දින පෙ.ව. 8:18 ට
රස්සාවට කෙල වෙන්න බං යන්නේ… ඒක නිසා මුකුත් කරන්න බෑ… ඒක් හරි ගිය ගමන් කෙල්ලව ගත්තා ගමේ පැන්නා…
2011 මාර්තු 20 දින ප.ව. 9:54 ට
නිකං බලන් හිටියට කෙල්ල දැනගෙන හිටියත් ආදරේ ලැබෙන්නෙ නෑලු.. කෙල්ලට කියන්න ඕනෙලු… උපදෙස් දුන්නට මොක මේ කියන කෙනත් ඔයා වගේමලු…
2011 මාර්තු 21 දින පෙ.ව. 7:02 ට
එහෙනම් මචං මට දීපු උපදෙස් ටිකම මං ආයේ උඹටම සේම් ටු යූ කියන්නම්…
2011 මාර්තු 21 දින පෙ.ව. 10:21 ට
එයා ඔයාට ගොඩාක් ආදරෙයි මාලුවෝ
2011 මාර්තු 21 දින පෙ.ව. 11:06 ට
වෙන්න ඇති….
2011 මාර්තු 23 දින පෙ.ව. 9:08 ට
මම නං පරක්කු වෙලා නේ! ඉතිං දැං අරක හම්බුනාද? හැබැයි හොඳම දවස් වෙන්නෙ ඕක හම්බවෙච්ච දවසටත් වඩා අම්බවෙයිද හම්බවෙයිද කියලා හිත හිත හිටපු කාලේ තමයි…..!
2011 මාර්තු 23 දින පෙ.ව. 10:30 ට
තාම ගෙවෙන්නේ හොඳම කාලේ තමා බුද්ධි අයියේ… 😉