ඊයේ දාන්න හිටි පසුවදන – ෆෝ එයාර් බෑග්ද එයිට් එයාර් බෑග්ද?



මේං ඊයේ දාන්න තිබ්බ පසුවදන… ලැපීට කෙලවෙච්ච හින්දා ගෝල්ඩ් fish ඊයේ නන්නත්තාර වෙලා හිටියේ. හිතේ දුකටම මහේෂ් අයිය‍ා එක්ක ගිහින් ඇවිත් චිකන් කොත්තුවකුත් කෑවා.

මෙහෙමයි ඉතිං සීන් එක වුනේ. ඊයේ උනේ මොකද කියලා මෙතනින් බලන්න පුළුවන්. මේක පසුවදන කෑල්ලට දානවට වැඩිය පෝස්ට් එකක් විදියටම දාන එක හොඳයි කියලා හිතුනා. මොකද රස ඉතිරෙන වැඩක් නිසා.

ඔන්න ගෝල්ඩ් fish, දවල් 1.30ට විතර නාලා (ඇනුවල් බාත් එක එහෙම නෙවේ ඕං) කාලා මහේෂ් අයියා එන්න කිවුව තැනට ගියා. හැබැයි මෑන්ස් නෑ… පස්සේ මං කෝල් එකක් දුන්නම ඒකත් කට් කරා. දැන් ඉතිං මගේ හිතට එක එක ඒවා එනවා. මූ බයටම කලිසමේ මුත්‍රා කොරගෙන ඒක මාරු කරනවද? නැත්තං ගෑනු ළමයෙක් බලන්න තියෙන නිසා පවුඩර් නානවද, ඒත් නැත්තං දවස් ගානකින් නාලා නැතුව සෙන්ට් එකක් වත් නානවද වගේ ප්‍රශ්න ගොඩයි.

එහෙම හිත හිත ඉද්දි මෙන්න මහේෂ් අයියාගෙන් කෝල් එකක්…

මහේෂ් අයියේ කොහේද බං ඉන්නේ….

හිටපං හිටපං… මං ඡන්දේ දාලා එන ගමන්.

හා හරි.. ඉක්මනට වරෙන් දැන් මං ඇවිල්ලා පැය භාගයක් විතර වෙනවා.

ඈ… එච්චර වෙලා

ඔබ් බොල ඉක්මනට වර… කියලා මං කෝල් එක කට් කරා. මං මේ ආවා විතරයි. පැය භාගේ කිව්වේ මූන හෝදගෙන ඇඳගෙන ගෙදර ඉඳන් මෙතෙන්ට එන්න ගිය වෙලාව. අනික මහේෂ් අයියව උද්යෝගයෙන් තියන්න මං දැනගන්න එපැයි. මොකද යන්නෙත් සෙල්ලං වැඩකට නෙමෙයිනේ… හිරේ වැටෙන්නනේ…. අපි කොහොමත් වලේ වැටෙන්න යන වුන්ට පයින් ඇනලා හරි වලටමනේ දාන්නෙත්…

ඉතිං ඔන්න විනාඩි දහයකින් විතර මූ ආවා. වල් ඌරා වගේ… හති දාගෙන, දාඩිය පෙරාගෙන. පව් අප්පා… කෙල්ලෙක් බලන්න යන කොල්ලෙක් එන හැටි… සැනස් දෙකක් දාගෙන, දානෙටයි, මලගෙදරටයි, පාටියටයි ඔක්කොටම අඳින අගේ රතු පාට ටී ෂර්ට් එකත් ඇඳගෙන… වැඩක් නෑ කියලා. ඌත් මගේ වයසේ වෙලා මට වැඩිය බාල කෙල්ලෙක් බලන්න ගියානම් අනිවා ඩෙෆා මට කෑල්ල සෙට් වෙනවා. (තේරෙනව‍නේ ඉතිං මං යන්න ඇත්තේ කොහෙමද කියලා ;))

ඊට පස්සේ බස් එකේ නැගලා ගියා පානදුරේට. යන ගමන් මූ කියනවා…

මේ උඹ ඔය පැත්ත බලාගෙන පලයන්… මං මේ පැත්ත බලන්නම් කියලා. මාත් හා කියලා වැඩේ බාරගත්තා. පස්සේ නමක් කියලා… නම තියෙන බෝඩ් ලෑල්ල දැක්ක ගමන් ඊගාව හෝල්ට් එකෙන් බහිමු කිව්වා. ඒකටත් මං හා කිව්වා. පස්සේ ඉතිං ලක්සිරි මල්ශාල‍ව හරියේ ඉඳන් පානදුරේට වෙනකම් පාර දෙපැත්ත බලං ගියත් බඩු නෑ… පස්සේ පානදුරෙන් බැහැලා කෙල්ලගේ මල්ලිට කෝල් එකක් දුන්නා. මොකද කෙල්ල‍ගේ මල්ලී තමා මහේෂ් අයියට කියලා තියෙන්නේ අක්කා වැඩ කරන තැනයි, එතෙන්ට ගිහින් හම්බුවෙන්න ඕනෙ විදයයි. ඒත් ඉතිං අක්ක‍ට ආදරේට නෙමේ මල්ලිගේ ෆයිල් එක උඩට එන්නේ අක්‍කාගේ ෆයිල් එකට පස්සෙනේ… ඒකයි.

පස්සේ මල්ලී කිව්වා හරියටම අක්කා වැඩ කරන තැන. අපි දෙන්නත් හොයා ගෙන ගියා. යද්දී ඉස්සරහ අළුත් ත්‍රිවීල් වගේකුයි, ලොරි කබල් වගයකුයි විකුනන්න දාලා තිබුනා. ඊට පස්සේ මහේෂ් අයියා ගිහින් ඇතුලේ හිටිය ටයි එකක් දාපු මාමා කෙනෙක්ගෙන් ඇහුවා අක්කගේ නම කියලා… පස්සේ පොර පෙන්නුවා අන්න අර කාමරේ ඉන්නේ කියල.

ඒත් එතෙන්ට ගිහින් බලද්දී අක්කා නෑ… අක්කා මූ එනවට බයේ හැංගුනාවත්ද කියලා බල බල ඉද්දී .. මෙන්න බොල කොම්පූටරේක මොනිටරයක් මෙහා පැත්තේ ඉඳන් එනවා… කරත්ත රෝදයක් වගේ උකුලක් තියෙන, පුවක් කොට දෙකක් වගේ කකුල් තියෙන, බොහෝම අමාරුවෙන් ග්‍රිස් ගාලා ඇඳගත්ත ‍ෙඩනිමකින් සැරසුන සුකුමාල ළඳක්. ඔක්කොමත් හරි මූන දැක්කේ පස්සේ… ෂිඃ … මූනට කොට්ට උරයක්වත් දාලා තිබ්බනම් අපේ මහේෂ් අයියා ඒකිට කැමති වෙනවා ෂුවර්. ඌ විතරක් නෙවේ එහෙනම් මාත් කැමතියි.

ඊට පස්සේ මහේෂ් අයියගෙන් ඇහුවා.. මොකද්ද මහත්මය කාරනව කියලා… අප්පේ මහේෂ්ගේ මූනේ ඇඳුන දේදුන්න… පස්සේ ඉතිං මාත් කට ඇරං බලං ඉන්නවා… මූ දැන් කියයි… දැන් කියයි කියලා… ඔන්න ඊට පස්සේ පොර කිව්වා ආපු කාරනව.

අපි මේ…. කාර් එකක් ලීස් කරගන්න කියලා. ඈ… ඌ හිතුවද දන්නේ නෑ ඒක චොප් ෂොප් එකක් කියලා කාර් එක ලීස් කරන්න.. ඊට වැඩිය වටිනවනේ කාර් එක පොල් කරගත්තනම්… ලීස් වගේද පොල්… ඕවා හිතුනට මාත් කියන්න ගියේ නෑ… අහක බලං හිනා වෙලා නිකා හිටියා මිසක්.

ඊට පස්සේ අක්කා කියනවා…

මහත්තයා මං නම් කරන්නේ ඉන්ෂුවරන්ස්… ලීසිං කරන කෙනෙකුට සෙට් කරන්නම්… ඈ ය‍කෝ දැන්නම මහත්තයා උනාද? නෑ නෑ අක්කා කියලා තියෙන්නේ මහත්මයා කියලා. මට ඉතිං ඕක ඇහුනේ වැරදියටනේ… ඉතිං … දැන් නම් දෙන්නටම බඩු හරි. මොකද අපි දෙන්නගෙන් එකෙක් වත් ලීසිං ගැන දන්නවද? නෑනේ… නිකං නෝන්ඩි වෙන්න තමා වෙන්නේ. ඊට පස්සේ අපිව එක්කං ගියා වෙන අයියා කෙනෙක් ගාවට.

මෙන්න ගිය ගමන්… අපිට පුටු දෙකෙන් වාඩි වෙන්න කිව්වා… අපිටත් ඉතිං හරි සන්තෝසයි. කෙල්ලව බලන්න ඇවිත් ලීසිං ගැනත් ඉගෙන ගන්න පුළුවන්නේ… පස්සේ අර අයියා මහේස් අයියාගෙන් අහනවා… දැන් මහත්තමා වාහනයක් බලලද තියෙන්නේ… හුටා.. මහේෂයා මගේ දිහා බලනවා … ඒ කියන්නේ මං තමා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ….

ආහ්… ඔව්… මරුටියක්…

කීයක් කියනවද මහත්මයා…

14ක් විතර…

14ක්?

ඔව්… ජපන් එකක්…

ඉයර් එක?

2008 මට මතක විදියට…

ආහ්… කියලා පොර පොඩ්ඩක් කල්පනාවට වැටුනා….

ආයෙමත් එක පාරට නින්දෙන් නැගිටලා වගේ මහේෂ් දිහා බලලා…. දැං මහත්මයලා… කීයක් විතරද ලීසිං කරන්න බලාපොරොත්තු වෙන්නේ…

මහේෂ් පුටුවෙනුත් ටිකක් ඉස්සරහට වෙලා… ලක්ෂ 4ක් විතර තමා…

අනිත් ටික මහත්මයලා අතින් දානවද?

ඔව්… එහෙම තමා හිතං ඉන්නේ… කියලා මහේෂ් කිව්වම, පොර මොනාද මන්ද කී වගයක් ඔබලා ඔබලා … දහනමදාස් ගානක් වෙනවා කියලා කිව්වා වාරිකත් ඔන්න කොච්චරක්ද මන්දා කියලා.

පස්සේ පොරත් නිකං අපි දිහා බොහෝම බලා පොරොත්තු ඇතුව ඇස් දෙකත් දිලිසි දිලිසි බලාගෙන ඉන්නවා.

අපි එහෙනම් ගිහින් එන්නම් කියද්දී… පොර කියනවා, මහත්මයා මාර්ච් එකක් තියෙනවා ලක්ෂ 10කට විතර කියලා. ම‍ටත් කට පියං ඉන්න බැහැනේ….

ඉයර් එක කීයද?

2000 විතර මහත්මයා…

එතකොට එයිට් එයාර් බෑග්ද? ෆෝ එයාර් බෑග්ද? (මාත් දන්න රෙද්දක් නෑ… ඒත් පොරට සෙකන්ඩ් වෙන්න බැහැනේ… අනික මං දන්නෙත් නෑ මාර්ච් වලට එයා බෑග් එනවද කියලා)

පස්සේ පොර … ඉන්න මහත්මයා. මං කෝල් එකක් අරං දෙන්නම්… කතා කරගන්නකෝ බලන්න… කියලා මූ ඔෆිස් ලයින් එකෙන් කෝල් එකක් ගන්නවා…

අනේ සත්ත‍ලනේ ඔය මොකද්ද බොල කරන්න යන්නේ? අපේ රෙදි ගලෝලද බොල මේකෙන් එලියට යවන්න හදන්නේ… කියලවත් අහන්න විදියක් නෑ මේ උගුඩුවා ඩයල් කරලා ඉවරයි.

අනේ ඔය උඩ ඉන්නවයි කියන පලතුරු අනුභව කරන දෙයියෙක්වත් මේ වෙලාවේ පිහිට වෙලා… සුලි සුළඟක් හරි එවලා ටෙලිෆෝන් ලයින් ටික අඹරවලා… කෑලි කෑලි වලට කඩලා දාපියවු. නැත්තං මටයි මූටයි ‍ලැජ්ජාව වහගන්න මොකක් හරි එවපියවු කියලා කන්නලව් කරාට දෙයියොත් ඇහුනේ නෑ වගේ ඉන්නවා. හැබැයි වෙලාවට අර කාර් එකේ අයිතිකාරයගේ ෆෝන් එකට සිග්නල් නෑ… හම්මේ යන්තං ‍දෙයියෝ බැළුවා.

පස්සේ අර අයියා කියනවා… හරි යන්නේ නෑ මල්ලී… මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා… එන්නකෝ දවසක වාහනේ බලන්න.

මොන වාහනද අයියා අපිත් මේ ආවේ වාහනයක් බලන්න තමා… ඒක හරියන්නේ නෑ වගේ කියන්න ගිහින් …. ආයෙමත් කට තද කරගෙන ෂේප් එකේ එලියට බැස්සා. පස්සේ දෙන්නා එක්ක හිනා වෙවී ඇවිත් බස් එකේ නැගලා ගෙදර ආවා….

දැන් ඉතිං කතාවත් ලියන්න එපැයි කියලා ලැපී වස්තුව ඇඳට අරං ඔන් කරද්දී ෆයිල් එකක් කරප්ට් වෙලා… අනේ ඉතිං ආයේ ජනෙල් තියන්න වෙනවා. ඒත් ජනෙල් සීඩී එක හොයන්න කම්මැලි කමේ ඉන්නකොට තව ගජයෙක් ආවා. පස්සේ ඉතිං ගෙදරට වෙලා කරන්න දෙයකුත් නැති එකේ රෑ අටට විතර ගිහින් ඌත් එක්ක කොත්තුවක් කාලා… කොට්ටෙට තොත්තු දිදී දොයියලා අද උදේම වැඩට ආවා.

කො‍හොම හරි මහේෂ් අයියගේ ඒ වැඩෙත් ජෝන් බාස්ට ගියා. දැන් ආයෙමත් හෙට එකක් එනවලු කළුතර බෝධියට. ඒකටනම් මං යන්නේ නෑ… මොකද මට හෙට කිතුල් රා චුට්ටක් බීලා යන්න තව යාළුවෙක් අම්බලන්ගොඩ එන්න කිව්වා… කෙල්ලෝ වගේද කිතුල් රා…. ඒක නිසා ගෑනු කේස් පැත්තක තියලා මං හෙට අම්බලන්ගොඩ යනවා. මහේෂ් අයියා ඕනෙ දෙයක් කොර ගත්තාවේ. ඌට කතා කලාම…. බෑ…වගේ බං… කිව්වා… ඌට රාත් ඕ‍නේ… කෙල්ලව බලන්නත් ඕනේ… දෙකම කොරන්න බැහැනේ ඒක නිසා ඌව තියලා මං යනවා. ඔන්න හෙට දවල් වෙද්දී අම්බලන්ගොඩ හරියේ බීලා වැනි වැනි යන එකකේ දැක්කොත් පොඩ්ඩක් ඇවිත් කතා කරලා යන්න අමතක කරන්න එපා හරිය…

%d bloggers like this: