තවත් අතිජාතයෙක්….



මේ කතාව මේ දැං මතක් වෙච්ච එකක්. උදේ පාන්දරම අටට විතර නැගිලා දෙතුන් දෙනෙකුගේ බ්ලොග් ටික බලලා කෑම කන්න කලින් තව වැඩ දෙක තුනක් තියෙන නිසා ඒ වැඩ ටික කරගෙන ගෙට එද්දී කවදාවත් නැතුව ෆෝන් එකට මිස් කෝල් එකක්. මිස් කෝල් එකක් නෙමේ… කෝල් එකක් ඇවිත් ඒක මට මිස් වෙලා.

බලද්දී… මං කොම්පුටර් කෙරුවාව ඉගෙන ගන්න ගිය පන්තියේ මට උගන්නපු සර්. අපිත් ඉතිං නොදන්න කමට ඒ දවස් සර් කිව්වා… ඊට පස්සේ නම් නෑ… මොකද පොරත් අපේ ගෙවල් වලට කිට්ටුව ඉන්න හෙන හොඳ අයියා කෙනෙක්. අද වුනේ මේකයි. මේක කියලා උගේ අතීත ස්මරන ටික එලියට දාන්නම්.

දැන් මට කෝල් එකක් ඇවිත්නේ තිබුනේ. පස්සේ මං ආපහු කෝල් බැක් කලා. එක රින්ග් එකක් වත් යන්න වුනේ නෑ මූ හෙලෝ කිව්වා. වෙනදටනම් මං මොකකට හරි කෝල් කලාම හතර පස් පාරක් නෝ ආන්සර් වෙලා… අන්තිමේ ඌම ගන්න කෝල් එකකට තමා අපේ පනිවුඩේ කියන්න වෙන්නේ. ඉතිං දැන් මූ කෝල් එක ආන්සර් කල ගමන්…

මේ..‍‍. උඹ අද හවස මොකද කරන්නේ….?

විශේෂයක් නෑ බං… මූදෙ න‍ාන්න හිතං ඉන්නවා එච්චරයි… ඇයි?

නෑ බං… පොඩි ගමනක් තියෙනවා යමුද?

කියපං … කොහෙද?

පානදුරේ (මොකද්ද මන්දා නමක් කියලා) ඉන්ෂුවරන්ස් එකේ කෙල්ලෙක් ඉන්නවා ඒකිව බලන්න. යන්නේ වාහනයක් ඉන්ෂ්වරන්ස් කරන විදියට.

මටත් ඉතිං ඔය වගේ ඒවා මැජික් නෙවේ. මොකද එක පාරක් මං පන්තියකුත් කට් කරගෙන මූත් එක්ක ගියා, අම්බලන්ගොට පැත්තේ කෙල්ලෙක්ව බලන්න‍. ඒක සෙට් වෙලා තිබුනේ සිංහලයා චැට් එකෙන්.

ඉතිං අද යන ගමන ගැන මාත් කිව්වා මෙහෙම….

මහේෂ්… මචං මං නං ඔය ආර්ථික කේස්, ‍ඉන්ෂුවරන්ස් සීන් ගැන නම් මම දන්නේ නෑ බං… ඒක නිසා කතා කරන්න නම් බෑ… මං උඹත් එක්ක එන්නම් කියලා…

පස්සේ මූ කියනවා… ඔව් තෝ කොහොමත් කතාකරන්න ඕනේ නෑ… මටනේ කෙල්ලව බලන්න යන්නේ කියලා…

මට නිකං මුත්‍රාබරකුත් ආවා ඒ පාරනම්‍‍‍… ඇත්ත නේන්නම් මං අහවල් එකටෙයි කතාකරන්නේ…

හරි හරි බං… මං කිව්වේ හදිසියක් වුනොත් මට කතාකරන්න බෑ කියලා ඕයි… කියලා ශේප් වුනා…

ඊට පස්සේ දවල් 2.30 විතර වුන්ගේ එහෙට එන්න කිව්වා.බලමුකෝ ඉතිං ගිහිල්ලා. අනිවාර්යෙන් ගිහින් ඇවිත් පසුවදනක් දාන්න්ම් මොකද වුනේ කියලා… හොඳ හෝටලේකින් නොකා ආවොත් තමා. කියන්න බැහැනේ කෑමක් සෙට් වෙයිද කියලා.

දැන් තමා මහේෂ් පෙර සීන් ගැන කියන ටයිම් එක. මහේෂ් අයියව මට මුලින්ම සෙට් වුනේ අර කිව්වත් වගේ කොම්පූටර් පන්තියේදී. ඊට පස්සේ මාස 6 කෝස් එකෙන් මාස 3ක් යද්දී… මං ‍ෙපාරත් එක්ක අම්බානෙට සෙට්… වැඩිය ඕනේ නෑ… දවසක් ඌයි මායි අනිත් උන් යනකං ඉඳලා මගේ තව යාළුවොක් ගෙනාපු ගනයකුත් බැලුවා. ඒත් වැඩක් නෑ හොඳම හරියේ කොටු.

ඊට පස්සේ අපි ගියා තව යාලුවෙක්ගේ ගෙදර වෙයිට් ලිෆ්ටින් කරන්න. එතෙනදීත් පට්ට සීන් එකක් වුනා. කට්ටිය දන්නවනේ අර බර උස්සන අය කරන්නේ… දෙකට නැමිලා වීල් සෙට් එක අරගෙන උරහිසට අරං ඔලුවට උඩින් දාලා අරගෙන කරේ තියාගන්නේ…. ඉතිං ඔය අන්තිම පියවරේදී මහේෂ්ට ඒක උස්සගන්න දීලා අපි ටිකක් එහාට ගියා වතුර ටිකක් බොන්න. එතෙන පොඩි බැම්මක් තියෙනවා… ඒකට කවරු වුනාම පේන්නේ කෙනෙක්ගේ ඉනෙන් ඉහල විතරයි. ඉතිං දැන් අපි වතුර බොන ගමන් බැළුවා ම‍හේෂ් නැගිටලාද කියලා… ම්හු … පොර නෑ… ගිහින් බලද්දී… මිනිහා වීල් සෙට් එකත් එක්ක පතබෑවිලා ඉන්නවා කොන්ද අත ගගා. වීල් වැටුනට සද්දේ ඇහෙන්නෙත් නෑ…. බිමට ෂෝක් ඇබ්සෝබ් වෙන්න රබර් කාපට් එකක් දාලා තිබ්බ නිසා. පවු වැඩේ ඊට පස්සේ මිනිහා ඒ වැඩේ නැවැත්තුවා.

ඊට පස්සේ දවසක මිනිහා මගුල් ගෙදරක ගිහින්. ටිකක් කලවම් කරලා අනුමත වෙලා. පස්සේ ගෙදර ගිය වෙලේ ඉඳන් මුගේ වැඩේ කබරයා දාන එකලු. පස්සේ මහේෂ් අයියලාගේ අම්ම ඇහුවම මොකෝ පුතේ කියලා… මූ කිව්වලු පරිප්පුටික නරක් වෙලා වගේ අම්මේ කියලා….

මේකත් උගේ බොන කතාවක්. ඌම කියපු එකක් තමා. දවසක් පාටියකට ගිහිල්ලා බයිට් කකා ඉද්දී කට්ටිය මූට කතා කෙරුවලු යමන් දැන් ඔය ඇති බයිට් කෑවා, බොමු කියලා… මූ පුටුවෙන් නැගිටලා අඩියක් තිබ්බා විතරලු දඩස් ගාලා පොර බිමලූ. පස්සේ බලද්දී මෑන්ට වෙරිලු. කොහොම වුනාද දන්නේ නෑ වෙරි වෙලා තියෙන්නේ බයිට් කාලා….

තව කතාවක් තියෙනවා. කතාවක් කිව්වට ඒක කාඩ් එකක්. මං තමයි රෙජිස්ටර් කලේ ඇයි කියලා මතක නෑ… කාඩ් එක රියල් පෝක්… මීටරේට එන්නේ නෑ ඇයි කියලා.

ආහ්… මේක තමා සිරාම කතාව. මං ඒ දවස් වල ක්ලාස් යද්දී මූට අවුරුදු 28යි. එයාම තමා කිව්වේ. ඊට පස්සේ මේ ළඟඳි අහලා බලපුවාමත් ඌට අවුරුදු 28යි. හික්ස්… අපි විතරයි වයසට ගිහින් තියෙන්නේ පොර වයසට ගිහින් නෑ… හරිනම් දැන් මෑන්ට අවුරුදු 35ක් වත් වෙන්න ඕනේ. ඒත් කියන්නේ විසිඅටයි. මිනිහා මං දන්න කාලේ ඉඳන් ගෑනු ළමයි බලනවා. මිනිහා කැමති කෙල්ල එයාට කැමති නෑ. එහෙම නැත්තං කෙල්ල කැමති වුනොත් ඒකි නිකං වෙස් මූනක් වගේ… ඒක නිසා මූ කැමති නෑ…

දැන් ඔය අද යන්නේත් ඒ වගේ සීන් එකකට නිසා… මාත් හැන්ඩියා වගේ යන්න ඕනේ. කියන්න බැහැනේ ඒකිට තව නංගිලා එහෙම ඉන්නවාද කියලා. 😉

*******
කව්ද එකෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා…
WIN32- තොපිලට වෙන වැඩ ‍නැද්ද බොලවු ගොං කතා ලිය ලිය ඉන්නේ…. කියලා….
අනේ ඉතිං මාත් අහන්නේ…. මී හරකෝ තොටත් වෙන වැඩ නැද්ද අනිත් උංගේ ගොන් කතා කියව කියව ඉන්නේ කියාල…. ඊටත් මී හරකෝ අපි දැන් පාච්ව්වි කොරන්නේ 64 බිට් එක… 32 පරනයි….

මෙන්න පොරගේ අයි පී එක . මූ කව්ද කියලා දන්නවනම් මට පොඩ්ඩක් කියන්න.
202.129.235.24

%d bloggers like this: