නිදි යහන කැළඹෙයි…. චූටි එව්වොන්ට චිත්‍රපටියක්.



මේ දවස් වල ගෝල්ඩ් fish ඔ‍ෆිස් යන පාර දෙපැත්ත බලන්න ලස්සනයි. අතරින් පතර තියෙන ඡන්ද කාරයින්ගේ පෝස්ටර් ඇරෙන්න තවත් ලස්සනම ලස්සන වෛවර්ණ පෝස්ටර් පාරක් ගහලා තාප්ප වැහෙන්න. වැඩිය ඕනේ නෑ ඡන්ද පෝස්ටරුත් වැහෙන්නම ගහලා.

ඇත්තටම ගෝල්ඩ් fish හිතුවේ මේ පෝස්ටර් ටික එදා රෑට වදින ඡන්ද පෝස්ටර් වලින් වැහිලා යයි කියලා. මොන…. ඡන්ද පෝස්ටර් ගහන එවුන්ගේ තියෙන කුපාඩි කමට අර ලස්සන පෝස්ටරේ වැහෙන්නේ නැතිවෙන්න, තාප්ප වල ඉතුරු වෙච්ච ඉඩ කඩේ උන්ගේ ලොක්කන්ගේ පෝස්ටර් ටික ගහලා. ඊට පස්සේ ඉතිං ඔය ටික බලාගෙන ඔෆිස් යන ගමන් හිතුවා, හරි දවල්ට ඡන්ද පෝස්ටර් ගලවනවානේ පොලිසියෙන්… (නිකං නගර සභාවේ කම්කරුවෝ වගේ) එතකොට ඉතිං හරි කියලා. ඒත් ඒ යක්කු කරලා තියෙන්නෙත් ලස්සන පෝස්ටරේ ඉතුරු කොරලා ඡන්ද පෝස්ටර් ටික ගලෝලා. මං කිව්වත් නැතත් දන්න කට්ටිය දන්නවා රෑට පෝස්ටර් ගහන්නෙත් පොලිසියෙන් දවල් 11 විතර වෙද්දී මිනිස්සුන්ට පේන්න ඇරලා ඒ පෝස්ටර් ටික චන්ඩි වගේ ගලවන්නෙත් පොලිසියෙන්මයි කියලා. සිරි ලංකාවනේ….

ඉතිං ඔය ලස්සන පෝස්ටරේ තියෙන්නේ ෆට්ට පින්තුරයක්. ආහ්.. ඊට කලින් කවුරු හරි පොඩ්ඩක් මතක් කරලා බලන්න… දැනට මාස කීපයකට කලින් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට තහනම් කලා නේද ලංකාවේ? එහෙම නැත්තං අළුතෙන් නිශ්පාදනය කිරීම හරි නැවැත්තුවනේ… ගෝල්ඩ් fishට නම් එහෙම පොඩි මතකයක් තියෙනවා… මේ ලංකාවේ අනිත් අයට වගේම තමා මටත් ඔය මොකක් හරි ගොන් ප්‍රවෘත්තියක් මතක හිටින්නේ සති දෙකයි. මොකද ඊට පස්සේ ඒ ප්‍රවෘත්තියේ සඳහන් තහනම් කරපු එකේ අනිත් පැත්ත ආයෙත් වෙන නිසා ඉතිං බලෙන් මතක් කර කර ඉන්න යන්නේ නෑ…

පෝස්ටරේ පින්තූරේ ගැනනේ කියන්න ගත්තේ… ඒකේ තියෙන්නේ නිකං ආර්නෝල්ඩ් ස්වෙසනගර් වගේ පපුවේ මස් පිඩු ටිකක් පිම්බිලා ආපු උඩු කය නිරුවත් පිරිමියෙක්ගේ පපුවට පැමිලා ඇන්ඩර්සන් වගේ ෆට්ට කෑල්ලක් ලං වෙලා ඉන්න එකක්. ආහ්… ඒ ගැහැනු රුවෙත් උඩු කය නිරුවත් වෙන්න ඕනේ. හරියට පේන්නේ නෑ ඒක. අකුරු වලින් වහලා. නැත්තං ඉතිං ඔය පෝස්ටරේ බලලා හෝල් එකට දුවන කොල්ලන්ගේ රසවින්දනය බාල වෙනවනේ ඒක නිසා වෙන්න ඇති. මොනා වුනත් ඒක දැක්කම, පොඩි මෝල් කලන්තේ පාරක් තියෙන එකෙකුට නම් වෙන වෙන තැන්වල රස්තියාදු වෙන්න ඕනෙ නෑ, දැක්ක තැනම නිකංම සිතියම් ඇ‍ඳෙන තරමට ලස්සනයි ඒ කලාත්මක පෝස්ටරේ.

ඉතිං මං අහන්නේ… උදේට, මොන්ටිසෝරි යන ළමය‍ාගේ ඉඳන් කැම්පස් යන කොල්ලා කෙල්ල, එතකොට තාත්තලා අම්මලා එක්ක ස්කෝලේ යන ළමයි, ස්කූල් වෑන් වල යන ළමයි… කපල් නම් අතෑරලා දාමුකෝ… ඉතිං මේ වගේ අය ගැවසෙන පාරක් දෙපැත්තේ මේ වගේ හිරිකිත පෝස්ටර් ගහන එක හරිද? අනිත් එක තමන්ගේ ළමයි එක්ක ඒ පාරෙන් උදේට හවසට යන එන දෙමාපියන් කොයිතරම් අපහසුතාවයට පත්වෙනවා ඇත්ද? බැරි වෙලාවත් පොඩි කොල්ලෙක් කෙසේවෙතත් චූටි කෙල්ලෙක් දෙමාපියන්ගෙන් ඇහුවා… අම්මේ අර ඇන්ටි ඇඳුම් ගලෝගෙන අර අන්කල් ඉස්සරහ මොකෝ කරන්නේ ? … කියලා… ඒ අම්මට දෙන්න උත්තර තියෙයිද?

මොකද ඒ අම්ම, ඇන්ටි කරන වැඩේ කරලා පෙන්නන්නයෑ… ඒක නිසාම පොඩි එකා ඕක හිතනවා. ස්කෝලේ ගිහිල්ලා යාළුවෝ එක්කත් කතා වෙනවා. කොල්ලෝ නම් කාගෙන්වත් අහන්න යන්නේ නෑ, තනියම ඇනලයිස් කරනවා. ඊට පස්සේ සමහරවිට අවස්ථාවක් ලද විගස ඌත් කරලා බලන්න යනවා. ඒවට පොඩි අයට බනින්න විදියක් නෑ… මොකද ඒ උන්ගේ ස්වභාවය.

ඉතිං දැන් මේවට වැරදි ළමයිද? දෙමව්පියෝද? රට්ටු කියලා අපි හඳුන්වන නමක් කියලා කියන්න බැරි එවුන්ද?

මේක ප්‍රශ්න වැලක්. පොලිසිය දාන්න ඕ‍නේ ඡන්ද පෝස්ටර් ගලවන්නද? මේ වගේ පෝස්ටර් ගලවන්නද? එහෙමත් නැත්තං නගර සභාවේ සේවකයෝ දාන්න ඕනේ කානු සුද්ද කරන්නද නැත්තං මේ වගේ බිත්ති සුද්ද කරන්නද කියලා හිතලා බලන්න ඕනේ නේද?

කොහොමත් මේ වැඩේ ඉක්මනට නැවතුනේ නැත්තං අම්ම තාත්තලට වෙන්නේ චිත්‍රපටියේ නම වගේම, නිදි යහන කැළඹෙන එක කෙසේ වෙතත් නිදි යහනෙම ගිනි තියාගන්න තමා. මේවා දකින පුංචි උන් ඔය වැඩ කිඩ වලට යොමු වුනාම ඉතිං අපේ රටට කෙසේ වෙතෙත්, පොඩි එවුන් ටිකටනම් සියලූ දෙවි දේවාතාවුන්ගේ පිහිටයි.

ගෝල්ඩ් fish දැන් කාලෙක ඉදන් අම්මලා තාත්තලා එක්ක ටීවී බලන එක නැවැත්තුවෙත් ඔය කාරනේ නිසාම තමා. ගෝල්ඩ් fishට බැහැ ටීවී එකේ යන දුප්පත් ගෑනූ රූප දිහා අම්මලා එක්ක එකට ඉඳගෙන රසවිඳින්න. අම්මලට වැඩිය එතකොට මං අපහසුතාවයට පත්වෙනවා. ඒක නිසා දැන් කරන්නේ තනියම කාමරේට වෙලා ඩවුන් කරගෙන යන මූවි එකක් බලන එක තමා. අඩුම ගානේ ප්‍රවෘත්තිවත් බලන්නේ නෑ.

අර මං කිව්ව පොඩි එවුන් නිසි වයසට එනකොට කරන්න ඕනෙ දේවල් කරයි. ඉතිං එහෙව් එකේ උන්ව දැන්ම අවුසන්නේ අහවල් එකටද? මං හිතන විදියට ඒ වගේ පෝස්ටර් වලින් වැඩිම බලපෑමක් වෙන්නේ පොඩි අයට. ඉස්සෙල්ලා කිව්වා වගේ පොඩි අය තමන් දකින දේ ගැන ගවේෂනය කරන්න උනන්දු වෙනවා. ඒත් ඒ අය හැමදේම ගවේෂනය කරන්න ගියොත් නම් අමරුවේ.

මොකද මාත් ඔය වයස පාස් කොරලනේ අවේ. ඒක නිසා මාත් දන්නවා ඇත්ත කතාව. අපේ අම්මයි තාත්තයි මාවයි මල්ලිවයි, ඔය වගේ දේවල් වලින් ගොඩක් පරිස්සම් කලා. තාප්ප වල ඔය වගේ ඒවා තියෙනවා නම්, අපිව වාහනේක හැප්පිලා මැරුනත් කමක් නෑ කියලා පාර පැත්තට දාගෙන අම්මා තාප්පේ කවර් කරගෙන ගියේ. ඇත්තටම අපි නිකං ඕනේ නැති දේවල් කරලා අමාරුවේ වැටෙනවට වැඩිය ඇක්සිඩන්ට් එකක් හැප්පිලා අමාරුවේ වෙටෙන එක ඊට හොඳයි කියලා හිතෙන්න ඇති. ලොකු වුනාට පස්සේනම් ඉතිං පරිස්සම් කරන්න වෙහෙසෙන්නේ නෑ. මොකද දැං අපි තෙම්පරාදු වෙලා ඉන්න නිසා. ඒත් තාමත් ළමා කාලේ ගෙවන ළමයින්ව ඒ වගේ පරිස්සම් කරන්නේ නෑ කියලා මං හොඳටම දන්නවා.

ඒ අයව ස්කූල් වෑන් එකට ඇරළුවාම … ස්කෝලේ ගිහින් ඇවිත් වෙච්ච දේවල් , කතාකරපුවා කියන ළමයි ගොඩක් අඩුයි. ඉතිං මං හිතන්නේ අනිත් කව්රු නැතන් දෙමාපියන්වත් මේ සම්බන්ධයෙන් එකමුතු වෙලා තීරණයක් ගන්න කාලේ ඇවිත් තියෙන්නේ… ඒත් ඒ තමන්ගේ දරුවට වගේම අනිත් දරුවන්ගෙත් ඉදිරිය ගැන හිතන අම්මලා තාත්තලා විතරයි. අනිත් වුන් නම් ඕනෙ කෙහෙම්මලක් කරගත්ත දෙන්.

පෝස්ට් එක මීට වැඩිය හොඳට, තව දිගට දාන්න පුළුවන්… ඒත් ගෝල්ඩ් fishට හිත කියනවා දැන් ඇති වගේ කියලා. මොකද මාත් ආසයි අතක් පයක් කඩාගන්නේ නැතුව තව අවුරුදු කීපයක් ඉඳලා කසාදයක් බැඳගෙන පොඩි එකෙක්ව හදාගන්න. තව ලියන්න ගිහින් මට මොකෙක් හරි එකෙක් අල්ලගෙන කොන්ද කැඩෙන්න නෙලුවොත් බඩුම තමා. අනිවා එදාට මට කවුරුත් නෑ. . බයක්නම් නෑ… ඒත් අනුන්ගේ නයි රෙද්ද අස්සේ දාගන්න ඕනේ නෑනේ… ඒක නිසායි… අර ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නෑ කියල කතාවක් තියෙන නිසායි… පෝස්ට් එක කෙටියෙන්ම ඉවරයක් කරලා දැම්මා මොකද මාත් අයිස් චර්යවත් දේසයේ පුරවැසියෙක්නේ…. මං හිතන්නේ මේක කියවන අයට මේ දාලා තියෙන ටික ඇති, දැන් ඇති වෙලා තියෙන තත්ත්වය තේරුම් ගන්න.

46 Responses to “නිදි යහන කැළඹෙයි…. චූටි එව්වොන්ට චිත්‍රපටියක්.”

  1. අපරාජිතයා :::: Aparajithaya Says:

    “මෝල් කලන්තේ පාරක් තියෙන එකෙකුට නම් වෙන වෙන තැන්වල රස්තියාදු වෙන්න ඕනෙ නෑ, දැක්ක තැනම නිකංම සිතියම් ඇ‍ඳෙන තරමට ලස්සනයි” ඔන්න දවසේ කතාව……..හික් හික්…. 100% ක් ඇත්ත මචං.

  2. The Matrix Says:

    මටනම් තේරෙන්නේ නැහැ ඇයි මේ විදිහට සමාජයෙන් ලිංගිකත්වය කියන දේ හංගන්න හදන්නේ කියලා. මේ චිත්‍රපටය නම් සමහර විට කිසිම කලාත්මක බවක් නැති නිල් චිත්‍රපටයක් වගේ වෙන්න ඉඩ තියෙනවා. බලලා නැති නිසා හරියටම කියන්න දන්නේ නැහැ. ඒත් ඔබගේ ලිපියෙන් මට තේරෙන්නේ ලිංගිකත්වය කියන එක හංගලා තියන්න ඕනේ, පාසල් යන දරුවන්ගෙන් වසන් තරන්න ඕනේ එහෙන නැත්නම් දෙමව්පියන් සහ වැඩිහිටි දරුවන් අතර වුනත් ලිංගිකත්වය ගැන කතා බහ තියෙන්න බැහැ වගේ දෙයක්.

    මමනම් හිතන්නේ දරුවන්ට ලිංගිකත්වය ගැන කියලා දෙන්න හොඳම පුද්ගලයා දෙමව්පියන් කියලයි. එහෙම නැතිව අපි ඒ ගැන දරුවන්ට තහනම් විදිහට පෙන්නලා අන්තිමට දරුවෝ ඒ ගැන වෙනත් විදිහකට අවිධිමත් විදිහට දැනගෙන අමාරුවේ වැටෙනවා. දරුවෙක් අම්මගෙන් හෝ තාත්තාගෙන් ලිංගිකත්වය වගේ දෙයක් ගැන ප්‍රශ්නයක් අහන එකවත් දෙමව්පියන් ඒකට උත්තර දෙන එකවත් කාටවත් අපහසුවක් නෙවෙයි!

    • ගෝල්ඩ් fish Says:

      මචං උඹ කියන දේට මං සම්පූර්ණයෙන් එකඟයි. දෙමාපියන් තමා ලිංගිකත්වය ගැන කියලා දෙන්න ඕනේ. ඒත් මචං ඒක කරන්න ඕනේ දැනුවත් කිරීමක් කරන විදයට මිසක් , අනවශ්‍ය හැඟීම් අවුස්සන විදියට නෙමේ. මමත් පුංචි කාලේ අම්මගෙන් තාත්තගෙන් ඕනෙ තරම් දේවල් අහලා තියෙනවා. ඒ අය මට ඒවා මට තේරුම් ගන්න පුළුවන් තරමින් කියලත් දුන්නා. ඒත් මචං මේ වගේ හැඟීම් අවුස්සන සීන් වලට නම් ඉඩක් තිබ්බේ නෑ… කොටින්ම මං ස්කෝලේ 2 වසරෙදි… බබාලි හම්බුවෙන්නේ කොහොමද කියලා ඇහුවම මට ඒ දවස් වල තේරෙන භාසාවෙන් මට ඒක කියලා දුන්නා. ඊට පස්සේ මට බබාල හම්බුවෙන එක මැජික් නෙවෙයි.

      අනිත් එක මං ඔය උඩ තියෙන ඉසුරුමුනි පෙම් යුවල දැම්මෙත් ඔය ප්‍රශ්නෙ කාගෙන් හරි මතුවුනාම උත්තර දෙන්න බලාගෙන. දැන් බලපං ඒ පින්තූරේ දැක්කම අපිට කිසිම කැත හැඟීමක් එන්නේ නැහැනේ. ඒ වගේ තමා අම්මලා අපිට කියල දෙන දේත්. ඊට පස්සේ ගනින් මං කියන විදියේ පෝස්ටර්යක්… මොකද හිතෙන්නේ?

  3. abeetha Says:

    ගෝල්ඩ් fish දැන් කාලෙක ඉදන් අම්මලා තාත්තලා එක්ක ටීවී බලන එක නැවැත්තුවෙත් ඔය කාරනේ නිසාම තමා. ගෝල්ඩ් fishට බැහැ ටීවී එකේ යන දුප්පත් ගෑනූ රූප දිහා අම්මලා එක්ක එකට ඉඳගෙන රසවිඳින්න. අම්මලට වැඩිය එතකොට මං අපහසුතාවයට පත්වෙනවා. ඒක නිසා දැන් කරන්නේ තනියම කාමරේට වෙලා ඩවුන් කරගෙන යන මූවි එකක් බලන එක තමා. අඩුම ගානේ ප්‍රවෘත්තිවත් බලන්නේ නෑ.

    නැතුව මේ ගෝල්ඩ්ෆිශ් බලන ඒවා අම්මලාට බලන්න බැරි නිසා නෙවේ නේද මාළු මල්ලි….. හික් අපි නොදන්න මාළුවා ඩව්න්ලෝඩ් කරන මූවීස්…..

  4. Sanju Says:

    මේ දැන් ඉන්න එවුන් උඹට වඩා කුපාඩියි. උන් ඕවා අම්මලාගෙන් අහ අහ ඉන්නේ නෑ දැක්කේ නෑ වගේ ඉදලා කෙලින්ම ඉස්කෝලේ ගිහිල්ල ෆ්‍රී පීරියඩ් එකක කුප්පියක් දාල ඔක්කොම ඩවුන්ලෝඩ් කර ගන්නවා.

  5. රන්දිල් Says:

    තාප්ප වල ඔය වගේ ඒවා තියෙනවා නම්, අපිව වාහනේක හැප්පිලා මැරුනත් කමක් නෑ කියලා පාර පැත්තට දාගෙන අම්මා තාප්පේ කවර් කරගෙන ගියේ. ඇත්තටම අපි නිකං ඕනේ නැති දේවල් කරලා අමාරුවේ වැටෙනවට වැඩිය ඇක්සිඩන්ට් එකක් හැප්පිලා අමාරුවේ වෙටෙන එක ඊට හොඳයි කියලා හිතෙන්න ඇති.

    අනේ ඇත්තට මේවා තමයි තුන් කාලීන ප්‍රශ්න… ඇයි මේ ගැන බලධාරීන්ගේ ඇස ගැටෙන්නේ නැත්තේ?

  6. rajith abeysinghe Says:

    ඇත්ත තමයි.කාලෙකට ඉස්සර මුලු කොලබම කඩවල ගහලා තිබුන අසභ්‍ය කියන කටවුට් ඔක්කොම ගැලෙව්වා.ඒවා ගලෝපු උන්ට මේවා පේන්නෙ නැති එක රටේ අවාසනාව මිසක්ක වෙන මොකද්ද.තව එනවා කොට ගවුම් අදින එක නවත්තන්න.

  7. නවම් Says:

    මාත් ඔය පෝස්ටරේ අනන්තවත් උදේ හවා පාරවල් දෙපැත්තෙ දකිනව [අම්ප ඉස්කෝලෙ කාලෙ උනානං…..] මමත් කියන්නෙ ලිහල තියෙන මල්ල ඔබල බලන්න පොඩි එවුන්ව පොළඹවන එකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. කොහොම උනත් මුදල් පසු පස හඹායෑම වලකන්න බැරි කාලෙක ඔය වගේ දේවල්වලට මූණදෙන්න වෙනව. කිරි හට්ටියක් වගේ රටක් හදන්න බෑ බං. කොහෙඔවත් එහෙම පරමාදර්ශී රටවල් නෑ.ඉන්දියාවෙ, ලෝකෙ වැඩිම බෞද්ධ ජනයා ඉන්න තයිලන්තය, මියන්මාර්, ටිබෙට් වල රෙඩ්ලයිට් සෝන් තියනව. ආර්ථික වශයෙන් දියුණු සිංගප්පූරුවෙත් එහෙමයි. ආසියවෙ එහෙමනම් අනිත් රටවල් ගැන කතාකරල වැඩක් නෑ නෙ. බලපන් ඒෂියන් බ්ලූ ‍ෆිල්ම්ස් කොච්චර තියනවද කියල, ඒවයෙ ඉන්නෙ ආසියාවෙ රටවල් වල කෙල්ලො. ඔය දේ වලක්වන්න බෑ බං ඒක මිනිස් අවෂ්‍යතාවටක් විදියට පවතිනකන්. කවදාවත් එහෙම වෙයි කියල බලාපොරොත්තු වෙන්නත් එපා, අනික ඔය පුහු සුචරිතවාදීන්ගෙ බස් වලට ‍රැවටෙන්නත් එපා මචං. එහෙම උනොත් හැමදාම පවතින ක්‍රමයට සටන් කරකර ඉඳල මැරිල යන්න පුළුවන් ප්‍රතිඵලයක් දකින්නෙම නැතුව.

    කරන්න පුළුවන් එකම දේ තමන්ගෙ ළමයින්ට පූළුවන් තරම් සමාජ අවබෝධයක් ලබාදෙන්න උත්සාහ කරන් එක. ඒ දේ තේරුම් ගන්නකන් කැමතිනම් පරිස්ස කරන්න පුළුවන්.

  8. Bino Says:

    Eththatama hodai,, kollek oya wage yatharthawaadeewa dakepu eka gena sathutui,,,

  9. dugiya Says:

    මේ වාගේ ඒවාට අපිට පුළුවන් හැටියට විරුද්ධ වෙන්න ඕනි කියලා තමයි මගෙත් අදහස.

    එක දවසක් සීමා රහිත ඇඳුම් සාප්පුවක එල්ලලා තිබුනා ටී-ශර්ට් එකක් FCUK කියලා ගහපු. මම එතන ලොක්කට කතා කරලා ඇහුවා ඔයාගේ පොඩි ලමයෙක් ඉන්නවනම් එයා ඔයාගෙන් ඇහුවොත් අර මොකක් කියලද කියන්නේ තාත්තේ කියලා, ඔයාට උත්තර දෙන්න පුළුවන්ද?. මිනිහා ඒක display එකෙන් අයින් කරන්න කිව්වා.

  10. රත්ගමයා Says:

    ඉකේයියා…..මහ වල් ඈයෝ තමා ඔය පැත්තේ ඉන්නේ….චික්…අයිය කෙනෙක් ගේ පපුවට අක්කි කෙන්ක්කෙ හේත්තු උනත් ඒක කුප්ප ඇහැකින් බලන්නේ…චික්…

  11. arunishapiro Says:

    පොඩි ප්‍රශ්නයක් යාළු මාළුවෝ, පෝස්ටරයකින් ඔය තරම් කුල්මත් කරවන්න පුළුවන් සමාජය යටපත් කරන දේවල් වැඩි නිසා ද?

    යුරෝපයේ හැම දෙයක්ම වගෙ විකුණන දැන්වීම් වලට ලිංගිකත්වය එකතු වීම ඔවුන්ගෙ හුරුවක්. ඇමෙරිකාවේ ඒක ඉතා අඩුයි. ඇමෙරිකාවේ ‘ගැටවර වියේ’ දරුවන්ට තියන ‘විසේ’ යුරෝපයේ දකින්න බැහැ. අනික, ලංකාවේ ‘ගැටවර වියේ’ දරුවන්ට තියන ‘විසේ’ ඇමෙරිකාවේ දරුවන්ටත් නැහැ!!!

    ඉතින්, තවත් විදියකින් කියනවා නම් ලිංගිකත්වය ගැන දැනුම යටපත් කරන වෑයම නිසා නොදන්නා දැයින් වඩා කුල්මත් වීමක් සිද්ධ වෙනවා ද?

  12. කලු මල්ලි Says:

    කෙහෙල් ගහක් ඉක්මනටම පීදුනහම අපිට සතුටු වෙන්න පුලුවන්ද බන්ස්..ඒවට කියන්නෙ වඳ බැහැපු ගස් කියල නේද? අඩුමාසෙන් ඉපදෙන දරුවන් ගේ තත්වය කොච්චර සෝචනීයද? හැමදේම නිසිකලට නිසිවෙලාවට වෙන්න ඕනෙ.උඹ හරි..!!!කුහක ඊනියා බුද්දිමත්තු ,ඕපෙන් මයින්ඩඩ් කියන බුවාල බුවීල තමන්ගෙ ළමයින්ට ඔය රෙද්දවල් කියල දෙන්න යනවද? උන් ඔය ලොකු කරගෙන කියන රටවල් වල එවුන් ඒවායෙන් ගැලවෙන්න බැරුව ඉන්නව..අපේ උන්ට නම් ඒව මැජික්. ඔය කියන ඩැනුම අපිට කවෘත් දුන්නෙ නෑනෙ..ඒත් අපි වනසත්තු උනේ නෑනෙ. හදන්න ඕනෙ හිතයි..

  13. Hasitha Jayasooriya Says:

    මචෝ ඒ ඇන්ටි ඇඳුම් ගලෝගෙන අර අන්කල් ඉස්සරහ සිරාවටම මොකෝ බන් කරන්නේ ? 😀 😀 😀

  14. Buwa Says:

    යටපත් කරන්න හදන්න හදන්න ඕව උඩ මතුවෙනව ..මම නම් ලිපියට එකඟ නැහැ වැඩේ කියන්නේ මමත් අද දවසෙ ලිව්වෙ ඔය කතන්දරේට ආසන්න ලිපියක් හැබැයි සම්පූර්ණ ප්‍රතිවිරුද්ධාර්තය . ඔන්න ස්පැම් කලා කිව්වොත් එහෙම කියල ලින්ක් දැම්මෙ නැහැ කැමති නම් ප්‍රොෆයිල් එක හරහා ගිහින් බලන්න

    • ගෝල්ඩ් fish Says:

      කිසි අවුලක් නෑ බං… හැමදේම අදාල වෙන්නේ දැනුමට… මං අනිවා උඹේ පෝස්ට් එක කියවනවා… ඒත් මට කියපං උඹේ පොඩි එකෙක් අර වගේ ප්‍රශ්නයක් ඇහුවොත් උඹ ඇත්ත කියනවද? ප්‍රශ්නේ මග හරිනවද? ප්‍රශ්නෙට අදාල නොවෙන උත්තරයක් දෙනවද?

      • Buwa Says:

        අවුරුදු 12 ට අඩු එකෙක් නම් සම්‍යක්ප්‍රයෝගයක් දාල බේරෙනව . නැත්නම් ශිෂ්ට විදිහට ඇත්ත කියා දෙනව

      • ගෝල්ඩ් fish Says:

        උඹ හරි බං… ඒක තමා කරන්න ඕනේ… ඉතිං හිතහං 12ට අඩු එකෙක් එහෙම ඇහුවම වෙන දේ… ඊට වැඩිය හොඳ නැද්ද ඒ වගේ අහන්නේ නැති වෙන්න වැඩ කරන එක…

        මචං උඹේ පෝසට් එකට කමෙන්ට් කරන්න බැහැනේ බං..

      • Buwa Says:

        ටෙස්ට් කමෙන්ට් එකක් දාල බැලුව .ඒක නම් වැඩ කලින් මොකක් හරි අවුලක්ද දන්නෙ නැහැ එක කමෙන්ට් එකක් වත් නැත්තෙ.පෝස්ටරයක මහා ලොකු දෙයක් දාන්න බැහැනෙ කොහොමත් ඉතින් ඒ වගේ දෙයක් පොඩි බාසාවකින් ශේප් කරගන්න වැඩිහිටියන්ට පුලුවන් ( පොඩි අය වැඩිහිටි අය කියන ඒව පිලිගන්නවනෙ ) යමක් කම ක් තෙරුම් ගන්න පුලුවන් අයට තෙරුම් ගත්තයි කියල අවුලක් නැහැ , හොඳ ලිංගික අධ්‍යාපනයක් එහෙම රටේ ක්‍රියාත්මක නම් කොහෙත්ම ගැටලුවක් නැහැ

      • ගෝල්ඩ් fish Says:

        අන්තිම ටිකනම් ඇත්ත බං…

  15. sameera Says:

    හෆ්ෆා මොල් ඩර් ඕක දැක්කෙ නැති එක හොදයි

  16. හිස් අහස Says:

    කතාව සහතික ඇත්ත . අන්තර් ජාලේ තියන වෙබ් සයිට් ටික වහලා දැම්මට විතරක් හරියන්නේ නෑ . උඹ ඔය කියන පෝස්ටර් ජාති අලවන්න තහනම් කරන්න ඕන . මටත් මතකයි දැනට අවුරුදු ගාණකට උඩදී පත්තරවල දෙවැනි පිටිවේ අලුත් ෆිල්ම් වල රූප දානවා . මමත් ඉතින් පත්තරේ ගන්නේම ඕක බලන්න හිතා ගෙන . එතකොටනම් මම නියම වයසේ හිටියා .

    පොඩි එවුං පොඩි කාලේ හිතන්න ඕන පොඩි උන්ට හරියන දේවල් . පොඩි එකාට පොඩි කාලේ දිරවගන්න පහසු කෑම දුන්නට විතරක්ම මදි දිරවගන්න පුළුවන් සිතිවිලිත් උංගේ හිත් වල තියෙන්න ඕන …

    නිසි කල නිසි ඔසු ලැබ ……

  17. Hasitha Says:

    මටත් ඔය පෝස්ටරේ දැක්ක දවසේ ඉදන් හිතුණේ ඕක ගැනම තමා. ඊයේ ටීවී එකේ නිදි යහන කැළඹෙයි ෆිල්ම් එක ගැන කියද්දී අනූෂා දමයන්ති, ටෙනිසන් කුරේ, සුනිල් සෝම පීරිස් වගේ අය නම් කිව්වේ මේක හොඳ අධ්‍යාපනික ෆිල්ම් එකක් කියලා.

    අනේ මන්දා :))

  18. budhajeewa Says:

    ඔය චිත්‍රපටිය මොකක්ද කියන එක ගැන අදාළ නැහැ, නමුත් මේව මෙච්චර ළමයින්ගෙන් හංගන්න හදන්නෙ මොකද කියන එකයි ගැටළුව. අපි කන්නෙ කටිං කියල ඉගන ගත්තෙ කවුරුත් කියල නෙවෙයිනෙ බං.

  19. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    ලිංගිකත්වය කියන්නේ ලංකාවේ ටැබූ ටොපික් එකක්.විශේෂයෙන්ම නම්‍යශීලි සාරධර්ම සුරකින් ශ්‍රී ලංකාවක් කියලා පම්පෝරී ගහන අපේ ඇත්තේ ඉන්නකම් ශ්‍රී ලංකාවේ ඕක වෙනස් වෙන්නේ නෑ.

    අද ලංකාවේ ලිංගික අධ්‍යාපනය කොච්චරද කියනවානම් සමහර තරුණයෝ (බදින වයසේ ) කොන්ඩමයක් පාවිච්චි කරන්න දන්නේ නෑ.ඉතින් තව වෙන මොන කතාද ? ඒ ගොල්ලෝ එක දන්නේ නැත්තේ ඒ වගේ කරුණු ඒ ගොල්ලන්ට දකින්න නොලැබෙන නිසයි.නමුත් ඒ කිව්වට ඔවුන් බොහොමයක් ඔය අසභ්‍ය ගනයේ අකුරු තුනේ චිත්‍ර පටි අනන්තවත් බලලා ඇති.ඒවා හුදෙක් සකාසා ඇත්තේ වෙලද පරමාර්තයෙන් මිසක් අධ්‍යාපන පරමාර්තයෙන් නෙමේ.ඉතින් එවැනි හුදු පහත් ගණයේ චිත්‍ර පටිවලින් ලිංගික අධ්‍යාපනය ගන්න ගිහින් අනන්තවත් කෙල්ලෝ කෙල්ලෝ අනාථ වෙනවා.

    ලංකාවේ නිපදවන වෙලද චිත්‍රපට අතරේ ඔය වගේ ඒවා නිකම් ගැනියෙක් මිනිහෙක් ඉබින ඒවා දාල මීනිස්සු අද්දගන්න බලනවා ඒ මිසක් ශංහාර රසය පදනම් වෙච්ච චිත්‍රපටි නෙමේ.මේ චිත්‍රපටිය ගැනනම් මොකක්වත් කියන්න බැ මොකෝ මම ඕක බලලා නෑ.නමුත් හුගක් ශ්‍රී ලංකාවේ චිත්‍රපටි ඔහොමයි

    ලිංගිකත්වය , නිරුවත අරුමයක් වෙච්ච මිනිස්සුන්ට ඔය වගේ දැන්වීම් දැක්කම සිදුවෙන දේ අහන්නවත් දෙයක්ද ? අනික තමන්ගේ අම්මා තාත්තාට තුරුල් වෙලා ඉන්න එකවත් දරුවන්ට පෙන්වන්නේ නැති සංස්කෘතියක දරුවන් ඔය වගේ දෙයක් දැක්කම කරකලා අත හැරියා වගේ වෙයි.

    ඉතින් ලොකු වයසට ආවම තමන්ගේ පෙම්වතියගේ පෙම්වතාගේ අතින් අල්ලන්නත් ඒ ගොල්ලෝ රිග්ගන්නේ පදුරු අස්සේ එහෙම නැත්නම් හොටෙල් කාමර අස්සේ මොකෝ ඒවා හැංගිලා කරන දේවල් හින්දා ඉතින් තරුණ කාලේ පවතින ශාරිරීක හා මානසික උත්තේජනය සහ අධි ක්‍රියාශීලීත්වය නිසා ඊට එහා ගිය දේවල් වෙන්න යන්නේ තත්පරයක පමාවක් විතරයි.

    ඕක වලක්වා ගන්න පුලුවන් ක්‍රමවත් අධ්‍යාපනයක් (ලිංගික සහ වයස පදනම් වෙච්ච ) මිසක් ප්‍රජනන සවුඛය කාල පරිච්චේදයේදී ඇබරි ඇබරි ලමයින ප්‍රශ්ණ අහන්වත් බැරි ඉගැන්වීම් රටා වෙන් නෙමේ.

    • ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

      ඕක වලක්වා ගන්න පුලුවන් ක්‍රමවත් අධ්‍යාපනයක් (ලිංගික සහ වයස පදනම් වෙච්ච ) මිසක් ප්‍රජනන සවුඛය කාල පරිච්චේදයේදී ඇබරි ඇබරි ලමයින ප්‍රශ්ණ අහන්වත් බැරි ඉගැන්වීම් රටා වෙන් නෙමේ.

      නිවැරදි කිරිමක්

      අධ්‍යාපන රටාවත් පමණක් ප්‍රමාණවත් නෙමේ මිනිස්සුන්ගේ චින්තන රටාව වෙනස් වීමක් විය යුතුය.අඩුම ගානේ සැමියා සහ බිරිදට ප්‍රසිද්ධියේ වැලද ගැනීමටවත් (A simple hug ) හැකියාවක් ලැබිය යුතුය.


Gayan rupasinghe වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: