නිදි යහන කැළඹෙයි…. චූටි එව්වොන්ට චිත්‍රපටියක්.



මේ දවස් වල ගෝල්ඩ් fish ඔ‍ෆිස් යන පාර දෙපැත්ත බලන්න ලස්සනයි. අතරින් පතර තියෙන ඡන්ද කාරයින්ගේ පෝස්ටර් ඇරෙන්න තවත් ලස්සනම ලස්සන වෛවර්ණ පෝස්ටර් පාරක් ගහලා තාප්ප වැහෙන්න. වැඩිය ඕනේ නෑ ඡන්ද පෝස්ටරුත් වැහෙන්නම ගහලා.

ඇත්තටම ගෝල්ඩ් fish හිතුවේ මේ පෝස්ටර් ටික එදා රෑට වදින ඡන්ද පෝස්ටර් වලින් වැහිලා යයි කියලා. මොන…. ඡන්ද පෝස්ටර් ගහන එවුන්ගේ තියෙන කුපාඩි කමට අර ලස්සන පෝස්ටරේ වැහෙන්නේ නැතිවෙන්න, තාප්ප වල ඉතුරු වෙච්ච ඉඩ කඩේ උන්ගේ ලොක්කන්ගේ පෝස්ටර් ටික ගහලා. ඊට පස්සේ ඉතිං ඔය ටික බලාගෙන ඔෆිස් යන ගමන් හිතුවා, හරි දවල්ට ඡන්ද පෝස්ටර් ගලවනවානේ පොලිසියෙන්… (නිකං නගර සභාවේ කම්කරුවෝ වගේ) එතකොට ඉතිං හරි කියලා. ඒත් ඒ යක්කු කරලා තියෙන්නෙත් ලස්සන පෝස්ටරේ ඉතුරු කොරලා ඡන්ද පෝස්ටර් ටික ගලෝලා. මං කිව්වත් නැතත් දන්න කට්ටිය දන්නවා රෑට පෝස්ටර් ගහන්නෙත් පොලිසියෙන් දවල් 11 විතර වෙද්දී මිනිස්සුන්ට පේන්න ඇරලා ඒ පෝස්ටර් ටික චන්ඩි වගේ ගලවන්නෙත් පොලිසියෙන්මයි කියලා. සිරි ලංකාවනේ….

ඉතිං ඔය ලස්සන පෝස්ටරේ තියෙන්නේ ෆට්ට පින්තුරයක්. ආහ්.. ඊට කලින් කවුරු හරි පොඩ්ඩක් මතක් කරලා බලන්න… දැනට මාස කීපයකට කලින් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට තහනම් කලා නේද ලංකාවේ? එහෙම නැත්තං අළුතෙන් නිශ්පාදනය කිරීම හරි නැවැත්තුවනේ… ගෝල්ඩ් fishට නම් එහෙම පොඩි මතකයක් තියෙනවා… මේ ලංකාවේ අනිත් අයට වගේම තමා මටත් ඔය මොකක් හරි ගොන් ප්‍රවෘත්තියක් මතක හිටින්නේ සති දෙකයි. මොකද ඊට පස්සේ ඒ ප්‍රවෘත්තියේ සඳහන් තහනම් කරපු එකේ අනිත් පැත්ත ආයෙත් වෙන නිසා ඉතිං බලෙන් මතක් කර කර ඉන්න යන්නේ නෑ…

පෝස්ටරේ පින්තූරේ ගැනනේ කියන්න ගත්තේ… ඒකේ තියෙන්නේ නිකං ආර්නෝල්ඩ් ස්වෙසනගර් වගේ පපුවේ මස් පිඩු ටිකක් පිම්බිලා ආපු උඩු කය නිරුවත් පිරිමියෙක්ගේ පපුවට පැමිලා ඇන්ඩර්සන් වගේ ෆට්ට කෑල්ලක් ලං වෙලා ඉන්න එකක්. ආහ්… ඒ ගැහැනු රුවෙත් උඩු කය නිරුවත් වෙන්න ඕනේ. හරියට පේන්නේ නෑ ඒක. අකුරු වලින් වහලා. නැත්තං ඉතිං ඔය පෝස්ටරේ බලලා හෝල් එකට දුවන කොල්ලන්ගේ රසවින්දනය බාල වෙනවනේ ඒක නිසා වෙන්න ඇති. මොනා වුනත් ඒක දැක්කම, පොඩි මෝල් කලන්තේ පාරක් තියෙන එකෙකුට නම් වෙන වෙන තැන්වල රස්තියාදු වෙන්න ඕනෙ නෑ, දැක්ක තැනම නිකංම සිතියම් ඇ‍ඳෙන තරමට ලස්සනයි ඒ කලාත්මක පෝස්ටරේ.

ඉතිං මං අහන්නේ… උදේට, මොන්ටිසෝරි යන ළමය‍ාගේ ඉඳන් කැම්පස් යන කොල්ලා කෙල්ල, එතකොට තාත්තලා අම්මලා එක්ක ස්කෝලේ යන ළමයි, ස්කූල් වෑන් වල යන ළමයි… කපල් නම් අතෑරලා දාමුකෝ… ඉතිං මේ වගේ අය ගැවසෙන පාරක් දෙපැත්තේ මේ වගේ හිරිකිත පෝස්ටර් ගහන එක හරිද? අනිත් එක තමන්ගේ ළමයි එක්ක ඒ පාරෙන් උදේට හවසට යන එන දෙමාපියන් කොයිතරම් අපහසුතාවයට පත්වෙනවා ඇත්ද? බැරි වෙලාවත් පොඩි කොල්ලෙක් කෙසේවෙතත් චූටි කෙල්ලෙක් දෙමාපියන්ගෙන් ඇහුවා… අම්මේ අර ඇන්ටි ඇඳුම් ගලෝගෙන අර අන්කල් ඉස්සරහ මොකෝ කරන්නේ ? … කියලා… ඒ අම්මට දෙන්න උත්තර තියෙයිද?

මොකද ඒ අම්ම, ඇන්ටි කරන වැඩේ කරලා පෙන්නන්නයෑ… ඒක නිසාම පොඩි එකා ඕක හිතනවා. ස්කෝලේ ගිහිල්ලා යාළුවෝ එක්කත් කතා වෙනවා. කොල්ලෝ නම් කාගෙන්වත් අහන්න යන්නේ නෑ, තනියම ඇනලයිස් කරනවා. ඊට පස්සේ සමහරවිට අවස්ථාවක් ලද විගස ඌත් කරලා බලන්න යනවා. ඒවට පොඩි අයට බනින්න විදියක් නෑ… මොකද ඒ උන්ගේ ස්වභාවය.

ඉතිං දැන් මේවට වැරදි ළමයිද? දෙමව්පියෝද? රට්ටු කියලා අපි හඳුන්වන නමක් කියලා කියන්න බැරි එවුන්ද?

මේක ප්‍රශ්න වැලක්. පොලිසිය දාන්න ඕ‍නේ ඡන්ද පෝස්ටර් ගලවන්නද? මේ වගේ පෝස්ටර් ගලවන්නද? එහෙමත් නැත්තං නගර සභාවේ සේවකයෝ දාන්න ඕනේ කානු සුද්ද කරන්නද නැත්තං මේ වගේ බිත්ති සුද්ද කරන්නද කියලා හිතලා බලන්න ඕනේ නේද?

කොහොමත් මේ වැඩේ ඉක්මනට නැවතුනේ නැත්තං අම්ම තාත්තලට වෙන්නේ චිත්‍රපටියේ නම වගේම, නිදි යහන කැළඹෙන එක කෙසේ වෙතත් නිදි යහනෙම ගිනි තියාගන්න තමා. මේවා දකින පුංචි උන් ඔය වැඩ කිඩ වලට යොමු වුනාම ඉතිං අපේ රටට කෙසේ වෙතෙත්, පොඩි එවුන් ටිකටනම් සියලූ දෙවි දේවාතාවුන්ගේ පිහිටයි.

ගෝල්ඩ් fish දැන් කාලෙක ඉදන් අම්මලා තාත්තලා එක්ක ටීවී බලන එක නැවැත්තුවෙත් ඔය කාරනේ නිසාම තමා. ගෝල්ඩ් fishට බැහැ ටීවී එකේ යන දුප්පත් ගෑනූ රූප දිහා අම්මලා එක්ක එකට ඉඳගෙන රසවිඳින්න. අම්මලට වැඩිය එතකොට මං අපහසුතාවයට පත්වෙනවා. ඒක නිසා දැන් කරන්නේ තනියම කාමරේට වෙලා ඩවුන් කරගෙන යන මූවි එකක් බලන එක තමා. අඩුම ගානේ ප්‍රවෘත්තිවත් බලන්නේ නෑ.

අර මං කිව්ව පොඩි එවුන් නිසි වයසට එනකොට කරන්න ඕනෙ දේවල් කරයි. ඉතිං එහෙව් එකේ උන්ව දැන්ම අවුසන්නේ අහවල් එකටද? මං හිතන විදියට ඒ වගේ පෝස්ටර් වලින් වැඩිම බලපෑමක් වෙන්නේ පොඩි අයට. ඉස්සෙල්ලා කිව්වා වගේ පොඩි අය තමන් දකින දේ ගැන ගවේෂනය කරන්න උනන්දු වෙනවා. ඒත් ඒ අය හැමදේම ගවේෂනය කරන්න ගියොත් නම් අමරුවේ.

මොකද මාත් ඔය වයස පාස් කොරලනේ අවේ. ඒක නිසා මාත් දන්නවා ඇත්ත කතාව. අපේ අම්මයි තාත්තයි මාවයි මල්ලිවයි, ඔය වගේ දේවල් වලින් ගොඩක් පරිස්සම් කලා. තාප්ප වල ඔය වගේ ඒවා තියෙනවා නම්, අපිව වාහනේක හැප්පිලා මැරුනත් කමක් නෑ කියලා පාර පැත්තට දාගෙන අම්මා තාප්පේ කවර් කරගෙන ගියේ. ඇත්තටම අපි නිකං ඕනේ නැති දේවල් කරලා අමාරුවේ වැටෙනවට වැඩිය ඇක්සිඩන්ට් එකක් හැප්පිලා අමාරුවේ වෙටෙන එක ඊට හොඳයි කියලා හිතෙන්න ඇති. ලොකු වුනාට පස්සේනම් ඉතිං පරිස්සම් කරන්න වෙහෙසෙන්නේ නෑ. මොකද දැං අපි තෙම්පරාදු වෙලා ඉන්න නිසා. ඒත් තාමත් ළමා කාලේ ගෙවන ළමයින්ව ඒ වගේ පරිස්සම් කරන්නේ නෑ කියලා මං හොඳටම දන්නවා.

ඒ අයව ස්කූල් වෑන් එකට ඇරළුවාම … ස්කෝලේ ගිහින් ඇවිත් වෙච්ච දේවල් , කතාකරපුවා කියන ළමයි ගොඩක් අඩුයි. ඉතිං මං හිතන්නේ අනිත් කව්රු නැතන් දෙමාපියන්වත් මේ සම්බන්ධයෙන් එකමුතු වෙලා තීරණයක් ගන්න කාලේ ඇවිත් තියෙන්නේ… ඒත් ඒ තමන්ගේ දරුවට වගේම අනිත් දරුවන්ගෙත් ඉදිරිය ගැන හිතන අම්මලා තාත්තලා විතරයි. අනිත් වුන් නම් ඕනෙ කෙහෙම්මලක් කරගත්ත දෙන්.

පෝස්ට් එක මීට වැඩිය හොඳට, තව දිගට දාන්න පුළුවන්… ඒත් ගෝල්ඩ් fishට හිත කියනවා දැන් ඇති වගේ කියලා. මොකද මාත් ආසයි අතක් පයක් කඩාගන්නේ නැතුව තව අවුරුදු කීපයක් ඉඳලා කසාදයක් බැඳගෙන පොඩි එකෙක්ව හදාගන්න. තව ලියන්න ගිහින් මට මොකෙක් හරි එකෙක් අල්ලගෙන කොන්ද කැඩෙන්න නෙලුවොත් බඩුම තමා. අනිවා එදාට මට කවුරුත් නෑ. . බයක්නම් නෑ… ඒත් අනුන්ගේ නයි රෙද්ද අස්සේ දාගන්න ඕනේ නෑනේ… ඒක නිසායි… අර ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නෑ කියල කතාවක් තියෙන නිසායි… පෝස්ට් එක කෙටියෙන්ම ඉවරයක් කරලා දැම්මා මොකද මාත් අයිස් චර්යවත් දේසයේ පුරවැසියෙක්නේ…. මං හිතන්නේ මේක කියවන අයට මේ දාලා තියෙන ටික ඇති, දැන් ඇති වෙලා තියෙන තත්ත්වය තේරුම් ගන්න.

%d bloggers like this: