නිල්පාට ඇස් මත්තේ…
මා ගෙවූ දින මැද්දේ,
දැනුනේ සෙනෙහස පමණි…
අහස් උස කඳු රැල්ලේ…
ලා රෝස කම්මුලේ…
දැවටී වෙලී සිටි වෙලේ,
හැඟුනේ මුදු බව පමණි…
නෙලුම් මල් විල මැද්දේ…
මැණික් මුතු සිනහවේ…
මා බැඳී සිටි වෙලේ,
අමතකයි වට පිටේ…
කුමක්දෝ සිදු වුනේ…
මතක පොදි කඳු අස්සේ…
මා සෙවූ සැනසිල්ලේ,
අදත් මට ලැබුන හැටි…
හීනයකි හිත මත්තේ…
2011 මාර්තු 13 දින ප.ව. 12:53 ට
පට්ටයි මචං. අර කියමනක් තියනවනේ කෙල්ලෙකුගේ ඇස දෙකත් හරියට ඊශ්වර දෙවියන්ගේ ඇස දෙක වගේය කියලා………
2011 මාර්තු 13 දින ප.ව. 3:14 ට
යන්තං අද බලා ගත්තා
2011 මාර්තු 13 දින ප.ව. 1:31 ට
නියමයි කවි ටික….
2011 මාර්තු 13 දින ප.ව. 3:15 ට
තැන්ක් යු
2011 මාර්තු 13 දින ප.ව. 2:24 ට
නියමයි සහෝ
2011 මාර්තු 13 දින ප.ව. 3:17 ට
තෑන්ක්ස් ක්ෂිතිජ
2011 මාර්තු 13 දින ප.ව. 4:05 ට
ලස්සනයි අයියේ…
2011 මාර්තු 13 දින ප.ව. 4:13 ට
තෑන්ක් යු නිම්ෂා
2011 මාර්තු 13 දින ප.ව. 9:23 ට
මාළුවො, වැඩේ ගොඩද ?……
2011 මාර්තු 14 දින පෙ.ව. 7:15 ට
අනේ නෑ බං… යාන්තං මූන බලාගත්තා… පස් වනක් ප්රීතියෙන් උන්නේ ඒකයි.
2011 මාර්තු 13 දින ප.ව. 9:58 ට
සදරු වත් ඔය නිල් ඇස් ගෙන කියව කියව උන්නා නේද? ඇස් නම් අප්ප කතා කරල වැඩක් නෑ. අපිව පිස්සු වට්ටන්න පුලුවන් ඔය ඇස් වලට…
2011 මාර්තු 14 දින පෙ.ව. 7:16 ට
අත්දැකීමෙන් වෙන්ටැ…..
2011 මාර්තු 13 දින ප.ව. 10:03 ට
යකෝ….ඔය ඇස් තියන කෙල්ලොන්ට ඉන්න දියව්….
ඇයි බොල ඇස්ම බලන්නේ…කෙල්ලෙක්ගේ ඇස් විතරද බලන්න තියෙන්නේ….වෙන තැන් නැද්ද..
මම කියන්නේ නහය,කට,බෙල්ල උන්ඩුකපුච්චය , පුප්පුශීය ශිරා වගේ එව්වා පේන්නේ නැද්ද
2011 මාර්තු 14 දින පෙ.ව. 7:17 ට
ඕව බලන්නනම් බං, කෙල්ලව ඔපරේෂන් කරන්න වෙනවා…
2011 මාර්තු 14 දින පෙ.ව. 8:41 ට
“ඕව බලන්නනම් බං, කෙල්ලව ඔපරේෂන් කරන්න වෙනවා…”
පට්ට කතාව හෙහ් හෙහ්…
2011 මාර්තු 14 දින පෙ.ව. 8:55 ට
ඈයි බං නැතුව රත්ගමයා කියන එව්වා ලේසියෙන් බලන්න පුළුවන්ද?
2011 මාර්තු 14 දින ප.ව. 3:35 ට
නිල්පාට ඇස් තුලම,
ගිලී මා මියගියද,
කමක් නැත,
නිල් පාට ඇස් නොවෙද?
2011 මාර්තු 14 දින ප.ව. 4:28 ට
ඈ… රවී අයියා මක්කෙටෙයි මගේ නිල් පාට ඇස් වල ගිලෙන්නේ… ඈ… 😀
2011 මාර්තු 14 දින ප.ව. 8:56 ට
මේක දැකලා මම ඩිම් උනා . අයියටයි මටයි දෙන්නටම නිල් පාට ඇස් වල කාන්තිය ඉවසන්න අමාරුයි වගේ ! ලස්සන කවි සෙට් එක මචං .. හපොයි නිල් පාට ඇස් ……හ්ම්
2011 මාර්තු 14 දින ප.ව. 9:22 ට
නිල්පාට ඇස් ලස්සනයි බං… ඓශ්වර්යාගේ තියෙන්නේ ටීක් බෝල ඇස්නේ… ඒවා නිල් නෑ… නැත්තං මං ඒක අරින්නෙත් නැ…